පා පුවරුවේ සිට මගියකුට ප‍්‍රවේශ පත‍්‍රයක් දීමට සූදානම් වෙද්දී ටිකට් පොතේ රඳවා ගෙන තිබූ මුදල් නෝට්ටු සියල්ලම සුළගේ ගසාගෙන යෑම නිසා කොන්දොස්තරවරයාට හිස් අතින්ම යාමට සිදු වූ පුවතක් වාර්තාවේ.
ශ්‍රී ලංගම බසයක් වූ මෙය ගාලූ දිසාවේ සිට කොළඹ දෙසට ගමන් ගත්තේය. හික්කඩුව බස්නැවතුමෙන් මගීන් පිරිසක් බැසගත් අතර තවත් පිරිසක් ද ගොඩවූහ.
බසය ගමන් කරන අතරතුරදී පා පුවරුවේ සිටි කොන්දොස්තර ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කරන්නට විය. ප‍්‍රවේශ පත‍්‍රයක් දී මුදල් ගෙන ඉතිරි මුදල් දීමට සූදානම් වෙද්දී මුහුදු වෙරළ දෙසින් හමා ආ සුළඟ නිසා ටිකට් පොතේ රඳවා ගෙන තිබු මුදල් නෝට්ටු සියල්ලම එකවර ගසා යන්නට විය. මේ වන විට දෙවොල් දෙවියන්ගේ අඩවිය ආසන්නයට බස්රථය පැමිණ තිබිණි.
කර කියා ගත දෙයක් නොවූ කොන්දොස්තර බස්රථය නතර කරවාගෙන සුළගේ ගසාගිය මුදල් එකතු කර ගැනීමට පිම්මේ දිව ආවේය. ඒ වන විට ගාලූ පාරේ ගමන් ගත් පිරිස් මුදල් සියල්ලම ඇහිද ගෙන ගොස් තිබිණි. කොන්දොස්තර ඒ අසළ සොයා බැලූව ද ඔහුට හමු වූ මුදල් ප‍්‍රමාණයක් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංගම කොන්දොස්තර කෙනෙකුට වෙච්ච එක ගැනයි මට කනගාටු. (බ)
පව් අහිංසකයා. පඩියෙන් කපන්න ඇති. (ර)
ඇයි මේක ප්‍රයිවෙට් බස්කාර කොන්දොස්තරයෙක්ට නොවුනේ ..? (ස)
කාට උනත් මේක අවාසනාවන්ත සිද්ධියක්. (ර)
පාපුවරුවේ ගිහින් සල්ලි ටික ගහලා ගියා මදැයි , ජීවිතේ ගහගෙන යනවට වඩා (නි)
පාඩමක් ඉගෙනගත්තා නම් හොඳයි. මුදල් තියාගන්න ඕනෑ සාක්කුවේ එහෙම නැත්නම් පසුම්බියේ. (නි)
පව් අහිංසක මනුස්සයා... (ර)
ඔය දකුණේ මිනිස්සු කාගේ හරි දෙයක් අහුලාගෙන හරි බලෙන් අරගෙන හරි යනවා (අ)