(වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී)
විවාහ දිනයේ නිදහස් ඡායාරූප (ප්‍රී ෂූට්) නොගත්තේ යැයි පසුතැවිලි වන ලේලිය නැන්දම්මාගෙන් රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ඉල්ලීමේ සිද්ධියක් වැලිමඩ බොරලන්ද අවට ගම්මානයකින් අසන්නට ලැබේ.
දැනට මාස කිහිපයකදී වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ තරුණයකු වෙනත් ප්‍රදේශයක තරුණියක් විවාහ කරගෙන ඇත. ඡායාරූප ශාලාවකින් මංගල ඡායාරූපය රැගෙන ඇත. මාස කිහිපයක්ම සැමියාගේ පවුලේ සාමාජිකයන් සමග ඇය සුහදව ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇත.
මේ අතර අලුත ගෙනා මනමාලිය සමග නැන්දම්මා අසල්වැසි නිවසකට ගිය අවස්ථාවේ දුටු විවාහ මංගල්‍යයක ඇල්බමයේ ඇති විවිධ ඉරියව් සහිත ඡායාරූප ගැන ඇගේ සිත ඇදී ගොස් ඒ පිළිබඳව නිවැසියන්ගෙන් තොරතුරු විමසා තිබේ.
මෙවෙලෙහි මංගල ඡායාරූපවල මනාලියව සිටින තරුණිය රසවත් අන්දමට කරුණු කියා තිබේ. විවාහ උත්සවයට පෙර මනාලිය මනාලයා සමග සුන්දර ස්ථානවලට යමින් ඡායාරූප ගන්නා අන්දමත්, මේ සඳහා ඡායාරූප ශිල්පියාට රුපියල් ලක්ෂ ගණන් වැය වන බවත් එම තරුණිය පවසා ඇත. මෙම කතාව ඇසීමත් සමගම අලුත විවාහ වුණ තරුණියට ද තම විවාහ දිනයේදී මෙසේ අලංකාර ලෙසින් ඡායාරූප නොගැනීම ගැන පසුතැවිල්ලක් ඇතිව තිබේ.
නිවෙසට ආ පසු එද්දී තම විවාහයේදී නිදහස් ඡායාරූප නොගැනීම ගැන ඇය තම නැද්දම්මා සමග කතා බහක නියැලී ඇති අතර, නිවෙසට පැමිණීමෙන් පසු සැමියාට ද මෙවැනි ඡායාරූප ඇල්බමයක් සකස් නොකිරීම ගැන දොස් පවරා ඇත. නැන්දම්මා ලේලියගේ සිත සැනසීමට විවිධ කතා කියා තිබේ.
මෙම ගැටලුව සති ගාණක් ඇදී ගොස් අවසානයේ ලේලිය තම නැද්දම්මාට අපූරු විසඳුම් යෝජනාවක් ගෙනවිත් ඇත. ඒ නැවත විවාහ නිදහස් ඡායාරූප නොගන්නේ නම් තමන්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන ලෙසයි. තම ලේලියගේ යෝජනාවෙන් සසල වූ නැන්දම්මා තමන් පත්ව ඇති අසීරුතාව අසල්වැසියන්ට ද පවසා මෙයින් බේරීමට උපදෙස් පතා ඇතැයි ද පැවසේ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඟුල් ගෙදර පොටෝ සිද්ධියකට ලේලිය ලක්ෂ 3 ක් නැන්දම්මාගෙන් ඉල්ලලා
Kalinda Friday, 24 April 2020 08:24 AM
ඕක හරියන කසාදයක් නොවෙයි වගේ පෙනෙනවා. දැන්මම වැඩකටයුතු සුදානම් උනොත් හොදයි.
Kumara Friday, 24 April 2020 10:10 AM
ප්‍රී ෂූට් යනු මගුල් දිනට පෙර ගන්නා ඡායාරූපයි. ඒවා ඉංග්‍රීසි බසින් ප්‍රී ෂූට් ලෙස හදුන්වන අතර වාර්තාකරු ඒය ප්‍රී ෂූට් ලෙස පටලවා නිදහස් ඡායාරූප යනුවෙන් නම්කර ඇත. අන් අය උපහාසයට ලක් කිරීමට පෙර තමන් නිවැරදි වීම මැනැවි....
රෝහණ රත්නායක Saturday, 25 April 2020 01:17 PM
මෙය නිදහස් ජායාරූපය (Free ෂූට්) නොව පූර්ව විවාහ ජායාරූපය (Wedding pre ෂූට්) විය යුතුය...