මඟුල් ගෙදරකට සහභාගි වී බීමතින් මඟුල් ගෙදර කාන්තා යට ඇඳුම් සොරකම් කර ගුටි කෑ අයකු පිළිබඳ පුවතක් සබරගමු පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය. ඔහු මිතුරෙකුගේ ඥාති ගෙදරක පැවැති මඟුල් ගෙදරකට රාත‍්‍රී කාලයේදී සහභාගි වී ඇත. මොහු පුරුද්දක් ලෙස කාන්තා යට ඇඳුම් හොරකමේ යෙදෙන්නෙකි.
මෙදින ද මොහු මඟුල් ගෙදරදී අධික ලෙස බීමත්ව මුත‍්‍රා කිරීම සඳහා නිවෙස පිටුපසට ගොස් ඇති අතර අසල වැලක තමා ප‍්‍රියකරන යට ඇඳුම් දැක අසල තිබූ පෝර කවරයකට දමාගෙන ඇත. සිද්ධිය දුටු නිවෙසේ වයසක කාන්තාවක් මොහු පිළිබඳව දැන අනේ පුතේ මගේ ඇඳුම් ටික දීලා යන්න, මට අරගන්න සල්ලි නෑ යනුවෙන් කියා ඇත.
යන්න ආච්චි යන්න මට කාගේ ඒවාත් එකයි යනුවෙන් පැවසූ මොහු ඇඳුම් සියල්ල බෑගයේ දමාගෙන ඇත. වයස්ගත කාන්තාව ගෙහිමියන්ට මේ බව පවසා ඔහුගේ මල්ල පරීක්ෂා කර බැලීමේදී කාන්තා යට ඇඳුම් ටික හමුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ලෙඩක් සමහර අයට තිබෙනවා. හැබැයි මට විශ්වාස කරන්න බැරි මේ මගුලක් වගේ ගෙදර සෙනග එක් රැස් වෙන වෙලාවක කාන්තාවක් තමන්ගේ යට ඇඳුම් හැමෝටම පේන්න වැලක වැනුවාද කියලා. (නදී)
සරසි, බැලුවේ නැද්ද එහි සටහන්වෙලා තිබුනා නිවෙස පිටුපසට ගොස් තිබුනා කියලා. ගම්වල තවමත් රෙදි වැලක් තියෙන්නේ ගෙවල් පිටුපස තමා. ඔයාල සිටින පරිසරයේ නම් එහෙන් මෙහෙන් වැල් ඇදලා. ක්ලිප් ගහල හැමදේම අල්ලපු ගෙදරට පෙනෙන්න එල්ලුවට ගමේ තවම එහෙම නෑ. (නදී)
මහින්ද සීෂෙල්ස් , ගෙදර පිටුපස වුනත් ගමේ මගුල් ගෙවල් වල උයන පිහන කටයුතු කෙරෙන බව නොදන්නා ඔබට සීෂෙල්ස් සිට අපේ ගෙදර රෙදි වැල පෙනුනේ කොහොමද. මට පේන්නේ ඔබට පිටරට පනින්න වුනෙත් කාන්තාවන්ගේ ඇඳුම් වනපු රෙදි වැලවල් අස්සේ රිංගන්න ගිහින්ද කොහෙද. (බ)
මෙම මානසික රෝගය මත්පැන් පාවිච්චි කිරීමෙන් පසු මතුවෙනවා. මෙවැනි අය මත්පැන් පානය නොකර සිටීමෙන් ගැටළු පාලනය කරගත හැක. (අ)
මහින්ද කොහොමද දන්නේ සරසිගේ ගෙදර රෙදි වල තිබෙන ලොකේෂන් එක හරියටම ? ඔන්න සරසි බලාගෙන ඔයාලගෙත් ඇඳුම් මොනවා හරි නැති වුනොත් හිතා ගන්න පුළුවන් නේ කවුද වග කියන්න ඕන කියලා. (බ)
මහින්ද සරසිලාගේ රෙදි එළියේ වනන හැටි කොහොමද ඔච්චර හොඳට දන්නේ ? මහින්දගේ රෙදි හෝදන්නේ සරසිද ? (බ)
කෑ ගහන්න එපා සරසිලා ඉතින්....නගරබද වැසියොනේ. ගමේ ඉඩ තිබෙන නිසා ගෙදර පිටුපසට වෙන්න වැල් බැන්ඳට නගරබද ඒකටවත් ඉඩක් නැහැනේ. (නි)
අනේ පවු ඒ ආච්චි! (නි)
සරසි කිව්ව දේ හරියට හරි.මඟුල් උත්සවයක් නිවසක පවත්වනවිට පිරිසිදුකම පිළිවෙළ ගැන මීට වඩා හිතන්න ඕනෑ. (නි)
ගුටි කාලා බේරුණා හොදටම ඇති.(හේ)
අපෝ මෙහෙමත් මිනිස්සු.(හේ)
මෙයා එංගලන්තයේ 4 වන ජෝර්ජ් රජ පරම්පරාවේ නෑයෙක් වෙන්න ඇති. (නි)