මංගල උත්සවයකට පිංතූර ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක තපින්නට සිදුවිය. ඔහු මීරිගම ප‍්‍රදේශයේ ඡායාරූප ශිල්පියෙකි. සිය ඥාතියකුගේ ඇරයුමින් පසුගිය සතියේ වැඩක් බාර ගත්තේ උදව්වක් වශයෙනි. මැයි පලමුවැනිදා හවස් යාමයේ සිට ලක ලැහැස්ති වූ මේ ඡායාරූප ශිල්පියා දෙවැනිදා හිමිදිරියේම මීගමුව ප‍්‍රදේශයේ නියමිත හෝටලය බලා පිටත් වූයේය. පෙරවරු අටවන විට සියල්ල සූදානම් කෙරෙන බව පවසා තිබුණත් එහි මංගල උත්සවයක කිසිදු ලකුණක් දැක ගැනීමට තිබුණේ නැත. මනාලියගේ පාර්ශ්වයේ කිසිවෙක් පැමිණ ද නැත. සේවක පිරිසක් තණකොළ කැපීමේ යෙදී සිටිනුද ඔහුට දැකිය හැකිවිය. ටික වේලාවක් බලා සිටි ඡායාරූප ශිල්පියා හෝටලයේ පිළිගැනීමේ නිලධාරි හමුවී කතාබහක නිරත විය. මහත්තයා ඔය කියන මංගල්ලය තියෙන්නේ හෙට උදේටයි. අද නම් අපිට වැඩක් නැහැ පිළිගැනීමේ නිලධාරියාගේ ප‍්‍රකාශයත් සමග අන්දමන්ද වූ ඡායාරූප ශිල්පියා සිය දිනපොත බැලීය. එහි දිනය හරිය. තමන්ට මේ කටයුත්ත පැවරූ ඥාතියාට කතා කළ පසු දිනය වරද්දාගෙන දින පොතේ සටහන් කර ගැනීම නිසා මේ අකරතැබ්බය වූ බව ඡායාරූප ශිල්පියා තේරුම් ගත්තේය. එම හෝටලයේම කාමරයක් කුලියට ගත් ඔහු එදා එහි නතරව පසුදා මංගල උත්සවය ආවරණය කර ගමට ගියේ තමන්ගේ ආදායමෙන් කොටසක් හෝටලයේ කාමර ගාස්තුව ලෙස ගෙවීමෙන් අනතුරුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාගේ පින්තුරයක් ගන්න තිබුණානම්....
කමක් නෑ.වෙනසකටත් එක්ක
මෝඩ මනුස්සයෙක්..
මෙයාව දාන්න ඕනි රහස් ඔත්තු සේවයට
කමක් නෑ.කියක් හරි හොයා ගන්න ඇතිනේ
දොස්තර සුජිත් අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඉගෙන ගත යුතුයි
තමන්ට නියමිත වැඩ කොටස ඉටු කරන්න පෙර සූදානමක් නැතිව යන කෙනෙකුට ඔහොම අකරතැබ්බක් සිදුවීම පුදුමයකුත් නෙවෙයි. මෙකේ කමෙන්ට්ස් දාල තියන අය නම් මේ සම්බන්ධව ඡායරූප ශිල්පියාට වඩා සෑහෙන පළපුරුද්දක් තියන කට්ටිය වගේ කියලයි මට නම් හිතෙන්නේ. ඒත් ගෙදර කෑම තියෙද්දී කඩවල කෑම කාලා නිකම් බඩ ලෙඩ කරගන්නේ මොකටද? ටිකක් විතර ඒකකාරී වුනත් මට නම් ගෙදර හදන කෑම තරම් වෙන මොනවත් දිරවන්නේ නැහැ. හැබැයි ඒ වගේ නොවෙන අය අනන්තවත් ඉන්න පුළුවන්. මම ඒ පිරිසට මොකුත් කියන්න යන්නේ නැහැ.කමෙන්ට්ස් බලපුවාම ඒ අයටම වැටහේවී කරගෙන තියෙන මෝඩ කම..
කාමරේ ගාස්තුව මගුල් ජෝඩුවගේ නමට දාලා ෂේප් වෙන්නනේ තිබුණේ
කාලසටහනක් නැති නම් මේවා වෙනවා
සේවකයෝ කපපු තණකොළ ටික දුන්නනම් හරි කන්න
කිසිදු සංවිධානයක් නැතුව වෘත්තීය සුදුසුකමක් නැති පුද්ගලයෙක් විසින් සිදු කළ ක්‍රියාවක්. ඔහු අදාල දිනයට කලින් දින එම පුද්ගලයින්ට කතා කළ යුතුව තිබුණා නේද?
මීරිගම සහ මීගමුව කියන්නේ ලොකු දුරක් ද ? ගෙදර ගිහින් එන්නෙ නැතිව ඇයි හෝටලේ නැවතුනේ. මෝඩකම තමයි.
අලිබබා විහිළු කරනවා වගේ.
මේ මනුස්සයා රූම් එකක් ගත්ත එකේ අපරාදනේ නිකං යන එක. කොහොමත් සල්ලි ගෙවන්න ඕනිනේ
මෙි පොටෝගන්න අමිපන්නත් අරන් ඔකත් උස්සන් ආපහුයන්න ඕනයැ ළමයිනේ. මෙචිචර හොද හෝටලයක් තිබුණ එකේ මමත් ඉතින් නැවතුනා. මම හිතුවේ මනමාල පාර්ශවයෙන් හෝටලයේ මුදල් ගෙවාවි කියල. හුටා බැලින්නමි මගේ සාක්කුවටනේ කෙලවුනේ. මක්කැයි කොරන්නේ.ගියදේ ගියා.
තනියම නෙමේ වෙන්න ඇති.
දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එනවා වගේ වැඩක් කළාද කියලා කවුද දන්නේ
වාර්තාකාරයොත් ජීවත්වෙන්න එපෑ...
මේ වගේ මෝඩ වැඩ ගැන පත්තරේ කොටසක් වෙන් කරපු එක අපරාදේ
තමන්ට වැදගත් වැඩක් තියෙනවනම් හොදමදේ දේ ඒ බව තහවුරු කරගෙන අදාල තැනට යන එකයි. සන්නිවේදන තාක්ෂණය මෙච්චර දියුණු රටක මේවගේ දේවල් වෙන එක ගැන කණගාටුයි
මීරිගම සහ මීගමුව අතර එතරම් දුරක් නෑ. වැඩිම වුනොත් පැයක් යාවි. හෝටලයේ නවතින්නේ මොකටද ? ආපහු ඇවිත් පහුවදා ගියානම් ඉවරයිනේ.
මෝඩ මිනිහෙක්