ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග‍්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට සෙවූ පුද්ගලයකු පිළිබඳව ඉකුත්දා සබරගමු පළාතේ උත්සව ශාලාවකින් අසන්නට ලැබිණි.
හේ මැදිවිය ද ඉක්මවා සිටි අයෙකි. ලැබුණු ඇරයුමකට අනුව නගරයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකට සහභාගි විය.
දිවා භෝජනයට පෙර මධුවිත පානයට ආරාධනා ලැබිණි. සිය ගමෙන් පැමිණි තරුණ පිරිස සමඟ ඔහු ද ඒ සඳහා එක්විය. තරුණ පිරිස ටිකෙන් ටික මධුවිත තොලගාද්දී මොහුද ගමේදී ගහේ බඩු කෝප්ප දෙක තුනක් බොන පුරුද්දට සැර බීම වීදුරු දෙක තුනක්ම එක හුස්මට ඇද දැම්මේය. තරුණ පිරිස ද ඊට අනුබල දුන්හ.
අනතුරුව දිවා භෝජනය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ හොඳටම සූර්වී උඩින් උඩින් පාවෙන්නාක් මෙන් ගොස් පෝරුව චාරිත‍්‍රයේ අෂ්ටක කී පුද්ගලයා වෙතට හැරී ඔහු වෙත දකුණත දිගහැර ”මචං, බැඳපන් මගෙත් පිරිත් නූලක්” යැයි කීවේය.
ඔහු අන්ද මන්දවී මොන පිරිත් නූලක්දැයි ඇසීය. ”ඇයි...., ඇයි....., තමුසෙ අර මනමාල ජෝඩුවගෙ ඇඟිලි දෙක තියල ගැට ගැහුවෙ, ආන්න ඒවයින්” ”ඒවයින් තමුසෙගෙ ගැටගහන්න තිබුණ මීට අවුරුදු 40කට විතර ඉස්සර හමුවුණානම්”යැයි කිවූ ජ්‍යෙතිෂවේදියා ඔහු මඟහැර ගියේය. බඹර පදං පුද්ගලයා ද කීපදෙනෙකුගේ කර මතින් උත්සව ශාලාවෙන් පිටමං කෙරුණිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, මනුස්සයෝ සමහරක් ඉන්නවා නිකන් ලැබෙන නිසා ගානක් මිම්මක් නැතිව ගහල දමනවා. පසුව විඳවනවා.(නදී)
පව් කවදාවත් බැදල තියා මගුලක් දැකලවත් නැතිව ඇති. (නදී)
හුඟක් අයට මෙවැනිදේ වෙනවා.1.නොමිලේ ලැබෙනනිසා,2.හොඳට සූර්වී තෑග්ග හෝ මුදල් කවරය අමතකවීමකින් වගේ නොදී මාරු විය හැකි නිසා. (ස)
මගුල් උත්සව නැති කරන්නේ ඔය වැඩකට නැති බීම නිසා තමයි (දී)
බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා කියන්නේ බොරුද (දී)
අපේ ඈයෝ බිල කරන වැඩවල හැටියට මේවා මොනවද ? (දී)
මේ මත්පැන් සංග්‍රහ නිසා මංගල උත්සව වල නැති ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඉතින් උත්සව වලදී මත්පැන් සංග්‍රහය තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් ! මම නම් මගේ විවාහ උත්සවයේදී මත්පැන් සංග්‍රහ පැවැත් වුයේ නැහැ. ඒ මුදලත් යොදවා පැමිණි පිරිසට ඉස්තරමින් වෙනත් කෑම බීම සංග්‍රහ කළා. (දී)
සූර් වෙලා මිනි මරා ගන්නවට වඩා මෙය හොඳයි. බොන කෙනා කොහෙත් බොනවනේ එය නවත්වන්න සක්කරයාගේ මල්ලි විල්මටත් බැහැ.(නදී)
අහිංසක මිනිහෙක් අප්පා (නදී)
මටත් දවසක් මඟුල් ගෙදරකදී පදම වැඩිවෙලා නෝනගෙනුත් බැනුම් අහලා, යාලුවෙකුත් තරහ වුණා. ඊටපස්සේ මඟුල් ගෙවල් වලදී බොන්න තහනම්. ගෙදර ඇවිත් ඕනෑතරම් බොන්න අවසරත් ලැබුනා.හැබැයි ඒකෙත් ගතියක් තිබුනා. දැන් නම් ඉතින් මොන බීමද? බීපු කාලයක් මතක නැහැ. (නි)
මමත් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ මොනම වැදගත් අවස්ථා වලටවත් මත්පැන් තිබෙනවට (නි)
අපි අපේ තරම දැනගෙන ජිවත්විය යුතුයි. (නි)
අපේ නෝනත් කැමති නැහැ බොනවට. අැයි හම්බකරන දේ දෙන්නම සමානව භුක්තිවිදිය යුතු එකේ අරක්කුවලට යන වියදම සමානව භුක්ති විදින්න බැහැනේ. උඩින් අරක්කුවල නුගුණ කියල තියන නෝනලත් එහෙම වෙන්න ඇති.(නදී)
මොනවා වුණත් ගමේ ඒවා හොඳයිනේ (නි)