ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග‍්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට සෙවූ පුද්ගලයකු පිළිබඳව ඉකුත්දා සබරගමු පළාතේ උත්සව ශාලාවකින් අසන්නට ලැබිණි.
හේ මැදිවිය ද ඉක්මවා සිටි අයෙකි. ලැබුණු ඇරයුමකට අනුව නගරයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකට සහභාගි විය.
දිවා භෝජනයට පෙර මධුවිත පානයට ආරාධනා ලැබිණි. සිය ගමෙන් පැමිණි තරුණ පිරිස සමඟ ඔහු ද ඒ සඳහා එක්විය. තරුණ පිරිස ටිකෙන් ටික මධුවිත තොලගාද්දී මොහුද ගමේදී ගහේ බඩු කෝප්ප දෙක තුනක් බොන පුරුද්දට සැර බීම වීදුරු දෙක තුනක්ම එක හුස්මට ඇද දැම්මේය. තරුණ පිරිස ද ඊට අනුබල දුන්හ.
අනතුරුව දිවා භෝජනය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ හොඳටම සූර්වී උඩින් උඩින් පාවෙන්නාක් මෙන් ගොස් පෝරුව චාරිත‍්‍රයේ අෂ්ටක කී පුද්ගලයා වෙතට හැරී ඔහු වෙත දකුණත දිගහැර ”මචං, බැඳපන් මගෙත් පිරිත් නූලක්” යැයි කීවේය.
ඔහු අන්ද මන්දවී මොන පිරිත් නූලක්දැයි ඇසීය. ”ඇයි...., ඇයි....., තමුසෙ අර මනමාල ජෝඩුවගෙ ඇඟිලි දෙක තියල ගැට ගැහුවෙ, ආන්න ඒවයින්” ”ඒවයින් තමුසෙගෙ ගැටගහන්න තිබුණ මීට අවුරුදු 40කට විතර ඉස්සර හමුවුණානම්”යැයි කිවූ ජ්‍යෙතිෂවේදියා ඔහු මඟහැර ගියේය. බඹර පදං පුද්ගලයා ද කීපදෙනෙකුගේ කර මතින් උත්සව ශාලාවෙන් පිටමං කෙරුණිලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා
ගයනි Tuesday, 17 June 2014 02:22 PM
මේ මත්පැන් සංග්‍රහ නිසා මංගල උත්සව වල නැති ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඉතින් උත්සව වලදී මත්පැන් සංග්‍රහය තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් ! මම නම් මගේ විවාහ උත්සවයේදී මත්පැන් සංග්‍රහ පැවැත් වුයේ නැහැ. ඒ මුදලත් යොදවා පැමිණි පිරිසට ඉස්තරමින් වෙනත් කෑම බීම සංග්‍රහ කළා. (දී)
සරත් Wednesday, 18 June 2014 06:43 PM
මොනවා වුණත් ගමේ ඒවා හොඳයිනේ (නි)
පිටිගල Tuesday, 17 June 2014 09:27 PM
මටත් දවසක් මඟුල් ගෙදරකදී පදම වැඩිවෙලා නෝනගෙනුත් බැනුම් අහලා, යාලුවෙකුත් තරහ වුණා. ඊටපස්සේ මඟුල් ගෙවල් වලදී බොන්න තහනම්. ගෙදර ඇවිත් ඕනෑතරම් බොන්න අවසරත් ලැබුනා.හැබැයි ඒකෙත් ගතියක් තිබුනා. දැන් නම් ඉතින් මොන බීමද? බීපු කාලයක් මතක නැහැ. (නි)
බමුණු Tuesday, 17 June 2014 03:56 PM
සූර් වෙලා මිනි මරා ගන්නවට වඩා මෙය හොඳයි. බොන කෙනා කොහෙත් බොනවනේ එය නවත්වන්න සක්කරයාගේ මල්ලි විල්මටත් බැහැ.(නදී)
දයා අලහාකෝන් Tuesday, 17 June 2014 10:09 AM
පව්, මනුස්සයෝ සමහරක් ඉන්නවා නිකන් ලැබෙන නිසා ගානක් මිම්මක් නැතිව ගහල දමනවා. පසුව විඳවනවා.(නදී)
ලලිත් - එස්.එල් Tuesday, 17 June 2014 10:16 AM
පව් කවදාවත් බැදල තියා මගුලක් දැකලවත් නැතිව ඇති. (නදී)
උනම්බුව Tuesday, 17 June 2014 04:52 PM
අහිංසක මිනිහෙක් අප්පා (නදී)
රුවන් Tuesday, 17 June 2014 12:03 PM
හුඟක් අයට මෙවැනිදේ වෙනවා.1.නොමිලේ ලැබෙනනිසා,2.හොඳට සූර්වී තෑග්ග හෝ මුදල් කවරය අමතකවීමකින් වගේ නොදී මාරු විය හැකි නිසා. (ස)
ඉසුරන්දි Wednesday, 18 June 2014 12:23 PM
අපි අපේ තරම දැනගෙන ජිවත්විය යුතුයි. (නි)
මාලිංග Tuesday, 17 June 2014 12:28 PM
මගුල් උත්සව නැති කරන්නේ ඔය වැඩකට නැති බීම නිසා තමයි (දී)
කුමුදු Tuesday, 17 June 2014 12:39 PM
බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා කියන්නේ බොරුද (දී)
ශාන්ති Wednesday, 18 June 2014 01:39 AM
මමත් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ මොනම වැදගත් අවස්ථා වලටවත් මත්පැන් තිබෙනවට (නි)
සමන් Tuesday, 17 June 2014 01:23 PM
අපේ ඈයෝ බිල කරන වැඩවල හැටියට මේවා මොනවද ? (දී)
ලලින්ද්‍ර Wednesday, 18 June 2014 01:54 PM
අපේ නෝනත් කැමති නැහැ බොනවට. අැයි හම්බකරන දේ දෙන්නම සමානව භුක්තිවිදිය යුතු එකේ අරක්කුවලට යන වියදම සමානව භුක්ති විදින්න බැහැනේ. උඩින් අරක්කුවල නුගුණ කියල තියන නෝනලත් එහෙම වෙන්න ඇති.(නදී)