වියලූවේ ගම්බද ප‍්‍රදේශය මඟුල් ගෙයකි. තම බිරිය හා වැඩිමහල් දියණියද සමග ජැණ්ඩියට හැඳ පැළඳගත් ඔහු එහි පැමිණියේ නිවැසියන් කල් තබාම කළ ආරාධනයට අනුවය. දියණියත් බිරියත් හිතවතුන් අතර හිදින්නට සැලැස් වූ ඔහු කෙළින්ම පියමැන්නේ උත්සවයේ මත්පැන් සාදය තිබෙන ඉසව්වටය. ඒ මඟුල් ගෙදර තරුණයකු කළ ආරාධනයකට අනුවය.
යහමින් මත්පැන් සපයා තිබූ සාදයට එක්වූ ඔහු ඇති පදම් සප්පායම් වූයේ තම සීමාව පවා අමතක කර ගනිමිනි.
හිටි හැටියේම වටපිට බැලූ හෙතෙම හොඳවැයින් අරක්කු බෝතලයක් ඉණේ ගසා ගත්තේ ඔය අතරතුරය. බොහෝ දෙනෙකුට එය දැක ගන්නට නොලැබුණත් අසල මේසයක සිටි තරුණයකුගේ උකුසු ඇසට මඟහැර යන්නට නොහැකි විණි.
සිද්ධිය දුටු තරුණයා සිදුවන්නේ කුමක්දැයි ඇස ගසා සිට නිවසේ තරුණයකුට ද සිද්ධිය සැල කළේ පුංචි උපායක් ද ඊට එක් කරමිනි.
සාදය උණුසුම් වෙමින් තිබිණි. අරක්කු බෝතලය ඉණේ ගසා ගත් තැනැත්තා එතැනින් පිටවී මහ මඟ දෙසට යන්නට වූයේ ඔය අතරේය.
මඟුල් ගෙදරින් කටගැස්මට බැඳුමක් ද සපයා ගත් තරුණයෝ පිරිසක් ද ඔහුගේ පිටු පසින් වැටිණි. ”මාමේ ඔය බෝතලේ විතරක් මදි. මේ බයිට් එකක් අරන් යන්න” යැයි තරුණ පිරිස ඔහු වෙත කට ගැස්ම බඳුත දිගු කරමින් සමච්චල් සිනහවක් පෑවේ කාටත් ඇසෙන්නටය. ඔය අතරේ තවත් වැඩිහිටියෙක් සරමෙන්ද ඇද්දේය.
ගතවූයේ නිමේෂයකි. අරක්කු බෝතලය ගත් වැඩිහිටියා මහමඟ යන තුන්රෝද රථයක එල්ලූනේ තමන් සමග ආ බිරියත්, දියණියත් මඟුල් ගෙදරත් අමතක කර දමමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්ට උත්තර දෙන්න කියල මම රුපවති අක්කට ගෞවරවයෙන් අරාධනා කර සිටිනවා. (ස)
අපේ හෙල දෙරණේ අරක්කු බෝතලේ වැඩියෙන්ම පාවිච්චි කරන විශේෂ දවස්... දරු උපතක්, ඉඳුල් කට ගෑම, උපන් දිනය, මල්වර උත්සවය, මංගල්ලය, අවමන්ගල්ලය, හත් දවසේ දානය, තුන්මාසේ දානය, අවුරුද්දේ දානය.... මේ ලඟදි ලංකාදීපේ තිබුනේ පෝය දවසෙත් පොඩි පාටියක් ගැන! (නදී)
රූපවති අක්කේ ඔයාගේ තාත්තා පැණි ගන්න මැදපු ගහේ තණකොළ එහෙම තිබුනේ නැද්ද? (නි)
ලංකාවේ අයට මදුවිත නැතිව මොන උත්සවද?(නදී)
නරක දේකට ආරාධනා කරහම නරක දෙයක් කරන එක ස්වාභාවිකයි.(නදී)
ඕවා ඔහොම තමයි ගණන් ගන්න එපා.(නදී)
මිනිහට ජොලියක් යන්න ඇති බෝතලේ දැක්කම.(නදී)
අනේ උපාලි..,!!! එහෙම ඉල්ලුව නේන්නම්., ඔයා දන්නවද මන් මොකද කලේ කියල ..?හැමෝටම හොරෙන් කිතුල් රා බොන්න ගිහින් අපේ ආච්චි හාල් හෝදපු වතුර එකනේ බිලා තිබුනේ (හි හි හි ) (දී)
රූපවතී අක්කයි, චන්දියි රා බීල මීයෝ වගේ ඉන්න ඇති! (දී)
චන්දී, ඔයාගේ ඒ පුංචිකාලේ අහිංසක පුංචි පණු පැටවූ ඉතින් දිගටම කරදරකලේ නැද්ද 'අනේ තව දෙන්න, තව දෙන්න' කියා කියා? දෙන්නම "නෑ" කිව්වොත් නම් හරි පවු. (නි)
සුද්දන්ට බනිනේ නැතිව සුද්දෝ කරන විදියටම තමන්ගේ බිරින්දෑ වරුත් එක්කලම ඔය වගේ සාදයකදී පානය කලානම් හරිනේ. අපේ සිංහලයෝ කරන්නේ ගෑනුන්ට හොරෙන් මුල්ලේ පාටිය. අන්තිමට කන සාක්කුවට වැටෙන කල් දන්නේ නැහැ. (ස)
චන්දි නංගිට ස්තුතියි. රූපවතී නංගිගෙනුත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒත් ඒක හරි ගියේ නැහැ. මං කියන්න හැදුවේ කිතුල් රා කියන්නේ රසවත් බීමක් වගේම ඹෟෂධීය ගුණයකුත් තියෙන දෙයක් කියන්නයි. ඔයත්, රුපවති නංගිත් ඒක ස්ථිර කළා කියලා මං හිතනවා. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලේ (1964) පනතක් ගේන්න උත්සාහ කළා රා මැදීම නීතිගත කරන්න. අපේ සුචරිතවාදීන් තදින් විරුද්ධ වූ නිසා අගමැතිනියට සිදුවුනා ඒක විසිකරන්න. ඒක හරිගියා නම් සමහරවිට කසිප්පු උවදුර මෙහෙම දරුණු නොවෙන්න ඉඩ තිබුනා. ෆිදෙල් කස්ත්‍රෝ කිව්වා වගේ යමක් නිවැරදි බව ඔප්පුකරන්නේ ඉතිහාසය විසින්.(නදී)
අද කාලේ ඔයවගේ දේවල් සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. ඕවා දෙවියෝ සාක්කි තීරුවට සුදුසු කරුණු නොවේ. මගුල් ගෙදර ඇවිත් පස්සේ බොන්න අරක්කු හංගනවා. .ගෙනියනවා අපි ඕන තරමි දැකලා තියනවා.(නදී)
පොඩ්ඩක් මාට්ටු වුනාට මොකෝ මාමේ? (නි)
කවුරු මොනවා කිව්වත් අර අම්මයි දුවයි මොන තරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද? (නි)
රුපවති අක්කගේ ගෙදර ඕක වුනානම් රොස්ට් කරපු කුකුලෙක් බැදලා දෙනවා බෝතලෙත් එක්කම ගෙනියන්න නේද? (දී)
රූපවතී අක්ක ළඟ ඉන්නවා බැදපු කුකුලෙක් නෙමෙයි බැඳ ගත්ත කුකුලෙක්! බලන්න වටිනවා අත්තටු ගහලා ඇස්දෙක පියාන හඬලන ලස්සන! (නි)
මොහොමඩ්, අපි වෙනස දන්නවා. දැනගෙන තමයි වැඩ කරන්නේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනසේ තරම. ඩුබායි වලටම වෙලා තම වෙනස තේරුම්ගන්න වෙන්නෙත් ! (නි)
මෙයාට පදම වැඩි උනාම ගෙදර බල්ලාගේ පණු අමාරුව මතක් වෙන්න ඇති. තරුණ වරුණ මල්ලි මම අහල තියනවා යමෙක් අරක්කු බිවු පමණින් බේබද්දෙකු නොවන බව . ඊට තව කරුණු එකතු විය යුතුයි. මත් පැන් බොන අය අහල පහල කුකුල්ලු මරනවා බයිට් එකට. බොරුනම් රුපවති අක්කාගෙන් අහන්න . එතන සතුන් මැරීම සහ හොරකම අරක්කු බොන්න සල්ලි නැතිනම් හොරකම් හරි කරනවා. ඊලගට පදම වැඩි උනාම 3 වෙනි සිල්පදය කඩනවා. සමහරු හොරෙන් හා ප්‍රදේශීය දෙසපාලකයෝ ප්‍රසිද්දියේ. ගෙදරට මිතුරන්ට නොයෙක් බොරු කියල නයට සල්ලි අරන් අරක්කු බීල තවත් බොරු කියල 4 සිල් පදය කඩනවා. මේ කරුණු සම්පූර්ණ කලාම නියම බේබද්දා. දුම් පානය ගැන මේ කතාව කියල තියෙන්නේ ප්‍රේමයේ ප්‍රතිමුර්තිය බදු ප්‍රේමකීර්ති ද අල්විස් සුරින්. දුම් බොන අය ලෙඩ වෙලා ඉක්මනට මැරෙනවා එහෙම නොමැරෙන අය ස්නායු දුර්වල වෙලා අත වේවිලන්න පටන් ගත්තම ඇවිදින්න අතට හැරමිටියක් ඕනිලු. හැරමිටිය අතේ තියන තුරු බල්ලෝ හපන්නේ නැතිලු. ඒ වගේම නිතර දුම් බොන අයට කැස්ස හැදෙන නිසා රෑ එළිවෙනතුරු කහින නිසා ගේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්ලු.(නදී)
වරුණ මොකද කියන්නේ, මෝඩ කතාවක් කියමුද? (ස)
බුද්ධිමත් ලාංකිකයන්ට සුද්දා බෝකළ සුරාව නිසා මෙවන් උතුම් බුද්ධිමත් සමාජයක්ම අපට නොදැනීම ජෝකර්ලා වුනු බව සනාත කලාවූ තවත් එක අවස්ථාවක්.බීමත් ජනතාවක් යනු රටේ සමෘද්ධියේ ලක්ෂණයක් නොවේ. (නි)
දෙයියෝ සාක්කි ප්‍රතිචාර කණ්ඩායම මේ ලගදි ඉදල ලිද ලග සංගමයක් වෙලා (දාන සමහර ප්‍රතිචාර වලින් ඒක පේනවා )සැපදුක අහන්නත් මෙතෙන්ට එනවා (නි)
බණ්ඩාර නුවනක්කාරයනේ. ඔයාම කියන්න.මම නම් බේබද්දන් ගැන එච්චර පැහැදීමක් නැහැ (නි)
තමන්ගේ සීමාව දන ගෙන හැසිරෙන්න ඕන..ගෑනු දරුවෙක් එක්ක හිටිය නිසා ඒ ළමයා දැන ගත්තම කොච්චර දුකකට ,ලජ්ජාවකට පත්වෙයි ද..? (ස)
සරත්, ඒක බොහෝදුරට ඇත්ත. අනික වැඩි දෙනෙකුට තමන්ගේ සහජ ගති එලියට එනවනේ ටිකක් වැඩි වුනහම. හරි අපුරුයි බලන්න. සමහරු හිනාවෙච්ච ගමන්. සමහරු සින්දුවක් කියන්නේ ("කෑ ගහන්නේ") කොයිවෙලාවේද කියල ඉන්නේ. වැඩි දෙනෙක් ගෝරියට බරයි. පොදුවේ කවුරුත් තොරතෝංචියක් නැතුව කියවනවා. මාමා නම් බෝතලේ ඉනේ ගහගන්න ඇත්තෙ නම් ඔබ කිවූ පළමු කාරණේ නිසා වෙන්න ඇති. මොනවවුනත් නැන්දා ගෙදර ගියාම දෙන්න ඇති වෙරි හිදෙන්න. (ස)
අපේ රටට මත්පැන් හඳුන්වලා දුන්නේ සුද්දද? එකියන්නේ 1505 න් පෙර මේ රටේ මත්පැන් තිබුනෙම නැද්ද? මම දන්නා විදිහට නම් ඊට පෙර රා බීපු රජවරු වෙනත් අය ගැන සඳහන් වෙනවා ඉතිහාසයේ. රා මත්පැන් ජාතියක් නෙමෙයි මයේ හිතේ? මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්. (නි)
පාටියට ගියේ බිරිද සහ දරුවත් එක්ක මේ මෝඩ මනුස්සයට ඒ ගැනවත් හිතන්නේ නැතිව හොදටම බීලා නේද? ගානකට බිව්වනම් ඒත් කමක් නැහැ. (ස)
"තියනවට බීම" සහ "ඇති තරම් බීම". මුදලට බොන විට 'දෙවෙනි ක්‍රමය'. නිකම් ලැබෙන විට 'පළමු ක්‍රමය' . කොහොමත් ඔය දෙකම අපිත් කරනවා. (නි)
වෙනස පේනවා නේද ? (ස)
"මමත් ඉලන්දාරි කාලේ රා බිව්වා ආයුබෝන්." (නි)
වියලූවේ ගම්බද ප‍්‍රදේශ වල ඉන්නේ ඔක්කොම බෞද්ධ සෙනග නේද ? ලංකාවේ පන්සිල් නමට විතරයි. හැබැයි බෞධයන්ගේ පම්පෝරිය, මස් කඩ වලට විරුද්ධ සටන....??(නි)
මටත් මන් පුංචි කාලේ මගේ සියා පණු අමාරුවට හොදයි කියල කිතුල් රා බොන්න දීලා තියෙනවා ආයුබෝවන් !!!!(අ)
අපි පුංචි කලේ තාත්ත පැණි ගන්න ගෙදර පාවිච්චියට ගහක් මැද්ද , අපිත් බීල තියනවා රා ගොඩක් රස පානයක්, (අ)
මේකට තමයි වෙඩින් එකකදී බාර් එකක් තියලා මත්පැන් ඕනෑ අයට දෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්, මෙහෙම අරගෙන ගියාම මගුල් ගෙදර සංවිධානය කරපු අය බිල ගෙවන්න ගියාම තමයි තරු පෙනෙන්නේ. මේක මත්පැන් විතරක් නෙමෙයි කෑම වලටැත් එහෙම තමයි. අම්මලා කවන්න ඕනෑ ඒ ගොල්ලන්ගේම පිගානෙන්. ඒත් සමහර අම්මල වෙන පිගානක් ගන්නවා.ඒක වැරදියි. මොකද පිගන් වලට ගණන් ගන්න නිසා. (නි)
පුදනකොටම කාපි යකා. (නි)