පන්සියයකට ආරාධනා කර තුන්සියයකට කෑම බීම සූදානම් කිරීම නිසා පිරිසක් අපහසුතාවට පත් වූ සිද්ධියක් වයඹ පළාතෙන් වාර්තා විය.
ජයටම මංගල උත්සවය සූදානම් කිරීම ඔවුන්ගේ අරමුණ විය.
ඒ අනුව නගරයේ උත්සව ශාලාවක් ද වෙන් කරවාගෙන විවාහ මංගලෝත්සවයට සූදානම් විය. උත්සවයට 500කට ආරාධනා කළ අතර එතරම් පිරිසකට ආරාධනා කළත් ඉන් කොටසක් පමණක් එතියි නිවැසියෝ සිතූහ. ඒ අනුව තුන්සියයක් සඳහා පමණක් හෝටලයේ ඉඩ කඩ වෙන්කළේය. කෑම ඇනවුම් කළේ ද තුන්සියයකට පමණි. මංගලෝත්සවය දා නිවැසියන් නොසිතූ පරිදි ආරාධනා කළ සියල්ලෝම ආහ. මුලින්ම ආ පිරිසට ඉඳගැනීමට ආසන තිබුණත් පසුව ආ පිරිසට ආසන නොතිබිණි. ඔවුහු නගරයේ කඩයකින් දිවා ආහාරය ගෙන නැවත නිවෙස් බලා ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර හෝටල්වල කෑම අඩුවෙන් හදන්නේ. අයකරන්නේ පිගන් ගානට. පිගන් අඩුව තබා වැඩියෙන් ආපු අය විදියට මුදල් අය කරනවා. (නදී)
නියම මඟුල් කෑම (නි)
සමන්ති, මේක එහෙම එකක් නෙවෙයි නේ.? (ර)
උපරිම ලාබ ලබාගන්න කරපු දෙයක්ද කොහෙද (දිල්)
ආරාධනා කළ සංඛ්‍යාවෙන් පහෙන් දෙකක්ම එන්නේ නැහැ කියලා මුල ඉඳන්ම බලාපොරොත්තු වුනා නම් මගුල් කියලා තියෙන්නෙත් අහලින් පහලින් පාරේ යන අයටත් එක්කද කොහෙද !(හේ)
පුදුම මගුල් කෑමක් නේ ඒක. (නදී)
ඔහොම මගුල් කනවට වඩා හොදයි බැරි මගුල් නොකා උබල දෙන්නා හොරෙන් පලයල්ලා කියල අර ජෝඩුවට කිව්වනම්. (නදී)
ඔහොම මගුල් වලට යනවට වඩා හොදයි ගෙදර ඉන්න එක (නදී)
හරි ෂෝක් මගුල් කෑම (නදී)
සමන්ති මොනවද අනේ ඔයා කියන්නේ. එහෙම දෙයක් නෙමෙයි මේ වෙලා තියෙන්නේ. (නදී)