යෝජිත විවාහයක් කඩාකප්පල් කිරීමට බොරු කේළාම් කී අයකු මනමාලයාගේ පියාගේ උත්තරයෙන් නිරුත්තර වීමේ සිද්ධියක් දකුණු පළාතේ ගමකින් වාර්තාවිය.
සිද්ධිය වාර්තා වූයේ මෙසේය. මගුල් කපුවකුගේ මාර්ගයෙන් තරමක් ඈත ප‍්‍රදේශයකින් තරුණයකුට තරුණියක යෝජනා විය.
මනාලයාගේ පාර්ශ්වය බලාපොරොත්තු වූ පරිදි සුදුසු තරුණියක් ඔහුට යෝජනා වී තිබේ. මනමාල මහතාගේ පියා ද විශ්වාස කටයුතු මාර්ගවලින් සොයා බැලූ කල ඇය ඉතා චරිතවත් ගුණයහපත් යෞවනියක බව දැනගන්නට ලැබිණි.
විවාහය පිළිබඳ සියලූ තීරණ ගන්නා අවස්ථාවේ මනමාල මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයෙක් පැමිණියේය. තමා මනමාලියගේ ගම් ප‍්‍රදේශයේ බවත් ඒ අය හොඳින් හඳුනන බවත් පවසා ‘‘ඔය විවාහය කරන්න එපා’’ යැයි කීය.
මනමාල මහතාගේ පියා ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ‘ඔය ගැහැනු ළමයට බබෙක් හම්බවෙන්න ඉඳල නැති කළා’’ යැයි කීය.
එවිට පියා ‘‘එක බබෙක් ද නැති කළේ’’ කියා විමසීය. එම ප‍්‍රශ්නයෙන් උද්දාමයට පත් වූ නාඳුනන පුද්ගලයා ‘‘ඔව් ඔව්’’ යැයි කීය.
එවිට මනමාලයාගේ පියා එහෙනම් කමක් නෑ. මගේ පුතාටත් ඕන ඔය වගේ කෙනෙක්. පුතා ගේන්නෙ වඳ නැති කෙල්ලෙක්. ඒක කලින්ම දැනගන්න ලැබුණ එක ලොකු දෙයක්. ඔහේ කළේ ලොකු උදව්වක් යැයි කීය. නාඳුනන පුද්ගලයා මනමාල මහතාගේ නිවසින් පිළියෙළ වූ තේ එක ද නොබී ඉක්මනින්ම එම නිවසින් නික්ම ගියේය.
මේ වන විට ඔවුන්ගේ විවාහ මංගල්‍යය ද සාර්ථකව සිදු වී හමාරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගමේ වුනත් වරකා ගෙඩියක් ආශාවකට හොයාගන්න නැහැ. වරකා වෙන්නත් කලින් ගැට පොලොස් කාලෙදිම කාලා දානවා! (නි)
රුපවති හැම තිස්සෙම දිසානායකලා දෙන්නව පටලගන්නවා මගේ නමේ මුල් අකුරු දැම්මනම් ඉවරනේ. කොහොමත් මගෙත් හීනියට මනාපයක් තියනවා රුපවතියට.(නදී)
ඉරිසියාවට බෙහෙත් නැති එක වෙනම කතාවක්. ඒත් ඇයි මේ මාතෘකාවට කිසිම අදාල කමක් නැතුව ඉරිසියාවට දාන මෝඩ අදහස් වලට කතෘ අනුමැතිය දෙන්නේ?(නදී)
නිමන්ත, ප්‍රවෘත්තියට අදාලව අදහස් දානකොට පොඩි 'ජොලියකුත්' එකතු කළාට කමක් නැහැ.ගගක් වුනත් කෙලින් යනකොට හැඩයක් නැහැනේ (නි)
හොද පියෙක් මොකද හොදට කරුණු සොයාබල වැඩ කරන නිසා පියාණෙනි ඔබට මගේ ප්‍රණාමය.(නදී)
ගමේ වරකා ගමේ කපුටන්ට දුන්නේ ඉස්සර. දැන් ගමේ වරකා නගරේ කපුටන්ට, නගරේ වැල ගමේ කපුටන්ට. නම බලලයි කන්න ඕන. කාලා බලලා ගන්න ඕන. (ස)
කතාව නම් පංකාදුයි. එත් දැන් ගමේ වරකා නැහැනේ ඉස්සරවගේ. (දී)
මනෝජ් පිරිස්, ඔයාගේ අදහසට නම් ඇත්තටම හිනා ගියා.මොකෝ ඉතින් ගමේ වරකා..., නගරේ'' වැල'' කියලා තිබුනේ (නි)
හොඳ වැඩේ අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගහන්න එනවට,, කාටහරි වලකපන්න තියෙනවනම් මුකුත් ඕන නැහැ,,(දී)
''කට ඇති පුතෙක් හා රුව ඇති දුවක්' රුපවති නැන්දට අඩු නැතිව දෙකම පිහිටලා තියනවා. දිසානායක මාම ඒක නොදැන ඉල්ලන් කෑවා. දුකත් හිතෙනවා. අනික් අයත් කල්පනාවෙන් හොදේ.(නදී)
ඔය මොනවට කියනවද මගේ කලින් කතා කරපු මගුල මම පිරිමියෙක් නේ කියල එක්කෙනෙක් කේලම් කියල කඩල දෙම්ම.... මට දෙන් ලස්සන හුරුබුහුටි චූටි කෙලිපෙටියෙක් ඉන්නවා. මේ මිනිස්සුනම් අන්තිමයි (අ).
හා ...හා ..දැන් වරකා කන්න බැහැ....වරකා මෙහෙ නැහැ....එහෙමද කියන්නේ....(නදී)
අනේ මන් දන්නේ නැහැ කෙන්ක්ගේ ජීවිතයක් එකකේ මෙහෙම සෙල්ලම් කරලා විවාහ වෙලා මොනාද මෙගොල්ලන්ට ලැබෙන්නේ කියලා. මනාලයාගේ තාත්තට මොලේ තිබ්බ නිසා හොඳි නැත්නම් අර හිංසක ගැහැණු ලමයාගේ හීන සහ ජීවිතෙත් ඉවරයි.(නදී)
ඔව්. දැන් කෙලින්ම පොලොස් වැල වෙන අමුතුම කාලයක් මේක ! (නි)
නැහැ මනෝජ්, චන්දිට හිනා ගියේ වෙන හේතුවක් නිසා (නි)
වරකා නතිං වැල සම්තිං (නි)
ඔය වගේ කට්ටිය හැමතැනම ඉන්නවා (දී)
ඔය වගේ කතාවක් මීට අවුරුදු 40කට පමණ පෙර ලංකාවේ තිර- ගතවූ "ලක්ෂ්මි කල්‍යානම්" යන ෆිල්ම් එකේ තිබුණා (නි)
බුද්දිමත් කෙනෙක් කේලම් වලට රැවටෙන්නේ නැති (දී)
බුද්දිමත් කෙනෙක් කේලම් වලට රැවටෙන්නේ නැති (දී)
නියම මාම කෙනෙක් ආන්න මාමල. ආදර්ශමත් මාම කෙනෙක්.(අ)
තව වෙච්ච දෙයක් දන්නවද? දුව දෙන දවසේ බෑනට උඩරට ක්‍රමයට බදින්න බැහැ කියලා කසාදෙ නවත්තලා (නි)
චන්දී නගෝ, මට දුකයි ඔයාගේ මෝඩ කතා ඇහුවම. (නි)
චමින්ද, කේන්ති ගන්න එපා හැම පළාතකම අය බොරු කේලම් කියනවා .දකුණේ අය එහෙම නැද්ද .........? (ස)
අනුන්ට වල කපන්න නම් අතින් පැට්‍රෝල් ගහගෙන වුනත් යයි අපේ මිනිස්සු (නි)
කටා මාමා හරියට හරි. දකුණම තමා දැන් හැමදේටම මුල. (නි)
වෙන පළාතක කෙනෙක්නෙ දකුණට කේලම අරගෙන ගිහින් තියෙන්නේ.යමක් කියවල හරියට තේරුම් ගන්න බැරි උදවිය විභාගවලට මොනවා ලිව්වද අනේ?දකුණ කිව්වා ගමන් උන්හිටිතැන් අමතක වෙනවා.යන්නේ කොහෙද මල්ලේ පොල්.(අ)
නියම මාමා කෙනෙක්. අපේ ගෙවල් ළඟ හොඳම නැන්දම්මා කෙනෙක් ඉන්නවා. සේවාවක් අවශ්‍ය නම් මා අමතන්න. (ස)
නිලුපුලී හරියටම හරි, කට මාමායි වරුණයි නිවුස් එක කියවලම දාන අදහසක් දැම්ම නේද හොඳ. නිකන් දකුණ කියන වචනෙ දැක්ක ගමන් මොලේ කොලොප්පන් වෙලා අදහස් දාල මෝඩකම පෙන්නන්නේ නැතුව. (දී)
අවංක ආදරේට සල්ලි ජාති ආගම ගැටළුවක් නැ ඔයවගේ මගුල් කඩන කට්ටිය උල තියන ඕනේ (දී)
ප්‍රතිචාර දාන කෙනෙක් හරියට කියවල බලල ප්‍රතිචාර දානවා නම් හොදය. කේලම කියල තියෙන්නේ පිට පළාතක කෙනෙක්. දකුණ ගෙන තේරුමක් නෙතිව අපහස කරන්න එපා. (දී)
මෙහෙමත් සිද්දී වෙනවානේ
අනේ අම්මප, කතාව නම් ඒකීය ශ්‍රී ලංකාවක්, එකම රටක්, එකම ජාතියක්, ඒ උනාට බැලුවොත් ආගමක් බදාගෙන ගහගන්නවා, එක්කෝ ජාතියක් බදාගෙන ගහ ගන්නවා, ඔය මොකුත්ම නැත්තම් පළාතක් බදාගෙන ගහගන්නවා. මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ. (දී)
ඔන්න පටන් ගත්තා වම, දකුණ, පිස්සුද මන්ද? මේ පුංචි රටේ මිනිස්සුන්ට කොහේ හරි බෝම්බ පත්තු වුණ කාලේ අපි හිටියේ ඔය කියන දෙකම මාරු වෙලා නේද? යාලුවනේ මම වැරදිද මන්ද ? (ස)
දකුණේ පාරම්පරික සිරිත් විරිත් ඉදිරියටත් ගෙනියන්නෝ ඉන්නවා ඕන් තාමත්.. (නි)
මගේ මවත් මානසික විශාදියකින් පෙළුනා. අක්කගේ මංගල්‍යය තීන්දු වීමට තිබියදී ලියුමකුත් රැගෙන කඩිමුඩියේ පැමිණි මනාලයාගේ මව පියාගෙන් ඇහුවා ඈ.. මහත්තයෝ.. නෝනට එක කාලෙකට මොලේ නරක වෙන අසනීපයක් තියෙනවද කියලා. මගේ පිය කිව්වා එක කාලෙකට නෙමෙයි, මේ දැනුත් ඒ ලෙඩේ හැදිලා ඉන්නේ. අර කාමරේ ඉන්නේ. කියලා.මගේ පියාගේ අවංකකම ගැන පැහැදුන ඒ අය කලින්ටත් වඩා ඉක්මනට මංගල්ලේ ජයටම ගත්තා. (නි)
නිලක්‍ෂි මෙතන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. කේලාම් කියන අය රට පුරාම ඉන්නව තමයි. ඇයි දකුණෙන් පිට කෙනෙක් කරපු වැරැද්දකට දකුණට දොස්? (දී)
රටේ හැම පළාතේම කේලම් කියන අය නම් ඉන්නවා.හැබැයි දකුණේ ටිකක් වැඩී. (ස)
හත්වලාමේ අර මක්කටෙයි මං ඔහෙලට බොරු කියන්නේ ? (ස)
මොකද තාම රුපවතිගේ අදහස් නැත්තේ (දී)
ප්‍රතිචාර දාන කෙනෙක් හරියට කියවලා බලලා ප්‍රතිචාර දාන්න. දන්නේ නැද්ද දකුණේ අයව අන්දන්න අමාරුයි කියලා (නි)
ආ මේ දකුණේද? මම හිතුව දකුණේ තමයි කියලා.(නදී)
සුව කල නොහැකි එකම රෝගය ඊර්ශියාව. (ස)
හේරත් කොහොමද මේකට රූපවතී අදහස් දාන්නේ! එයාගෙම කතාව නිසා! හැබැයි රූපවතී දීග ගියේ ළමයත් අරගෙනලු!(නදී)
දිසානායක මාමේ වැඩ ඇරි දැනුයි ආවේ ..ඔයාල නම කියල කෑගහන නිසාම..ලියන්න හිතුනා.. කොහොමටත් අපේ දිසානායක මාමා ටිකක් හිතේ අමාරුවෙන් මේ දවස් වල කතා කරන්නේ... එකක් උපන් දිනේ තියෙන්න ඇත්තේ පසු ගිය සතියේ වෙන්න ඇති ..නෝනා හාමි කිරිබත් ටිකක් වත් උයල දෙන්න නැතුව ඇති...? අනික කාගෙවත් කොලුවෙකුට උප්පැන්නේ දුන්න කියල හිතට ටිකක් පීඩනයකුත් ඇති...? ඒ උනත් කමක් නැහැ දිසානායක මාමේ ඔයා..එදා ගොඩක් සතුටු උනානි..මහා සාගරයක් වගේ දේපලක් ඔයාට නෝනා හාමිව කරකාරේ බැදපු දිනේට හම්බු උන නිසා...? ඉතින් ඔයා මට ආඩ පාලි කියන්න එපා...?මම උගත් මිනිහෙක් එක්ක හැදිච්ච කමත් අරන් දීග ගියා....?හිත නරක් කරගන්න එපා , ඔයාට බුදුසරනයි...!! (නදී)