කාලයකට පසු නොමිලේ ලැබුණ නිසා කරටිය කැඩෙන්නම ගහලා මඟුල් ගෙදරට දීමට ගෙනගිය මුදල වෙනත් වාහනයකටදී යන්තම් අතපය බේරාගෙන ගෙදරට පැමිණි මුදලාලි කෙනෙකු ගැන ගාල්ල දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මොහු කලක් නගරයේ වෙළහෙළඳාම් කළ අතර දැන් ටිකක් වයස නිසා ත්‍රිරෝද රථයක් මිලට ගෙන එය කුලියට දුවමින් කීයක් හෝ සොයාගෙන ගෙදරට වී දිවි ගෙවන්නෙකි.
පසුගියදා ඔහුගේ මිතුරකුගේ දියණියකගේ විවාහ මංගල උත්සවයකට ආරධනයක් ලැබුණි. ඔහු කවදත් මුදල් ගෙවා මධුවිත රස බලන්නකු නොවේ. එහෙත් නොමිලේ ලැබුණොත් කිසිදෙයක් අත හැරියේ නැත. මංගල උත්සවයට ගිය පසු මධුවිත ලැබෙන බවට විශ්වාසය. තමන්ගේ ත්‍රිරෝද රථයෙන් ගියොත් නොමිලේ ලැබෙන මධුවිත ටිකවත් බොන්නට ලැබෙන්නේ නැත. උත්සවය තිබුණේ තම නිවසේ සිට සැතපුම් පහළොවක් පමණ දුරින් පිහිටි උත්සවශාලාවකය. පාරේ ධාවනය වන බස්රථයක ගියහොත් එතනට බස් දෙකක යා යුතුය. මේ නිසා ඔහු හොඳට ඇද පැළඳගෙන අසල්වාසි කුලී ත්‍රිරෝද රථයක් කතා කරගෙන උත්සවශාලාවට ගියේය.
ටික වේලාවකින් මඟුල් ගෙදර මිතුරාගෙන් මධුවිත පාටියට ආරාධනා ලැබිණි. නොමිලේ මේ අයුරින් බොන්නට ලැබුණේ ටික කලකිනි. එහිදී පැරැණි මිතුරෝද හමුවූහ. මේ නිසා ටිකක් වැඩිපුර මධුවිත ගත්තේය. රතුකට්ට පැන්නේ ඔහු නොදැනුවත්වමය.
මේ අතර මොහුගේ ප්‍රමාදය නිසා එහෙන් මෙහෙන් ඔළුව දා බලද්දී කුලී ත්‍රිරෝද රථ රියදුරාටද ඔහුගේ මිතුරකු එහිදී හමුවිය. ඒ මිතුරා නොමිලේ ලැබුණ මධුවිත ටිකකින් ත්‍රිරෝද රථ රියදුරාටද ලෝභ නැතුව සංග්‍රහ කළේය. මේ නිසා කුලී ත්‍රිරෝද රථ රියදුරාටද ගිය හයර් එක අමතක විය. ඒ නිසා ඔහු ආපසු ගෙදර ආවේය.
කරටි කැඩෙන්නට ගැසූ මුදලාලි උත්සවශාලාවේ රථගාලට පැමිණ බලනවිට තමන් ගිය ත්‍රිරෝද රථය සොයා ගන්නට නැත. ඔහු එහි වූ වෙනත් ත්‍රිරෝද රථයකට ගොඩවුණේ කෙළින් ඉඳගෙන ඉන්නත් බැරි තරමට ඒ වනවිට වෙරිවී සිටි නිසාය.
‘‘මොකද මුදලාලි මොහොකද ආවෙ.’’
‘‘මං ආ විදිය වැඩක් නැහැ මල්ලි මං උඹට හයර් එක දෙන්නම්. මාව ගෙදරට ගිහින් දාපන්’’.
ඒ ත්‍රිරෝද රථ රියදුරා මුදලාලි ගෙදරට ඇරලවා කුලිය රුපියල් එක්දහස් පන්සියයක් ගත්තේය.
මුදලාලි උත්සවශාලාවට යද්දී ගිය ත්‍රිරෝද රථයටත් ඉන්ධන ගහන්න රුපියල් එක්දහස් පන්සියයක් දුන්නේය. මගුල් ගෙදර මිතුරා ලියුම් කවර බලා කිහිප දෙනෙකු සමග කියා තිබුණේ අසවල් මුදලාලි අපේ මගුල්ගෙදර කරටි කැඩෙන්න ගහලා ලියුම් කවරයක් නොදී ගිය බවය.
මෙය ආරංචි වී ‘‘කොෙහද මුදලාලි මඟුල් ගෙදර’’ කියා මිතුරන් අසන විට මළපනින නිසා මුදලාලි දැන් පාරටවත් බහින්නේ නැතිලු.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මඟුලේදී අන්දමන්දවූ මුදලාලි තෑගි කවරය ත්‍රීවිලරයට දීලා