මධ්‍යම පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක උපන් ඔහු අගනුවර රැකියාවට ආවත් හෙළ සිරිත් අත ඇරියේ නැත. අගනුවරින්ම අනාගත සහකාරිය තෝරාගත් ඔහු පසුගියදා විවාහ වීමට සූදානම් වූවත් එක් ගැටලූවක් වූයේ මඟුල් උත්සවයේදී ජාතික ඇඳුම ඇඳීමට මනාලිය එරෙහි වීමයි.
යුරෝපීය ඇඳුම් කට්ටලයක් අඳින ලෙස මනාලිය ඔහුට කීවත් ඔහු තම අදහස වෙනස් කළේ නැත. අවසානයේ ඇය කීවේ ‘‘කමක් නෑ... ඔයාගේ කැමැත්තනේ. හැබැයි, ඒකට ගැළපෙන්න මම රෙද්දයි හැට්ටයයි අඳිනවා’’ කියාය.
මඳ තැති ගැන්මට පත් මනාලයා ඇයට සාරිය අඳින්නට කීවත් ඇය එකඟ නොවීම නිසා මහත් ගැටලූවක් මතුවිය. පසුව දෙපාර්ශ්වයේම වැඩිහිටියන් එක් වී මනාලයාට මගුල් දා යුරෝපීය ඇඳුමත්, දෙවැනිදා ජාතික ඇඳුමත් ඇඳීමට උපදෙස් දීම නිසා කැඩෙන්නට ගිය මඟුල අනූනමයෙන් යළිත් හරිගියාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයා තම ගම පලාතෙන් නැතිව වෙන ප්‍රදේශයකින් සහකාරිය තෝරාගත්තා එක හොඳයි. මධ්‍යම පළාතේ කාන්තාවන් තරම් බොරු කියන , සැර පරුෂ උදවිය මම කොහෙවත් දැකලා නැහැ . මගේ මිතුරෙකු නුවර පලාතෙන් විවාහ වී අන්තිමට බිරිඳගේ අවිවාහක වැඩිමල් සොහොයුරිය තමා ඔහුගේ ගෙදර ගෘහ මුලික . ගෙදර පාලනය ඔක්කොම අර පවුලේ බවලතුන්ට ඕන විදියට . ගෙදර පිරිමින්ව කටින් ගහලා බය කරගත්ත ගමන් . මෙය කාටවත් පුද්ගලික අපහාසයක් නෙවෙයි. ගුණගරුක කාන්තාවනුත් ඉන්නවා. (අ)
මේ පුවතින් දැක්වෙන නුවර පවුල සහයෝගයෙන් වැඩ කරන සාමකාමී එකක් බව පේනවා. හැබැයි ඒ පළාතේ බොහොමයක් එහෙම නැහැ. ගෙවල් වල ඉන්නේ විවාහ කටයුතු වලදී පොලව පැලෙන බොරු කියන උදවිය. මගේ ඥාති සොයුරෙක් උදේට නැගිටලා තේ එකක් වත් හදා ගන්න කම්මැලි කෙනෙකුට අසු වුන .ඒ ගෙදර උදවිය පෙන්නුවේ තරුණිය හොඳට ඉවුම් පිහුම් ගේ දොර වැඩ කරගෙන ඉන්න කෙනෙක් කියලා . පසුවයි දන්නේ සොයුරා එහි යන දින වල කෑම උයලා තියෙන්නේ තරුණියගේ නෑනා. (අ)
ගැනු? මට නම් මතක් කරන්න එපා (අ)
ක්‍රිශානි කියන දේ වෙන්න පුලුවන්. (නි)
මගේ අත්දැකීමේ හැටියටත් නුවර පිරිමි උදවිය ඉතා සාමකාමීයි. නමුත් කාන්තාවන් සැරපරුෂයි (නි)
දෙයියෝ සාක්කි (දී)
උඩරට මැණිකෙලා ආඩම්බර තමයි! (ස)
මගුල දවසෙ මෙහෙම නම් පස්සෙ කොහොමට හිටීද? අපොයි අහින්සකයා.. මැරෙනකම් දුක තමා..(ස)
උඩරට උදවිය සමහරු ආඩම්බරකම පෙන්නලා අනිත් අඩුපාඩු වහගන්න හදනවා. (දී)
දෙයියෝ සාක්කි (දී)
ජාතික ඇඳුමට ගෞරව කරන්න (දී)
උඩරට මැණිකෙලා ආඩම්බර තමයි. (ස)
කොහොමත් නුවර ඇවතුම් , පැවතුම් හරි ගුප්තයි. උද්දච්ච ,මෝඩ අහංකාරකමක් තමයි තියෙන්නේ. අද මේ හැම විපත්කටම වග කියන්න ඕනෙත් ඔය නුවර උදවියම තමයි. සුද්දට රට ගෙඩිය පිටින්ම දුන්නට. (ස)
කොහොමත් මගුල් තුලා වලදී නුවර උදවිය සමග පරිස්සමෙන් කටයුතු කරන එක හොඳයි. (දී)
කසුන් කියන දෙය ඇත්ත. නුවර බිරිඳගේ අහංකාරකම නිසා මම දන්නා කෙනෙකුගෙත් පවුල් ජීවිතය හරිම කටුක බව කීවා. ගෙදරට එන නෑදෑයන්ට සංග්‍රහයටවත් ඇගේ උනන්දුවක් නැතිලු. (දී)
මේ ප්‍රතිචාර දක්වලා තියෙන බොහොම දෙනෙක් නුවර සහ අගනුවර අතර තියෙන වෙනස දන්නෙ නැහැ වගේ. කොහොම වුනත් මම මනාලයා වුනා නම් රෙද්දයි හැට්ටෙයි අදින්න කියනවා. ඒ වගේම මේ වගේ තැනැත්තියක් කසාද බදින එක ගැනත් දෙපාරක් හිතනවා. (දී)
සුද්දා උඩරට එන්ඩ කලින් පහත රට අල්ල ගත්ත. උඩරට කාන්තාවෝ ලස්සන, අහංකාර, කපටි. අන්තිමට අපි සියලු දෙනා ලාංකිකයෝ. (ස)
නුවර ගැහැනු ඉදිමෙන්නේ එහේ ඉන්න කොන්ද පන නැති මිනිස්සු නිසාය. (ස)
අරුණ ළමයාගේ කීම නම් ඇත්ත ...මෝඩ කමට බෙහෙත් නැහැනේ. රට සුද්දට පාවා දුන්නෙත් එහේ වැදගත් අය තමයි. (ස)
කොහොම හරි මගුල ද්බෙර ගත්ත එක ලොකු දෙයක් (දී)
දැන් සරම අදින එක විලාසිතාවක් නේ (දී)
ජාතිකඇඳුම නැතිව නිලමේඇඳුම හා මනාලියට ඔසරිය අඳින්න කිව්වනම් උඩරට සිරිතට මංගල්ලය ලස්සනට කාගේවත් හිත්රිදීමක් නොවනසේ වෙන්න තිබ්බ,ගොයිනවේ එකට සරමක් ඇඳලා මනමාලිටත් ඕනරෙද්දක් අඳින්න කිව්වනම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ.මමත් ගොය්නවේ එකට ඇන්දේ සරමක්.(දී) .
මට සමාවෙන්න, මගේ යාලුවෝ තුන් දෙනෙක් දික්කසාද වෙලා ඉන්නේ උඩරට මැණිකෙලා එක්ක විවාහ වෙලා. ඇයි දික්කසාද උනේ කියන හේතුව ලියන එක හරි නැහැ. (ස)
මේ මොකද එකපාරටම උඩරට කාන්තාවන්ට පහර ගහන්නේ. ඇයි නුවර බුද්ධිමත් කාන්තාවන් නයිට් රේස් වලට එරෙහි උන නිසා වත්ද? (ස)
මෙන්න සුගුනවති කටට මසුරන් ! මෙහෙම කියනවට නුවර ඇත්තෝ තරහ වෙන්න එපා. නුවර පිරිමි බහුතරයක් ගෙදර ඉන්න නංගිලාට පවා බයයි. මොනවා කරන්න ගියත් ඒ උදවියගේ මනාපය නැතිව බැහැ. (ස)
මගේ අක්ක ගේ සැමියා නුවර කෙනෙක්. හරිම ගුණ යහපත් . ඒ වුනාට ඒ අයියා ගේ අක්කලා නංගිලා පුදුම නපුරුයි . අක්කලාගේ පවුල් ජීවිතේට හොට දාගත්ත ගමන්මයි. හරි හම්බ කරන ඔක්කොම ඒගොල්ලන්ගේ අතට ඕන . තව දේවල් තියනවා . මෙතන ලියන එක සුදුසු නැහැ . (ස)
නුවර ඉන්න බොහොමයක් කාන්තාවන් බොරුවට මවාගත්ත මාන්නයක් හිසේ දරාගෙන තමයි ඉන්නේ. බොහොමයක් දෙනා බොරු ආඩම්බරයක් පෙන්වනවා. වළව් වල ගෑනු අය ගැන නම් කියලා වැඩක් නෑ. අන්තිම උද්දච්ඡයි. බොරුවට පිම්බුනාට ඇතුල හිස්. මමත් කසාද බැන්දේ උඩරට මැණිකේ කෙනෙක්. නෝනා යහපත්. හැබැයි නැන්දම්මා හිටපු ගමන් පුංචි පුංචි ඇණුම්පද කියනවා මම පහත රට හින්දා. එයාල උඩරටලු. මම මුකුත් කියන්නේ නෑ. නෝනා පවුනේ...(ස)
මමත් ඇන්දේ ජාතික ඇඳුම මගුල් දා (දී)
මගේ අයියාගේ බිරිඳ නුවර . ඇගේ නංගි පිට ඔපයට වලව්වකින් බැන්දා. දැන් තේරිලා තියෙන්නේ කියන්න පුළුවන් ඔක්කොම බොරු ටික කියල රවට්ටලා කියලා. අපි ඒ තරුණිය ට කොළඹින් හොඳ ගුණ යහපත් කෙනෙක් යෝජනා කලාම කොළඹ උදවිය ලෝකේ කාල වතුර බීල කියලා පාච්චල් කළා . දැන් විඳවනවා. (දී)
අනේ කවුරු හරි දන්නා කෙනෙක් කියනවද නුවර පිරිමි, තමන්ගේ ගෑනු සහෝදරියන්ට මෙච්චර බය මොකද කියල. මගේ නුවර යාළුවො ඔක්කොම ගෙදර බවලතුන්ට එහෙයි කියා ගත්ත ගමන්මයි . අපේ නංගි නම් මට ඇත්තටම ගරු සරුවෙන් ඉන්නේ. (ස)
බවලත්තු ගැන කතා කරන්නත් බයයි..කට්ටිය එන්නේ කොසු ඉදල් අරගෙන රෙදි අතට අරන් දත් කුට්ටම් ගලව ගන්න.මධ්‍යම පළාතේ විතරක් නෙමෙයි හැම පළාතේම ගැණු ඔහොම තමයි.පිට රට ඉන්න එව්වෝ ඔක්කොටම හපන්..කොච්චි කරල්.පනින්න ඕන වැටවල් ඔක්කොම පැනල කප් ගහපු එව්වෝ පෙන්නන්න හදන්නේ ලජ්ජා බයට ගෙය්මුල්ලේ හැදුනු දහයට ගනින්න බැරි එව්වෝ කියල..අනේ අපි නොදන්නා ලයිව් ...(දී)
ඇහුවට තරහ ගන්න එපා නුවර හිතවත්තු මොකද ඔය තරම් ආඩම්බර (දී)
මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)
නුවරින් බඳිනවා නම් බවලතුන් වැඩිය නැති තැනකින් බඳින්න . නැති නම් පලවන විවාහ සංවත්සරය වෙනකොට ඔලුවේ කෙස් ටික නැති වෙයි . මගේ නෝනා නම් හොඳයි . එයාගේ අක්කලා අපේ ගෙදර තේකට දාන සීනි හැඳි ගානත් නියම කරන එක තමා වැඩේ. (ස)
එතකොට ආයුබෝවන් කසාදයක් කර ගන්න හොදම ලංකාවේ මොන පළාතද., නැහැ මං මේ ඇහුවේ බෙන්තර ගගෙන් එහා පැත්තටත් දොස් කියන ගොඩක් දෙනා ඉන්න නිසා (දී)
පිස්සු කතා කරනවා..එතකොට ඔය කුසුමල අනුශ්කල නෙලුම්ලා පහින්දිල එහෙමත් උඩ රටද? කොහෙත් ගැණු ගැණුමයි. බියකරුයි..විස කුරුයි..විශේෂයෙන් රට ඉන්න කට්ටිය....(දී)
සුද්දට බයේ සිල්වා සොයිස වෙලා කන්ද උඩරටට ගහන්න අවේ අපේම අය.රජ්ජුරුවන්ගේ බිසවගේ කරාබු 2 ඉරා ගත්තේ මේ ගොල්ලෝ.සුද්දට බලාගෙන ඉන්න බැරුව අපේ අයට වෙඩිතියන්න හැදුව .ඔන්න අපේ අයගේ හැටි ඉතිහාසය මේකේ ලියන කට්ටිය ටිකක් කියවල බලන්න (දී)
දෙන්නෙක් උදෙන්ම මෙතන විෂබීජයක් පතුරලානේ .අනෙත් ඇයොත් ඒකටම උඩගෙඩි දෙනවා .මෙකතාවෙන්ම පේනවා මුල අමතක නොකරන නියම සිංහලයෝ ඉන්නේ කොහෙද කියලා . (අ)
අනේ බදිනවානම් මිගමු ගැනු .වැඩ පොල සැමියාට ගරු සර .මහන්සිවී වැඩ කරන ගුණවත් ය (අ)
මම අහල තියන විදිහට නුවර කාන්තාවන් දකුණේ පිරිමින් සමග විවාහ වෙන්න කැමති නැහැලු හැම තිස්සෙම බර බරේ නිසා. නුවර පිරිමිත් දකුණේ කාන්තාවන්ව විවාහ කර ගැනීමට කැමති නැත්තෙත් මොකක් හෝ නොගැලපීමක් නිසා වෙන්න ඇති. (අ)
කවුද මේ පිස්සු අදහස් මෙච්චර මෙතන දමල තියෙන්නේ, අහන්න දෙයක් නැහැ දකුණේ මෝඩයින්ගේ වැඩක් තමයි. වෙන කිසි පළාතක අය මේවා කරන්නේ නැහැ ඒක ෂුවර්. (අ)
මම ඉන්නේ පිට රටක දැනට අවුරුදු 10 පමණ.නුවර පැත්තේ ගැණු උදවිය ගැන කියල වැඩක් නේ,වගේම පිරිමිත් කතාවට වැටුනම හරිම අහනකාරයි.(අ)
මැණිකේ වලව්වේ වුනාට, තාත්ත මුරකරු වෙන්න පුළුවන්. (අ)
මම නම් උඩරට කාන්තාවන්ට හරි කැමතියි. (අ)
පිටිගලට නම් උඩරට කාන්තාවන් කීයටවත් කැමති වෙන එකක් නැහැ.හේතුව හිතාගන්නකො. (නි)
මනෝජ් සාජා , මෙතන හැමෝම තමන්ගේ පුද්ගලික අදහස්,අත්දැකීම් ලියා තියෙන්නේ. දැන් බලන්න පිටිගල උඩරට බවලතුන්ට කැමතියි. හැමෝම නුවර පිරිමි හොඳයි කියලා තමයි කියන්නේ .මට තේරෙන විදියට බහුතරයක් නුවර කාන්තාවන් ටිකක් අහංකාරයි. ගෙදර පිරිමින්ව පාලනයට කැමතියි. (නි)
මම ලිව්වේ මගේ පවුලේ අත්දැකීමක්. එය විෂබීජයක් ලෙස ගන්න එක තමන්ගේ වැඩක්. හොඳට කියවලා බලන්න මනෝජ්, මම මේ පුවතින් කියවෙන පවුල අගය කර තිබෙනවා. අනිත් පළාත් වල උදවියට වඩා නුවර උදවිය විවාහ යෝජනා වලදී බොරු කියන බව බොහෝ දෙනෙක් දන්නවා . ඇත්ත තිත්තයි මනෝජ් ! නමුත් මට කරන්න දෙයක් නැහැ. (නි)
මම නම් කොළඹ . නුවර පාඨකයන් දකුණට මෝඩයින් යැය කියනවා.දකුණේ උදවිය නුවරට උද්දච්ච යැයි කියනවා. ඔක්කොම එකතුවෙලා කොළඹ උදවියට මොකද්ද කියන්නේ කියලා දැනගන්න ආසයි. අදහස් ලියූ උදවියගේ අත්දැකීම් ගැන අනිත් අය ඇයි කලබල වෙන්නේ? (නි)
ජාතික ඇඳුමට ඇයි කාන්තාව අකමැති? (නි)
දැන්මම ඔහොම නම් ඉතින්, මෙහෙම කෙනෙක් බැඳලා ඔයාට ජීවිතේම දුක්විඳින්නයි වෙන්නේ මල්ලී (නි)
කෝ අපේ ලංකා තිලක්තුමා ? උඩරට බවලතුන් ගැන පර්යේෂණාත්මක විස්තරයක් ලියාවි මෙහි සිටියා නම් (නි)
නුවර විතරක් නෙමෙයි වැලිගමත් එහෙම තමයි. (නි)
අපොයි කසුන් අවිවාහක වයස්ගත් වූ අක්කලා නම් කොයි පළාතෙත් එකයි . ඒගොල්ලන්ගේ විනෝදාංශය තමා නංගිලා මල්ලිලා ගේ ගෙවල් වලට කඩන් වැදිලා තියන ප්‍රශ්න තව වැඩි කරන එක. (දී)
මම කොළඹ මහත්තයා නුවර .අපේ මංගල උත්සවයේ ඇඳුම් කැඩුම් ප්‍රශ්නය අපි නම් සාමකාමිව විසඳා ගත්ත . මංගල දිනයේ උඩරට විදියටත් දෙවැනි ගමනේදී පහතරට පිළිවෙලටත් සැරසුණා. හැබැයි ඉතින් අපේ නුවර ලොකු නෑනා නම් ටිකක් හොට දාගෙන ආවා තමා . මහත්තයාගේ හොඳකම නිසා ඉවසුවා. අදටත් එහෙමයි. (දී)
උඩරටට මොකුත් කියන්න එපා (දී)
ඔව් හැබෑටම හිමාලි දන්නවා මා ගැන. ඒ උනාට හිමාලි එක නෙවේ හේතුව. (අ)
සිංහල ඇඳුමට මොකුත් කියන්න එපා (දී)
විකාර නේ (දී)
සැමියා නිවෙසට එද්දී බිරිය යාළුවාගේ ඔඩොක්කුවේ, කියවන්න ඒ කතාවත්. ඔන්න දකුණේ කාන්තාවන්. ඒහෙම වුනා නම් උඩරට කාන්තාවන් ඒයාලාත් හරි හොඳයිනේ. (ස)
විජ්ජුම්බරයක් කියන්නේ මොකද්ද (දී)
ඇයි මේගොල්ලෝ ලොකු හීනමානයකින් අදහස් දාල තියෙන්නේ? (නදී)
දෙයියෝ සාක්කිම තමයි අපිට කියන්න තියෙන්නේ (දී)
උඩරට මැණිකේට දෙක දෙක කියන්නේ නිකන් ද. (නදී)
නුවර හැමෝම එහෙම නෑ මගෙත් යාලුවෝ කීපදෙනෙක් ඉන්නවා මුලදී එහෙම උනාට පස්සේ අපි හදල ගත්තා පවල් පසුබිමත් එක්ක ඔය වගේ ගතිගුණ ඕනිම පළාතක අයට තියෙන්න පුළුවන් නමුත් හොදට ඉගෙන ගත්තු කෙනෙක්නම් කවදාවත් තමන්ගේ ලොකුකම් කියවන්නේ නෑ (දී)
බන්දුල දැන් මොකද කියන්නේ (දී)
ලංකා තිලක් පිට රට ඉන්න කාලේ බවලතුන්ගෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන තියනවා වගේ. (දී)
බන්දුල පෙරේරා හෙවත් ලංකා තිලක් , කරුණාකර මේ සභාවේ කාන්තාවන්ට නොහොබිනා කතා කියන්න එපා. පිරිමි අපිටත් ලැජ්ජයි (දී)
අයියෝ බන්දුල (දී)
ලංකා තිලක් , පිරිමියෙක් විදියට සභාවේ හැසිරෙන්න. ප්‍රමාණය ඉක්මවා බවලතුන්ට පරිභව කිරීමෙන් ඔබ නිතර ගෙදර ලේලි ගේ වැරදි සොයන නැන්දම්මා ගේ භුමිකාව ට පත් වෙලා. (දී).
අනේ මෙහෙමත් රටක් (දී)
ලංකා තිලක් හෙවත් බන්දුල පෙරේරා ට කිසිම රටකින් විසා නොලැබීමේ හීන මානය තමා මේ ප්‍රදර්ශනය වෙන්නේ .
ලංකා තිලක මොකද වෙලා තියෙන්නේ (දී)
කාන්තාවන්ට නිගා කරන්න එපා (දී)
ලංකා තිලක් සහ බන්දුල පෙරේරා, මේක මහජනයා අදහස් ලියන ,කියනවා කතිකාවතක්. ප්‍රතිවිරුද්ධ අදහස් වුනත් වැදගත් විදියට ලියන්න . ඔබ කාන්තාවන් ගැන ලියා තිබෙන දේවල් ඉතා අසභ්‍යයි. (දී)
ලංකා තිලක් /බන්දුල පෙරේරා, ඔබට මේ කවුදෝ බවලතෙකු සමග තියන පුද්ගලික කෝන්තරය මෙතන දිග ඇර ගන්න එපා. ඕන අදහසක් ලියන්න කාන්තාවන් ගැන තමන්ගේ ඇති පුද්ගලික අසහනය මෙතන පිට කරන්නේ නැතිව. (දී)
ලංකා තිලක් ඔබ මේ සභාවට සුදුසු නැහැ . (දී)
ලංකා තිලක් නොහොත් බන්දුල පෙරේරා , මෙතන අදහස් ලියන කිසිම පිරිමි කෙනෙකුට නැති මානසික අසහනයක් ඔබට තියනවා. (දී)
ලංකා තිලක කාන්තාවන්ට පරිභව කරනවා (දී)
කාන්තාවන් විවේචනය කරන්න එපා (දී)
මෙතන අදහස් ලියන කාන්තාවන්ගේ නම් හුවා දක්වමින් නොහොබිනා ප්‍රකාශ කිරීම සුදුසු මදි. (දී)
ලංකා තිලක් හෙවත් බන්දුල පෙරේරා වැදගත් පාඨක සභාවකට සුදුසු නැහැ. (දී)
අනේ ඇත්තට බවලතුන්ට මඩ ගහලා තමන් පිරිමි කියන උදවියත් මේ සභාවේ ඉන්නවානේ ! (දී)
කට්ටිය වරදවා වටහා ගෙන ..බවලත්තු එක්ක මගේ තරහක් නැහැ..මන් තරම් එයාලට කවුරුවත් ආදරෙත් නැතුව ඇති..ලංකා තිලකව හැදුවෙත් බිහි කලෙත් මේ තිරේ ඉන්න බවලත්තු ටික තමයි.ආදරේ වැඩි කමට ඉතින් කට්ටියව ටිකක් අවුස්සන්න හදනවා මිසක් මෙතන වෙන දෙයක් නැහැ.කොච්චි කරල් ටික මගේ පලු අරින කොට හිත පිරිසිදු වෙනවා හිනා වෙලා.. (දී)
මේ සභාවේ ඉන්නවා චීත්තයක් ඇඳගෙන මම පිරිමියෙක් කියලා අඟවන්න හදන කෙනෙක්. (දී)
ලංකා තිලක් දැන්වත් කට පරිස්සම් කර ගත්තොත් හොඳයි නේද (දී)
බන්දුලත් කාන්තාවන්ට ගරහනවා (දී)
සාමාන්‍යයෙන් , නිතරම ගෙදර බවලතුන්ගේ වැරදි කියමින් මඩ ගහන්නේ වයසක නැන්දම්මලා ! බලනකොට මෙතනත් ඉන්නවානේ එහෙම කෙනෙක්. (දී)
මම මේ කිසිම තරහකින් නෙවෙයි අහන්නේ . අනේ ලංකා තිලක් ඇත්තට ඔබ හැමදාම සභාවට එන්න කලින් ඔබේ නැන්දම්මා එක්ක වලියක් වත් දමාගෙන ද මෙහි එන්නේ ? කියන දේවල් වලින් මට හිතුනේ ඒකයි. (දී)
උඩරට හා දකුණේ ප්‍රශ්නයක් (දී)
ලංකා තිලක් කියලයි.,බන්දුල පෙරේරායි.., තවත් නම් කිහිපයකිනුයි අදහස් ලියන්නේ කව්ද කියල මේ සභාවේ මහත්ම මහත්මීන් දන්නවානම්...? කියන්න වෙන්නේ '' අහෝ දුකකි '' කියල තමයි.., දැන්වත් මනුස්සයෙක් වගේ අදහස් ලියන්න සර්පයෙක් නොවී.....!!(දී)
කට්ටියට මෙතන තියෙන්නේ කාන්තාවන් පිලිබදව ප්‍රශ්නයක් නෙමෙයි කියල පැහැදිලියි. ලංකා තිලක්ට වඩා කාන්තාවන්ට ගහපු කොච්චර ප්‍රතිචාර තියෙනවද මේ තීරුවේ. කට්ටිය ලංකා තිලක් පස්සේ එලවන්නේ තරහක් පිරිමහන්න කියල දන්නවා. බවලතුන්ට නැති අමාරුවක් අපේ බවලත් පිරිමි පාර්ශවයට හැදිලා තියෙන්නේ. අනේ අපි නම් ඕවට බය නැහැ. (ස)
කට්ටියට මෙතන තියෙන්නේ කාන්තාවන් පිලිබදව ප්‍රශ්නයක් නෙමෙයි කියල පැහැදිලියි..(දී)
අනේ දැන්වත් තේරුම් අරන් හොදින් සමගියෙන් ඉන්න බලන්න, අනුන්ට ගරු කරනවා කියන්නේ තමනුත් ගරු සැලකිලි ලබනවා කියන එක...., තේරුම් ගන්න '' ලංකා තිලක් ලගම නොබලන්න දුරත් බලන්න '' (දී)
ලංකා තිලක් ඕව ගණන් ගන්න එපා '' ඒත් '' ඔයත් මෙතන කොමෙන්ට්ස් දාන්නේ කවුරු හරි එක්ක මොකක් හෝ වෛරයකින් බව නම් ඉතාමත් පැහැදිලියි'' වෛරයෙන් වෛරය නොසන් සිදෙයි '' කියල අපේ ගෞතම මුනිදුත් දේශනා කරලා තියෙනවා., පුද්ගලික තරහ මෙතන ඕන නැහැ, මොකද මෙතන දහස් ගණනින් මහත්ම මහත්මීන් ඉන්න වැදගත් ප්‍රසිද්ද තැනක්,(දී)
මටනම් දෙයියෝ සාක්කි ගතියක් නැහැ (දී)
අග නුවර කියන්නේ කොළඹට. හැමෝටම නුවර කියන එකේ අගනුවර කියන එකේ වෙනස තේරුම් ගන්න. රටේ අගනුවර මොකක්ද????? (දී)
ලංකා තිලක්, ඉඳල හිටලාවත් හිතේ කහටක් නැතිව , හිත සතුටින් , අනෙක් උදවියට ඇනුම්පද නොකියා ප්‍රතිචාර දාන්නකෝ ! (ස)
මම නම් බදින්නේ නැහැ උඩරට කෙනෙක්ව,අම්මෝ;කියල වැඩක් නැහැ (දී)
අනේ සෙලින..කා එක්කවත් ඉන්ටර්නෙට් එකෙන් වෛරය පිරිමහන්න තරම් මම අද බාලයෙක් නෙමෙයි.මේ එසැන පුවත් වලින් කාව විවේචනය උනත් කා අතින් විවේචනය උනත් අපේ ඇගේ ඇලෙන්නේ නැහැනේ.අපි කව්රුවත් එකිනෙකා අදුනන්නෙත් නැහැ..ලංකා තිලක් කියන්නේ බන්දුල පෙරේරා තමයි.දෙයියෝ සාක්කි තීරුවේ ගිය කතාවකට බවලතුන්ගේ නැගුනු විරෝදයක් නිසා බන්දුල පෙරේරාට එසැන පුවත් වැහුන..එතනින් තමයි ලංකා තිලක් උත්පාද උනේ.බන්දුල පෙරේරාට නැති ඉඩක් ලංකා තිලක්ට ලැබෙන නිසා ලංකා තිලක් නිතරම එසැන පුවත් වල ඉන්නවා..පොඩි හින්ට් එකක් ඇරියට බවලත්තු කා එක්කවත් මගේ හිතේ අබමල් රේණුවකවත් තරහක් නැහැ.මොන නමකින් හරි එසැන පුවත් වල බන්දුල පෙරේරා හැමදාමත් බැනුම් අහ අහ හරි ඔයාල අතරම ඉන්නවා.. (දී)
වටහාගන්න නුවණින්... (නි)
නුවර කියල නැහැ. හැම තැනම ඔහොමයි. පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ ඔලුව උඩ නගින්න බලන්නේ. ගැහැනියක් පිරිමියෙක් නොවී පිරිමියෙක් ගැහැනියක් නොවී ජිවත් උනොත් පවුලක් රැකගන්න පුළුවන් බොහෝ දුරට. (නදී)
උඩරට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ. ඔක්කොම මහම මහා හිතට ගත්තු අමුතුම ජාතියක්. (ස)
හොද වැඩේ දකුණේ පතයොත් එකතුවෙන ගියාට.. කොහොමත් දකුණේ මිනිස්සුත් එක්ක දීග යන්න නුවර මිනිසුන්ට උවවමනාවක් නෑ. (ස)
නුවර කියන්නේ වැදගත් අය ඉන්න පලාතක්. ලෝකේ කොහේ ගියත් තමන්ගේ සිරිත් විරිත් අමතක නොකරන කට්ටියක්. මෙයාගේ වරද්දත් තිබෙනවා තමාට ගැලපෙන කෙනෙක් හොයාගන්න මොහු දැනගත යුතුයි. ඇඳුම් පැළදුම් වලින් මෙතරම් වෙනස් කම් තිබෙන දෙදෙනෙක් ජීවිත කාලය පුරාවටම එකට ජීවත් වීම ගැටළු සහගතයි. (දිල්)
හැමෝම එක වගේ නැහැ අනේ...! එක්කෙනෙක් දෙන්නෙක් නිසා මුළු නුවරක්ම ඉවරයි (නි)