වගා බිමකින් මඤ්ඤොක්කා ගස් දෙකක් හොරෙන් ගැලවීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිස් පොතේ ලියැවිණි. පැමිණිල්ලත් විත්තියත් පොලීසියට කැඳවූයේ ඉන් අනතුරුවය. තමා මේ ගොවි මහතාට අයිති වගා බිමෙන් මඤ්ඤොක්කා ගැලෙව්වා කියන්නේ ඇත්තද? පොලිස් පරීක්‍ෂක ඇසූ ප‍්‍රශ්නය හමුවේ මඳ වේලාවක් නිහඬව සිටි සැකකරු මෙසේ උත්තර දුන්නේය. ඔව් ”සර්”. දරුවන්ට දවල්ටවත් හරියට යමක් කන්න දෙන්න බැරි වුණා. ඒ හින්දා මඤ්ඤොක්කා ගස් දෙකක් ගලවා ගත්තා. එම කතාවත් සමඟ පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ පැමිණිලිකරුගේ මුහුණු අඳුරුවිය. පොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුර විභාගය තම ස්ථානාධිපතිවරයාට යොමු කළේය. ඇයි මෙහෙම දෙයක් කළේ? තමන්ගේ දරුවන්ට හොරකම් කරපුවා කන්න දෙන්න පව් කියල හිතුනේ නැද්ද? ඒ ස්ථානාධිපතිගේ කටහඬය. සැකකරුගෙන් උත්තරයක් නොලැබුණු නිසා ස්ථානාධිපති පැමිණිලිකරුගෙන් මෙසේ ඇසුවේය. මොකද තමා කියන්නේ? නෑ... සර් මට මෙයා ගලවගෙන ගිය මඤ්ඤොක්කා ගස් දෙකේ පාඩුව ඉවසන්න පුළුවන්. නමුත් ඒ ගලවපු ගස් දෙකේ අල ගලවගෙන ගස්වල කොටස් මඤ්ඤොක්කා කොටුවෙම දාලා ගිය එකෙන් මට වෙච්ච පාඩුව තමයි ඉවසන්න බැරි. ඒ කිව්වේ....? ඒ කිව්වේ සර්, මම මේ ගොවිපොළ හදලා තිබුණේ කිසිම වසක් විසක් පාවිච්චි කරන්නේ නැතිව අපේ පාරම්පරික කෘෂිකාර්මික දැනුම ප‍්‍රයෝජනයට අරගෙන. ඒවායේ තිබෙන ගුණදොස් සියල්ල බලලයි. කිසිම සතකුට සිව්පාවකුට ගොවිපොළ ඇතුළුවෙන්න බැරි කෘෂිකර්ම ක‍්‍රමවේදයක් මම අනුගමනය කළා. මේ මනුස්සයා එදා මඤ්ඤොක්කා හොරෙන් ගලවගෙන ඒ ගලවපු ගස් දෙකේ දඬු සහ කොළ එතැනම දාලා ගිය නිසා ඒ දඬුවලයි කොළවලයි ඉවට වල් ඌරෝ රංචුවක් ඇවිත් වගාවේ පැත්තක්ම විනාශ කරලා. අපි අල වර්ග වගා කරද්දි ඒ අලයක තුවාල වෙච්ච කොටසක්වත් වගාබිමේ තියන්නේ නෑ. එහෙම තිබුනාම තමයි වල් සත්තුන්ගේ හානිය වැඩිවෙන්නේ. කමක් නෑ සර්, මම පැමිණිල්ල අස්කර ගන්නම්. දීර්ඝ කතාවකින් පසුව සැකකරුත් පැමිණිලිකරුත් දෙදෙනාම පොලීසියෙන් පිටව ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරද්දී පිළිවෙළකට කළානම් ඉවරනේ. (නි)
නව දඩුවම් ක්‍රමයක් (දී)
හොද ගොවි මහතෙක්. (නි)
මට මනුතාපය පොතේ ජනවර්ජන සහ බිෂොප්තුමා මතක් වුණා. (නි)
ගෙදර මොනවාහරි හිටව ගත්තනම් මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්නවනේ.. (ස)
බඩ ගින්නෙ මැරුනත් මම නම් අනුන්ගෙ දෙවල් හොරකම් කරන්නෙ නැහැ.ඒක මගේ ප්‍රතිපත්තිය..(ස)
පුංචියි කියලා හිතාගෙන කරන හොරකමේ බරපතළකම ගොවි මහත්තයා අපට කියා දෙනවා. (නි)
මේකෙන් පැහැදිලි වෙන්නේ මිනිස්සු දරිදුතාවයේ පතුලටම යන බව නොවේද ?? (ස)
සපුමල්, ඔයාගේ අතීතයට මම තැමතියි. ඔන්න මිනිස්සු. (නි)
මෙය සැමටම හොද පාඩමක්. මටත් කියන්න යමක් තියෙනවා. අපේ පවුල 10 දෙනකුගෙන් යුක්තයි. මට මතකයි අපේ තාත්තා අපි පොඩිකාලේ අසනීප වුණා. මට එතකොට වයස අවු:9 යි. අම්මා රස්සාවක් කළෙත් නැහැ. ලොකු අයියත් පාසැල් යන වයසේ හිටියේ. එම නිසා අපි හොදටම අසරණ වුණා. නැදැයන් අපට උදවු කළේ නැහැ. වෙන කිසිම ආදායමක් තිබුණෙත් නැහැ. එහෙත් අපි කවදාවත් අනුන්ගෙ දේවල් හොරකම් කළේ නැහැ. අම්මා නංගිලා මල්ලිලාත් තාත්තත් බලගෙන ගෙදර හිටිය. පුංචි අපි පාසැල් නිමවු පසු ගෙදර පැමිණ අනුන්ට අයිති කුඹුරුවල කුලී වැඩකළා. එහෙමයි අපි ජීවත් වුණේ. අපි හොදට ඉගෙන ගත්තා. කියන්න ආඩම්බර නැහැ, දැන් අපේ ගමේ හොදින්ම ඉන්නේ අපි. (නි)
අපි හුඟ දෙනෙකුට තියෙන්නේ කම්මැලිකම. මම ගෙයක් හදන්න පර්චස් 40 ක් ගත්තා, ගමේ පාරම්පරික ඉඩම් හිමියෙක් ගෙන්. අවුරුද්දකට විතර පස්සේ 1994 ඡන්දෙන් පසු ඇඳිරිනීතිය දැම්ම වෙලාවේ මේ ඉඩම් හිමියාට උයන්න එළවලු අමු මිරිස් නැතිව මට ඇවිත් කිව්වම මම ගෙවත්තේ වවල තිබුණු බටු, මෑ, කරවිල, පලාවර්ග, මිරිස් ආදිය දවස් තුනක්ම දුන්නා. අද මම ඉඩම් හිමියෙක්. ඒ මනුස්සයට දැන් තියෙන්නේ ගේ යි මිදුලයි විතරයි. හේතුව කම්මැලිකම. (නි)
මඤ්ඤොක්කා හොරකමට යන්න හොඳ වගා බිම. පිළිවෙළකට හොරකමට යන්න පුළුවන්. හොඳ ගොවියෙක්. (නි)
බඩගිනී කියල ඉල්ලුවානම් මොකද වෙන්නේ දරුවෝ (අ)
මට හිතුනා සැක කරු මේ කතාව කියයි කියලා.මොකද මේක දැන් ලංකාවේ ජනප්‍රියයිනේ.. (ස)
මේ පාඩම පොලිසියට විතරක් නෙමෙයි, අපටත් පොදුයි. (නි)
හොඳ ගොවිමහතෙක් හා හොඳ මනුස්සයෙක්...(ස)
මේ කියන වටිනා ගොවියාගෙන් අර පැපොල් ගස් විනාශකළ මාර ගොවියන්ට හොද පාඩමක් උගන්වන්න පුළුවං..!(නු)
හොරකම වැරදි වැඩක් එත් මේ මනුස්සයා දරුවෝ බඩගින්නේ ඉන්නවා බලන්න බැරි හින්දනේ හොරකම් කලේ.එත් මේක පොලිසියට ආව එකෙන් අපිටත් පුරාණ කෙම් දැනගන්න හැකි උනා.මොනවා උනත් මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.ඔය බඩගින්න අපිටත් ගොඩක් අත්දැකීම් තියනවා එත් අපේ තාත්ත හොරකම් කෙළේ නැ.මහන්සි වෙලා වැඩ කලා.(ස)
දොරමඩලාවට එන තිලක් මහත්තයා කට කැඩෙනකම් කියන්නේ ඔය පාරම්පරික දැනුම ගැනනේ ඉතින් දෙයියනේ ඇයි මේ මිනිස්සු මේවා පයිසෙකටවත් ගණන් නොගන්න එකනේ වැඩේ (ආ මට අමතක උනා පයිසේ කියන්නේ ඉන්දියන් සතයට) නැත්නම් මේ කතාව අන්ධයාට ඇතාගේ හැටි කියා දුන්නා වෙනවා කෙහොම උනත් අපුරු කතාවක් මේ (වි)
හැම අගලකම වවන්න පුළුවං රටේ බඩගින්නෙ මිනිස්සු දුක් විදින එක කණගාටුවට කරුණක්..විශේෂයෙන්ම පොඩි දරුවො...!!
සියළු ගිනිවලට වඩා බඩ ගින්න ලොකුයි.. තම දරුවන්ට හොරකම් කළ දේවල් නොකවා කුලී වැඩක් කර හෝ කීයක් වත් සොයා කෑමට යමක් දුන්නානම් හොදයි නේද මහත්තයෝ...!!(නු)
හොරකම අනුමත නොකරමි.. නමුත් නියම තාත්තා කෙනෙකුට දරුවන්ගේ බඩගින්න වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත.. (නු)
මෙවැනි දේ පළ කිරීමෙන් සමාජයට යහපතක් ලබාදේ....!!(නු)
හොරකම වරදක් බව ඇත්ත. නමුත් තමන්ගේ බඩගින්න නිවා ගන්න මිනිසුන් මීටත් වැඩිය හුගක් දරුණු දේවල් කරනවා. (නි)
හොඳ ගොවි මහතෙක් හොරෙන් ගලවන්නේ නැතුව ඉල්ලන්න තිබුණනේ .මොකද සිංහල අපි ඉල්ලුවම කන්න දෙන්නේ නැති අයද ...?(ස)
ඇත්තටම මේක හරිම හොද හරිම ආදර්ශමත් වැඩක්. (නි)
හොද පාඩමක් අපිටත්.....(ස)
ගොවිමහතා හොඳ උනාට, සොරකම් කල කෙනාට හොඳ කියන්න බැහැ නේ ද? දරුවන්ට කන්න උනත් හොරකම් කරන එක වැරදිනේ. හේතුව කියල ඉල්ලගන්න තිබුන. එහෙමත් බැරි උනාන්නම් තම හොරකමට යන්න තිබුනේ. දැන් කරන්න තියෙන හොඳම දෙයතම අනාගතය ගැනත් හිතල තමන්ගේම ඉඩමේ මඤ්ඤොක්කා ගස් ටිකක් වවා ගන්න එක. ඔය ගොවිමහතාගෙන් ම උපදෙස් හා උපකාර ගන්න බැරි වෙන එකක් නැහැ. (නු)
ඇත්තටම මේ කතාව ගොඩාක් වටිනවා.... අපිටත් යමක් ඉගෙන ගතහැකි මේකෙන්...(ස)
මමනම් මේක දකින්නේ ආශ්චර්‍යමත් සිදුවීමක් විදියටයි..(ස)