(උනවටුන ඞී.ජී. සුගතපාල)
දකුණේ ගම්බද ප‍්‍රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප‍්‍රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් ඒවා පරාල යටලී බාල්කවලට ඉරා විකිණීම කළේය.
ඔහු තරමක් නාහෙට නාහන අයකු වුවද ලී මඩුව සාර්ථකව කරගෙන ගියේය.
මේ අතර දිනක් රාත‍්‍රී කාලයේ ඔහුගේ ලී මඩුවේ තිබූ හයරියන් පරාල පහක් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙස අසල්වැසියන් කීවත් ඔහු කල්පනා කළේ එය නිශ්ඵල ක‍්‍රියාවක් බවය.
එහෙත් ලී සොරකම් කළේ කවුද යන්න දැනගැනීමට ඔහුට ලොකු ඕනෑකමක් තිබිණි. මෙය තනි පුද්ගලයකුට එක්වර ගෙන යාමට බැරිය. එක්කෝ වාහනයක පටවාගෙන යා යුතුය. නැතිනම් දෙතුන් දෙනෙකු පැමිණ කර තබාගෙන යා යුතුය.
සිදුවූ අලාභයට වඩා මෙය තමාට සිදුවු මදි පුංචිකමක් ලෙස කල්පනා කරමින් සිටියදී මිතුරකු අපූරු යෝජනාවක් කළේය. ”අපි යමු පේනයක් අහන්න” පොලිසියට යනවාට වඩා ඔහු මිතුරාගේ යෝජනාවට එකඟ විය.
ගමේ සිට කිලෝ මීටර් පහක් හයක් දුරින් සිටි පේනකරුවා සොයා ඔවුහු ගියහ. බුලත් අතක් සමඟ රුපියල් තුන්සිය දහයක් මල්බුලත්තටුව මත තැබීමෙන් පසු රතු රෙද්දක් ඉණවටා දමාගත් පේනකරු කුඩා සීනුවක් නාද කරමින් ස්ත්‍රෝත‍්‍ර ගායනා කරමින් පරල වන්නට විය.
”හ්ම් හ්ම් මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ නැතිවූ දෙයක් ගැන අහන්නයි. හරිද හරිද?” පේනකරුවා හති දමමින් ඇසුවේය.
ඔහුගේ ඉහේ මලක් පිපුණා සේ විය. ”එහෙමයි සාමි එහෙමයි”
”මේක සොරකම් කරල තියෙන්නෙ ගෙදරකට නිතර යන එන පුද්ගලයෙක් හරිද හරිද තේරුණාද දරුවා”
”එහෙමයි සාමි මොනවගේ කෙනෙක්ද? කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන්නේ”
”දරුවා මිටි පුද්ගලයෙක් මේක ඉනේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා තේරුණාද?”
පොල්ලී පහක් ඉනේ ගසාගෙන යන්නේ කොහොමදැයි ඇසූ ඔහු මල් බුලත්තටුව වෙත තැබූ රුපියල් තුන්සිය දහයද ආපසු රැුගෙන මිතුරා සමඟ යතුරුපැදියට නැග ගියේ මහ හඬින් සිනා සෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රවටලා බඩ ගොස්තරය රැකගන්න පේනකරුට හොඳ පාඩමක්. මින් මනතට පේන නොකියන්න. ඔයවාගේ මිනිසුන්ට හුඟක් අසුවන්නේ අපේ කාන්තා පක්ෂය කියලයි මට හිතෙන්නේ. (ස)
හැබැයි බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඔය වගේ කට්ටිය සුලභයි (බ)
රෙජි, කාන්තා පක්ෂය අහුවෙලා තව ගොඩක් දේවල් කරගෙන තමයි නවතින්නේ.(ම)
පැතුම් හරියට බැලුවේ නැද්ද පේන.... බලන්න ගිහින් තියෙන්නෙත් එහේම කෙනෙක් තමා.....ඔයාලගේ පැත්තේ කෙනෙක් අාවනම් ?ගෙදර ගිහින් පැත්තේම ඉන්න මිටි මිනිස්සුත් එක්ක යකා නටාගන්නවා.....මොලේ තියන කෙනෙක් නිසා තමා සල්ලිත් අරගෙන හිනා වෙලා ගියේ.......දරුවා කට පරිස්සම් කරගන්න...රාහුල හාමුදුරුවොත් ඔය පැත්තේම තමා හරිද?..හරිද? (බ)
දකුණේ අය මේ වගේ මෝඩ වැඩ කරයි (බ)
පේන කියන මිනිහා තමන් ළඟට එන මිනිහගේ කටින්ම තොරතුරු දැනගෙන තමයි කියන දේ කියන්නේ. (නි)
අංජනම්කාරයෝ ඒ පැත්තේ සුලබයි. වශී ,වශී උග්‍ර වශී, කැවීමක් පෙවීමක් නැත වරු තුනෙන් දෙපා මුලට. (නි)
සීසීටීවී දාගන්නකෝ. එතකොට තමුන්ටම බලාගන්න පුළුවන් (නි)
දකුෙණනේ, ඔහොම තමයි ඉතින් ගනන් ගන්න එපා (නදී)
රටක්කට ගිය කලක්. (ර)