IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මොටෝ සයිකලේ නවත්ත ගන්න බැරුව සිංඤප්පු අමුඩෙ පිටින් ගමවටේ

වයඹ පළාතේ ගැමි ගෙදරක වයස 65 ඉක්මවූ සිංඤප්පු කුලියට පොල් ලෙලි ගසමින් සිටියේ එය තම ජීවිකාව වූ නිසාය. ඔහු දිනපතා හිසට තුවායක් බැඳ අමුඩ ලේන්සුවක් පමණක් ඇඳ මෙම කාර්යයේ නියැලෙමින් සිටින්නේ ඔහුට එම ඇඳුම පහසු නිසාය. දිනක් එම නිවසට ඔහු හඳුනන පුද්ගලයකු නිවෙස් හිමියා හමුවීමට පැමිණියේ යතුරු පැදියකිනි. මේ ගමේ යතුරු පැදියක් ඇත්තේ කලාතුරකින් කෙනෙකුට නිසා  යතුරු පැදිය දුටු සිංඤප්පුට එය පැද බැලීමට ආසාවක් ඇති විය. අනේ මලයො මටත් දීහංකො ටිකක් මේක පැදල බලන්න. මොටෝසයිකලයක් පදින්න මං ආසයි කීවේය.
 
සිංඤප්පු අයියෙ පැදපං හැබැයි පරිස්සමට. කියමින් යතුරු පැදිකරු බැස පණ ගන්වා තිබියදීම යතුරු පැදිය ඔහුට දුන්නේය. 
සිංඤ්ඤප්පූ යතුරු පැදියට නැග මලයො මේකෙ යන හැටි කියපං කීවේය.
 
 මෙන්න මෙහෙමයි මෙන්න මේක දකුණු අතින් ඉස්සරට හෙමිට කරකවපං. මෙන්න මෙහෙම මේ කකුලෙන් මෙන්න මෙහෙම ගියර් තුනක් යන ගමන් පාගපං කීවේය.
 
 සිංඤ්ඤප්පු ඔහු කී ආකාරයට කළේය. මෝටර් සයිකලය ඉදිරියට යන්නේය. දැන් හැතැප්ම භාගයක් පමණ ගිය විට සිංඤ්ඤප්පුට මතක් වූයේ තමා අමුඩෙන් පමණක් සිටින බවය. එම නිසා ආපසු යාමට ඔහුට අවශ්‍ය විය. කෝ මේකා මට මේක නවත්වන හැටි කියලා දුන්නෙ නෑනෙ සිතමින් තුංමංහන්දියට පැමිණියේය. ආපසු හරවා ගත නොහැකි වූ ඔහු ප්‍රධාන පාරේ මෝටබයිසිකලය වමට හැරවීය. ඉදිරියටම යන්නේය. දැන් සැතපුම් දෙකක් පමණ ගිය ඔහුට නැවත වමට පාරකට හරවා ඉදිරියටම යනවිට හමුවන හැම අතුරු පාරකම වමටම හරව හරවා යන්නට විය. හැතැප්ම ගණනාවක් ගොස් රවුමෙන් හිටපු තැනටම සිංඤ්ඤප්පු ආවේ පාරවල් දන්න නිසාය. අමුඩය ඇඳ මෝටර් බයිසිකලේ පැද යන සිංඤප්පු දැක කොල්ලො කුරුට්ටන් හූ කියන බව ඇහුනත් එය ගණනකට නොගත්තේ මෝටර් බයිසිකලය නවතා ගැනීම ප්‍රශ්නයක් වූ නිසාය.
 
යතුරුපැදි අයිතිකරු ඔහු කොහේ ගියාදැයි බය වී නිවෙසේ අයිතිකරු සමග පෙර මග බලා සිටියෝය. ඈතින් එන සිංඤප්පු කෑගසමින් එන්නේ ඇයි දැයි බලන විට, මලයෝ මේක නවත්තපං නවත්තපං කීවේය. නිවස අයිතිකරුත් යතුරු පැදිය අයිතිකරුත් පැන යතුරු පැදිය අල්ලා නවතා ගත්තේ සිංඤ්ඤප්පුට වැටෙන්නට නොදීය. කොහෙද බං ගියේ දැන් පැයක් විතර ඇති අපි බය උණා. ඇයි බං උඹ මේක යන හැටි කිව්ව මිසක් නවත්තන හැටි කිව්වෙ නෑනෙ. මම වැඩ දන්න හිංද ආවා කියල සිංඤප්පු කීවේය. 
 
  (නැදලගමූව ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ)



අදහස් (0)

මොටෝ සයිකලේ නවත්ත ගන්න බැරුව සිංඤප්පු අමුඩෙ පිටින් ගමවටේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 528 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 954 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 887 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1167 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9510 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 886 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site