මාර්ග අංක 103 දරණ පෞද්ගලික බසය පසුගිය දිනෙක හවස් යාමයේ බොරැල්ලට ළඟා වූ විට මගීන් කිහිප දෙනෙක් එයට ගොඩවූහ. නාරාහේන්පිට දක්වා බස් ගාස්තුව රුපියල් නවයක් වුවත් දහයක්ම ලබාගත් තරුණ කොන්දොස්තර පිටුපස දොරටුවට හේත්තු වී, අසල වාඩිවී සිටි මිතුරකු සමඟ පිළිසඳරේ යෙදිනි.
‘‘කොහොමද අවුරුදු සරුද?’’ කොන්දොස්තරගෙන් ඔහුගේ මිතුරා විමසීය. ‘‘මාස තුනකින් තමයි ගමට යන්නේ. අද අම්මාගේ බැංකු පොතට සල්ලිත් දැම්මා’’ යැයි පැවසූ හෙතෙම, මුදල් තැන්පත් කළ කුවිතාන්සියක් මිතුරාට පෙන්වීය. එය බැලූ මිතුරා පුදුමයට පත්වී ‘‘අවුරුදු කන්න මොකටද අනූදාහක්’’ යැයි ඇසීය. සිනාවක් පෑ කොන්දොස්තර ‘‘මම අම්මාට කෝල් කරලා කීවා, අම්මලාට අවුරුදු කන්න රුපියල් හතළිස් දාහක් අරගන්න. ඉතිරි පනස්දාහ මට අරන් තියන්න කියලා’’ ඔහු උජාරුවෙන් කීය.
‘‘උඹට මොකටද රුපියල් පනස්දාහක්’’ මිතුරා ඇසූවිට, ඇයි බන් අරක්කුවලටයි, සිගරට්වලටයි, බයිට්වලටයි. ‘‘තව මං හඳුනන බොස්ලා දෙන්නෙක් එදාට පාටියට සෙට් වෙනවා. එයාලට ‘ලෝකල්’ හරි නැහැනේ. එයාලට ඉතින් ‘ස්පෙෂල් බීම තමයි’ තරුණ කොන්දොස්තර සිනහවකින් මුව සරසා ගනිමින් පැවසීය.
මෙම දෙබස අසා සිටි මගියෙක් තමා අසල වාඩිවී සිටි මගියකුට කනට කර මෙසේ පැවසීය. ‘‘ඔය ඉතින් බස් අයිතිකාරයාට නොදී ගහපු මාටියා පාරයි, අපේ ඉතිරි සල්ලි නොදී එකතු කරපුවායි තමයි.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දාගේ ලොකු කතා.(නදී)
අම්මාගේ බැංකු පොතට සල්ලිත් දැම්ම නිසා කරපු පව් මැකී යාවි. (නි)
අනේ,අපේ ගමේ බස් මුදලාලි කෙනෙක් ඉන්නවා. හවසට බස් එක අතුගාන්නෙ එයා. ගෝලයින්ට ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද කියලා දන්නවාද? බස් එකේ ගිය මගීන්ගේ වැටිච්ච සල්ලි අහුලන්න පුළුවන් නිසාලු. (නි)
මේක මාටියට ගිය රටක්.(නදී)
කුරුනේරු සිංහල ද දෙමළ ද කියල ඔහේ කොහොමද දන්නේ. දෙමළ අයත් එක සමරනවා. හැම දේටම ජාතිවද ය ගාවගන්න එපා. (අ)
මොනවා වුනත් සිංහල බෞද්ධ කොල්ලෙක් නේ .. ඊර්ෂ්‍යා කරන්න එපා.(ස)
දේශප්‍රේමී ගුණ යහපත් මිනිහෙකුට දොස් කියන එක වැරදියි. සල්ලි දාල තියෙන්නේ ලංකාවේ බැංකු පොතක. දෙමවුපියන්ට සළකන්නත් බාගයක් දීලා. ඔහොමද නියම ගැහිලිකාරයෝ? සල්ලි ලංකාවේ තියන්නේවත් නැහැ. අපේ අදහස් දැකලා මෙයත් එහෙම කෙනෙක් වෙන්න හිතයිද මන්දා. (නි)
විකාර තමයි කියවන්නේ..(ස)
අනේ මහත්තයෝ ඕවා බොරු. අවුරුද්ද දවසේ මාටියා මට ගැහැව්වා...(ස)
අයියෝ! අපේ දේශපාලඥයො ගහන ගැහිලි දැක්කම කොන්දොස්තර ගහපු මැටියා පාර මොකක්ද? තව ගොඩක් තියෙනවා ඉස්සරහට. දැනට මතු සම්බන්ධයි. ධර්ම රාජ්‍යය, ධර්ම දීපය, ආසියාවේ ආශ්චර්ය . (නි)
අපිටත් බස් එකක් තියෙනවා. අපේ ගෝලයා නම් මාටියා ගහන්නේ නැහැ. හැබැයි දෙන පඩියට අමතර රු. 20ක් අරන් යනවා. (නි)
අපි නොදන්නවා වුණාට මේ රටේ බොහෝ දෙනෙක් අපිට නොදැනීම අපේ සල්ලි මාටියා ගහනවා. කොටුවේ දුම්රිය පොලේ ටිකට් එකක් ගත්තම රුපියල් පහක් මගෙන් මාටියා ගහලා තියෙනවා මාරු නැහැ කියලා... (නි)
රටේ ඉන්න ගොඩක් දෙනෙක් ඔහොම මාටියා ගහනකොට කොහොමද රටක් දියුණුවෙන්නේ?(නදී)
මම ඔතන හිටියෝතින් නම් එහෙම,කොන්දොස්තරගේ කනට දෙකක් ගහලා, බස් එකෙන් එලියටම තල්ලු කොරලා දාලා, ඔහුම වැටුනා කියලා පොලිසියේදී කියනවා. (නි)
කොහොමත් රුපියලේ දෙකේ ඒවා දෙන්නේ නැහැනේ. කොන්දොස්තරගේ අදායම හිතාගන්න පුළුවන් (නි)
වෙන වෙනම කලොත් තුන් දෙනාම වැඩ. ලිද කපනවා. වතුර අදිනවා. නාගන්නවා. එක්කෙනාම කලාම ළිඳත් නෑ. ලඳත් නෑ. වතුරත් නෑ.මිතුරත් නෑ. නා ගන්නත් නෑ. අනාගන්නව ඔක්කොම. කොන් දොස්තර පුතා අම්මට 50,000 අව්රුද්දට දුන්නත් දොස්තර පුතා කොමද ඔච්චර දෙන්නේ?(නදී)
මගේ බස් එකේ නම් කොන්දොස්තර මමමයි (නි)
සහතික ඇත්ත. ඕක තමයි යතාර්ථය. අයිතිකාරයා ලිද කපනවා. රියැදුරු වතුර අදිනවා./කොන්දොස්තර නාගන්නවා (නි)
සෙන්තිල්, ඔහේට හරියන්නේ මෙහේ නෙමෙයි, ඉන්දියාව. (නි)
මෙය ඔවුන්ගේ වෘත්තීමය අයිතිවාසිකමකි. ඊට එරෙහි නොවෙනු! (නි)
මොකද සෙන්තිල් ඔයා බටුගැමුණු වෙන්න හදනවද?(නදී)
මාටියා නොගහන කොන්දොතර කෙනෙක් හොයන එක හරියට කළුනික හොයනවා වගේ වැඩක්, අර කතාවක් තියෙන්නේ අයිතිකාරයා වියදම් කරලා ලිඳ කපනවා, ඩ්‍රයිවර් වතුර අදිනවා, කොන්දා නාගන්නවා කියල. (නදී)
ඕක මාටියා ගහපුවද, නැත්නම් අමාරුවෙන් හම්බ කරපුවද කවුද දන්නේ? බොරුවට මිනිස්සුන්ට පද හදන එක වැරදියිනේ. (නි)
කවුද සල්ලි වලට අකමැති? (නි)
මේ මාසෙක පඩියද?(නදී)
විදිලිය බිල ගෙවන්නත් මදි.(නදී)