(තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක)
කොළඹ මංමාවත් පිළිබඳ දැනුමක් නැති අයෙක් කොළඹ ගියේ නොයාම බැරි අත්‍යවශ්‍ය වූ කාරණයකටය. ගමේදී මිතුරකුගෙන් අසා දැනගත් මාර්ගය ඔස්සේ ගිය ඔහුට එක් හන්දියකදී යා යුතු පාර ගැන සැකයක් සිතී කාගෙන් හෝ අසා දැන ගැනීමට සිතුවේය. ලොතරැුයි අලෙවි කරමින් ඇවිද ගෙන එන කාන්තාවක් දැක ඇගෙන් යා යුතු ස්ථානය විමසීය.
හරි මහත්තයෝ ඔය පාර දිගේ යන ගමන් දකුණු පැත්තේ කටවුට් ටික ගණන් කරගෙන යන්න. හැට එක් වැනි කටවුට් එක ළඟින් දකුණට හැරෙන්න.
අපොයි පයින් යන්න ඈත වැඩියි නේද?
නැහැ මහත්තයා මීටර් 500ක්වත් නැහැ. කාන්තාව කීවාය.
කොළඹ ගොස් පැමිණි තැනැත්තා ගමේ මිතුරන්ට කීවේ කොළඹ කටවුට් ගැහිල්ලේ තරම හිතාගනිල්ලා කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් කතාව කෙසේ වෙතත් කටවුට් ගැන කියවුන දෙය ඇත්ත නේද ? (නදී)
ඔය පාර කියන්නකෝ. ගිහිල්ලම බලන්න වටිනවා (නි)
සම්පත් ඔබ කියන කතාව මමත් පිලිගන්නවා. මොකද ඔය ගණන් එක රැයකින් වෙනස් වෙනවා.. ........ හන්දියේ ඉඳල අපේ ගේ ලඟට කටවුට් 14 ක් තිබුනා. පෙරේදා උදේ බලනකොට කටවුට් 17 ක් වෙලා. ඒක නිසා ඔය කියන කටවුට් ගානට ගෙවල් හොයන්න ගියොත් ගියොත් යන මිනිහට වෙන ගෙයකට තමයි යන්න වෙන්නේ.. (අ)
මම දැක්ක කුඹුරු වලත් පබයගේ රාජකාරිය කරනවා.(හේ)
ගහන්නෙත් අපේ සල්ලි වලින් , ගලවන්නෙත් අපේ සල්ලි වලින්. (හේ)
මොනවා වුණත් කතාව නම් සහතික ඇත්ත (නි)
අනම්ංමනං ගැනලා වරද්දාගෙන වැරදි තැනින් බහින්න එපා. (නි)
මේ මොන විහිලුවක්ද ? (නදී)
මිනිස්සුන්ට අමතක වෙලා කියලද ? (නදී)
බන්දුල පෙරේරාගේ ඇරෙන්න ඕනෑ කෙනකුගේ කටවුට් එක ගැහුනාට කමක් නැහැ. නැත්නම් මෙතන ලියන ඒවා මතක් වෙලා මිනිසුන්ට බඩ දඟලන්න පටන් ගන්නවා. (නි)
හැබැයි ඔය කටවුට් කට්ටිය නොකවුට් වෙන්නේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ තමයි. (නි)
මේ වැඩෙන් කට්ටියගේ නම කැත කරගන්නවා විතරයි.(හේ)
මහජනයාගේ සල්ලි. (නදී)
කටවුට් ගණන් කර කර උඩ බලාගෙන යනකොට කාගේ හරි ඇඟේ හැපිලා නොකවුට් වුනේ නැද්ද දන්නේ නැහැ ? (නදී)
මේක ගොතපු කතාවක් කටුට් ගනන්කරන්නේ මොන කෙනාද (දී)
මුකුත් කියන්න එපා. හුඟක් දුක්මහන්සියෙන් ඒ කටවුට් වල ඉන්න හිමිකරු හම්බකරගත් මුදලින්, රටේ පොදු ජනයාට පාවිච්චියට, පාරවල් සොයාගෙන අතරමං නොවී, නියමිත ස්ථානයට යන්නට මුළු සිරි ලංකාද්වීපයේ ඉන්න වැසියන්ට හැකිවේවා! (නි)
කටවුට් වල දැකලම දැන් සමහර මුහුණු දකිනකොටත් එපාවෙනවා. (නි)
කටවුට් බලන්න කියලා උඩ බලාගෙන ගිහිල්ලා නොකවුට් වෙන්නත් ඉඩතිබුනා. (නි)
සැතපුම් කණු වෙනුවට දැන් කටවුට් කණු (නි)
ඔය කටවුට් කාගේද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ඔය කටවුට් ඔක්කොම එක පුද්ගලයෙකුගේ ඒවා වෙන්න ඇති. (නි)
යන්න දන්නෙ නැති පාරවල් වල නොයා ඉන්න එක තමයි හොඳ (නි)
කතාව නම් ඇත්ත තමයි. (නි)
කතාව ඇත්ත. නෝනත් කටවුට් ගැනලා වගේ. (නි)
ඇත්තම තමයිනේ! (නි)
නියම කතාව! (නි)