(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
රථ වාහන බලපත්‍රය ලබා ගැනීමට දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීම මහත් හිරිහැරයක් මෙන් සිතූ තරුණියක් තමාට ඉදිරියෙන් සිටි මැදිවියේ කාන්තාවකගේද ඇස් වසා සෞඛ්‍ය උපදෙස් තඹේකට නොතකා පෝලිම පැනගොස් තම කටයුත්ත ඉටුකරගෙන යන අයුරු පසුගිය දිනෙක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය භූමියේදී දැකගත හැකිවිය.
දිගු කලකට පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රාජකාරි කටයුතු සඳහා විවෘත වීමත් සමඟ රථවාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට එදින ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණ සිටියහ.
කාර්යාල පරිශ්‍රයෙන් ඔබ්බට විහිදී ගිය පෝලිම, ඉදිරිපිට මහා මාර්ගයේද මීටර හැට හැත්තෑවක් පමණ ඈතට විහිදී තිබුණේ සියලු දෙනා මීටරයේ දුර තබා ගැනීමට වගබලාගෙන තිබූ නිසාය.
මේ අතර ජැන්ඩියට හැඳ පැළඳ ගත් තරුණියක් කඩිමුඩියේ පැමිණ පෝලිමේ කෙළවර හිට ගත්තාය. හෑන්ඞ් බෑගයකට අමතරව තවත් බෑග් දෙක තුනක් අතින් කටින් එල්ලාගෙන සිටි ඈ මුඛ ආවරණයක්ද සිය නිකටට යටින් එල්ලාගෙන සිටියාය.
වැඩි වේලාවක් පෝලිමේ තමාට නියමිත ස්ථානයේ රැඳී නොසිටි ඈ තමාට ඉදිරියෙන් සිටි අයට කිසියම් හේතුවක් කියමින් පෝලිමේ ඉදිරියටම පැමිණියාය.
කෙසේ වෙතත් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට පෙර පෝලිමේ රැඳී සිටි මැදි වියේ කාන්තාවකගෙන් එම තරුණියට අනුග්‍රහයක් නොලැබිණි. ‘අපටත් හදිස්සියි. කවුරු උනත් මේ කාලෙ පෝලිමක ගත කරන්න පුරුදු වෙන්න ඕන.’ යැයි පැවසූ කාන්තාව තරුණියගේ ගමන අවහිර කළාය.
මේ අතර ප්‍රධාන ගේට්ටුවෙන් කාර්යාල භූමියට ඇතුළුවන තැනම අත් සෝදා ගැනීමට සකස් කර තිබූ කරාමය වෙත මැදිවියේ කාන්තාව ගියේ සෞඛ්‍ය උපදෙස් අකුරටම අනුගමනය කිරීමටය. ඇය අත් සෝදන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තරුණිය හනිකට පෝලිමේ ඉදිරියට පැන ගත්තාය.
මැදිවියේ කාන්තාව අත්සෝදා හිස ඔසවනවිට පෙර කී තරුණිය බලපත්‍ර කවුන්ටරය අසලම සිටිනු දක්නට ලැබිණි.
ටික වෙලාවකින් බලපත්‍රය ලබාගත් තරුණිය ඒ වන විටත් පෝලිමේ රැඳී සිටි කාන්තාව වෙත ඔච්චම් බැල්මක් ද හෙලා මහත් උජාරුවෙන් කාර්යාල භූමියෙන් පිටව යනු දක්නට ලැබුණි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මීටරේ දුර ඔච්චමට අරන් නීතියෙන් රිංගලා