දිගු කලක් පාපැදියෙන් ගොස් ලියුම් බෙදූ ගම්බද ප්‍රදේශයක සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත් යතුරුපැදියට මළකඩ කෑ පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක් ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ඉතා කාරුණික ලියුම් බෙදන්නකු වූ අතර එකම කාර්යාලයක ඉතා දිගු කලක් සේවය කිරීමට තරම් වාසනාවන්ත වූයේය. එකම ප්‍රදේශයේ සේවය කිරීම නිසා ප්‍රදේශයේ ජනතාව සමග සමීප සබඳතාවකින් සේවය කිරීමට හැකි වූ අතර ජනතාවද ඔහුට අයියේ මල්ලී මාමේ ආදී වශයෙන් ආමන්ත්‍රණය කිරීමට පුරුදුව සිටියහ. ප්‍රදේශයේ මගුල් තුලා ආදියට පවා මොහුට ආරාධනා ලැබෙන අතර ඒ සියලුම අවස්ථා වලටද ඔහු සහභාගි වූයේය. එබැවින් මෙම ප්‍රදේශයේ ජනතාව ඔහුට ගහට පොත්ත මෙන් විය.
කෙසේ වුවද මැදිවියට පත්වන විට රෝගාබාධවලට ලක්ව මහන්සි ගතියක් දැනෙන්නට වූ නිසා පාපැදියට ආයුබෝවන් කීමට සිතූ ඔහු බැංකු ණය මුදලක්ද ලබාගෙන යතුරුපැදියක් මිලදී ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය.
බයිසිකලය මිලදී ගෙන ඔහු එදා ලියුම් බෙදීමට නමෝ විත්තියෙන් දෙවියන් සිහිකර පිටත් වූයේ ලියුම් මිටියද හැඬලය මත තබාගෙන මහත් උජාරුවෙනි.
වෙනත් දිනවලදී පාපැදියෙන් ගොස් එක්වර බෙල් කරන විට නිවැසියන් කවුරුන් හෝ දිව එන්නේ ඉද්දගැසුවාක් මෙනි. එදින කොතෙක් නළාව ශබ්ද කළද කිසිවකු නොපැමිණියෙන් මහත්සේ අපහසුවට පත්වූ ඔහු ගේට්ටුවලට හා දොරවල්වලට තඩිබාමින් ලියුම් මිටිය බෙදා අවසන් කර නිවසට එන විට බොහෝ සවස් වී තිබුණි.
වෙනත් දිනවලදී වේලාසන නිවසට එන සැමියා ඉක්මනින් කටයුතු කිරීම සඳහා යතුරුපැදියේ ගොස් මෙසේ ප්‍රමාද වන විට බිරිඳ මහත් සේ බියට පත්ව සිටියාය.
ඒ ගැන විමසූ විට ඔහු බිරිඳට සිද්ධිය පැවසුවේ දැන් කුමක් කරන්නේදැයි මහත් සංවේගයකින් කල්පනා කරන බවයි.
එවිට බිරිඳ කදිම අදහසක් යෝජනා කළාය. ඔයා බයිසිකල් එකේ බෙල් එක ගලවල මෝටර් සයිකලේ සවිකරල ගෙවල් ළඟට ගිහින් ඉන්ජිම නවත්වල බෙල් කරන්න. මිනිස්සු දුවගෙන ඒවි යනුවෙන් පැවසුවාය.
ඔහු අකමැත්තෙන් වුවද කබල් බයිසිකලයේ තිබූ මළ බැඳුණු බෙල් එක ගලවා මෝටර් සයිකලයේ සවිකර බිරිඳ පැවසූ ආකාරයට බෙල් කරන විටම සුපුරුදු සේ කටයුතු සිදුවිය.
සිද්ධිය දැනගත් හිතවතුන් කොහොමද? හැඳිමිටේ නුවණ යනුවෙන් පවසා පාපැදි යතුරුපැදි පියුම් මහත්මයා යනුවෙන් නමකුත් පට බැඳලාලු.
රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන