(දේවහූව ප්‍රසාද් ජයකොඩි)
එක කෝප්පයෙන් තේ පානය කළ යහළුවන් කිහිප දෙනකු කොරෝනා වසංගතය කාලයේ එක් අයෙකුට එක කෝප්පය බැගින් ගෙනවිත් වෙන වෙනම තේ පානය කර එක් දුම්වැටිය පමණක් යහළුවන් බෙදා ගනිමින් සියලු දෙනාම එකට පාවිච්චි කිරීමේ සිද්ධියක් රාජ්‍ය අංශයකින් වාර්තා වේ.
මෙම මිතුරන් එකම රාජ්‍ය ආයතනයක වසර ගණනාවක් එකට සේවය කරන අතර පහේ කණ්ඩායම යනුවෙන් ද ප්‍රසිද්ධියක් ලබා සිටින ඔවුහු කාර්යාලයේ දී එකට තේ පානය කිරීම හා ආහාර ගැනීම සිරිතක් කරගෙන සිටියහ. තම නිවෙසක මගුලක් අවමගුලක් හෝ කුඩා උත්සවයක් පැවැතිය ද මොවුන් සියල්ල එයට සහභාගි වූයේ එකටමය.
කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් මුඛ ආවරණ නිර්දේශ කිරීමත් සමග එම නීතිරීති පිළිපැදීමට මොවුන්ට ද සිදුවිය. එම නීතිරීති අකුරටම පිළිපදින ලෙස තම අංශ ප්‍රධානියා නිතරම උපදෙස් දුන්නේය. ඒ අනුව එක කෝප්පයේ තේ පානය වෙනුවට තම තමන් වෙන වෙනම කෝප්ප ගෙනවිත් ඇති අතර නියමිත ආකාරයට දිවා ආහාරය ද වෙන් වෙන්ව ගෙන ඇත. මෙම සෞඛ්‍ය නීතිරීති නියමාකාරයෙන් පිළිපැදීම ගැන කාර්යාලයේ සියලුදෙනාගේ ප්‍රසාදයට මොවුහු ලක්වූහ.
පසුගිය දිනෙක කාර්යාල සේවකයකු තම උපන් දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් රැගෙන විත් එය කැපීමට සූදානම් වූ අවස්ථාවේ මෙම පහේ කණ්ඩායමේ සාමාජිකයකු තම යහළුවා තල්ලු කර එම ස්ථානයට පැමිණ ඇත. එම අවස්ථාවේ මිතුරා මීටරයක පරතරය තබා ගැනීම නැවත නැවත මතක් කළ යුතු දැයි විමසා ඇත.
ඒ සමගම මිතුරා කියා ඇත්තේ තමන් දුම්පානය කරන විට මුඛ ආවරණය ඉවත්කර දුම්වැටිය ඉල්ලා පානය කිරීම සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනි නැද්ද යනුවෙනි. එයට එම ස්ථානයේ සිටි සියල්ලෝම කොක්හඬලා සිනාසුනහ. සියල්ල හෙළි වූ බව දැනගත් ඔවුන් දෙදෙනා ලැජ්ජාවෙන් එම ස්ථානයෙන් හිමිහිට මාරුවී ගොස් ඇත.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මීටරය රකින්න ගිය කන්තෝරුවේ ‘පහේ කල්ලිය’ ඇබැද්දියක