කොළඹට නුදුරු ගමක විසූ සමවයසේ අවිවාහක මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් අයකු මෝඩයකු වූ අතර අනෙකා කපටියකු විය. මෝඩ මිතුරා අත නිතරම මුදල් ගැවසුණු බැවින් ඔහුව රවටා නිතරම මුදල් ගරා ගැනීමට කපටි මිතුරා පුරුදුව සිටියේය.
ඔහුගේ අලූත්ම උපක‍්‍රමය වූයේ මෝඩ මිතුරා විවාහයක් සඳහා කැමති කරවා ගැනීමය. ඒ අනුව ඉරිදා පුවත්පතක මංගල යෝජනාවක් පළකර පිළිතුරු ගෙන්වාගත් කපටි මිතුරා ඉන් කිට්ටුම අයකු තෝරාගෙන මනාලිය බැලීම සඳහා යාමට දිනයක්ද යොදා ගත්තේය. කපටි මිතුරාගේ උපදෙස් අනුව මෝඩ මිතුරා තමා බැලීමට යන මනාලිය සඳහා වටිනා තෑගි බෝග කීපයක්ද මිලදී ගත්තේය.
ඊට අමතරව තමාට සහ කපටි මිතුරාටද අලූත් ඇඳුම් මිලදීගත් මෝඩ මිතුරා ගමන සඳහා කුලී රථයක්ද සූදානම්කර ගත්තේය. නියමිත දිනයේ නෑගි බෝගද රැුගෙන මෝඩ මිතුරා තම විශ්වාසවන්ත මිතුරාද සමග කුලී රථයේ නැගී මනාලිය බැලීමට ගියේය. නිවෙස ඉදිරිපිටදී අදාළ කාන්තාවගේ දෙමව්පියන් විසින් පිළිගනු ලැබූ මිතුරන් දෙදෙනා සාලයේ වාඩිවූහ. සුළු වේලාවකින් සාරියක් හැඳගත් සුරූපි කාන්තාවක් කාමරයක් තුළින් එළියට පැමිණ මිතුරන් දෙදෙනා වාඩි වී සිටි ස්ථානය අසල පුටුවක වාඩි වූවාය.
කාන්තාව දැකීමෙන් මෝඩ මිතුරා ලැජ්ජාවෙන් ඇඹරෙන්නට පටන් ගත් අතර කාන්තාවගේ රූ සපුවෙන් වශී වූ කපටි මිතුරා ඇය දෙසම බලා සිටියේය. දෙමව්පියන් සංග‍්‍රහයෙන් පසු තම දියණිය සමග ඇගේ කාමරයට ගොස් අවශ්‍ය දේවල් කතාබහ කර ගන්නා ලෙසට මෝඩ මිතුරාට ඇරයුම් කළ නමුත් තද ලැජ්ජාව නිසා ඒ සඳහා ඉදිරිපත් වන්නට අකමැති වූ මෝඩ මිතුරා එම කාර්යය තම මිතුරාට පැවසීය.
ඔහු කිසිදු පැකිලීමක් නැතිව කාන්තාව සමග ඇගේ කාමරයට ගියේය. පැය භාගයකට පමණ පසු ඔවුන් දෙදෙනා කාමරයෙන් එළියට පැමිණියේ අලූත විවාහ වූ යුවළක් ලෙසටය. විවාහය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා තම දෙමව්පියන් සමග සති තුනක් ඇතුළත නැවත වාරයක් පැමිණෙන බව කාන්තාවගේ දෙමව්පියන්ට පැවසූ මෝඩ මිතුරා තම මිතුරාද සමග නිවෙසින් පිටව ගියේය.
හරියටම සති තුනකින් විවාහය සඳහා දින නියම කර ගැනීම පිණිස තම දෙමව්පියන් සමග එම නිවෙසට ගිය මෝඩ මිතුරාට කාන්තාවගේ දෙමව්පියන් වෙතින් දැනගන්නට ලැබුණේ ඔහුගේ මිතුරාත් තම දියණියත් දින දෙකකට උඩදී හදිසියේ විවාහ වී මධු සමය සඳහා පිටත්ව ගිය බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටි මිතුරා මේ පාර මෝඩ වුණා (නි)
අනුන් කමෙන්ට් තමන්ගේ නමින් දානව කියනවා අය ගැන පොඩ්ඩක් බලන්න. ඒ ඔක්කොම මෙතන විපරියාස වෙච්ච අය නේද. අපේ නමින් කවුරුවත් හොර කොමන්ට් නොදා විපරියාස කාරයන්ගේ නමින් විතරක් දාන්නේ ඇයි කියාලා දැනගන්න මහාචාර්ය උපාදියක් අනවශ්‍යයයි.(අ)
මෝඩ මිතුරා කියලා ඒ කොල්ලට කිව්වට ඇත්තටම ඒ කොල්ල අවනක කොල්ලෙක්.අවස්ථාවෙන් ප්‍රොයෝජන ගත්ත යාලුවට කවදාහරි පසු තැවෙන්න වෙනවා.හැබැයි එදාට එයාට එක කාටවත් කියන්න බැරි විධියට අසරණ වෙනවා.වැරදි දෙයක් කරලා කවදාවත් නොදන්න දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.මේක මගේ අත්දැකීමකින් කියන්නේ.මම කරපු දේට මම තවම විඳවනවා.මට කාටවත් එක කියාගන්න බැහ.(රේ)
මේක දකුණු ඉන්දියාවේ චිත්‍රපටි කථාවක් වගේ (බ)
තලත්තෑනි වියේ නෝනා කෙනෙක් සැමියාට කියනවාලු " ඔයා ඉස්සර නම් බඳින්න ඉන්නකොට කිව්වේ මාව ගතවනහැම දවසෙම සන්තෝසෙන් තියන්න ඕනෑම දෙයක් කරනවා කියලා." එතකොට සැමියා කියනවාලු " ඒ කාලයේ මම නිකමටවත් හිතුවේ නැහැ මෙච්චර කලක් මම ජිවත් වේවි කියලා! " (බ)
යාළුකමත් එතනින් අවසන් ඇති (නි)
කපටි මිතුරා දැනට සතුටින් ඇති. තව අවුරුදු දෙකක් විතර ගියාම බලන්නකෝ වැඩේ කොහොමද කියලා. (නි)
දැන් මෝඩ මිතුරා මොනවා කරනවාද දන්නෙ නැහැ (නි)
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නේ මේවට තමයි (නි)
අලුත බැඳපු ජෝඩුවක් ..?හැමදාම බිරිඳ නින්දට ගියාම රාත්‍රියේදී කුඩා ශබ්දයක් ඇහුණත් ස්වාමියට ඇහැරවනවලු.ඒයි, ඒයි සද්දයක් ඇහෙනවා හොරෙක් ඇවිත් වගේ ගිහින් ටිකක් බලන්නකෝ..? නැවතත් ඇවිත් නිදා ගන්නකොට, ඒයි..ඒයි...නැගිටිනවකෝ ආයෙත් සද්දයක් ඇහෙනවා හොරෙක් ඇවිත් වගේ ..? අනේ කරුමේ! ගේ වටේ ඇවිදලා ඇවිත් අයෙත් නිදාගන්න හදනකොට මෙන්න පටන් ගන්නවලු. ටික කලක් අලුත ගෙනා මනමාලි නිසා ඉවසුවත් අනේ හැමදාම මේක මහා කන්දොස්කිරියාවක් වුණු තැන ස්වාමියා එක රැයකදී නෝනා සුපුරුදු මන්තරේ පටන් ගන්නකොටම කිවුවලු, මේ යෝදියේ හොරෙක් ගේකට රිංගනකොට කවදාවත් සද්ද කරන්නේ නැහැ. ඔන්න ඔහේ නිදා ගන්නවා කියලා. හැබෑම නේන්නම්.ඊළඟ දවසේ ඉඳලා හැමදාම ඒයි ..ඒයි ..මට මොකවත් සද්දයක් ඇහෙන්නේ නැහැ හොරෙක් ඇවිත් වගේ ගිහින් ගේ වටේ ටිකක් සේදිසි කරලා එන්නකෝ කියලා කියන්න ගත්තලු (නි)
'බිරිඳක් අවශ්‍ය කර තිබේ' කියලා දැන්වීමක් පත්තරේ තිබුනලු. ''ටේක් මයි වන්'' කියලා ලියපු ලියුම් බරගානක් දැන්වීම දැමු මනුස්සයාට ලැබුනලු. (නි)
මෙතන,ඉතා පැහැදිලිව පෙනෙන දෙය,බත් කන මිනිසුන්ට පෙනෙයි කියා සිතමි.කල්ලියක් හෝ තනි තැනැත්තියක් තමන් කල වරද හෝ තම මිතුරියක් කල වරද වහ ගන්න රඟපාන අපුරු රඟපෑමකි මෙය.අනුන්ගේ නමින් ප්‍රතිචාර ලියන බව ඇඟවීම.වරද කල කෙනා බේරාගැනීමට කරන නීච උත්සාහයක්.ගරු කතෘ තුමනි,මගේ මෙම සටහන නොකපා පල කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.අනෙකුත් පාටකයන් බත් කන හරක් යයි කිසියම් කෙනෙක් සිතන බවකි.(රේ)
ඔය අනිකුත් අයවලුන්ගේ නම් වලින් ප්‍රතිචාර දැන් වැඩිවෙලා තියෙන්නේ මේ තීරයේ ඇයි කියලා කාට හරි කියන්න පුලුවන්ද?ඕක හොයාගන්න ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නම ඕනේ නැහැ.කව්රු හරි තමන් කරපු වැඩේ සාදාරනීය කරන්න කරපු අසාර්ථක උත්සායක් හැටියටයි මම මෙය දකින්න(රේ)
කව්රු හරි දමල තියෙනවා වැරදි ප්‍රති චාරයක් මගේ නමින්..? ඒ ක මගේ නොවේ. මට මල්ලිලා නැහැ මමයි පවුලේ බඩ පිස්සි.. (රේ)
අයියෝ සරත්චන්ද්‍ර , ඕව කියද්දී පිරිමින්ව එපා වෙනවා(රේ)
මගේ දුව පිටරටක රැකියාවක් කරමින් තනියම ගෙයක් අරගෙන ජීවත් වෙන්නේ.එයා බඳින්න ඉන්න මහත්තයා ඒරටට දුවව බලන්න යන හැම වෙලාවකම මගේ පුතාව යවනවා එයත් එක්ක.මොනතරම් වැදගත් මහත්තයෙක් උනත්,බඳිනකම් මවක් වශයෙන් හිතේ තියෙන්නේ විශාල බරක්,බටහිර රටක ජීවත් උනත්.මනමාලිව බලන්න ආපු මුල්ම දවසේ කොහොමද මේ දෙමාපියෝ දුවගේ කාමරයට නන්නාදුන අයට යන්න දුන්න (රේ)
බොහොම කැතයි , කොන්ද නැති මනුස්සයෙක් මගේ naming අදහස් පල කරලා 2015_10_23 14;15;47 මගේ අදහසක් නෙවෙයි(රේ)
පුරාණ ඉසිවරු ඕක ඔහොම නෙවෙයි රූපවති කියල තියෙන්න(රේ)
මට නම් පෙනෙන්නේ මෝඩයා වුණත් මේක මිනිහගේ හොඳ වෙලාව කියලයි (නි)
සාගර,මම කිවුවේ සීසීටීවී කැමරා එක ගළවලා තමයි හොරු හොරකම පටන්ගන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද. සීසීටීවී කැමරා එකක් ගළවන එක මහ දෙයක්ද? නැත්නම් ගලකින් ගහලා කුඩු කරන්න පුලුවන්. ඊටපස්සේ හොරකම (නි)
අපේ කට්ටිය හරියට කෝපි කඩේ වගේ. ඉවරයකුත් නැහැ. කිසිම රසකුත් නැහැ. නමුත් නවත්තන්නත් බැහැ (නි)
සාගර සොයුර ..2015-10-26:07:32:42 මා විසින් ලියුවක් නොව.(රේ)
කෙටි පණිවිඩ, මුහුනුපොත, අයිපෑඩ් සුගත්ලා, දම්මිලා මරලා හුගක් කල් ළමයෝ. ඒ සුන්දර අතීතය... (ර)
කොළඹට නුදුරේ කොහෙද ගමවල් තියෙන්නේ? (බ)
මේක ඇත්තද. (බ)
සීසීටීවී සවිකරලා තියෙන්නේ හොරු අල්ලන්න.දැන් කාලේ හොරු කොහොමද අප්පා ඒ හාස්කම කරන්නේ.හිස කුඩිච්චියක් දාගන්න රූපවතී.... (නි)
දැන් කාලේ හොරු හොරකම පටන්ගන්නේ ගහලා තියෙන සීසීටීවී කැමරා එකෙන් කියලා මම අහලා තියෙනවා (නි)
හරිස්චන්ද්‍රගේ කතාවේ තේරුම මට වැටහුනා..? පිරිමි කවුරුද වරදේ නොබැදෙන (අ)
ටෙනිසන්,ඔයා හරිම නරකයි.මම දඟ ළමයිනුත් දැකලා තියෙනවා.ඔයා වගේ නම් නොවෙයි. සුගත්, ඔයා එහෙම ඔය නරක ළමයි එක්ක එකතු වෙනවා එහෙම නොවෙයි. (නි)
අනේ ඇත්තට ටෙනිසන්ටත් හිතෙන දේවල්?මට තාමත් හිනාව නත්වගන්න බැරිව ඉන්නේ.......!(රේ)
දෙමාපියන්ගේ බලවත් පෙරැත්තයට පරණ පෙම්වතාට පිටුපා විවාහපත්වූ අලුත් මනාලිය ,හොරෙක් හොරෙක් කියල මිනිහව එලියට ඇරලා පෙම්වතාව ඇදට ගත් හැටි ලියල තියෙන්නේ අත්දැකීමකින් වත්ද?.....(රේ)
රුපවති අක්කේ මට නම් හිතෙන්නේ ඔයාගේ කතාවේ ඔය අලුත බැඳපු ජෝඩුවට නිදා ගන්න නොදී වට පිට හොල්මන් කලේ නැන්දම්මා ද කොහෙද ! (රේ)
අනේ නිශා මදූ ..ගමේ කුප්පි ලාම්පුවට තෙල්ටික ගන්නෙත් අපේ දුප්පතුන් කුලී වැඩක් කරලා ..වත්තේ කුඹුරේ යමකින් ලැබුණු ආදායමෙන්..? ඒහෙව් කොට ..දුප්පත් ගම් වැසියන් මොකට අහවල් එලාම් බිතියේ හයි කරගන්නවද..? කොටකෙතන ගමක කාන්තාවන් මරපු හැටියට මාත් හිතුවා කැලේ තියෙන ගස්වල පවා ඔය තියෙනවයි කියන මොනිටර් හයි කරයි කියල ..? කොයි අදටත් මිනී මරුවෙක් නැහැ ..? ඒ මිනිස්සුමයි කෙලෙසාගෙන කපා කොටාගෙන මරුනේ ......(රේ)
නින්දෙන් ඇහැරි ඇහැරි ඉන්න ඕනේ නැහැ.ඒකට තමයි අද කාලේ (එලාම්)කියලා උපකරණයක් ගෙවල් වලට හයි කරන්නේ.මේවා තියෙනවා දැක්කාම හොරු එන්න බයයි.මගේ ගෙදරත් එකක් තිබෙනවා පොලිසියට අනුයුක්ත කරලා.අපි සැපෙන් නිදාගන්නවා විතරක් නොවෙයි ලෝකේ පුරාමත් යනවා.අනේ.මෙහෙමත් විහිළු.....(රේ)
රූපවති, ඔයා නම් මරු අනේ! (නි)
දැනගෙන සති තුනක් ඇතුලත බන්දලත් දෙන්නේ, මොන දෙමව්පියෝද..(හේ)
හැබැයි ඕනෑවටත් වඩා හිත හොඳ වුණාමත් ගොඩක් දෙනෙක් හිතන්නේ මෝඩයි කියලා. අයුතු ප්‍රයෝජන ගන්න බලනවා.මම මේක කියන්නේ අත්දැකීමෙන්. (ම)
මේක මේ අම්මලා ගහපු ගැටයක්ද කොහෙද තමන්ගේ කඩුලු හතෙන්ම පැනපු දුව කාගේ හරිි කරේ එල්ලන්න. (රේ)
ලජ්ජාවෙන් ඇඹරෙන්න ඕන මේ මෝඩ පහේ තරුණයා නෙවෙයි. කිසිම චාරයක් නැතිව දුවගේ කාමරයට තරුණයාව යවපු මහ දෙන්නා.! (රේ)
මට නම් මතක් වුනේ අපේ යෝජිත විවාහයට පෙර යන යන තැන එයාගේ අවිවාහ පුන්චි අම්මව අපේ පස්සෙන් මුරට එවපු මගේ ආදරණිය නැන්දම්මාව! ( රේ)
තේරෙන්නේ නැද්ද මේක මහ දෙන්නාගේ සැලැස්මක්. අර කාටවත් දිගන්න බැරිව හිටපු තරුණියක් වෙන්න ඇති. කතා කරන්න කියලා කාමරේට ගිය මෝඩයා අහු වුනා. (හේ)
ඔය වගේ දේවල් කොච්චර වෙනවද?(හේ)
බයිබල් පාඨයක් තියෙනවා, හදවතේ, උගුල් ඇති, අත්වල දැල් ඇති ස්ත්‍රිය කෙරෙහි යම් දෙවියන්ට ප්‍රිය වු පුද්ගලයෙකු කැමැත්තක් ඇති කරගනීද,දෙවියන් ඔහුව ඇයගෙන් මගහරවන බවත්, නමුත් පව්කාරයා ඇයට අසුවෙන බවත් කියලා.මෙතනදි කපටි මිතුරා ඇයට අසුවන්නට ඇති.මෝඩ උනත් මිතුරගේ හිත හොද අවංක කෙනෙන් වෙන්න ඇති.ඒ නිසා දෙවියන් ඔහුව දෙදෙනාගෙන්ම ගලව ගන්න ඇති. (බ)
මෝඩයා බේරුනේය (බ)
මමත් විවාහ වුණේ යෝජනාවකින්. නෝනාගේ නිවුන් සහෝදරයා අපි කසාද බන්දිනකන් වටේට කැරකුනා. හැබැයි දැන් ඒ කාලයේ වුණ රසවත් දේවල් මතක් කරලා අපි තවමත් හිනා වෙනවා. (ම)
අැත්තටම මෝඩයා කවරෙක්ද (බ)
මනාලිය බලන්නට,මීට පෙර ගෙදරට ආපු කී දෙනෙකුට කාමරයට රිංගන්න මේ දෙමව්පියෝ ඉඩ දුන්නාද දන්නේ නැහැ.හොඳ හැදියාවක් තිබෙන වැදගත් පවුල් වල අය නම් කවදාවත් මෙහෙම කරන්නේ නැහැ.මටත් දුවෙක් ඉන්නවා.එයාව බඳින්න ඉන්න කෙනා අපේ ගෙදරට ආවාම ඔක්කොටම පේන ඉන්නවා මිසක් දුවගේ කාමරයට රිංගන්නේ නැහැ.සරසි කීවා වගේ අම්මලා ඇහැ ගහගෙන ඉන්නේ කසාද බන්දලා දෙනකම්. (බ)
බලන්න ආපු දවසෙම මනාල පාර්ශවයේ පිරිමියෙකුව තරුණියගේ කාමරයට තල්ලු කරන සිරිත තියන ගම අපිටත් කියන්නකෝ. අපේ පවුල් වලත් ඉන්නවා විවාහ යෝජනා සොයන ඥාති මල්ලිලා දෙන්නෙක්. අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්න බැහැනේ. (බ)
මම නම් කැමති නැහැ ..ඒ පුද්ගලයට කියන්න මෝඩ මිතුරා කියල.ඒක වැරදියි මෝඩකම නෙවේ හිත හොදකම වැඩි නිසයි ඔහු අවංකවම තම මිතුරාව විශ්වාස කිරීම නිසයි මේ වගේ තත්වෙකට මුහුණ දෙන්න සිදුවෙලා ඇත්තේ ...?එහෙනම් ,මේ තමයි හිත හොද මිතුරෙකුගේ අව්යාජකම අයුතු ලෙසට පාවිච්චිකළ තවත් යුගයේ තුට්ටු දෙකේ මිනිසෙක් ..? (බ)
බඳින්න කලින් නිත්‍යනුකුලවම අරගෙන ගියපු එක හොඳයි. කපටි මිතුරා තවත් ටිකක් කපටි වුනානම් මෝඩ මිතුරාට වෙන්නේ තමුන්ගේ මහන්සියෙනුයි සල්ලි වලිනුයි අනුන්ගේ ළමයි බලාගන්න. (බ)
යෝජිත ව්වාහයක්දී මනාලයා මුණගැහුණු පළමු දවසෙම ඔහුව දියණියගේ කාමරයට යවන්න ලැස්ති මව්පියන් ඉන්නේ මොන රටේද? එ්කත් ලංකාවේම වුන එක හරි පුදුමයි . අපේ අක්කා විවාහ වුනේ යෝජිත විවාහයකින්. යෝජනාව ස්ථිර වෙලා ඒ අයියා අපේ අක්කව බලන්න එන හැම වාරයේම අපේ අම්මා කළේ සාලේ ඉඳන් කතා කරන ජෝඩුව පෙනෙන මානයේ නිදි කිරමින් හරි මුරට ඉන්න ආච්චිට පැවරීම (බ)
පුදුම ලැජ්ජාවක්නේ. ඔහොම ලැජ්ජා නම් ඇයි මනාලියක් බලන්න ගියේ? (නි)
දැනුයි වැඩපල ඉවරවුණේ. ඔන්න එහෙනම් මේ පිළිබඳව මගේ අදහස ලියනවා. මනමාලි බලන්න ආ මුල්ම දවසේ කෙල්ලව නාඳුනන මනමාලයත් එක්ක කාමරේට යන්න ඉඩදුන් අම්මා නම්...? අනේ මන්දා! (නි)
මේනකා මම මෙතුවක් කල් සිතා සිටියේ ඔබ කාන්තාවක් කියයි (අ)
මගේ ඉස්සෙල්ලා පිළිතුරට උණපුරනයක් - මෝඩ මිතුරා වෙනුවට ලැජ්ජා මිතුරා කියමු. මට මගේ පොඩි මල්ලි මතක් වෙනවා (අ)
එතකොට රූපවතී අක්ක බැන්දේ මෝඩ මිතුරෙක්ද ? (අ)
පිටරට ප්‍රසිද්ධ දැන්වීමක් ගියා, යෝජිත තරුණයා තනියම ගෙදරට එද්දි අනුමැතියෙන් පස්සෙ කතා කර කර ඉන්න..මනාලියගෙ නංගි විතරක් ගෙදර ඉදන්, තරුණයාව පොලඹවාගන්න බලනවා වරදට, තරුණයා ඉක්මනින් එලියට බැහැලා කාර් එකට ළඟට යන්න හදනකොටම හැන්ගිලා හිටපු මනාලිගෙ අම්මල තාත්තල බදාගන්නවා තරුණයාව, හරිම හොද පවට අකමැති කෙනෙක් කියලා. එගොල්ලො තරුණයාව පරික්ෂා කරන්න කරලා තියෙන්නෙ ඒක..හැබැයි තරුණයා කාර් එකට යන්න හදලා තියෙන්නෙ මොකටද කියල කවුරුත් දන්නේ නෑ (අ)
පැකිලීමක් නැතිව කාමරයට ගියා නම් ඉතින් තව මොනවද අප්පේ පැණි හඳක් කියලා යන්න තැනක් තියෙන්නේ ? (අ)
මෝඩ මිතුරා මෙතනදී නුවණක්කාරයි (නි)
මගේ විවාහක මිතුරියකගේ කාමරයේ දොර ඔවුන් රැකියාවට යනවිට වසා දමා යාම ගැන නැන්දම්මා උරණ වුණා හේතුව ඇය සොයා ගත්තා. බාල නෑනා යෝජිත මනමාලයා සමග පිලිසන්දරේ දීමට කතා කරන්න නැන්දම්මා පිටත් කරන්නේ අර කාමරයටලු. ධනවත් පවුලක තරුණයාව බෙල්ල මුලින්ම අල්ලා ගන්න යෙදුව ක්‍රමය ඕක. ඒනිසා මේ පුවතත් විශ්වාස නොකරන්නම බැහැ. (අ)
මෝඩ මිතුරා මෝඩ නැත.කපටි මිතුරා කපටි නෑදෑයන්ට අසුව ඇත (නි)
කපටි මිතුරා ඒකෙනුත් ප්‍රයෝජන අරගෙන වගේ. අයියෝ පවු මෝඩ මිතුරා! (නි)
තේරෙන්නේ නැද්ද මේක මනමාලිගේ පැත්තෙනුත් වුණ කපටිකමක් කියලා? නැත්නම් ඔහොම කාමරේකට යන්න දෙයිද? (නි)
ටිකක් හිතාගන්න අමාරු කතාවක් මට නම් මනමාලිගේ කාමරේට ගිහින් කතාකරගන්න කියපු එක.හැබැයි කතාව ඇත්ත නම් ඔය කපටියි කියලා හිතාගෙන ඉන්න යාළුවා තමයි නියම මෝඩයා. මටත් හිටියා එහෙම යාලුවෙක් බටපොල පැත්තේ. නම කියන්නේ නැහැ. නමුත් මටත් හොරා බැන්දේ මම කැමැත්තෙන් හිටපු කෙනාව. (නි)
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට (රේ)
ඉස්සර ඇත්තන් කිව්වේ " ගල හොඳ නම් අඹරන කහ මක් වේද , මව හොඳනම් දුුව පතිවත නොරකිද " කියලා. හැබැයි මේ පුවතේ අම්මා ගැන වෙන්න නම් බැහැ. (රේ)
කාමරයෙන් එලියට පැමිණියේ අලුත විවාපත් යුවලක් වගේ නම් අපිටත් නොයෙකුත් දේවල් හිතෙනවා. හැබැයි මෙතන ලියන්න බැහ(රේ)
මේ පුවතේ ඉන්නේ බොහොම අපුරු අම්මා කෙනෙක්. ඉස්සරහා ඇත්තන් කිව්වේ " ගල හොඳ නම් අඹරන කහ මක් වේද ; මව හොඳනම් දුව පතිවත නොරකීිද "කියලා. හොඳ අම්මා කෙනෙකු යටතේ හැදෙන වැඩෙන දුවලා ගැන තමයි. (රේ්)
අන්තිමේ ලජ්ජා බය තිබෙන තරුණයා ගෑණුුු උගුලෙන් ගැලවුන වගයි . මේ වගේ විලි බිය නැති ගෙදරකින් ගැහැනියක් ගන්න කැමති වුන මොලකාරයාට දෙය්යන්ගේම පිහිටයි.(රේ)