දකුණේ වෙරළබඩ උප නගරයක් ආශ්‍රිත පාසලකි. විවේක කාලයේ පාසල් සිසුන් ක්‍රීඩා පිටියට එක්ව සිටි අතර සීනු නාදයත් සමඟ ඔවුන් යළි පන්ති කාමරවලට ගියත් සාමාන්‍ය පෙළ පන්තියක සිසුවියන් දෙදෙනකු යළි ආපසු පැමිණ සිටියේ නැත.
පන්ති භාර ගුරුවරයා ඔවුන් පිළිබඳව සෙව්වද සොයාගත නොහැකි වූයෙන් විදුහල්පතිවරයාට දැන්වූයේ දැඩි විමතියකිනි. මොහොතකින් සිසුවියන් දෙදෙනා පාසලට දිව ආවේ හතිලමිනි. “කොහෙද ළමයිනේ ගියේ. “මම ගිනිපත්තුවෙලා හිටියේ” පන්ති ගුරුවරයා විමසුවේ තරමක කෝපයකිනි. “සර් මෙයා ඊයේ ගෙදරදි මල්ලිත් එක්ක රණ්ඩුවෙලා තාත්තා කිව්වලු ආයෙ රණ්ඩු වුණොත් කෝටුවකින් නෙවෙයි මඩු වලිගෙන් ගහනව කියලා.
මෙයා මඩුවලිගදැකල නෑ. අපේ ගෙදර එකක් තියෙනවා. ඒක පෙන්නන්න එක්ක ගියා” ඇය සිය යෙහෙළිය පෙන්වමින් කී විට යෙහෙළිය ලජ්ජාවෙන් ඇඹරුනාය. “ඒත් අවසර නැතිව ඉස්කෝලෙ වෙලාවෙ එහෙම යන්න බෑ” කී විදුහල්පතිවරයා “මඩුවලිගේ ගැන අහල තිබුණට මාත් දැකල නං නෑ” පන්ති ගුරුවරයාට කීවේ මහ හඬින් සිනාසෙමින්ලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා! කරලා තියෙන වැඩේට නම් කෙල්ලෝ දෙන්නටම මඩු වල්ගෙන් තලන්න ඕනෑ. මඟදී මොකක්හරි වුණා නම් ගුරුවරුත් අමාරුවේ (නි)
දැන් ඔය මඩුවලිගේ උලුප්පන් කෑගහන පිටබැද්දර ජයා දැකල තියෙනවද ඕක. අපේ ලොකු අයියලාගේ ගෙදර මඩු මාලුවගෙන් කපාගත්තු අලුත්ම අලුත් මඩු වලිගයක් තිබිල මීට වසර 22 කට පෙර මාත් ඕක දැක්ක ..? (බ)
අනේ රූපවතී, අවුරුදු විසිදෙකක් පරණ අලුත්ම අලුත් මඩු වලිගයක්? (ර)
හනේ පව් මේවා කියවද්දී මට අන්දරේ අතුරේ ගිය හැටි මතක්වෙනවා ...? (බ)
රූපවතී, අන්දරේ අතුරේ ගියහැටි නොවෙයි, අපේ රටේ දරු පරපුරේ අනාගතය ගැන මොකුත් හිතෙන්නේ නැද්ද? (නි)
දකුණේ අපිට නම් මඩු වලිග ගැන කියලා දෙන්න කවුරුත් ඕනෑ නැහැ, නේද රූපවති. නැද්ද ජයා? (නි)
1971 දී මමත් දැක්ක මඩු වලිගයක් සබරගමුවේ පොලිසියකදී. එ්කෙන් කාපු කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ. (බ)
ඔය පෙරහැරවල් වල ඉස්සරහින්ම ගහ ගහ යන කසේ හදල තියෙන්නේ මඩු වලිගෙන් .මම හිතන්නේ මඩුවලිග ගොඩක් එක් කරලා .(බ)
අයියෝ පහන්, කස හදන්නේ මඩුවලිග වලින්ද?කොහෙද ඔයාගේ ගම? (නි)
මේ දවස්වල මඩු වලිගය පාසල් වලටත් ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)
පහන්, මම හිතුවේ ඔයා පොතේ දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් ඇති කෙනෙක් බව. කසය කෙරවල හදන්නේ හණ ශාකයේ පත්‍ර මඩේ පල්වෙන්න දාලා ලබාගන්න කෙඳි වලින්. (නි)
මඩුවලිගයක් දැයි බලු බැල්මට කිව නොහැකියි .රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නේ නැතුව . මඩු වලිගය කපා වියලා ඉරා ගොතාගැනිමෙනුයි මඩු වලිගය පහර දීමට යොදාගන්නේ .(ම)
ක්‍රිෂාන්ත, ඔයා හරි. මඩු වලිගයයි කසයයි එකක් නොවේ, වර්ග දෙකක්. (නි)
බොරු දේවල වලට බොරු කමෙන්ට්ස් කරන්න එපා (බ)