තම අසල්වැසි නිවසේ තරුණ කණ්ඩායමක් හැමදාම හැන්දෑවට ඉතාම අසභ්‍ය හඬක් නංවන සංගීත වාදනයක් කරන බව නිවසේ හුදකලාව සිටින කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මේ මොහොතේ පොලිස් නිලධාරියා ඒ හඬ කුමක්දැයි ඇසුවත් ඇය ලැජ්ජාවෙන් ඒ ගැන කීවේ නැත. පැමිණිල්ල ලියාගත් නිලධාරියා චූදිතයින්ට පොලිසියට එන ලෙස කීවේ වාද්‍ය භාණ්ඩ සියල්ලත් රැගෙනය. පොලිසියේදී පැමිලිකාරිය ඉදිරිපිට දී මෙම අසභ්‍ය වාදනය කරන්නට කී විට ඔවුුහු නවීන ගීතයක තාලයට වාදනය කළහ. ඒ මොහොතේ ඇය ”ඔය ඔය චිකේයිය. අපෝ ඕක නවත්වන්න” කී වේ එය ඉවසාගත නොහැකි පරිද්දෙනි. මේ අරුම පුදුම වාදනය ඇසීමට මේ වනවිට පොලිසියේ විශාල පිරිසක් ද එක්ව සිටියහ. එම වාදනයේ කිසිදු අසභ්‍ය බවක් නැති බව කී ඔවුන් ”ඔයා එක එක දේවල් හිතාගෙන අහන කොට එහෙම ඇහෙනවා ඇති” කීවේ සිනාසෙමිනි. අනුන්ට කරදර වන පරිදි නොහැසිරෙන ලෙස තරුණයන්ට අවවාද කළ පොලිස් නිලධාරියා මේ කාන්තාව මානසික වෛද්‍යවරයකුට යොමු කළ යුතුව ඇතැයි අන් අයට කීවාලූ. සිද්ධිය අසන්නට ලැබුණේ අගනුවර ආසන්න ප‍්‍රදේශයකිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අමරදේව මහත්තයගෙ කුමරියක පා සළඹ සිංදුව වගේ එකක් ඇහුවනම් ඒ නොන කළන්තෙ දාල වැටේවි..
තමන් කැමති සින්දුවක් ගෙදර ඇතුලත සිමාව තුල පමනක් ඇහෙන විදිහට දාගෙන අහන්න කාටත් නිදහස තියෙන්වා. එත් අල්ලපු ගෙවල් වල අයට කරදර වෙන විදිහට සද්දෙ වැඩි කරලා අහනවානම් එක හිරිහැරයක්. මොකද ඔවුන් අකැමති සින්දු නො අසා සිටිම ඔවුන්ගෙ අයිතිය නිසා. දැන් සම හරක් ඉන්නවා එවාගෙ සිලාචාර ගති පැවතුම් නැති අය. එවැනි අයට නිසි දඩුවම් දිය යුතුයි. ඒක නිතියෙනුත් වරදක්.
මම දන්නවා ඔට සද්දෙ
චීයා....දාමුද නෝනා කැරකිලා තව එකක්....!!! මාර සීන් එකක් නේ.... ඔය ඔය චිකේයිය. අපෝ ඕක නවත්වන්න. කළන්තෙ දාල වැටේවි..
ශා මාර සීන් එකක් නේ අප්පා .. දාමුද මගේ "සා ප්‍රසංගය" නෝනා කැරකිලා වැටෙන්ඩ
චීයා....දාමුද තව සිංදුවක් ?මමත් එනවා බෝයි එක්ක ...නටන්න පුඵවන් නේද ???.
එදා වගේ යටලීයෙන් නාරිලතා ඇහුවනම් මෙයායට මොනවා හිතෙයිද ?
ඇටිකිච්චා තෝ අපේ ආචාර්ය තුමාට බැන්නොත් බලාගෙන. එතුමා වගේ උගත් කෙනෙක් comments දාන එක කොච්චර නම්බුවක්ද මේකට.
මේ කාන්තාව හරි..විවිධ අයගේ රස වින්දනය විවිධයි.. සින්දු අහනවා නම් තමන්ගේ රස වින්දනයට තමන්ගේ නිවස ඇතුලත පමණක් ඇසෙන සේ දාගන්න ඕනේ... මේක විදේශ රටවල නම් නීතියක්. ශබ්ධ දූෂණයෙන් තොර පරිසරයක ජීවත් වීමට හැමෝටම අයිතියක් තියෙනව.. මම මේක අත්දෙකීමෙන් දන්නවා. මගේ ගෙදර ඉහත මාලයේ සිටි කළු ජාතිකයන් පිරිසක් හැමදාම මේ වගේ ගෝෂා කාරී සින්දු දානවා. මම වැඩ ඇරිලා අවම හරි වදයක්. මට පරිසර අධිකාරියට පැමිණිලි කරන්න උනා.. දැන් ලංකාවේ අහන්න පුළුවන් නවීන සින්දු නෙවේ මල විකාර තියෙන්නේ..
සංගීතය විශ්ව භාෂාවක් නේ. එකෙක්කෙනාට එක එක විදියට ඇහෙන්ඩ පුළුවන්. එය තමයි සංගීතයේ තියන පුළුල් බව. මේක තේරුම් ගන්ඩ.
සමාවෙන්න සමාවෙන්න. මට පස්සෙයි තේරණේ.. ඒ නෝන කිව්වෙ උන් මොන කුණුහරපයක් කියනවාද මන්ද කියල වෙන්න ඇති.. මොකද මේ අලුත් සිංදුවල ඇත්තටම කියන්නෙ මොන කුණුහරපයක්ද කියල මෙලෝ සතෙකුට තේරෙන්නෙ නැහැනෙ...
නන්දා මාලනී අල්ලපු ගෙදර සිංදු කිව්වනම් කෙලින්ම පොලිසියෙ....
ලෝකයේ විහිළුම රට බවට ලංකාව පත්නොවුනහොත් හොදයි... නැත්නම් වගකීමක් ඇති ආයතනයක් මේ වගේ වැඩක් කරයි ද...? අපරාදේ තරුණයින්ගේ පොලීසියේ ගත කළ වටිනා කාලය....
මෙහෙත් ඉන්නවා මානසික වෛද්‍යවරයකු හමුවිය යුතු ආචාරියෙක්.. ගෑණු නම්වලින් තමන්ම කමෙන්ට් දාගෙන තමන්ම පුම්බ ගන්න හදන කෙනෙක්...අන්න ඒක්ක යන්න නෝනො
මොනවද අප්පා මේ.......
දැන් සිංදු කියන්න අවසරත් ගන්න ඔනිද?
කූක්... කූක්........කියලා ඇහෙන්න ඇති.
ක්‍රිකට් මැච් එකකදි පපර බෑන්ඩ් එකක සිංදු ඇහුවනම් එයා එල්ලිලා මැරෙයි
සරිගමපධනි කණපිට හරෝලා ගැහුවද දන්නේ නෑ
අනුන්ට හිරිහැර වෙන විදියට සංගීතය අහන අයට හොද වැඩේ
අනේ අපේ කොල්ලනේ.මේවා ගණන් ගන්න එපා.යන්න යන්න ඉදිරියටම
මට පොඩ්ඩක් හිනා ගියා
හුදකලා විරාමයේදි....
ඕක මහ දෙයක්ද ? නෝනට පරණ තැටියක් දාල දුන්නනම් හරි...