හසලක සුනිල් ඒකනායක
විනෝදාංශයක් ලෙස ඉතා සූක්ෂම අන්දමින් වෙළෙඳ සල්වලින් බඩු සොරකම් කරන ධනවත් කාන්තාවකට අපූරු පාඩමක් ඉගැන්වීමේ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය.
හැටපස් හැවිරිදි වියේ පසුවෙන ඇය මනා රූ සපුවකින් යුත් ධනවත් කාන්තාවකි. සැමියාගේ වියෝවෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුපද ඇයට හිමිවිය. ගෙවත්තේ වගාවෙන්ද ඇයට යම් මුදලක් මාසිකව ලැබේ. වැඩි වියට පත් විවාහක දූ දරුවෝ යම් යම් ආයතනවල රැකියා කරති.
ඇයගේ විනෝදාංශයක් වන්නේ බඩු මුට්ටුවක් මිලදී ගන්නට ගොඩවෙන කඩයෙන් ඉතා සූක්ෂම අයුරින් මුදලාලිගේ ඇස වසා යමක් සොරකම් කරගෙන ගමන් බෑගයට දමා ගැනීමයි. පෙරළා නිවස බලා යන ගමනේදී යම් දිළිදු අයෙකු හෝ කුඩා ළමයකු මහ මගදි හමු වුවහොත් ගමන් මල්ලේ තිබෙන බොහෝ දේ ඔවුනට ලබාදීමට තරම් ඇය පරිත්‍යාගශීලී වන්නීය.
මෙදින ඇය නගරයට ආසන්න ප්‍රදේශයක ගමේ කඩේකට ගොඩ වූයේ නිවෙසට අවශ්‍ය කළමනා කීපයක් රැගෙන යෑමටයි. ඒ වනවිට කඩේ කිහිප දෙනකු සිටි අතර මුදලාලි නොසිටි නිසා ඔහුගේ බිරිඳ ඒ අයට බඩුදීම හා මුදල් ලබා ගැනීම සිදු කළා. කඩයට ගොඩ වූ ඇය දුටු මුදලාලි හාමිනේ පාරිභෝගිකයන්ට බඩු දෙන ගමන් ඇය ගැන සෙවිල්ලෙන් සිටියේ ඇයගේ කල්කිරියාව කල් තබාම දැන සිටි බැවිනි.
බඩු කීපයක් මිලදී ගත් ඇය ඒ බව මුදලාලි හාමිනේට පවසා තම බඩුවල ගාන කීයදැයි විමසා තිබේ. ඇය හොරෙන් ලබාගත් ද්‍රව්‍ය හා ඇය පැවසූ බඩුවල මිල ගණන් හදා මෙපමණ මුදලක් ගෙවිය යුතු යැයි පවසා ඇත. තමන් ගත් බඩුවලට එපමණ මුදලක් නොවන බවත් නැවත නිවැරදිව ගණන් හදන ලෙසත් ඇය එවිට පවසා තිබේ.
එහිදී මුදලාලි හාමිනේ පැවසුවේ ඔයා අහවල් අහවල් දේ අරගෙන මල්ලට දා ගන්නවා මම දැක්කා. වෙන කඩවලට ගිහිල්ලා කරන සෙල්ලම් මාත් එක්ක කරන්න බැහැ. ඔයා කඩයට ගොඩවෙන අවස්ථාවේ ඉඳලා මම ඔයා ගැන සෝදිසියෙන් හිටියේ. මම ඔයාගේ මල්ලේ තියෙන බඩු ටික අරගෙන පෙන්නන්නද? නෝනා නම්බු පිටින් ගත්තු බඩුවල සල්ලි දීලා යන්න යැයි ඒ වනවිට කඩයේ සිටි පිරිස ඉදිරියේ මුදලාලි හාමිනේ පැවසුවෙන් අදාළ මුදල ගෙවා ඇය වහා පිටව ගියේ කඩේ සිටි අයගේ සිනා හඬ මධ්‍යයේය. සිද්ධියෙන් පසු දින කීපයක් කඩයට නගරයට නොගිය ඇය එතැන් පටන් වෙළඳසල්වලට ගොඩවුණත් විනෝදාංශයට තිත තබා තිබිණි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මැඩම්ගේ විනෝදාංශය මාට්ටු වී මුදලාලි හාමිනේ රෙදි ගලවයි
de silva Friday, 11 November 2022 01:22 PM
ඔය පුරුද්ද මානසික රෝගයක්... ඕකට කියන්නේ ක්ලෙප්ටොමනි කියලා... දියුණු රටවල නම් ඔය ප්‍රශ්නය විසඳන්න තෙරපි ක්‍රම තිබෙනවා.