මහනුවර දෙයියන්නේවෙල බෝධියංගන මාවතේ පදිංචි තරුණියක සමඟ ‘‘ෆේස්බුක්’’ වෙබ් අඩවියෙන් හඳුනාගත් තරුණයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඔහුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පූජා කැර ඇතැයි මහනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
තරුණිය ‘‘ෆේස් බුක්’’ වෙබ් අඩවියේ සාමාජිකාවකි. ඒ හරහා ඇය සමඟ සම්බන්ධවීමට පැමිණියේ මලයාසියාවේ සේවය කරන බව කියන කඩවසම් තරුණයෙකි.
ෆේස් බුක් ඔස්සේ දහවල් හා රාත‍්‍රි පැවැත් වූ කතාබහ ආදර අන්දරයක් බවට පත්වීමට එතරම් කාලයක් ගත නොවීය.
ඒ අතරතුර එක්වරම තරුණියට දුරකතන ඇමතුමක් ලැබුණේ තමන් ලංකාවට පැමිණ සිටින බවත් මලයාසියාවෙන් රැගෙන ආ බඩු රේගුවෙන් පිටතට ගැනීම සඳහා අවශ්‍ය ශ්‍රී ලංකාවේ මුදල් තමන් සතුව නොමැති බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල් අවශ්‍ය බවත් ය.
ඒ අනුව තරුණිය ඔහුට මුල්ගම්පොල ප‍්‍රදේශයේ් බැංකුවකට එන ලෙස පවසා රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදල ලබා දී තිබේ.
ඉන් අනතුරුව ඔහු කොළඹ යන බව පවසා ගියත් කිසිදු තොරතුරක් නොවූ බැවින් ඔහුගේ ෆේස් බුක් ගිණුම සමඟ සම්බන්ධවීමට උත්සාහ කළත් ඔහු ඒ වන විටත් ඔහුගේ ෆේස් බුක් ගිණුම අවලංගු කර ඇති බව දැක ගැනීමට හැකිව තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මායම් 64රක් තිබුණත් කොල්ලෙක්ගේ එකකට අහුවෙනවා (අ)
නුවර මැණිකෙලා නම් එහෙම අහු වෙන්නෙ නෑ...අනිවාර්යෙන් මේ පාලි අක්කා ගෙ පළාතෙන් සංක්‍රමණය වුණු අක්කෙක් වෙන්න ඕනෙ. (අ)
අම්මෝ! කොළඹ කෙල්ලෝ මෙච්චර මෝඩ නැහැනේ බලාගෙන යනකොට.වැස්සකටවත් පාසල් ගිහින් නැද්ද කොහේද. (නි)
කුම්බලා මාළු කැවා නම් විඳවාපන් බළලෝ.(නදී)
අර සුජිත් කියනවා වගේ කෙල්ල කොල්ලගෙන් හූරගත්ත සල්ලිද දන්නේ නෑ.(නදී)
මේ කතාව සම්පුර්ණ කතාවක් නෙවෙයි. මේකේ මීට වඩා දේවල් ගොඩක් ඇති. මෙයා ලක්ෂ එකහමාරක් තියෙන කෙනෙක් කියන්නේ, මෝඩයෙක් නෙවෙයිනෙ. අනික මොන තරම් ආදරේ කලත් එකපාරටම මෙහෙම කරන්න එයාට කොයින්ද සල්ලි? අදහසක් දෙන්න බෑ හරියටම. කෝමහරි හෝරාව අල්ලාගෙන දඬුවමක් දුන්න නම් හොඳයි. (නදී)
මම බැලුවා මේ ප්‍රතිචාර ඔක්කොම. බොහෝ දෙනෙක් ඇයට බැන තිබුණා. නමුත් කල යුත්තේ අපද එයින් පාඩමක් ඉගෙන ගන්නා අතරම ඇයටද එවැනි මුලාවන්ට හසු නොවීමට කරුණු පැහැදිලි කර දීමයි.(නදී)
බලාගෙන ගියාම කෙල්ලෝ මෝඩයි. ඉක්මනට අහුවෙනවා. (නදී)
ඔහොම බොරුවකට අහුවෙන්න ඉතින් මොලේ උඩ වාඩිවෙන කෙනෙක් වෙන්න ඕන. (අ)
කොල්ලන්ගේ හැඩ වැඩ වලට කෙල්ලෝ රැවටෙනවා.ඒ වගේම කෙල්ලන්ගේ ඔමර, අඟර, දඟර වලටත් කොල්ලෝ රැවටෙනවා. මුදල් දීල බේරුනා ඇති. (අ)
තණකොළ සහ පුන්නක්කු කන්ට දෙන්ට සතියක් (අ)
කොම්පියුටරය තියෙන කාමරෙන් පිට ලෝකයක් දැකපු නැති උඩරට මැණිකේ කෙනෙක්! මෙයාට දෙමවුපියෝ වැඩිහිටියෝ කියල කවුරුත් නැද්ද. (අ)
කොහොමත් නුවර මැණිකෙලා සල්ලිකාරයොන්ට රැවටෙනවා වැඩි. අපේ ඔෆිස් එකේ ගෑනු ළමයෙක් කෝටිපති වලව් කාරයෙක් ව බැඳ.ගත්ත . දැන් ඒ කෙනාට ජොබ් එකක් වත් නැහැ. කියල තියෙන්නේ ඔක්කොම බොරු. ඒ ගෑනු ළමයත් සල්ලි පෙන්නුවම ඕන දෙකට රැවටෙන කෙනෙක්. (අ) .
මුණු පොතේ හොදට හොදයි.. නරකට නරකයි..පේනවනේ...(අ)
මුනුපොත ගැන මොනතරම් කතා කරනවද.එයින් සිදුවන අකටයුතුකම් ගැන මාධ්‍යය මගින් කොයිතරම් දැනුවත් කරනවද .එහෙම තියෙද්දිත් මේ තරම්ම රැවටෙන්නේ ආදරය අන්දයි කියන නිසාද? (අ)
ඔය පළාතෙ අය සුද්දට රැවටුනෙත් ඔය විදියට ම තමයි.(අ)
මෝඩ කෙල්ලන්ට හොඳවැඩේ
සල්ලි වලින් බේරුනු එක ලොකු දෙයක්. ජීවිතෙන් වන්දි ගෙවන කතන්දර ඇහෙන කාලයක්නෙ මේක. (අ)
කියනවට වඩා ලොකු දෙයක් වෙලා තියෙනවා. මෝඩකමට බෙහෙත් නැහැනේ.(නදී)
මෝඩ කෙල්ලන්ට හොද වැඩේ. (අ)
මෙපමණ මාධ්‍ය මගින් මේ හොරු ගැන දැනුවත් කලත් මේවට අහුවෙන්නේ මොලේ කළදක් වත් නැති අය.තරුණ ළමයි හිතන්නේ එයාල හැම දෙයක්ම දන්නවා කියල.වැඩිහිටියා දැනුවත් කලානම් මෙහෙම වෙන් නැහැනේ.මේවා හොද පාඩම්. (අ)