කඬේට පැන්න හොරාගේ අතේ තිබුණු පච්චයක් සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබීම නිසා හොරා අපහසුවකින් තොරව අල්ලා ගැනීමට කඩ හිමියාට හැකි වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
කඩ හිමියා රාත‍්‍රී වෙළෙඳසල වසාදමා එහි සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ක‍්‍රියාත්මක කර නිවසට ගොස් පසුදා අලූයම පැමිණ බලද්දී වෙළෙඳසැලේ දොරගුළු විවෘත කර තිබෙනු දැක ඒ ගැන සොයා බලා ඇත.
වෙළෙඳසලේ ලාච්චුවක තිබූ මුදල් හා වටිනා භාණ්ඩ සොරාගෙන තිබෙන බව වටහාගත් කඩ හිමියා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කරද්දී හොරෙකු ඇතුළු වී සිටි අයුරු දැක තිබේ.
සොරා මුහුණ වසාගෙන සිටි නිසා හඳුනාගැනීමට අපහසු වුවත් අතේ තිබුණ පච්චයක් හොඳින් සටහන් වී තිබූ නිසා කඩ හිමියා විමසිල්ලෙන් සිට ඇත. පසු දිනක එම පච්චය කොටා ගත් තරුණයකු වෙළෙඳසල අසල සිටිනු දැක පසුව පොලිසිය මාර්ගයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කරද්දී කළ සොරකම ගැන හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කියන්නේ සොරකම් කරලා කවදාවත් සැඟවිලා ඉන්න බැහැ කියලා (නි)
ඔලුව ඇතුලේ මොලයක් තියනවානම් පච්ච කොටා ගන්නේ නැහැනේ (බ)
පුහුල් හොරා කරෙන් දැනේ (නි)
"පුහුල් හොරා කරෙන් දැනේ" (ර)
පච්ච කෙටීම මොළේ නැති වැඩක් නොවෙයි සෑම්. මමත් පච්ච කොටලා තියෙන්නේ. හැබැයි මගේ හොරකම් කරන්න අදහසක් නැහැ. (නි)
පච්ච කෙටිල්ලටනම් මගෙත් කැමැත්තක් නැහැ , හැබැයි හොරකමට නම් කොහෙත්ම කැමතක් නැහැ , උපන් ලපයක් එක්ක ඉපදුන මට එකත් එක්කම මැරෙන එක හොඳයි අමුතුවෙන් හන ගහ ගන්නවට වඩා. (ර)
ඔක්කොටම වඩා වැදගත් අයිතිකරු ගේ විමර්ශනශීලී නිරීක්ෂණය. අපේ හුගක් අය බලන්නන් වාලේ බලනවා මිසක් ඔලුව පාවිච්චි කරලා බලනවානම් මේ රටේ මේ තරම් ප්‍රශ්න නෑ. අපේ අය තැන දීල තියෙන්නේ හැගීම් වලට මිසක් බුද්ධියට නොවේ. (බ)
කඩ හොරා පච්චෙන් දැනේ. (බ)