(තිහගොඩ උපසේන ලියනගම)
තරුණ වියේදී විවිධ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට ඇබ්බැහි වී සිටි ඔහු යහපත් පුද්ගලයකුවූයේ හොඳ බිරිඳක් ලැබීම නිසාය. ඇගේ මග පෙන්වීම අනුව හොඳ ජීවිතයක් ගත කළත් දරුවන් තිදෙනකු ලද පසු ඔහු යළිත් මත් ව්‍යාපාරවලට සම්බන්ධවන ලකුණු පෙනිණ. මේ ගැන දොස් කී බිරිඳට ඔහු කීවේ ‘‘ළිඳට වැටුණු එකා ළිං කටින්ම ගොඩ ආ යුතු’’ බවකි.
පසුගියදා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඔහුට උසාවියෙන් රුපියල් දස දහසක දඩයක් සමඟ සිව් වසරක සිර දඬුවමක් නියමවිය.
ඔහු බේරා ගැනීමට බිරිඳ ලොකු උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවූ තැන ‘‘දැං ඉතිං අවුරුදු හතරක් ආයෙත් ළිඳේම ඉන්න වේවි’’ කියා ඇය උසාවි භූමියෙන් පිටතට ආවේ කඳුළු සලමින්ලූ.
දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ගමකින් ඇසුණු පුවතකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. (නි)
බිරිඳගේ මහන්සිය වතුරේ ගියා වගේ. මගේ මතය නම් "මත්" වෙළදාමේ යෙදෙන්නේ කය හෝ සිත වෙහෙසිය නොහැකි අයයි. ..... (නි)
අපරාධ ජීවිත! කල්පාන්තරයකට පසු එක වතාවක් මිනිස්ලෝකෙට ඇවිල්ල අයෙත් නිරයටම යනවා! (ස)
පස්වන සිල් පදයෙන් කියන්නේ සුරාව සහ මත්ද්‍රව්‍ය මත්වීමට සහ ප්‍රමාදයට හේතුවන පරිද්දෙන් පානය කිරීමෙන් වලකිමි යන්නයි. නැතුව මේ අපේ අය ලෙහෙසියට කියන විදියට මඳ පමණට ගැනීම නෙවෙයි. තවත් ගැඹුරට අර්ථකථනය කලොත් ඒ කියන්නේ ප්‍රමාණය තීරණය කල හැක්කේ වෛද්‍යවරයෙකුට පමණයි කියන එකයි මඟේ හැගීම. (ස)
කිරි ගමරාල මහත්තයෝ, මත්පැන් පානය කිරීම ගැන ඔබ කැමති මතයක සිටින්න නමුත් බුදුරජානන් වහන්සේ පනවපු සිල්පද ගාව ගන්න එපා. බුද්ධ දේශනයට අනුව මොහොතක් හෝ ප්‍රමාද වන්නට නොවේ, වහ වහා දුකින් (සසරින්) එතෙර වීම සඳහාම වේ. සසරේ ප්‍රමාදවන කිසිවක් අදාළ නොවේ. (නදී)
කිරි ගමරාල බීමට හේතු සාධක සොයන්න, බීම සාධාරණීකරණය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා වගෙයි. බොහෝ බේබද්දෝ පස්වන සිල් පදය තමන්ට වාසිවෙන අන්දමට නිර්වචනය කරන්න උත්සාහ කරනවා.(ම)
පුවතේ කියවෙන තැනැත්තා කවුද (දිල්)
සරත් කොලුවෝ, ඔය රට රැකියාව වගේ නෙමෙයි මේ වැඩේ. මේ මන් කියන්නේ ඔලුවයී, ශරීරෙයි නැත්නම් ඔය වැඩේ මෙලෝ ජගතෙකුට කරන්න බැහැ (නදී)
එතනෝල් ද?. තියන්න හොඳ නෑ ඔය පෝරිසාදයා. හැබැයි ඉතින් නියම රටක් නං අර අසරණ පොඩි එවුන් ටික ගැනත් හොයල බලන්න වෙයි. මායියා ගැන ඕන වෙන එකක් නැහැ. හැබැයි එයා ගැන එයා බලා ගනියි. (නදී)
අහුවෙන්නේ හාල් මැස්සන්- එතනෝල්,කුඩු කන්ටේනර ගැන නැද්ද කතාවක් දැන් (නදී)