දකුණු පළාතේ එක් දිස්ත‍්‍රික්කයක් සඳහා ප‍්‍රබල දේශපාලන පක්ෂයකින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින මේ අපේක්ෂකයා සියළු දුෂිත වැඩ තරයේ ප‍්‍රතික්ෂේප කරන මත්වතුරට දැඩිසේ එරෙහි වූවෙකි.
පසුගිය දා මැතිවරණයේ ග‍්‍රාමීය මට්ටමේ දැනුම්වත් කිරීමකට තිහක පමණ කණ්ඩායමක් සමග ගිය ඔහුට දිවා ආහාරය සඳහා කල්තබාම ආරාධනා කොට තිබුණේ පාක්ෂික හිතවතකුගේ නිවෙසකටය.
මේ සියලූ දෙනා සමග ගෙට ගිය ඔහු පාක්ෂික හිතවතා සමග කාමරයේ කතාබහ කරමින් සිටි අතර අනුගාමිකයන් කිසිවකු ඒ අසල සිටියේ නැත. මේ පිළිබඳව විමසමින් ගේ පිටුපසට ගිය ඔහුට තරු පෙනිණ.
ඒ තම කණ්ඩායමේ වූවෝ එක පොදියට මත්වතුර තොල ගාමින්, බයිට් වර්ග කමින් හා දුම් දමමින් සිටි අයුරු දුටු හෙයිනි. ජංගම දුරකතනයට හදිසි ඇමැතුමක් ආ බව පවසමින් ගෙහිමියාගෙන් සමුගත් ඔහු වාහනයට නැග එය පණගැන්වූ අතර ඔහු ආපසු නොපැමිධෑම ගැන ගෙහිමියාත් අනුගාමිකයෝත් අන්දමන්ද වී සිටියාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිය ප්‍රතිපත්ති වලට එකඟව වැඩකරන නියම අවංක දේශපාලන අපේක්ෂකයෙක්. (ම)
දේශපාලනය ජරාජීර්ණවීමට ඡන්දදායකයන්ද වගකිවයුතුය (නි)
මෙවැනි දේශපාලකයෙක් ලංකාවේ සිටීම ගැන සතුටුවෙමි (නි)
මතට තිතයි තිතට මතයි මාරුවෙලා ඇති! (අ)
ඒ අපේක්ෂකයා හඳුනා ගැනීමට ඉඟියක් දුන්නනම් මතට තිත කැමති අයගේ ඡන්දය ලැබෙන්න පුළුවන්. (අ)
මා දන්නා තරමින් සියලු දුෂිත වැඩ තරයේ ප‍්‍රතික්ෂේප කරන මත්වතුරට දැඩිසේ එරෙහි දේශපාලකයින් ඉන්නේ ජේවීපියේ පමණයි. (බ)
මත් පැන් නැති රටක් ලංකාව, මගේ අම්මේ 'කවදා බිහිවෙයිද ? (නදී)
ධම්ම හරි කියලා මාත් හිතනවා. (නි)
මගේ පවුලේ සියලුම දෙනා මෙවර කැමැත්ත දෙන්නේ ජේ වී පි යටයි. වෙනසකින්ම වෙනසක් දැකීමේ ආසාවෙන් අපි එහෙම තීරණයක් ගත්තෙමු (නදී)
සුරාවෙහි අගයත්, එහි ඇති මිහිරි රසයත් එය බොන අය මිස නොබොන අය නොදනිති (නි)