ටීචර් ”මත්තල” තියෙන්නේ කොහේදැයි සිසුවියක ගුරුවරියකගෙන් ඇසුවාය. දෙසැම්බර් 25 වැනිදා යැයි ඇය උත්තර දුන්නාය. මේ දෙබස් ඇසුණේ සියනෑවට යාබද ගම්මානයක උපකාරක පන්තියකදීය.
ලබන වසරේ පහේ කඩඉමෙන් පන්නන්නට පැවැත්වෙන උපකාරක පන්තියකි. ප‍්‍රසිද්ධ පාසලක සේවයේ නිරත ගුරුවරියක මෙහි උගන්වන්නීය. ඇගේ සේවය ලබා ගන්නට එන්නේ ඇගේ පාසලේ දරුවන් පමණය. ඔවුන් එන්නේද කැමැත්තකින් නොවේ. ඇගෙන් මවුපියන්ට කෙරෙන බල කිරීමට තම දරුවන් එවන්නේ ගුරුවරිය අමනාප කරගන්නට බැරි නිසාය.
රටතොට ගැන හොඳ දැනුම් තේරුම් ඇති දරුවෝද මේ පන්තියේ සිටිති. ගුරුවරිය පන්තියෙන් ඉවතට ගිය විටකදී දරුවෙක් තම දැනුම පෙන්වන්නට වූයේය. ලංකාවේ ගුවන් තොටුපළවල් මොනවාද ඔහු අනෙක් අයට කියා දුන්නේය. දිවයිනේ අලූත්ම ගුවන්තොටුපළ මත්තල ඉදිකෙරෙන බවද ඔහු සගයන්ට කීවේය. මත්තල ඇත්තේ කොහිදැයි ඔහු කියන්නට නොදැන සිටියේය.
ඒ ගැන ටීචර්ගෙන් අහමු යැයි දැරියක් කීවාය. ඒ අනුව ඇයගේ ප‍්‍රශ්නයට ගුරුවරිය උත්තර දුන්නේ දෙසැම්බර් 25 වැනිදා කියාය. අනේ ටීචර් එදාට නත්තල්නේ. ගුවන් තොටුපළක් හදන මත්තල තියෙන තැන අපි දන්නේ නැහැ. දරුවන් ඇයට කියද්දී මන් දන්න මත්තලක් නැහැ. මේ ළමයින්ටත් ඕන නැති දෙයක් නැහැ පාඩම බලාගන්නවාලා කී ගුරුතුමිය වේවැල අතට ගත්තාය. දරුවන් එන තුරු එළියට වී සිටි මවුවරුන් දෙදෙනෙකුට මේ කතාව ඇසුණු නිසා දැන් කටින් කට යද්දී මේ ගුරුවරියට ”මත්තල ටීචර්” යැයි නමක් පටබැඳී අවසන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්ට, යන්නේ කොහෙද? ගම ගාල්ලෙ... (නි)
අනෙක් අය ගැනත් හරියට හොයලා බැලුවොත් මුකුත්ම දන්නෙ නැහැ. (නි)
හරියට මහදැන මුත්තෝ වගේනේ කට්ටිය ටීචර්ට බණින්නේ. (නි)
සුභ අනාගතයක් අපේ දරුවන්ට! (නි)
කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා ගුරුතුමාගෙන් අහපු කතාව මතක් වුණා මට. (නි)
ශල්‍යකර්මයක් කියලා ලියන්නේ කොහොමද කියලා ඇහුවහම එක ගුරුවරයෙක් කිවුවලු, "එහෙම කරුමයක් නැහැ ළමයිනේ. ඒක දොස්තරලා හදාගත්ත එකක්. ඒක නිසා සල්ලි කරුමයක් කියලා ලියන්න කියලා" (නි)
අපේ රටේ දැන් ඉන්න හුගක් ගුරුවරු මෙහෙම තමයි. (නි)
මත්තල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය පැත්තේ. (නි)
මත්තල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, උඩ මලල ගමට සහ මොනරාගල දිස්ත්‍රික් මායිමේ. මම හම්බන්තොට උපන් දා සිටම ජීවත් වුණත් මේ ගුවන් තොටුපල හදන්න පටන් ගන්නකම් දැනගෙන හිටියේ නැහැ මත්තල කියලා ගමක් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළේ තියෙනවා කියලා. පසුව හොයලා බලද්දී හම්බන්තොට නගරයේ ඉන්න 90% දෙනෙක්ම දැනගෙන ඉදල නැහැ මත්තල ගැන. එහෙම එකේ ඈත පළාත්වල ඉන්න අය කොහොම දැනගන්නද ? (නි)
කාට කාටත් පොඩි පොඩි වැරදීම් සිදු වෙනවා, ගණන්ගන්න එපා (ස)
ටීචර්ට හරියට ඇහිලා නැතුව ඇති නේද? (නි)
ගුරුවරුන් බොහෝ දෙනෙකුට ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් නොව දේශපාලනික සුදුසුකම්ය. (නි)
සිල්වා, ඒ ප්‍රශ්නය ඔයාගෙන්ම තමයි අහන්න ඕන (ස)
සිල්වාට මොකද වෙලා තියෙන්නේ (ස)
සරත් කියන දේ ටිකක් හරි (ස)
සිල්වාට මුකුත් කියන්න එපා. එයා දේශපාලන පත්වීම් ලැබූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙන්න ඇති. (නි)
මත්තල 25 සුනාමිය 26(නු)
කොහොමද ටීචර්ගේ ටිකිරි මොළේ? (නි)
අපේ සර් වගේමයි. (නි)
මෝඩයි නම් ඒ මනුස්සයා ගුරුවරයෙක් වුණේ කොහොමද කියලාවත් හිතන්න සමහර මෝඩයින්ට තේරෙන්නෙ නැති හැටි? (නි)
දේශපාලන පත්වීමක්ද ?? (ස)
ගුරුවරියගේ කන් ඇසෙනවා අඩුද දන්නෙ නැහැ. (නි)
නිරය යනු පුවක් කපන උපකරණයයි...තවත් ගුරැවරියක් කිවුවලු..ළමයින්ට දෙයියෝ සාක්කි නෙමෙයි දෙවි පිහිටයි..!(නු)
යන්නෙ කොහේද මල්ලෙ පොල්... (නි)
කොම්පඤ්ඤවීදිය කියලා ලියන්න බැරි ළමයින්ට මැලේ වීදිය කියලා ලියන්න කියලත් පරණ ගුරුතුමෙක් කිවුවලු. (නි)
අනේ, ඒ අම්මලත් මත්තල ගැන දන්නෙ කොහොමද දන්නෙ නැහැ? (නි)
ළමයා ප්‍රශ්නය අපහදිලිව අහන්න ඇති... අනික එදිනෙද ජීවිතයේදී අපට විවිධ දේවල් වෙනස්ව ඇසෙනවා... ඒක සාමාන්‍ය දෙයක්.... මේක මහ දෙයක් නොවේ.... (ස)
මේක විහිලුවකට ගන්න එපා. ගුරුතුමිය නොදන්නවා වෙන්න පුලුවන්. (නි)
ගුරුතුමිය කියලා තියෙන්නේ ඇත්ත. දෙසැම්බර් 25 නත්තල නෙමෙයි, මත්තල තමයි. (නි)
ගුරුවරිය ගැන දන්නා දෙමවුපියන් ඇයි නිහඩ? (නි)
සෑම්, ඔයත් මත්තල ගුරුවරයෙක්ද? (නි)
මත්තල ගුරුතුමියගේ පිත්තල මොලේ..!(නු)
පොඩි ළමයිනේ සමහර විට කියන දේ හරියට ඇහෙන්නේ නැතිව ඇති. (ස)
අපි ඉස්කෝලේ ගිය කාලේ ගුරුවරු දන්නෙ නැති දෙයක් ඇහුවොත් "දන්නෙ නැහැ, හොයලා කියන්නම්" කියලා,පහුවෙනිදා කියල දෙනවා. ගුරුවරයෙක් ඔක්කොම දැනගන්න ඕනෑ නැහැ. දන්නෙ නැහැ කියන්න ලජ්ජා වෙන්න ඕනෑත් නැහැ. (නි)
මත්තල ඉන්නේ අපේ ගෙදෙට්ට එහා පැත්තේ. ඒ මහත්තයාගේ නමත් මත්තල තමයි. හැමදාම හවසට ඒ මහත්තයා මත්වෙලා ඉන්නේ. (නි)
ගුරුවරුත් අපි වගේ තමයි. එයාලා ගුරුවරු වුණා කියලා සියල්ල දත් අය නෙමෙයි. (නි)
පිපිඤ්ඤා කියලා ලියාගන්න බැරි ටීචර් කෙනෙකුත් කිවුවලුනේ කැකිරි කියලා ලියන්න කියලා. (නි)
ළමයින්ටත් ඕන්නැති දෙයක් නැහැ (දී)
නොදන්නා දේවාලයට වදින්න ගියේ මොකටද (දී)
හරියටම තැන තියෙන්නේ කොහේද ඇත්තටම? (නි)
දන්නවා වැඩි ,වෙලාද මන්දා (දී)