තලාතුඔය ටී .එච්. සරත්
අවමංගල්‍ය උත්සවයක් වෙනුවෙන් මහමඟ දෙපස සිටුවා තිබූ කොඩි කණුවක් මත්පැන් පානයට මුදල් සොයා ගැනීම සඳහා රහසේ ගලවාගෙන ගොස් කැබලිවලට කපා විකිණීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය, මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ.
එය තලාතුඔය, මාරස්සන ප්‍රදේශයේ මළ ගෙදරකි. අවසන් කටයුතු පැවැත්වෙන දින මඟ දෙපස සුදු කොඩි දමා සැරසුවේ ප්‍රදේශයේ මරණාධාර සමිතිය මගිනි. ප්‍රදේශයේ තරුණ පිරිස මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ.
එදින සවස් යාමයේ එක් ස්ථානයක සිටුවා තිබූ කොඩි කණුවක් අතුරුදන්ව ඇති බව තරුණ පිරිසට පෙනී ගියෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පිරිස උනන්දු විය. ගැල්වනයිස් බටවලින් සැකසූ කොඩි කණු අඩි හයකට වඩා උසින් යුක්ත වන අතර සෑහෙන බරකින් ද යුක්ත බැවින් රැගෙන යාම එතරම් පහසු නොවන බව තරුණ පිරිස ද දනිති. ඒ නිසාම ඔවුන් කළේ ගමපුරා විමසුම් කටයුතු ආරම්භ කළේ මළ ගෙදරකට කොඩි කණුවක්වත් සිටුවන්න බැරි තරම් ගම පිරිහෙලා දැයි සැකයෙන් යුතුවය.
මේ අතර ඔවුන්ට ගමේ සිටින සුරා ලෝලියකු පිළිබඳව සැකයක් ඇති වුණේ ඔහුගේ කල්ක්‍රියාව පිළිබඳව දන්නා හෙයිනි. ඔහුගේ ගමන් බිමන් පිළිබඳව විමසිලිමත්වීමේදී ගමන් මල්ලක යමක් දමාගෙන නගරය දෙසට යන ඔහු දැක පරීක්ෂාවට ලක් කළහ.
කැබලි කිහිපයකට කැපූ ගැල්වනයිස් බටය ගමන් මල්ලේ තිබී හමුවීමත් සමග ඔහු අල්ලා ගෙන මරණාධාර සමිතියේ ප්‍රධානියා වෙත ගෙන ගිය අතර, සියලු දෙනා එක්ව ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඔහු පැවසූවේ “අනේ බුදු මහත්තයෝ දවස් තුනකින් රා කට්ටක් බිව්වේ නෑ, ඒකයි කොඩි කණුවක් කැපුවේ, සමාවෙන්න ” යනුවෙනි .
විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ මරණාධාර සමිති ප්‍රධානියා “තෝ මැරුණත් අපි කොඩි දානවා, එහෙව් එකේ ඇයි යකෝ කොඩි කණුවක් කපන්නේ ? ගමේ හැමෝටම තියෙන පොදු දේපළක් මේ. දවස් දෙකක් දෙනවා කොඩි කණුවක් ගෙනත් දීපන්, නැතිනම් පොලීසියට යනවායි ” පවසා තිබේ.
‘ගම පිරිහෙන හැටි දැකලා මට මේ සුබසාධක වැඩත් එපා වෙලා’ යි පැවසූ විශ්‍රාමික විදුහල්පතිවරයා ‘මෙයාට කවුරුත් ගහන්න එපා’ යයි පවසා තරුණ පිරිස පිටත්කර හැරියේය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කිරීමට ඔහු පියවර ගත්තේය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්පැන් වඩියට මළ ගෙදර කොඩි කණුවත් හිලව් කරගෙන