ආරක්ෂක නිලධාරියා බැරියරය ඔසවා මෝටර් රථය ආයතනය තුළට ඇතුළුවීමට සැලැස්වීය.
රථය ඉදිරියට ගොස් නැවැත්වූ අතර එතැනට පිවිසි ආරක්‍ෂක නිලධාරියාට දක්නට ලැබුණේ අව් කණ්ණාඩියක් දමාගෙන ටයි පටියක් පැළඳ සිටි මහත්මයෙකි. ” මාව හඳුනනවාද?”
මහතා ආරක්‍ෂක නිලධාරියාගෙන් විමසීය. ”නැහැ සර්” හෙතෙම කීය. අව්කණ්ණාඩිය ගැලවූ මහතා දුටු ආරක්‍ෂක නිලධාරියා ”හලෝ මචං සෙනේ උඹ කොහේද මෙහෙ” යනුවෙන් විමසීය. ”මම පස්සේ හමුවෙන්නම්” පැවසූ මහතා, කාර්යාලයට පිවිසියේය. ”කව්ද අයියා එයා” අනෙක් ආරක්‍ෂක නිලධාරියා විමසීය.
”මාත් එක්ක එකම පන්තියේ හිටපු යාළුවෙක්” කැම්පසුත් ගියා. හෙතෙම පැවසීය. පැයක් ගතවිය. කඩිමුඩියේ යතුරුපැදියකින් පැමිණි සංචාරක නිලධාරියා ආරක්‍ෂක නිලධාරියාට කථා කොට, ”ඉක්මනට ෂර්ට් එකක් දාගෙන ඇඳුම් බෑගයක් අරගන්න” යැයි පැවසීය.
ආරක්‍ෂක නිලධාරියාව යතුරු පැදියේ නංවාගත් සංචාරක නිලධාරීයා පිටවිය. මොකටද සර් මාව අරන් යන්නේ, ආරක්ෂක නිලධාරීයා පුදුමයෙන් විමසීය. ” මෙහෙ සර් කෙනෙක් එක්ක ඔයා කථා කළාද? සංචාරක නිලධාරියා ඇසීය.
ඔව් සර් මගේ ක්ලාස් මේට් කෙනෙක් හම්බවුණා. ඔහු පැවසීය. ”එයා මෙහෙට අලූතෙන් ආපු ඩිරෙක්ටර් කෙනෙක්. එයා අපේ ඔෆීස් එකට කෝල් කරලා. අඳුනන කෙනෙක් සෙකියුරිටි එකේ ඉන්න එක එයාට හොඳ නැහැලූ. ඒ නිසා ට‍්‍රාන්සර් කරන්නලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්ෂක මහතා හරි. දැන හැඳුනුම්කම් ඇති අයෙක් ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිටීම දෙදෙනාටම ප්‍රශ්න ඇතිවිය හැකි තත්වයක් . එය වළක්වා ගැනීම පිණිස ගත්තාවූ නිවැරදි තීරණයක්. ඔහු රැකියාවෙන් නෙරපුවා නොවේ !!අධ්‍යක්ෂක මහතා මිතුරාට පුද්ගලිකව කරුණු වටහා දුන්නා නම් තරමක් හොඳයි (නි)
බටහිර රටවල පමණක් නොවෙයි අසියවෙත් දියුණු රටවල වෘත්තීය සමානාත්මතාවය තිබෙනවා. එකට හේතුව හැමදෙනාම පුද්ගලික ජීවිතය හා වෘත්තීය ජීවිත පැහැදිලි ඉරකින් වෙන්කරගෙන සිටීම. ලංකාවේ පමණක් නොවෙයි දකුණු අසියනු සමාජයේ තිබෙන බැඳීම් වැඩි සමාජයක එහෙම අමාරුයි. (හේ)
සිකුරිටි මචං කියන කොට ලොක්ක කොහොමද වැඩ කරන්නේ ..(හේ)
ඉතින් එයාමනේ මුලින්ම කණ්ණාඩියත් ගළවලා එයාට කතාකරලා තියෙන්නේ (නි)
මම පොඩි කාලේ මගේ පන්තිබාර ගුරුවරිය වුණේ මගේ නැන්දා. අම්ම මට කිව්වේ පාසල ඇතුළේ කිසිම දවසක නැන්දා කියලා කතා කරන්න එපා කියලා. මම ඒක අවුරුදු දහයක්ම රැක්කා. (නි)
මෙයාලා කැම්පස් ඉන්න කල් පීඩිත පන්තිය ගැන කිය කියා උත්ගෝෂණය කරන්නේ. උපාධි අරන් උසස් නිලතල ගත්තට පස්සේ පීඩිත පන්තියමයි හුරගෙන කන්නේ (නදී)
ඔය ලොක්කෝ හරිම මෝඩයි. ඔවුන් හිතාගෙන ඉන්නේ ඇඳුම ඇන්දහම ලොකු මිනිස්සු කියලා. කතාකරන්න දන්නේ නැහැ. (නි)
සමන්ගේ කතාව ඇත්ත. සමහර පදනමක් නැති උපාධිධාරීන්ගේ තත්වය ඔහොම තමයි. නිර්ධන පන්තිය ගැන දොඩවන ඊනියා සමාජවාදීන්ගේ සැබෑ තත්වය ඔහොම තමයි. (නි)
ලංකාවේ පහත් මානසික මට්ටම නිසා මේවා සිදුවෙනවා. මෙතන දෙන්නම වැරදියි. කරුණු තේරුම් කරගෙන යහළුවෝ දෙන්නට එකට රස්සාව කරන්න තිබුනා (නි)
ඕකට ඩෝං යනවා නම් කණ්ණාඩි දෙක ගළවලා කතාකළේ මොකද? (නි)
බටහිර රටවල්වල සදාචාරය සංස්කෘතිය පිරිහීගෙන ගියත් සමානාත්මතාවය තියනවා ආසියාවට වඩා. ඕනෑම පාලකයෙක්ට ඔවුන් අමතන්නේ නම කියල එකට අපේ සමහර අය. ලංකාවෙදි වගේම මෙහෙදිත් එකට වැඩකලාට ටිකක් පට්ටම ඉහලනම් එකට කන්නවත් ඉඳගන්නෙ නෑ. (ර)
කිතුල්ගොඩ මහත්තයා දන්නවනේ අපේ සමහර අය ඕනෑවට වැඩිය ළංකර ගත්තහම ඔලුවට උඩින් පියාසර කරගෙන යන හැටි!!! (නි)
ලංකාවේ සමහර මිනිසුන්ට හිතවත්කම් පාන්න ගියාම රාජකාරිය කරන්න අමාරුයි (නි)
ඒ වුණාට හැමෝම එහෙම නැහැ (නි)
ඕක මොකක්ද? මාත් එක්ක එකට පාසල් ගිය කෙනෙක් සංස්ථාවක සභාපති වුණාට පස්සේ මාව හඳුනන්නේ නැහැ කිවුවා. (නි)
නිලය බලය ළග අපිට වෙනස් වෙන්න වෙනවා. යතාර්ථය ඒක(දිල්)
එකෙක් කපලා ඉස්සරහට යන්න 5 වසරටත් කලින් ඉදන්නේ උගන්නන්නේ...එකේ ප්‍රතිපලයක් තමයි ඔය...පොඩි එවුන්ට දැන් ඉදන් ම මනුස්සකම කියන එක උගන්නන් ඕන..නැත්නම් අනාගතේ දී උගත් තිරිසන්නු බිහිවෙයි.(හේ)
හැමෝටම පාඩමක් (බ)
දෙන්නම කතා කරල වර්තමාන වෘත්තීය පසුබිම හා ආයතනික පරිසරය පිළිබද දෙන්නම එක ස්ථාවරයකට ආවා නම් ආරක්ෂක ජොබ් එකත් දෙදෙනාගේ මිතුරුකමත් රඑක ගන්න තිබුන කියල මට හිතෙනවා..(අ)
මේක ලංකාවනේ.අතීතයෙත් මේ වගේ දේවල් අපි අහලා තියෙනවා.(හේ)
මේ දෙන්නට දෙන්න අඳුන ගෙන මචං කියල කතා නොකර තම තමන්ගේ මට්ටම් අනුව වැඩකරගෙන ඉන්න තිබුණා. මා සමග එකට වැඩ කරපු මම මචං කියපු අය අපේ ප්‍රධානින් වුනාම මම කවදාවත් යාළුකම පෙන්නුවේ නෑ කාර්යාලයේදී. මම විශ්‍රාම ගත්තත් තවම නම විතරක් කියලවත් කතා කරන්න යන්නේ නෑ. හැබැයි අපි අතර තියන යාළුකම එහෙමමයි. .(දිල්)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
රාජකාරිය දේවකාරිය වේ - යාලු-මිත්‍රකම් නැත්නම් නැතිදා (නි)
ලංකාවේ අපේ මිනිස්සු ඔහොම තමයි. ඕක දේශපාලනයේත් තිබෙනවා. ආකල්ප වෙනසක් අවශ්‍යයි (නදී)
හොද පාඩම ආරක්ෂක නිලදාරියට. කට පියාගෙන හිටියා නම් හරිනේ. කට හින්දලු මාළුවත් නසින්නේ. (නදී)
හොඳ කතාවක්. (ර)
යාලුවෝ යාළුකම් රාජකාරියෙන් පිට තියාගන්න ඕනේ. මේක කරපු විදියනම් අන්තිමයි. එත් එකම තැන ඉන්න එක හොද නැහැ. අනෙක උසස් වීම් එකම ආයතනේ ගත්තත් මේ වගේම ප්‍රශ්න වෙනවා. (ර)
අනේ මන්දා සල්ලි, තනතුරු නම්බුව නිසා මිනිස්කම දියවී යන හැටි අපේ මේ ධර්මද්වීපයෙන් (නදී)
දුකයි තමා. ඒත් ඉතින් ලොක්කට මචන් කිවූවම ලොක්කගේ තැන ගැනත් හිතන්න එපැයි. (ර)
මගේ වැඩිහිටි මිතුරෙක් ඉන්නවා දොස්තර කෙනෙක් වුණා. දවසක් තාත්තට බෙහෙත් ගන්න ගියාම යාළුවා රෝහලේදී මුණගැහුණා. එත් මම මචං කියල පුරුද්දට කියවෙන්න ගියත් අමාරුවෙන් ගිල ගත්ත රෝහල් සේවකයන් ඉස්සරහ සෙරෙප්පු කටු දෙකක් දාගෙන පොඩි වෙලාවකට මිතුරුකම් පවත්වන්න ගිහින් හැමදාම වැඩකරන රෝහලේ දොස්තර අපහසුතාවයට පත්කළයුතු නැති නිසා .(දිල්)
නියමයි ක්ලාස් මේට්ට සළකපු විදිය (නි)
මටත් ඔවැනිම දෙයක් වුණා, උසස් තනතුරක් දරන මගේ යාලුවෙක් වැඩකරන තැනකට ගිහින්. එදා නම් මට සෑහෙන හිත රිදුනා. (නි)
මිතුරා හතුරා වීමට වැඩි වෙලාවක් යන්නේ නැත (නි)
මම වැඩකරන ආයතනය අයිති අය කෝටිපති ව්‍යාපාරිකයෝ නම් කිසිම ආඩම්බරකමක් නැහැ. සේවකයෝත් එක්ක එකට කන්නේ. හරිම නිහතමානී අය. ඒකට ලංකාව. (නි)
මොවුන් දෙදෙනාගෙන් පළමුව අං තට්ටුව එළියට දමා ඇත්තේ අධ්‍යක්ෂකවරයායි. ඔහු මෝහයෙන් පිරි පුද්ගලයෙකි. (නි)
එයාගේ ඩිරෙක්ටර්කම එයා ළඟ තිබුනාවේ. ඔලුව ඉදිමුනාට මනුස්සකම බිංදුවයි. පිටට තට්ටුවක් දමලා කියන්න තිබුනා මම තමයි ලොක්කා, මම පසුව උසස් කිරීමක් කරන්නම් කියලා (නි)
මේ රටේ නම් ඔය පන්ති බේදය නැහැ.මෙහි පෙර සිටි අගමැතිවරියගේ සැමියා බාබර් කෙනෙක්. එයා ඒ ගැන පහත් ලෙස සැළකුවේ නැහැ. ඔහුගේ රැකියාව ගැන අනිත් අයට කියන්න ලැජ්ජා වුණෙත් නැහැ. (නි)
මේවා වැඩවසම් ආකල්ප උනත් ආයතනයක පරිපාලනය නිසි පරිදි කරගෙන යන්න නම් රාජකාරි වෙලාවලදීවත් බාහිර දැන ඇඳුනුම් කම් වලට යම් සීමාවල් තබාගත යුතුයි. (ම)
මේවා වැඩවසම් ආකල්ප උනත් ආයතනයක පරිපාලනය නිසි පරිදි කරගෙන යන්න නම් රාජකාරි වෙලාවලදීවත් බාහිර දැන ඇඳුනුම්කම් වලට යම් සීමා තබාගත යුතුයි.(දිල්)
ඔය උණු දේ තමයි වෙන්න ඕනි.යාළුකම් වෙනයි.රැකියාව වෙනයි .පිටදී ඕනි දෙයක් බැරිනම් , එත් තමන් වැඩ කරන තැන අධ්‍යක්ෂකට යාලුවෙක් උනත් මචං කියපුවාම මොකක්ද තත්වේ.කොයි දෙකත් සීන්මාවක් තියෙනවා .(ම)