IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මිතුරු පාටිය කිල්ලට හසුනොවූ ඌරු මස් බයිට් එකක්

පාටියකට පිසූ ඌරුමස් බයිට් එක ත්‍රිරෝද රථයේ රැගෙන යාමට අකමැතිවූ මිතුරෙකු සූර්වීමෙන් පසු ඌරුමස්වලට දැක්වූ ලෙන්ගතුකමක් හොරණ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තක්ෂිලාවකි. මෙහි සේවය කරන කීප දෙනෙකු එකතුවී සාජ්ජයක් දැමීමට තීරණය කෙරිණි. පසුව ඔවුනොවුන්ගේ එකඟතාව අනුව දිනයක් අවශ්‍ය බෝතල් ප්‍රමාණයත් එයට අවශ්‍ය කටගැස්මත් බෙදා හදාගෙන එළැඹි දිනයේදී එකතැනකට එක්වීමට සවස් වරුවෙහි සූදානම් විය.


මිතුරන් කීපදෙනෙකු තම හිතවතාගේ ත්‍රිරෝද රථයක යාමට තීරණය කළේ ඔහුද එම සාජ්ජයේ කොටස් කරුවෙකු හෙයිනි.


‘මචං අපිත් එනව ටවුමට උඹේ ත්‍රීවිල් එකට එකක් අරන් වරෙන්. අපි බාර් එක කිට්ටුව ඉන්නවා’.


පස්වරු හයට පමණ ත්‍රිරෝද රථය පැමිණි පසු එයට ගොඩ වුණේ උජාරුවෙනි. ත්‍රිරෝද රථය පනගන්නවා යාමට සූදානම් විය. අනේ මචං පොඞ්ඩක් හිටපන් මගෙ ඌරුමස් බයිට් එක කඩෙන් තිබ්බ ඒක ගන්න අමතක වුණා. පට්ගාලා අරන් එන්නම් කිව් මිතුරා ක්ෂණයකින් ත්‍රිරෝද රියෙන් පැන දුව ගොස් අසල තිබූ වෙළෙඳ සැලකින් පාර්සලයක් රැගෙන ආපසු හැල්මේ දුව විත් රයිට් රයිට් යමු මචං කීවේය.


මේ මේ ඌරුමස් අරගෙන නම් මේ ත්‍රීවිල් එකට නගින්න එපා මේක දෙවියන්ට භාර කරපු එකක්. කිලිවලට අහුවෙනවා. දෙහිපන්නල දින දෙකයි.


නගින්න  නම් එපා මගෙ සල්ලි වතුරෙ තමයි කියමින් මිතුරා කෑ මොර ගෑවේය. ගමන යන්නත් ඕනි. බයිට් එක ගෙනියන්නත් ඕනි. වැඬේ කෙරෙන්නත් ඕනි.


මොවුන් අතරේ සිටි තවත් මිතුරෙක් හඬ අවදි කළේය. හරි උඹ කියන්නෙ ඌරු මස් ඇතුළට ගන්න එපා කියලානෙ. අපි ඒක එළියට වෙන්න අල්ලගෙන යන්නම් වැඬේ හරිනෙ. යාන්තම් ත්‍රිරෝද රථ මිතුරා එකඟ කර ගත් පරිදි පිටතට සිටින සේ ඌරුමස් පාර්සලය රැගෙන ත්‍රිරෝද රියෙන් අදාළ ස්ථානයට ගියේය.


සියලුම මිතුරෝ එක් රොක් වී රැගෙන ආ බෝතල් හිස් කළහ. ආපසු යාමට තීරණය කළේ රෑ බෝවී ඇති හෙයිනි.


මේ අතරතුර ත්‍රිරෝද මිතුරා හිස් බෝතල් ටික ත්‍රිරෝද රථයට දමා ගත්තේය. ඒ අතරතුර ඉතිරිව තිබූ කට ගැස්මද ලහි ලහියේ පාර්සල් කර ත්‍රිරෝද රථයේ පිටුපසට දැමීය.


මේ පාර්සල් අතර කිහිප දෙනෙකු පමණක් ත්‍රිරෝද රථ මිතුරා ඇතුළුව ඌරු මස් බයිට් කෑම නිසා ඉන් බාගයක් පමණ ඉතිරිවී තිබුණි. එම ඌරු මස් ටිකද ත්‍රිරෝද රථයේ පිටුපස දමාගෙන පැමිණි මිතුරන්ද හොරණ නගරයෙන් බස්සවා ත්‍රිරෝද රථ මිතුරා ගෙදර ගියේය. මේ බව සෙසු මිතුරන් ඇහ ගහගෙන සිටියේය. දින දෙකකට පසු මේ මිතුරන්ගෙන් ඌරුමස් බයිට් රැගෙන පැමිණි මිතුරා ත්‍රිරෝද රථ මිතුරාට දුරකථන ඇමතුමක් දුන්නේය. මචං අර බයිට්ස් ටික හිස්ද? ඔවු මම මස්සිනත් එක්ක ඊයෙ සවස ඒකත් ඉවරයක් කරලම දැම්මා.


කොක් හඬතලා සිනාසුනු මිතුරාගේ දුරකථනය විසන්ධි විය.


රාජකාරියට වාර්තා කිරීම අනිවාර්යය. රාජකාරි ස්ථානයේදී ඌරුමස් කතාව ප්‍රචලිත විය.


සූර්වීමෙන් පසු කිලි නැති ඌරුමස් රැගෙන ගිය ආකාරය පෙර පසු ක්‍රම පිළිබඳව කතාවිය.


ලැජ්ජාවට පත්වූ ත්‍රිරෝද රථ මිතුරා දින කීපයක් නිවාඩු ලබා සිටියද රැකියා මුරයට වාර්තා කිරීම නොකළ හැක්කකි.


පැමිණි පසු මුළු කාර්යාලයටම ඔහු බයිට් එකක් විය.


(හංවැල්ල එච්.එස්.ඒ. නන්දන)



අදහස් (0)

මිතුරු පාටිය කිල්ලට හසුනොවූ ඌරු මස් බයිට් එකක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 493 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 932 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 875 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1160 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9503 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site