යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කෙරෙහි දැඩි විශ්වාසයකින් සිටි වෙළෙන්දකු මරණ පරීක්ෂකවරයකු බව නොදැන කෙටිකලක් ඇසුරු කළ අයකු මරණ පරීක්ෂකයකු බව දැන ගැනීමෙන් පසු ඔහු එළවා දමා වෙළෙඳසැල සෝදා පිරිසිදු කළ පුවතක් මහනුවරින් වාර්තාවේ.
ඔහු මහනුවර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. දිනක් මහනුවර නගරයේදී පුද්ගලයෙකු හමුවී කතා කිරීමෙන් පසුව හිතවත්කමක් ගොඩනැගුණි.
හඳුනාගත් පුද්ගලයාද සමාජශීලි පුද්ගලයකු වූ බැවින් ලද සෑම අවස්ථාවකම අලූත හඳුනාගත් පුද්ගලයාගේ වෙළෙඳ ආයතනයට ගොඩ වී කෙටි වේලාවක් සතුටු සාමීචියේ යෙදීමට පුරුද්දක් කරගෙන සිටියේය.
දිනක් වෙලඳසැල් හිමියා ඔබ කොහේද වැඩකරන්නේ කියා විමසා ඇත. එවිට මිත‍්‍රයා පවසා ඇත්තේ මම මරණ පරීක්ෂකවරයකු කියායි.
එවිට මායම්වූවකු ලෙස නැගිටි වෙළඳසල් හිමියා චී... චී... කිලි කිලි යැයි හඬ නගමින් මරණ පරීක්ෂකවරයා වෙළඳසලෙන් එළවා දමා තිබේ.
ඉන් අනතුරුව ඔහු කහවතුරෙන් වෙළඳසල සෝදා සාම්බ‍්‍රානි සුවඳදුම් අල්ලා පිරිසිදු කිරීමටද අමතක නොකළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කඩ කාරය දෙමල කෙනෙක් පාටයි, ඒ අය අපට වඩා ඕවා බලනවා (අ)
එසැණ දැන් මෙතන කෝලම් නටන්න දෙන්නේ නැති එක හරි හොඳයි.(නදී)
මේ පොඩි දරුවා බෙර ගම්මු (අ)
මේ ශානි අනුන්ගේ ඕපා දුප ඕනේ නැහැ, පිනක් කරගන්න විදියක් බලන්න (අ)
ශානි, ඔබ හරි. මට දැන් හරි සුවයක් දැනෙනවා (නි)
මෙහි විකාර අදහස් පල කරමින් සිටි අය දැන් නැති එකනම් ලොකු දෙයක්.(නදී)
අන් පව් සංසාරේ මෙහෙමත් ගොන් මිනිහෙක්.(නදී)
මෙයා මැරෙන්නේ නැතුව ඇති (අ)
රන්ජිත් ඔබ හරි, (අ)
මැරුණම හරි කවුරු හරි මැරුවම හරි අර මුනුස්සයා ගාවටම තමයි යන්න වෙන්නෙ. එතකොට මිනිහත් කිලි බව අමතක වෙලා. (අ)
මෙහෙමත් ගොං හරක්.(නදී)
හැබැයි ඕවයේ ඇත්තක් තියෙනවා. වයසට ගියාම සැමට තේරේවි (අ)
කොයි කවුරුත් ඔහොම කීවට ඕව ගැන හැමෝම බයයි. ඔය දේවල් අපේ ඇගට කාන්දු වෙලා තියෙන්නේ පරම්පරාවලින්. දර්මය යම් තරමින් හරි අදහන වටහාගන ඉන්න කෙනා ඕවට බය නැහැ. දර්මය රකින්නා දර්මය විසින් රකිනු ලැබේ. (නදී)
වෙළදාම කරන්න මොලය තිබුනට අවිද්‍යාව ගැන සිතන්න තරම් ඔහුගේ මනස දියුණු වී නොමැත. (අ)
තමා නොමැරෙන බව සිතා කටයුතු කරන අවිද්‍යාවේ ගිලී සිටින මෝඩ මිනිසෙකි. (අ)
මලාම බලාගමු, එයාට ඕනෑ වෙයිනේ! (අ)
එහෙනම් අපේ රටේ තත්වයත් තාමත් මේ වගේ? (නදී)