ඔහු දෙනියාය ප‍්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන කඩ හිමියෙකි. බැංකු අයිරා පියවීමට මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගැනීමේ පුරුද්දක් විය.
මිතුරා කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකි. වැඩිපුර තිබූ මුදල් කඩ හිමියාට දුන්නේ ඔහු ඉල්ලන්නටත් කලින්ය.
ටික කලකට පසු මුදල් හදිසියක් ඇති නිසා කඩ හිමියාට කතා කර ”මට සල්ලි හදිසියක්, දැන්ම අර මුදල් ටික බැංකුවට දාගන්න පුළුවන් දැ”යි දුරකතනයෙන් ඇසීය.
කතා කළ විගසම දීමට කඩ හිමියා අත මුදල් නොවීය. එනිසා මිතුරාගේ ගිණුමට චෙක්පතක් තැන්පත් කළේය.
මිතුරා බැංකුවට ගොස් තවම මුදල් තැන්පත් කර නොමැති බව දැනගෙන දුරකථනයෙන් අමතා ”කෝ තාම සල්ලි වැටිලා නැහැනේ” යි කීය. කඩ හිමියා දුන්නේ අපූරු පිළිතුරකි. ”මම සල්ලි නෙවෙයි චෙක් එකක් දැම්මේ. ඔයාට හදිසි නිසා මම ඒක එක්ස්ප‍්‍රස් කරලා දැම්මා” මිතුරා චෙක්පත් ගැන නොදන්නා නිසා ”ආ ඒක හොඳයි” කියා පැවසුවත් ඔහුට මුදල් ලබාගැනීමට හැකි වූයේ තවත් දිනක් ගත වූ පසුවය. ඊට පසුව නම් කවදාවත් ඔහු කඩහිමි මිතුරාට මුදල් දුන්නේ නම් නැතිලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ ඕක හිනා විය යුතු දෙයක් නොවෙයි. කඩ හිමියා නොදන්නවා උනාට ඔය වැඩේ කරන්න ඔහුට බැංකුවේදී සහය උන නිලධාරියයි ඕකට වගකිවයුතු. ඔහුට පුළුවන් කෙනෙක් නොදන්නා කමට කරන වැරැද්ද නිවැරදි කරවන්න.(නදී)
"ඊට පසුව නම් කවදාවත් ඔහු කඩහිමි මිතුරාට මුදල් දුන්නේ නම් නැතිලූ" ඒ කියන්නේ මේක ගොඩක් ඉස්සර වෙච්ච දෙයක් ද? (නදී).
කොව්වා කොහොම උනත් තාමත් බල්ලෙකුට වේලක් කන්න දුන්නොත් ඌ දුටු තැන නැට්ට වත් වනනවා. එ්ත් ගොඩාක් මිනිස්සු කන්න දීපු අත සපා කනවා.(නදී)
චුටි ඔයාගේ අදහසට මට හිනා ....!! කුමාරි.., ඔයා පැත්ත ගියත් ඇත්ත කියල නේද...? (නදී)
ඇත්ත කුමාරි ගනු දෙනු කරන්ඩ ඕනා බොහොම පරිස්සමට නැත්නම් පසුව ගොඩක් කරදර වෙනවා (නදී)
චෙක්පත් ගැන නොදන්නා කර්මාන්තශාලා කළමනාකාරවරයා කව්ද? (නදී)
බැංකු නිලදාරියාට ඕනා නම් (සුපුරුදු ගනුදෙනකරුවෙකු නම්) චෙක්පතට මුදල් දීමට හැක.(නදී)
කළමනාකරුවෙක් වෙලත් චෙක් ගැන දන්නේ නැද්ද? (නදී)
දැන් වාතයක් වෙන තරමටම කොමෙන්ට්ස් දානවා නේද ? (නදී)