IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්

හක්මණ විශේෂ – දෙනගම යසන්ත ආරියසේන
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


කාන්තාවගේ සැමියා දක්ෂ ගොවියෙකු වන අතර ප්‍රදේශයේ ජනතාව අතරත් ජනප්‍රිය තරුණයකු ද වේ. ගොවිතැනට අමතරව වඩු කර්මාන්තයේ හසල දැනුමකින් සමන්විත ඔහු විවාහවී සිටින්නේ රජයේ ක්ෂේත්‍ර රාජකාරියක යෙදෙන කඩිසර කාන්තාවක සමග වන අතර ඇයද රාජකාරිය දේවකාරියක් ලෙස ඉටු කරන්නියකි.


කුඹුරු වගාකිරීම සඳහා අවශ්‍ය සහනාධාර පොහොර මේ දිනවල බෙදාදීම සිදුකරන අතර බිරිඳගේ ස්කූටරය ද රැගෙන පොහොර ටික ලබා ගැනීම සඳහා සැමියා පිටත්ව ගියේය. සැමියා පිටව ගිය පසු ඔහුට දුරකතන ඇමතුමක් ලබාදුන් බිරිඳ පින්කම් ගෙදර යාම සඳහා සිනි කිලෝග්‍රෑම් දෙකක් රැගෙන එන ලෙස පැවසුවාය.


සහනාධාර පොහොර ලෙස ලැබුණු ඝන කාබනික පොහොර සහ යූරියා කිලෝග්‍රෑම් පනස් දෙකක ප්‍රමාණයක් ගොවි මහතාට ලැබුණි. යූරියා කිලෝග්‍රෑම් පනහක ප්‍රමාණයේ මල්ල යතුරු පැදියේ පටවාගෙන  ඉතිරි කිලෝග්‍රෑම් දෙකක ප්‍රමාණය කළු පැහැයෙන් යුතු ඉටි බෑගයක දමා ස්කූටරයේ පෙට්ටිය තුළට දැම්මේය.  නිවසට යන අතරමගදී කඩයක් අසල නතරකර සීනි කිලෝග්‍රෑම් දෙකක් ගෙන එයද කළුපාට බෑගයක දමා යතුරු පැදියේ එල්ලාගෙන ගොවි මහතා ගෙදර ගියේය.


සැමියා ගෙදර පැමිණි විගස වැසිකිළියට ගිය අතර බිරිඳ පොහොර මිටිය  සහ සීනි බෑගය ද නිවස පිටුපසින් දමා ස්කූටරයේ පෙට්ටියේ දමා තිබූ බෑගය ද රැගෙන පින්කම් ගෙදර ගියාය. කුඹුරට පොහොර යෙදීම සඳහා සූදානම්ව බලනවිට පොහොර කිලෝග්‍රෑම් දෙක දමා තිබූ බෑගයට කූඹි වසා ඇති අයුරු දුටු සැමියා ඒ පිළිබඳව සොයා බැලු‍වේය.


සීනි මල්ල වෙනුවට පොහොර දමා තිබූ මල්ල බිරිඳ විසින් රැගෙන ගොස් ඇති බව දැනගත් සැමියා ඒ බව බිරිඳට සැලකළේය. සිදුව ඇති අකරතැබ්බය පිළිබඳව යෙහෙළියට ඇමතුමක් ගෙන  පැවසූ අතර යෙහෙළිය දැඩි පරිශ්‍රමයක් දරා සීනි මලු‍ අතර තිබූ යූරියා මල්ල සොයා ගත්තාය.


යෙහෙළිය විසින් කතාව කාර්යාලයේ සෙසු මිතුරියන් කිහිප දෙනෙකුට පැවසීම නිසා මුළු කාර්යාලය පුරාම ආරංචිය පැතිර ගිය අතර කාර්යාලයේ අය කෙටි පණිවිඩ යවමින් සීනි මිලදී ගත් ස්ථානය පිළිබඳව විමසීම නිසා  කාන්තාව සිම්පත ද මාරුකර ඇති බව පැවසේ. 

 



අදහස් (0)

මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 757 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 769 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1136 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9454 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site