දෛවඥයකු හමුවී විශාල මුදලක් ලබා දුන් මිතුරියන් දෙදෙනකු එක් මිතුරියකගේ විවාහය ප්‍රමාදය වළක්වා එය කඩිනම් කැර ගැනීමට සාත්තුවක් කර දෙන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව උපන් දිනය හා වේලාව බැලූ දෛවඥයා කසාදය ඉක්මන් වීමට අවශ්‍ය සාත්තුවක් කරන අයුරු ඇයට දන්වා ඇත. එහි පළමු වැන්න වී ඇත්තේ දැනට පවතින වයස ගාණට නිල් මල් මිටියක් දෙවි කෙනකුට පූජා කිරීම විය.
මල් වට්ටිය කඩාගෙන අදාළ ස්ථානයට යන මෙම කාන්තාව දින කීපයක් මිතුරිය සමග ගිය ද මල් පූජා නොකර ආපසු පැමිණ ඇත. මිතුරිය සමග පැමිණ විවාහය කඩිනම් වෙන්නට වැඩක් කරගෙන ගිය බවත් එහෙත් මිතුරිය සිටි නිසා සත්‍ය උපන් දිනය සඟවා අඩුවෙන් කියූ බවත් මල් පූජා කිරීමේදී මල් වැඩියෙන් පූජා කරන්න දැයි ඇය දිනක් දෛවඥයාගෙන් විමසීය. වේලාවක් බැලීමේදී උපන් වේලාවත් මාසයත් වසරත් එක සේ වටිනා බව ඇයට පැහැදිලි කිරීම නිසා ඇයට තවත් සාත්තුවක් කර ගැනීමට තවත් විශාල මුදලක් වැය කරන්නට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාන්තාවට කියන්න තිබුනේ "අනේ දෙවියනි ,මට සමාවෙලා මේ මල් පුජාව පිළිගන්න. මම බොරුවක් කිවුවේ. ඔබවහන්සේ මගේ නියම වයස දන්නවනේ" කියලා කියන්න. එතකොට ඔය ප්‍රශ්නය විසඳෙනවානේ. (නි)
ඔය මිත්‍යා විශ්වාස පසුපස යෑමත් හරියට මත්ද්‍රව්‍ය භාවිතය වගෙයි. ඇබ්බැහි වුනොත් අත්හරින්න අමාරුයි. විවාහය පමාවීමට නම් මානසික, ආර්ථික, සමාජමය හෝ වෙනත් හේතුවක් බලපාන්නට ඇත. බුද්ධිමත්ව සිතාබලා කටයුතු කළහොත් ඇයට ඉතා සාර්ථක විවාහ දිවියක් උදාකර ගැනීමට හැකිවනු ඇත. (බ)
මේවගේ බොරු වලින් පිට මිනිස්සු රවටන්න උත්සාහ කලාට අවසානයේ රැවටෙන්නේ තමාම බව කවදා හෝ වැටහේවි. හැබැයි එතකොට පරක්කු වැඩියි (ම).
බොරුව නිසා තවත් වැඩි මුදලක් ගෙවන්න වුණා බොරු කිමේ ප්‍රතිවිපාක (ම)
විවාහය ප්‍රමාදනම් පත්තරේ දැන්වීමක් දාන්නනේ තිබුනේ , අනේ මෙහෙමත් ගැහැණු , අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ? (ර)
මේක ලංකාවේ බහුල ප්‍රශ්නයක්. කල වයස ඉක්මවූ කාන්තාවන් පෙළෙන්නේ එසේ මෙසේ මානසික ආතතියකින් නෙවෙයි. ඉතින් නොයෙකුත් මිත්‍යාවන් පසු පස යනවා. මේ ජ්‍යෝතිෂ්‍ය කාරයන් සහ කට්ටඩියන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. තමන්ගේ ගෙදර මෙහෙම විවාහ ප්‍රමාද බවලතෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලම ජ්‍යෝතිෂ්‍ය කාරයන්ගෙන් ප්‍රවේශම් කර ගන්න. (ර)
විවාහ ප්‍රමාදයට මුලික හේතුව තමයි ඉස්තරම් මනමාලයන් සොයමින් කාන්තාවන් ගණන්ඉස්සීම. අද ගැහැණු ජනගහනය වැඩි එකේ ටිකක් නම්‍යශීලි වෙන්න ඕන. තමන්ට වැඩිය ආදායම් අඩුයි . ඉගෙනීම මදි , උස මදි ලස්සන මදි කියමින් පිරිමින්ට රැස්පොට් පෙන්වපු අපේ නෑනා කෙනෙක් ඔය ඉන්නේ ගෙදර. (ර)
සරසි. ඔබ හරි ඒවගේම තවත් පිරිමි කොටසක් ඉන්නවා....ලැබෙන දෑවැද්ද ගැන විතරක් ඇහගහගෙන මොන තරම් අඩුපාඩු තිබ්බත් කමක් නෑ...දෑවැද්ද ලොකුවට ලැබෙනවානම්....එ්කට සමහර අම්මලත් පුතාට ඕන ගුණ යහපත් බුද්දිමත් ලස්සන කෙල්ලක් හොයා ගත්තත්...ලැබෙන දැවද්දෙන් තම තමන්ගේ හැම දේම කරගන්න පුළුවන් කියල දැනෙනවානම්... පමණක් පුතාට ඕනදේ කරලා දෙනවා....පුතාට එහෙම දෙයක් බලන අම්මල දුවක් දෙනකොට තමන්ටත් එම ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා කියල හිතන්නේ නෑ...(බ)
විවාහයක් කරගන්නත් වාසනාවක් ඕනි(බ)
සරසි, ඒ නෑනට වැඩිය හපන් අපේ නෑනා. දැන් ඉතින් 40යි. පිරිමින්ට බැණ බැණ ඉන්නවා (නි)
මේ ලංකාවේ ඉන්න පිරිමි ගැහැණු හැමෝම පෙළෙන්නේ මන්දමානසිකත්වයෙන්. උම්මන්තකයෝ වගේ බුද්ධියෙන් වැඩකරන්නේ අල්ප කොටසකි. ඒ වගේ ප්‍රතිඵල රටපුරාම නෙළාගන්නවා සාමුහිකව ලොකු කුඩා හැමදෙනාම (නි)