එකම ආයතනයක සේවය කරන මිතුරියන් දෙදෙනෙකි. දුර පළාත්වලින් පැමිණි මොවුන් නැවතී සිටියේ එකම කාමරයකය. මොවුන් ආහාර ගන්නේත් ගමන් බිමන් යන්නේත් එකටය. කිරියි පැණියි වගේ හිටපු දෙදෙනාට නරක කල දසාව උදාවූයේ ඔවුනට පෙම්වතුන් දෙදෙනකු මුණ ගැසුණාට පසුවය. එකට ගමන් ගිය මිතුරියන් දෙදෙනාගේ එකට ගමන් යෑම නැවතුනි. ඔවහු තම පෙම්වතුන් සමඟ වෙන වෙනම ගමන් ගියහ. ආහාර ගැනීමත් එකට සිදු නොවිනි. එක් කෙනෙක් පැමිණෙන විට අනෙක් තැනැත්තිය ආහාර රැුගෙන ඉවරය. ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීම ද ක‍්‍රමයෙන් නැවතුනි. එකම පැදුරේ නිදාගත් දෙදෙනා දැන් නිදා ගන්නේ පැදුරු දෙකකය. දිනක් එක් මිතුරියක් මධ්‍යම රාත‍්‍රියේදී අවදි වූයේ තදින් ඩාදිය දැමීම නිසාය. එවිට ඇයට දැක ගන්නට ලැබුණේ නිදා ගැනීමට පෙර වටේට කැරකෙමින් තිබූ මේස විදුලි පංකාව අනෙක් යෙහෙලිය විසින් ඇයගේ පැත්තට පමණක් හරවා නිදා සිටින බවය. නොනිදා පහන් කළ ඇය කාමරය භාර කාන්තාවට කතාකොට තම යෙහෙළිය විදුලි පංකාව තනිවම පාවිච්චි කරන බව සැල කළාය. කාමරයට පැමිණි කාන්තාව විදුලි පංකාව තනිවම භුක්ති විඳි තරුණිය අමතා කාමරය සහ විදුලි පංකාව තමන් සතු බවත්, විදුලි පංකාව තනිවම පාවිච්චි නොකර දෙදෙනාටම සිසිලස ලැබෙනසේ පාවිච්චි කරන ලෙසත් උපදෙස් දුන්නාය. අවසානයේ දෙදෙනාට එකම කාමරයේ විසීම දුෂ්කර වූ අතර එක් මිතුරියක් සේවයෙන් ඉවත්වී නැවත ගමට ගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මිනිස්සු වෙන රට වල මිනිස්සුන්ට වඩා වෙනස්....
තමන් ගැන පමණක් සිතන අය මේ සමාජයේ කොපමණ සිටීද? (නි)
21 වැනි ශතවර්ෂයේ හොදම කතාව.දෙන්න සම්මානයක් නෑ.ඒ තරමට වටිනවා
මෙලෝ රහක් නෑ අනේ..........
විශේෂයක් නෑනේ නේද?
එරංගා,තාරිකා මෙකේ තියෙන්නේ ඔයගොල්ලෝ දෙන්න ගැන නේද? අපි දන්නවා..
නදීමා,උෂානි ඒ ඔයගොල්ලෝ දෙන්න නේද?
මේ නිවුස් එකට දාලා තියෙන කමෙන්ට්ස් ගොඩ දැක්කම මෙහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ කියපු කතාව බොරු වෙනවනේ හලෝ
ඒකනම් මහම අපරාධයක් අයියෝ
අප්පට සිරි.මේ නිවුස් එක ලීඩ් කරන්නනේ තිබුණේ
මේ දෙන්න හොද අපේ ගම් පොජ්ජට..
ඇඩෙනවා
සංකීර්ණ ලෙස පෙන්වන්නට හැදු සරල කතාවක් නේ ....
පිස්සු කතා
මම මේක දෙපාරක්ම කියෙව්ව .....හිනායන කොටස හොයා ගන්න ........කෝ නෑ නේ.
අපරාදේ අපේ කාලය
මේවා සාමාන්‍ය දේවල්නේ අනේ
පත්තරවල දාන්න වෙන දේවල් නැද්ද??
ඒක හරි . නැත්නම් පෙම්වත්තු දෙදෙනවත් බෙදාගන්න වෙනවනේ.
එකට කෑවත් බොක්ක වෙනස් නොවෑ.....
නැන්දම්ම එක්ක ජීවත්වෙන්න පුරුදු වෙනවද දන්නෑ....
දෙන්නම නියම සිංහල ශ්‍රීලාංකිකයෝ කියලනම් පැහැදිලියි...
ඕක තමයි බොලවු ලවු කරන කොයි කාටත් අන්තිමේදි වෙන්නේ
මේක සුඵ දෙයක්නේ අපේ සමාජේ
අයියෝ සල්ලි..
කිසිම වැදගත්කමක් නෑ
අපරාදේ මේකට දීල තියන ඉඩ. මේවා සාමාන්‍ය දේවල්. මීට අවරුදු 1000 කට වීතර කලින් මේවා "දෙයියෝ සාක්කි"
හා..................................
හි.........හි...හි...........අපිට හරි හිනා...
ඕවට අපි නම් දෙයියෝ සාක්කි කියල කියන්නේ නැහැ
මේ වගේ දේවල් ලෝකේ කොයිතරම් වෙලා ඇද්ද ???????????????