IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මදේ නැති සී.සී.ටීවියෙන් මුදලාලිට ‘තොණ්ඩුව’

 භාවිතයෙන් ඉවත් කරන ලද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සිය වෙළෙඳ සලට සවි කොට සාක්කි වසන් කළා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැටීමට ගිය නඩුවකින් අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි.


 හේ හිතුවේ ලාභය ගැනම පමණි. නැතහොත් ආදායම ගැන පමණි. සිය වෙළෙඳ සලේ වියදම් පැත්ත නිතරම කප්පාදු කිරීමට හේ මහන්සි ගත්තේ මේ නිසාමය.


 වෙළෙඳ සලේ එදිනෙදා සිදුවන සොරකම් පිළිබඳව ඔහු සිටියේ මහත් කනස්සල්ලෙනි. ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවත් එය සාර්ථක නොවීය. සිය වෙළෙඳ සලේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවි කිරීමට ඇත්නම් යෝග්‍ය යයි ඔහුගේ සිතට එන්නේ මේ අතරේය. ඒ සඳහා වන වියදම ඔහුට ලොකු ප්‍රශ්නයක්ව තිබුණි. නොමිලයේ ලබා ගත හැකි කැඩුණු සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ගැන ඔහුගේ කපටි සිතට කපටි අදහසක් ආවේය. ඒ එම කැමරා පද්ධතිය කාටත් පෙනෙන සේ සිය වෙළෙඳ සලේ සවිකර ‘ආරක්ෂිත කැමරා ක්‍රියාත්මකයි’ යනුවෙන් දැන්වීමක් ගැසීමය. ඒ උත්සහාය හරි ගියේ දුර පළාතක වාසය කළ ඔහුගේ හිතවතකුගෙන් ක්‍රියාවිරහිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ලැබීමත් සමගමය. ඔහු එය හිතවතාගෙන් ඉල්ලා ගෙන තිබුණේ සිය පුතාගේ පරීක්ෂණයක් සඳහා යයි කියමිනි.


 එසේ ලැබුණු කැමරා පද්ධතිය සිය වෙළඳ සලේ සවිකර ඔහු ආරක්ෂිත කැමරා පද්ධතිය සක්‍රීය යයි දැන්වීම් පුවරු ද සවි කළේය. ඒ සමගම වෙනදා වෙළඳ සලේ සිදුවූ සියලු‍ සොරකම් නතරවී ගියේය. ඔහුට එයින් ලොකු සතුටක් දැනුනේ මේ අවස්ථාවේදීත් තමාගේ මොළය නිසා වියදමක් නැතිවම වෙළඳ සලට ආරක්ෂාව ලැබීම පිළිබඳවය.


 එම වෙළඳ සල ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙළ පැළඳි රන් මාලයක් කඩා ගන්නේ කැමරා පද්ධතිය සවිකර ටික දිනක් යෑමට මත්තෙනි. එහි සැකකරුවා අත්අඩංගුවට පොලීසිය ඔහුගේ වෙළඳ සලේ එදින සී.සී.ටී.වී. දත්ත ඉල්ලන්නේ ඔහුට දවල් තරු පෙන්වමින්ය. මේ ප්‍රශ්නයේ දී ඔහු දෙලොවක් අතර හිර වන්නේය. ඒ නිසාම ඔහු පොලීසියට සත්‍ය වසන් කරන්නේය. තමා කැමරා පද්ධතිය සවි කරන්නේ සිය වෙළඳ සලේ ආරක්ෂාවට පමණක් බව කියමින් දත්ත කාටවත් ලබාදිය නොහැකි යයි පොලීසියට පවසන්නේය. ඒ කැමරා පද්ධතියේ ඇත්ත කතාව පැවසුවහොත් සිය වෙළඳ සලේ සොරකම් ආයෙත් සිදුවීම නොවැලැක්විය හැකි නිසාය. 


පොලීසිය ඔහුගෙන් කැමරා පද්ධතියේ දත්ත කිහිපවිටක්ම ඉල්ලා සිටියේය. ඔහු ඒ හැම අවස්ථාවකදීම එය දෙන්න බැරි බව පවසමින් මග හැරියේය. අන්තිමේ දී මේ සොරකම අල්ලා ගැනීමට ඔහු උදව් නොකිරීම සම්බන්ධයෙන් පොලීසිය සාක්කි වසන් කිරීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කළේය.


මෙය කන වැකුනු පසු ඔහු කඩිමුඩියේම පොලීසියට දිවගොස් අදාළ නිලධාරියාට සිය වෙළඳ සලේ සවිකර ඇති කැමරා පද්ධතිය අක්‍රිය එකක් බව පැවසුවේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට නම් දැන ගන්නට ඉඩ නොතියන ලෙස ඉල්ලමින් ඔහු ඉදිරියේ වැඳ වැටෙමිනි.

 

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

මදේ නැති සී.සී.ටීවියෙන් මුදලාලිට ‘තොණ්ඩුව’

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 99 0

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 372 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 569 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 604 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 695 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 686 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 620 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site