(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිතුරන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක පමණ වාසනාවක් උදා කරදුන් පුද්ගලයකුට ප‍්‍රතිඋපකාර වශයෙන් රුපියල් දෙසීයක් වත් නොවටිනා මස් පංගුවකින් සැනසෙන්නට සිදු වූ පුවතක් මීරිගම ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වේ.
වල් ඌරන්ගෙන් ගොවිතැනට බෙහෙවින් නිතර හානි සිදුවෙන පැත්තකි. මේ නිසා වල් ඌරන්ට මදු ඇටවීම සිදු කෙරේ. පසුගිය සතියේ දිනක මද්දකට වල් ඌරකු පැටලී සිටිනු දුටු පුද්ගලයෙක් තම හිතමිතුරන් දෙදෙනකුට ඒ බැව් දැන්වූයේ මහත් බලාපොරොත්තු ඇතිවය.
අනුන්ගේ පහනෙන් ලැබුණු එළිය බෙදා ගන්නට මේ දෙන්නා ඉදිරිපත්වූයේ මහත් සතුටිනි. මිතුරාට මුව නොසෑහෙන සේ ස්තූති කර ඔබටත් සලකනවා යැයි පොරොන්දුවක්ද දෙනු ලැබීය.
මස් වෙළෙන්ඳකු හමුවූ මේ දෙන්නා මද්දේ සිරවී සිටි සතා රුපියල් අනූ පන් දහසකට විකුණුවේ මදු ඇද්ද අයවලූන් එන්නටත් පෙරය. මුදල් සාක්කුවේ දමා ගත් මිතුරන් දෙන්නා හොඳට සප්පායම් වී ගෙදර එන අතරදී තමන්ට මේ වාසනාව උදා කරදුන් මිතුරා සිහිවීමෙන් පසු ළඟම මස් කඩයට ගොස් ඌරු මස් 250 ක් මිලදී ගෙනවිත් පිරිනැමුවේ රස බලන ලෙස ඉල්ලමිනි.
දහසින් බැඳි පියල්ලකින්වත් තමන්ට සංග‍්‍රහ කරනු ඇතියි සිතා සිටි මිතුරා මේ සිදුවීමෙන් වික්ෂිප්තව සිටින අතරදී ගමේ ඇත්තන්ගේ උසුළු විසුළුවලට ද ලක් වන බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකුල්සහගත දෙයක් කරලා තියෙන්නේ. (නි)
අනුන්ගේ පහනෙන් එලිය බලන්න ගියාම අන්තිමට සිදුවන්නේ ඔය වාගේ දේවල් තමයි. (දිල්)
"හොද දේ සිතමින්..... සිතු දේ කියමින්.... කිවු දේ කරමින්.... කරමින් හැදෙමින්" හිටියනම් ඔහොම වෙන්නේ නැනේ. (හේ)
මතු සසර තමන්ටද ඌරා මුහුණදුන් අත්දැකීම විඳින්න වෙන බව තුන්දෙනාම දැනගන්න. (නි)
අපෝ බොරුවක්ද කොහෙද? රුපියල් 95000 කට විකුනන්න උරෙක්ද අලියෙක්ද?(හේ)
පුදුම පවුකාර මිනිස්සු! (නි)
කරන කලට පව් මිහිරිය මී සේ...... විඳින කලට දුක් වැඩිවේ ගිනි සේ.... (නි)
සංජය මම ජාඇල; අපේ පැත්තේ උෟරෙක් යන්නේ රුපියල් 9000 කට (නදී)