මී උගුලකට හසුවී පණපිටින් සිටි මීයකු මරා ගත නොහැකිව ගෙහිමියා ළතැවෙද්දී අල්ලපු ගෙදර බළලා පැමිණ මීයත් උගුලත් දෙකම රැගෙන ගියාලූ.
මී උවදුර වළක්වා ගැනීම සඳහා ගෙහිමියා විසින් පසුගිය දිනක රාත‍්‍රියේ සිය නිවෙසෙහි මී කතුරක් අටවන ලදී. මේ සඳහා ඇමට භාවිත කලේ පුළුස්සන ලද පොල් කැබැල්ලකි.
පොල් කැබැල්ලේ පිහිටෙන් පළමු දිනයේම උගුලට මීයකු හසුවී සිටින අයුරු ගෙහිමියාට එදින රාත‍්‍රියේදීම දැකගත හැකිවී තිබිණි. තමන්ට මෙතෙක් කරදරයක්ව සිටි මීයකු උගුලට හසුවී සිටීම ගෙහිමියාට සතුටක් ගෙන දෙන්නක් වුවද මෙහිදී ඔහුගේ දුකට හේතුවන කාරණයක් ද සිදුවී තිබුණි. එනම් මීයා උගුලට හසුවී තිබුණේ උගේ වලිගයෙනි. මේ නිසා මීයා මිය ගොස් සිටියේ නැත. ගෙහිමියාගේ දුකට හේතුව එය විය.
ඒ මේ අත දඟලන මීයා මරා දැමීමට ද ගෙහිමියාට හිතක් නැත. එසේ කියා මීයා නිදහස් කිරීමට ද බැරිය. ඒ අනුව ඔහු මෙම ගැටලූව නිදා සිටි සිය බිරියට දන්වා සිටියේය.
”ඔය ගැන ඔච්චර හිතන්න දෙයක් නෑ අනේ. ඔන්න ඔය මීයා කතුරත් එක්කම මිදුලෙන් තියල ඔයා ගෙට ඇවිත් නිදාගන්න. උදේට බලමු මොකක්ද කරන්න ඕනෑ කියල. නිදි මරගාතෙම වුවද බිරියගේ කීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. ඒ අනුව ගෙහිමියා බිරියගේ කීමට අවනතව කටයුතු කළේය.
පසු දිනට උදාවිය. ගෙහිමියාට මීයා සමග උගුල මතක්විය. ඔහු වහාම තමන් එය තිබූ තැනට ගොස් විපරම් කළේය. නමුත් එතැන මීයකු තියා උගුලවත් පෙනෙන්නට නැත. කලබලවූ ඔහු ඒ බවද බිරියට දන්වා සිටියේය.
”මීය නම් මන්ද මෙන්න කතුර නම් තියෙනවා. මට මේක ටිකකට ඉස්සෙල්ල ගෙනත් දුන්නෙ අල්ලපු ගෙදර නංගි. එයාලගේ බළල තමයි දඩයම කරල තියෙන්නෙ.” බිරිය සිනාසී එසේ කියන විට ”ඒ කියන්නෙ බළල මීයයි කතුරයි දෙකම අරගෙන ගිහින්.” ගෙහිමියාද සිනාසී බිරියට එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මීයාගේ ප්‍රශ්නය ඉවරයි, බළලා කාගේ වුණාම මොකෝ අගේට මීයෝ අල්ලනවා නම්. (නි)
පවු! මීයා කතුරට හචුචෙලා ඉදිද්දි පුසත් ගිල්ලනේ! මීයන්ටමයි චෙන්නේ! අනේ පවු (නි)
මීය සහ කතුර දෙකම අරන් ගියේ මොකද මගේ වැඩක් කියල ලකුණු දාගන්න පාර හදන්නේ එකෙක් විවෘත කරලා නම දාගන්නේ තව එකෙක්.(නදී)
මියන් මරණා අලුත්ම ක්‍රමය
චන්දී ඔයා මොනවා උනත් ඔයාලගේ ගෙදර ඉන්න බැළලියෝ ටික ආරක්ෂා කරගන්න.(නදී)
අද ඉන්න බළල්ලුත් කාලයේ තාලයට වෙනස් වෙලා (නි)
අල්ලපු ගෙදර පූසා .... ඌ හරි පූසෙක් නම් හතරවටේ ගෙවල් වල මීයෝ බෝවේවියැ? උගුල් වල අහුවුනු මීයන කන ඌට පූසා කියනවාට වඩා හොදයි මේවට අදහස් නොලියා ඉන්න එක.අනේ මන්දා මට නම් හරි පිස්සු වගේ (නි)
අල්ලපු ගෙදරට පනින්න හම්බ වෙච්චා හොද චාන්ස් එකක් වත්ද (අ)
බළලා මී කතුරෙන් උවත් කමක් නෑ, මියෝ අල්ලනවා නම් (අ)
පුසා මහා ඉරිසියාකාර සතා. පුරු පුරුගාන්නේ ඉරිසියාවේ පැලෙන සද්දෙලු.බල්ලා ආදරේ ස්වාමියාට. පුසා ආදරේ ස්ථානයට (සෝෆා එකට )බල්ලට බත් ගොඩක් දීපුවහම කන්නේ වටේට ස්වාමියට ඉතුරුවෙන්න ඕනෑ කියලා.පුසාට බත් දීපුවහම කන්නේ මුදුනේ ඉදලා ස්වාමියා විනාශ වෙලා යන්න කියලලු එහෙම කරන්නේ .අපි ගමනක් යන්න එලියට බහිනකොට පුසාට ගානක්වත් නැහැ එහෙත් බල්ලා අපිත් එක්ක එනවා.එනිසා පුසව කොටියම කාපිය (නි)
හොස්ස පිච්චුන බළලුන්ට මීයා මරලා කට ලගින් තියලා, ඇහැට ඇනලා පෙන්නන්න ඕනෑලු. උපුල්, පූසා වයසට ගියාම මීයෝ හූ කියයිද දන්නේ නැහැ (නි)
මොකකින් හරි ගහලා මැරුවත් මී කතුරක් තියලා මැරුවත් ඇති වෙනස මොකක්ද? (නි)
කල දුටු කළ වල ඉහගන්නවා. බළලා ප්‍රස්ථා පිරුළු දන්නා එකෙක්. (නි)
දැන් පූසා,හැමදාම ගේ දොරකඩට ඇවිත් බලනවා ඇතිනේ. අල්ලපු මියෝ ඉන්නවද කියලා. (ස)
එහෙම නැත්නම් අහුවුණු මීයා අල්ලපු ගෙදර පූසා ළගට හොරෙන් ගියාවද්ද? (නි)
සාගර, ඇත්ත නේන්නම්. ඒක මටවත් කල්පනා වුනේ නැහැ නොවැ. පුසාට ඕක කල්පනා වුනා නම් අර කතුර ඌ තියාගන්නව. වයස්ගත වුනාම එහෙ මෙහෙ දුවන්නත් බැරි එකේ ඒකෙන්වත් වැඩ ගන්න කියල. (ස)
මී උගුල් දෙකකි, එක මීයෙකී... නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා.... (නි)
පවට ඇති බොරු බය.... (ස)
පුසා අල්ලලා නොවෙයි ඔඋසට අල්ලලා දුන්නා (දී)
පූසා මීයන් අල්ලයි කියන්නේ ඕකට තමයි. (ස)
සත්තු මරණ එකයි මරන්න අනුබල දෙන එකයි දෙකම වැරදියි (දී)
කාලෙකට පස්සේ හිනායන කථාවක්........ (දී)
බළලා පහුවදා පාන්දර එලිය වැටුන ගමන්ම ඇවිත් බලන්න ඇති. කෝ, මීයෙක් නැහැනේ. හොඳටම තරහින් ආපහු ගෙදර ගිහින් 'නංගි' ට බනින්න ඇති , 'මං මේ නෝනා අතේ කතුරත් ආපහු යැව්වා අදවත් එකෙක් අල්ලලා දෙයි කියලා. උන්ගෙත් කිසි සැළකිල්ලක් නැහැනේ. හොඳයි බලා ගමුකො, එක මීයාගෙන් එළිවෙන්නේ නැහැ' - කියලා. (නි)