IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


මුදල් පසුම්බිය අහුලා දුන්නාට අයිතිකරුට කේන්ති ගිහින්

ගනේමුල්ල කොස්සින්නේ තරුණයෙක් යතුරුපැදියෙන් ගනේමුල්ල නගරයට යමින් සිටියේය. ගනේමුල්ලේ බස් නැවතුම්පොළට මීටර් 500ක් පමණ දුරින් කඩවත පාරේ කිසියම් දෙයක් වැටී තිබෙනු ඔහු දුටුවේය. එය මුදල් පසුම්බියකි. ඔහු එය ගන්දෝ නොගන්දෝ කියා මඳක් කල්පනා කළේය.
මුදල් පසුම්බිය එම ස්ථානයේම දමා ගියහොත් වෙනත් කවුරුන් හෝ ගනීවි යැයි කල්පනා කර එය අයිතිකරුට සොයාදෙමියි සිතා අහුලා ගත්තේය.
ඉන්දික ප‍්‍රසාද් (25) නම් මේ තරුණයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සේවය කරන්නෙකි. තමා සේවය කරන ස්ථානයට ගොස් මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එහි රුපියල් 3000ක් මෙන්ම ජාතික හැඳුනුම්පත් සහ තවත් වැදගත් දෑ තිබූ බව දුටුවේය. හැඳුනුම්පතේ ඡුායාරූපය මතකයේ තබාගත් තරුණයා අයිතිකරුට කෙසේ හෝ එය ලැබීමට සලස්වන අදහසින් ලාච්චුවේ දැමීය.
ඊට පැය ගණනකට පසු තමන් සේවය කරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයට සිසුවකු ද සමග පුද්ගලයෙක් පැමිණියේය. ඔහු දුටු විගස තරුණයාට මතක් වුණේ තමා පාරේ වැටී තිබූ අහුලාගත් මුදල් පසුම්බියේ තිබූ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයයි. එය නැවත එළියට ගෙන බැලූ විට දරුවකු සමග පැමිණි පුද්ගලයා හැඳුනුම්පතේ සිටි පුද්ගලයාම බව හඳුනාගෙන ”ඔබගේ මොනවා හරි නැතිවුණා දැයි” විමසා මුදල් පසුම්බිය පෙන්වීය.
එතැන සිටි සියල්ලන්ම පුදුමයට පත්වූයේ රුපියල් තුන් දහසක්, ජාතික හැඳුනුම්පත සහ තවත් ලියවිලි කිහිපයක් සහිත මුදල් පසුම්බිය බාරදුන් විට ස්තූතියි කියාවත් නොකියා ”මේක මගේ තමයි” කියමින් හිමිකරු බුරුස්ගා එය ඩැහැගෙන යෑම ගැනයි. හොඳ වැඩ කරන අයට මේවා හොඳ පාඩම් යැයි එහි සිටි හැමෝම කීවේ අයිතිකරුගෙන් නොලැබුණු ස්තූතිය ඔවුන්ගෙන දෙමිනි.



අදහස් (0)

මුදල් පසුම්බිය අහුලා දුන්නාට අයිතිකරුට කේන්ති ගිහින්

අමිල කටුනායක Friday, 28 December 2012 01:30 PM

ගියසතියේ මමත් එකක් ඇහින්දා. ඉන්පස්සේ අයිතිකරුට දුන්නා. ඔහු මට හවස‍ ඩොලර් කොළයක් දුන්නා. (නි)

:       0       0

කමල් Saturday, 29 December 2012 10:56 PM

කොපමණ ගුණ කලත් ‍දුදනෝ නොවෙති යහපත්..!(නු)

:       0       0

සුදේෂ් Saturday, 29 December 2012 11:28 AM

වෙන පැත්තක කෙනෙක් කරපු දෙයක් දකුණෙ කෙනෙක් කළා කියලා හරි අදහස් දාලා හිත හදාගන්න. (නි)

:       0       0

උමා Sunday, 30 December 2012 01:13 AM

දුන් දේ සුවදයි කියලා හිත හදාගන්න. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 30 December 2012 07:37 PM

මේ සැවොම සුදනන් වාගේ තමයි අදහස් පළකරලා තියෙන්නේ. නමුත් තමුන්ගේ දුදනගති ඇතිවෙන්න වැඩි වේලාවක් යන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 29 December 2012 11:42 AM

පිරිහුණු මිනිස් සාරදම් අතින් බහුල රටක ඉන්දික ප්‍රසාද් මහත්මයා සැබවින්ම මහත්මයෙකි. ඔබට ලැබිය යුතු ගුණ සැලකිලි නොඅඩුව ලැබෙයි. ජය වේවා. (ත)

:       0       0

ගාමිණී Friday, 04 January 2013 11:04 AM

මම ගමනක් යද්දි පර්ස් එකක් ඇහින්දා . කැඩිච්ච ඒ පර්ස් එක ඇතුලේ පොඩි කොල කෑල්ලක් තිබුණා. ඒකේ ලියලා තිබුණෙ මීට වඩා හෙඳයි හිඟාකෑවනම් කියලයි (ස)

:       0       0

හේරත් Friday, 28 December 2012 02:05 PM

කලබල වෙන්න එපා. හිත නරක් කරගන්නත් එපා. වදින්න ගිය දේවාලයත් හිසේ කඩාවැටෙන කාලයක්නේ මේක. (නි)

:       0       0

දුෂන්ත Sunday, 30 December 2012 05:51 AM

කමල් ඔබ හරි. කොපමණ ගුණ කළත් ‍දුදනෝ නොවෙති යහපත්... (නි)

:       0       0

උෂාන් Friday, 28 December 2012 02:03 PM

පසුම්බිය දුන්න නිසානේ මේ ඔක්කොම. පසුම්බිය නොදී සල්ලි ටික තියාගත්තා නම් ඉවරයි. (නි)

:       0       0

ධම්මික Friday, 28 December 2012 10:58 PM

දුදනන් හට උදවු නොකරමු. (නි)

:       0       0

වනිතා Saturday, 29 December 2012 12:35 PM

හැබැයි මේ විදියේ ගතිගුණ තියෙන්නේ ලංකාවේ පුද්ගලයින් ළග විතරයි. (නි)

:       0       0

කුමාර Sunday, 30 December 2012 07:19 AM

අපි දකින සමාජ‍යේ මෙහෙම අයත් ඉන්නවා. එහෙත් ඒවාට දුක් වෙන්න එපා. අපේ යුතුකම ඉටු කරන්න අපි දැනගන්න ඕනෑ. (නි)

:       0       0

නාලක Sunday, 30 December 2012 08:34 PM

හොඳ අයට තැනක් නැ . ගණන් ගන්න එපා මල්ලී (ස)

:       0       0

තාරක Sunday, 30 December 2012 08:39 PM

මට ලැබුණා නම් මම ආපහු දෙන්න හිතන්නෙවත් නැහැ. (නි)

:       0       0

ජමල්ඩීන් Wednesday, 02 January 2013 04:31 PM

දුක්වෙන්න එපා. කාගේ නැතත් අල්ලා දෙවිදුගේ ආශිර්වාදය තිබෙනවා. (නි)

:       0       0

රොෂාන් Saturday, 29 December 2012 01:37 PM

මම හිතන්නේ ඒ ඇත්ත අයිතිකරු නෙමෙයි (ස)

:       0       0

වජිර Tuesday, 01 January 2013 06:03 AM

දැන්ම ඉදලාම පොඩි ළමයින්ටත් ස්තූති කරන්න පුරුදු කළ යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රිකා Friday, 28 December 2012 03:26 PM

වදින්න ගිය දේවාලේ ඉ‍හේ කඩන් වැටෙනවා කියන්නේ ඕකට තමයි (ස)

:       0       0

ධනුෂ්ක Tuesday, 01 January 2013 03:05 PM

දුන්නා කියලා හොඳක් අහන්න ලැබෙන්නේ නෑනේ. කරන්න තිබුණේ සල්ලි අරගෙන ජාතික හැදුනුම්පත තැපැල් කරානම් හරි (ස)

:       0       0

දොන් Monday, 31 December 2012 12:10 AM

ඔය වගේ ගති පැවතුම් සමහරුන්ට තියෙනවා (ස)

:       0       0

පද්මි Sunday, 30 December 2012 10:59 AM

සමහරවිට ඒ පුද්ගලයා හොයාගෙනම ආපු නිසා දෙන්න වුණාද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

සහන් Saturday, 29 December 2012 02:04 PM

මෙයාලට දකුණ ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ (ස)

:       0       0

අසෝක Friday, 28 December 2012 03:51 PM

මිනිස් සතුන්ගෙ හැටි ඔහොම තමයි. උදව්වක් කරලා ස්තුතිය බලපොරොත්තු වෙන්න එපා. ඒ නොලැබුනාම හිතට දුකයි. ඒ නිසා ඒ කරපු දෙයින් තමන්ගෙම හිතට​ ලැබෙන සතුට බුක්තිවිදින්න​. (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 01 January 2013 03:27 PM

හොඳ වැඩේ (ස)

:       0       0

අකිල Friday, 28 December 2012 04:06 PM

තමන් කළේ හොද වැඩක් කියලා තමන් දන්නවා නම්, ඒ ඇති. (නි)

:       0       0

අසීම් Saturday, 29 December 2012 06:48 AM

ස්තුති කළත් නැතත් ඔය වගේ වැඩ දිගටම කරන්න අමතක කරන්න එපා..!(නු)

:       0       0

ප්‍රසාද් Sunday, 30 December 2012 12:39 PM

ඔබ කල ගුණ ඔබට කවදාහරි ලැබේවි. ඔහු කල දේ ඔහුට කවදා හෝ තේරේවි (ස)

:       0       0

ජෝස් Friday, 28 December 2012 05:14 PM

ෂුවර් එකටම දකුණින් එහා පදිංචියට ගිය කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

දමිත් Tuesday, 01 January 2013 05:30 PM

නුවනැති අයට කළ උදව් ගලේ කෙටූ සේ මතක තිබේ. එහෙත් දුදනන්ට කළ උදව් දියේ ඇදි ඉරි සේ මේක යයි..!(නු)

:       0       0

සුමේධ Friday, 28 December 2012 10:57 AM

පුදුම මිනිස්සුනේ ................ (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:08 AM

මිනිසුන් හා නොමිසුන් අතර වෙනස (ස)

:       0       0

නුවන් Friday, 28 December 2012 06:24 PM

නාඩා ඉදින් පුංචි පුතේ, ඕවා ඔහොම තමයි අනේ. (නි)

:       0       0

විතාන Saturday, 29 December 2012 08:54 AM

ඕවා හොඳ පාඩම් අපිට (ස)

:       0       0

ගීත් Saturday, 29 December 2012 09:12 AM

දකුණට කිසිම සම්බන්දයක් නැති ප්‍රවෘත්ති ගාවගන්න එපා පෞද්ගලික ඉරිසියාවන් තිබුණා කියලා (ස)

:       0       0

ඊෂාක් Monday, 31 December 2012 07:41 PM

හොද දේවල් කරන්න ඕනෑ ස්තූතියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. (නි)

:       0       0

සුසන්ත Saturday, 29 December 2012 07:14 PM

අපි යම්කිසි ‍උදව්වක් කරනවානම් ආපසු උදව්වක් හෝ ස්තුතියක් බලාගෙන නොකළ යුතුයි..!(නු)

:       0       0

චිත්‍රානන්ද Tuesday, 01 January 2013 08:25 PM

ඕවා ඔහොම තමයි හැමෝම එක ව‍ගේ නැහැනේ..!(නු)

:       0       0

‍හේරක් එස්. Saturday, 29 December 2012 07:39 PM

සීනි පැනි රසයි.. අබින් තිත්තයි.. ලුණු ලුණු රසයි.. දෙහි ඇඹුල් රසයි.. ආරේ ගති නෑරේ... (නු)

:       0       0

කෝලිත Friday, 28 December 2012 08:50 PM

මුදල් පසුම්බිය නැතිවුණා කියලා රක්ෂණයෙන් වන්දියක් ගන්න හිතාගෙන හිටියද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

ශානිකා Sunday, 30 December 2012 05:03 PM

බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ. නමුත් කිසිම දවසක අපහු දෙයක් බලපොරොත්තු වෙන්න එපා . තමන් හොඳ වුණාට අනිත් මිනිස්සු හැමෝම හොඳ මිනිස්සු නෙමෙයි. (නි)

:       0       0

ආනන්ද Friday, 28 December 2012 09:05 PM

සොයුර, ඔබ කළ කුසලය ගැන සිතා සතුටු වන්න. (නි)

:       0       0

චමීර Friday, 28 December 2012 01:16 PM

කලගුණ නොදන්න මිනිස්සු (ස)

:       0       0

අනුර Tuesday, 01 January 2013 12:36 PM

මම නම් ස්තූතිය බලාපොරොත්තු නොවෙමි. මටත් මෙවැනිම දෙයක් සිදුවී ඇත. (නි)

:       0       0

තරුෂ Monday, 31 December 2012 09:49 PM

කුකුල් කේන්තිකාරයෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 28 December 2012 09:07 PM

අපි යම කෙනෙකුට කරන උදවු අපි විසින් අමතක කළ යුතුයි. නමුත් යම් කෙනෙක් අපිට උදවුවක් කළොත් අපි එය මතක තබා ගත යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Friday, 28 December 2012 01:22 PM

මේ වගේ චාන්ස් එකක් මට ලැබුණා නම් අනෙක් සියල්ල ආපසු දුන්නත් මුදල් නම් මම ගන්නවා. පස්සේ පිනක් කරනවා පවු යන්න. (නි)

:       0       0

තිලක් Monday, 31 December 2012 09:54 PM

රොෂාන් කිවුවා වගේ මේ නම් ඇත්ත අයිතිකරු වෙන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 922 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 828 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2267 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 779 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 1011 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 384 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 158 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site