(පැටි‍්‍රක් මාකස්)
බස්රථයක ගමන් කරමින් සිටියදී මුදල් පසුම්බියක් සොරා ගත්තැයි කී අයකුට සිදුවූ අපූරු සිද්ධියක් පසුගියදා නුගේගොඩින් වාර්තාවිය.
සිද්ධිය සැකවින් මෙසේය.
දිනය 24 වැනිදාය. මාර්ග අංක 138 කොළඹ මහරගම ධාවනය වන බස්රථයකි. බස්රථය මගීන්ගෙන් පිරී තිබිණි. මහරගම සිට කොළඹට ධාවනය කරන බස්රථය නුගේගොඩ ගුවන් පාලම අසළ තිබෙන බස්නැවතුම්පළේ නැවත්විය.
කාන්තාවන් ළමයින් හා තරුණ තරුණියෝ කඩිනමින් බැස යාමට පොරකෑහ.
ඩෙනිම් කලිසමක් හැඳ සිටි මැදිවියේ මහත්මයකු ඔහුගේ මුදල් පසුම්බිය නැති වී ඇති බවට කෑ ගැසීය. ඔහුගේ කලිසමේ පිටුපස සාක්කු දෙක වරින් වර අත ගාමින් මුදල් පසුම්බිය නැතිවූ බව හඬ නඟා කීය.
කොන්දොස්තර මහතාද බිමට බැස සිටි අතර ඔයාගෙ අතේ මොකක්ද තිබෙන්නේ කියා ඇසූවිට ලැජ්ජාවට පත් ඩෙනිම් කලිසම ඇද සිටි පිරිමි මහතා සීරුවෙන් මඟහැර ගියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව තිබෙන්න ඇත්තේ බැහැල ගිය කෙනෙක් ලඟ. (නදී)
හදිසියේ හිත කලබල කරගත්තම මේ වගේ දේවල් සිද්ද වෙනවා (නදී)
කොහොමද අනේ අතේ යමක් තියාගන කලිසම් සාක්කු අල්ලන්නේ? (බ)
ඕකට තමයි කියන්නෙ තමන්ගෙ දේවල් තමන්ම හොරකම් කරනවයි කියලා.(හේ)
ඇයි එක මිනිසෙක් අමුඩය ගහගෙන අමුඩය හෙවුව කතාවකුත් තියෙන්නේ! (නි)
මේක වුණේ අර අලුත් අපේක්ෂක මහත්තයට නෙවෙයි නේ ද? (නදී)
ඕකට වඩා හොඳ එකක් තියෙනවා... මේක පිළියන්දල සිද්දියක්. බාර් වහන නිවාඩුවකට කලින් දවසක රෑ 8:55 ට විතර ඇති. වයින් ස්ටෝර් එකේ පොරකන සෙනඟ අස්සෙන් රිංගපු හෙල්මට් එකකුත් දාගත්ත අයියා කෙනෙක් බෝතලයක් ගත්තා. ගත්ත බෝතලය හරිම පරිස්සමෙන් පපුවටම තුරුළු කරගෙන ආපහු සෙනඟ අස්සෙන් රිංගල එලියට ආපු අයිය එකපාරටම ආපහු හැරුනෙ "මගේ පර්ස් එක කවුරුහරි අරගෙන" කියාගෙන. අයියගේ සද්දෙට අර පොරකකා හිටපු සෙට් එකම හරිල බැලුවා. පර්ස් එක නැහැ කියපු අයිය තාම එක අතකින් බෝතලෙයි පර්ස් එකයි පපුවට තද කරගෙන අනෙත් අතින් සාක්කු අතගානවා, ෆුල් ෆේස් හෙල්මට් එක නිසා අතේ තියන පර්ස් එක පේන්නෙ නැහැ. අර සෙට් එකටම පර්ස් එක පේනවා. එතන හිටපු ඒ වෙනකොටත් හොඳට දාල හිටපු මල්ලි කෙනෙක් "ඔය තියෙන්නෙ අතේ පර්ස් එක... මෙතනට එන්නෙ බේබද්දෝ මිසක් හොරු නෙමේ..." කියපු පාරට අර අයියා "තැන්ක් යූ..." කියාගෙන යන්න ගියා. (බ)