මාවතගම නගරය මධ්‍යයේ පිහිටි ජනප‍්‍රිය වෙළඳසැලකට ගොඩවූ පුද්ගලයකු මුදලාලි රවටා රුපියල් දහදාහක බඩු මල්ලක් රැගෙන යාමේ පුවතක් මෙසේ හෙළිදරව් විය.
නගරය එදා ජනාකීර්ණව පැවැතුණි. හදිසියේ වෙළඳසලට ගොඩවූයේ වයස අවුරුදු 50x55 අතර තැනැත්තෙකි. මුදලාලි හාමුදුරුවෝ කීව මේ බඩු ලැයිස්තුව ගෙනියන්න කියල ඔහු කීය.
කඬේ මුදලාලි තුණ්ඩුව පරීක්‍ෂාකර බලා තම සහායිකාව වූ බිරියට එය දිගුකලේ බඩුටික සූදානම් කරන්නට කියාය. බඩු ලැයිස්තුවට අනුව එකින් එක ගෝනියක තැම්පත්විය. කිරි පැකට් 10 ක් ලියල තියනවා. අපි ළඟ 8 යි තියෙන්නේ. මම අල්ලපු කඩෙන් ගේන්නම් බිරිඳ අසළ කඩයකට ගියේ සැමියාගේ අවසරය ඇතිවය. මුදලාලි මේ බඩුවල මිල ගණන් ටික ලොකු අකුරින් ලස්සනට ලියන්න.
මොකද හාමුදුරුවන්ගේ ඇස් පෙනීම අඩුයි. බඩු මිල ගණන් ලියූ බිල දෙස බලා මිලදී ගැනීමට පැමිණි තැනැත්තාගේ ඉල්ලීම මත වෙළෙඳසැල් හිමිකරු බිල නැවතත් පැහැදිලි රවුම් අකුරින් ලස්සනට ලීවේය. බඩු ලැයිස්තුවේ එකතුව රු. 10,000 කට ආසන්නය. මෙන්න අල්ලපු කඩෙන් ගෙනාව කිරි පැකට්. බිරිය දුන් කිරිපැකට් 2 මෙතෙක් වේලා බඩු ඇසුරූ ගෝනියට දැමීමට මුදලාලි සූදානම් වූයේ වටපිට බලමින්ය.
කෝ කෝ බඩු ගෝනිය. බිරිය කෑගැසීය. බඩු මල්ලත්, මිලදී ගැනීමට පැමිණි තැනැත්තාත් අතුරුදන් වී තිබිණි. මාවතගම නගරයේ කඩ දෙක තුනකටම එකම දිනයේ මේ පුද්ගලයා ගොඩවී මෙලෙසම වංචා කර ඇති බව පසුව හෙළිවිය. මගේ බඩුටිකේ වටිනාකම රුපියල් 10,000 ක්.
මුදලාලි සුසුමක් හෙළීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකලංක, ඇත්තටම දකුණේදී මොනවාහරි ඇබැද්දියක් වුණාද? ගින්නක් නැතුව නම් දුමක් නගින්නේ නැහැ කිව්වලු. ඒත් ඒ ඉස්සර... (නි)
නැතිබැරිකම නිසා හොරකම් කරලා හරියන්නේ නෑනේ (ම)
මේ වගේ කට්ටිය ගෙදර වත්තේ ඉඩ තිබේ නම් වවා කියාගෙන ස්වයං රැකියාවක් කරගෙන ඉන්න උත්සහයක් නැහැ. එකම තර්කය අපිට ජිවත් වෙන්න අමාරුයි ඒ නිසා අනෙක් කට්ටිය තමන් බඩට නොකා හරි අපිට දෙන්න ඕන. දැන් මේ මුදලාලි එයාගේ නෝනාව පවා එකතු කරගෙන හරි හම්බ කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසානේ. ඒ බවලති කඩේ වැඩට මහන්සි වෙනවා. හොරාගේ නෝනාට නිකන් ඉඳලා අනුන්ගේ මහන්සියේ ප්‍රතිපල ලැබෙනවා . මොන තරම් අසාධාරණද ? (ර)
සරසි, දැන් කාලේ හාමිනේලා අහන්නේ නැහැ, කොහෙන්ද මේ මුදල් ආවේ කියලා. (ර)
නැති බැරි කියලා සාධාරණව හරි හම්බ කර ගන්න කිසිම උත්සාහයක් නැති හොරු තමයි මේ. මේ ගොල්ලන්ගේ හාමිනේලාත් සැමියා කාගෙන් හරි කඩා ගෙන එනකන් බලන් ඇති. සැමියාට ආදායමක් නැතිව මෙහෙම බදු මුට්ටු තොග පිටින් ගෙදර ගෙනාවේ කොහොමද කියලා අහන්නේ නැද්ද ? මේවා මුලින් කරපු කෙනා තමයි ඊළඟට ගෙවල් බැංකු බිඳින්න හිතන්නේ. (ර)
මේ හොරාට ලැජ්ජාවක් නැහැ. උදේ ඉඳලා වැඩ කරලා ගෙදර යන ගමන් කඩෙන් කන්නබොන්න දේවල් ගත්ත බවලතෙකුගේ මල්ලක් වුනත් මේ ලජ්ජා නැති පිරිමියා උස්සාගෙන යාවි. මොකද බැරි, කම්කරු රැකියාවක් හරි කරලා ජිවත් වෙන්න. මේ මිනිස්සුන්ගේ හාමිනේලා ඊටත් හපන් ඇති. ගෙදර පලා ටිකක් එළවළුවක් වවා ගන්න කම්මැලි ගෑනු. අපි කොළඹ පොඩි ඉඩකත් පුළුවන් තරම් වවනවා. (ස)
රංග මම හොරකම සාදාරනීකරනය කලේ නැහැ.ඔබ අදහස් කරන්නේ කොයි හොරාද?.නීත්‍යානු කූල හොරාද ,නැතිබැරි හොරාද. මා අැසු ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න? (ස)
අපි දුප්පත් කියලා නිකම් අනුන්ගෙන් ලැබෙනකන් හෝ සොරකමෙන් හම්බ කරගන්න හිතා ගෙන හරි යන්නේ නැහැ. (ම)
ටෙනිසන් කරුණාකර දරු පවුල් මතක් කර වංචාව හොරකම සාධාරණීකරණය කරන්න එපා. ඔන්න පිටකොටුවේදී ආයතනයේ සල්ලි බැංකුවට දමන්න ගිය කෙනාට පිහියෙන් ඇනලා සල්ලි අරන්ලු. පුළුවන් නං ඒකටත් අනේ කමක් නැහැ කියන්න. (බ)
මේ සියලු අකරතැබ්බයන් වන්නේ එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන කෙනාට. සොබාදහම හරස්වන්නෙත් ඔහුට. එදාට මුදලාලිත් ගොරවනවා, දානපතියාත් දොරවල් වහගන්නවා. සරණක් නැති මිනිසාටමයි ප්‍රශ්න වැඩි. (නි)
කාන්තිගේ අදහසට සමගාමීව අදහස් දැමු බොහෝ දෙනෙක් ඉන්නවා.හොරා හොරාමයි ඒකට අපි දෙස් දෙවොල් තියනවා. නමුත් නීත්‍යනුකූලව සොරකම් කරන මුදල් (රේස් බුකි,කැසිනෝ) වලින් පන්සලේ,පල්ලියේ,කෝවිලේ,පාසලේ මහා උත්සව පවත්වල පරිත්‍යාග කරද්දී, ඒක මහා දානපතිය.ගෑනි දරුවෝ කුසගින්නේ ඉන්නවා බලා සිටිය නොහැකි වේදනාව් නිසා සොරකම් කර වේලක් හෝ කන්න දුන්නනම්, ඒ බව ගෑනි දරුවෝ නොදන්නවානම් යා නොදෙන්නේ කොහොමද?.කෙසේ හෝ දරුපවුලට කන්නනොදී මැරෙන ඇරියොත් මේ අදහස් දමන අය කදුලුසලමින් අර මිනිහට අර විදිහටම දෙස්දෙවොල් තියනවා.දැන් අපි නැවතිය යුත්තේ කොතනද? (බ)
අනේ අපේ මුදලාලි තමයි දකුණේ ..... (නි)
වෙළඳාම් කරනවා නම් ඌරු හොටයි, බූරු පිටයි, වඳුරු ඇහැයි තියෙන්න ඕනෑ කියලා තියෙන්නේ කටකහනවට නෙමෙයි. (නි)
මේ මන්නුස්යට මේ කරපු පවට මේ ලෝකෙදීම පඩිසන් දෙනවා. (ම)
මුදලාලිත් කොහොම කෙනෙක්ද දන්නේ නෑනේ. ඔය සිද්ධියේ දෙපැත්තක් තියෙනවා.(හේ)
පව් අහිංසක මුදලාලි.(හේ)
හොරකම් නොකර අනුන්ගේ දේ කඩා වඩා ගන්නේ නැතුව හොදට තියෙන අත පය වෙහෙසවල යමක් හම්බ කරන් කන්න බැරි මොකද මන්දා. (ර)
දැන් දැන් වංචාවෙන් මැරකමෙන් ජිවත් වීම වැඩි වෙලා. මේ මෑතකදී, අවස්ථා දෙකකදී විදේශික සංචාරකයන්ගේ අත්බෑග් පැහැරගෙන දුවලා. අනුන්ගේ දේවල් කඩා වඩා ගැනීම ආදායම් මාර්ගය වන දවස වැඩි ඈතක නැහැ. (ර)
කාශ්‍යප,ඔබ වැනි අයත් අප අතර සිටින බව දැනුනාම සතුටක් දැනුනා.හැම කෙනාම මෙසේ සිතනවානම් අප ජීවත් වෙන ලොව කෙතරම් ලස්සන තැනක් වේද..? (හේ)
අට පහ නොදන්න මිනිහා පවට බය නැත !(හේ)
මේ වාගේ පහත් වැඩ කොහොමද නැති බැරි කමට කළා කියලා කියන්නේ...?මේවාට තමයි කියන්නේ අනුන්ගේ ගින්දර කියලා.ඔව්වා ගෙනිච්චාට වැඩක් නැහැ අර මිනිසුන්ගේ හිතේ අවිලිච්ච ගින්දරටත් වැඩියෙන් පිච්චිලා දැවී යනවා.කාශ්‍යප ඔබේ අවංක කම අගයමි.(අ)
මා කරන රැකියාවේදී, දරන තනතුර අනුව, මුදල් රිසිට්පත් ඉදිරිපත් නොකරත් වියදම් වූ මුදල් නැවත රුපියල් දහස් ගණනින් අයකරගත හැකි වුවත්, මා කිසිදිනක එලෙස නොකරමි. මා ජීවත් වන්නේ සම්මා ආජීවයෙන්, වංචාවෙන් විඳින සැපත මට එපා. (හේ)
මේවා මහා කතා වැඩ. (හේ)
ගෙනිහින් කන්න දුන්න අඹු දරුවන්ට යා දුන්නේ නැහැ. දැන් ඉතින් මෙතන කට්ටියක් කියාවි අනේ නැති බැරි කමටනේ ඔහොම කලේ කියලා. අපි නම් මේවා නැතිබැරි කමට කරන වැඩ ගණයට දමන්නේ නැහැ, (ස)
ෂුවර් එකටම දකුණේ මිනිහෙක් (බ)