පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි. ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩිවී උන් තරුණිය යම් අපහසුතාවකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදිවයසේ පිරිමියෙකි. තරුණිය නොරිස්සුම් ස්වභාවයකින් බොහෝ අපහසුවෙන් ගමන් කළාය. පිරිමියා ඒ ගැන කිසිවක් නොදන්නා අයුරින් කරබාගෙන ගමන් කළේය. ඔහුගෙන් ඇයට යම් හිරිහැරයක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. තව ටික දුරක් යන විට තරුණියගේ රතුකට්ට පැන ඇති බව දැකගන්නට ලැබිණි. ඇය ඔරවා ඔහු දෙස බලන අයුරු ඔහු දුටුවේ නැත. ඇය එක්වරම මහ හඬකින් මොකද කරන්නේ කියා ඇසුවාය. ඔහු ඇඟට පතට නොදැනෙන්නට, ආ මමද මේ දවස්වල මාවනැල්ලේ කඩයක් කරනවා යැයි කීවේ තමන් තරුණියට කළ හිරිහැරය වෙනතකට හරවන්නට මෙනි. කෙසේ වුවද එම දෙබසින් පසු මැදිවයසේ පුද්ගලයා මෙල්ල වී තමන්ගේ පාඩුවේ ගමන් කරන අයුරු දැකගත හැකිවිය. පානදුර බදුරාමුල්ලවත්තේ ලයනල් සරත් නම් මහතකු මේ සිද්ධිය ලංකාදීපයට ලියා එවා තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අවු. 40 විතර කලින් පාසල් ගිය කාලෙත් මේ කතාව ඇහුවා....
ගාලු පාරේ බසයකට ගොඩවු අනංගයා තරුණි අසල වාඩිවි සිටින්නියා කාටත් හොරා පහාස ලබන්නියා රතු කට්ට පැන තරුණිය කැගසන්නියා......
වැරදි ප්‍රශ්නයක්නේ අහල තියෙන්නේ... මගෙන් ඇහුවත් ඉතින් ඔය වගේ උත්තරයක් තමයි දෙන්න වෙන්නේ.
ඇත්තනේ කියලා තියෙන්නේ ඒ උනාට කාන්තා හිංසනයට එරෙහිව සියල්ලෝම නැගී සිටිය යුතූයි
කොල්ලා තැනට සුදුසු නුවණ නම් පාවිච්චි කරල තියෙනවා. ඒක හොද පැත්තට යොදා ගත්තා නම් තමයි හොද
ඇත්තටම මොනවද කරන්න ඇත්තේ
නියම කොල්ලෙක්
සමහර අය බස්වල යන විට හනිමූන් යන්න ලේස්ති වෙනවා ගෑනු බස්වල එච්චර දුර යන්න කැමති නෑ. අකමැත්තෙන් මොනදෙයක් වත් බෑ . ඇති ඔයින් ගියා ....?
වයසට ගිහිනුත් මෙහෙම නම් තරුණ කාලේ කොහොම ඉන්න ඇත්ද? අනේ මන්දා
මෙවැනි හැසීරීම් රටාවන් අපේ සමාජයේ උඩු දුවා ඇති බව පෙනේ.
පොදු ප්‍රවාහන සේවා වලදී අනිසි හැසිරීම්වලට සම්බන්ධ වන්නේ පුරුෂ පක්ෂය පමණක් නොවේ. විවාහක කාන්තා පක්ෂය පවා අනිසි හැසිරීම් වලට යොමුවේ. බස් රථවලදී පිරිමින්ට ස්පර්ශවීම තුළින් අනිසි කායික වින්දනයක් ලැබීමට පවා යොමුවූ කාන්තාවෝ සිටිති.මාද පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන බැවින් ඒ පිළිබඳ අමිහිරි සිදුවීම් විඳ ඇත. සමහර විට අසුන්ගෙන සිටින අවස්ථාවලදී ඒ අසුන් ළඟ සිටිගෙන සිටින කාන්තාවන් ඔවුන්ගේ පියයුරු,ළැම හා ශරීරය අසුන්ගෙන සිටින පිරිමියාගේ මුහුණ බාහු ප්‍රදේශවල වදින පරිදි තෙරපාගෙන සිටිති. තවත් අවස්ථාවලදී පිටට උල් අනින්නාක් මෙන් පියයුරු තුඩු පිට පැත්තට තදවන පරිදි දෙඅතින් බස් රථයේ දෙපසින් අල්ලාගෙන ගමන්කරද්දී බැලූවිට වම් අතේ මංගල මුදුවක් පැළඳ තිබූ බැවින් විවාහක කාන්තාවක් බව පැහැදිලි විය. අවිවාක තරුණියකට ලිංගික ආශාව සමනය කරගැනීමට නොහැකිව මෙසේ හැසිරෙතැයි අනුමාත කළ හැකි වුවද නිතරම පිරිමියෙකුගේ ඇසුර ලැබිය හැකිවිවාහක කතුන් මෙසේ හැසිරීම මා විමතියට පත්කළ කරුණක් විය
මා විසින් ඉහත දක්වන ලද කමෙන්ටුව සම්බන්ව මෙවැනි අදහසක් ඇත. එනම් නිතරම සමබරව අදහස් පළ කරන්නෙකු වශයෙන් ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තුළම පුහුදුන් ස්වභාවය නිසා යම් යම් දුබලතා විද්‍යමාන වියහැකිය. එවිට සිදුකළ යුතු බුද්ධිමත්ම ක්‍රියාව ස්ත්‍රිය හෝ පුරුෂයා පහත් කර සැලකීම නොවේ. කාරුණිකව වරද පෙන්වා දී පුද්ගලයා නිවැරදි කිරීමයි. නරක ගැහැණු මෙන්ම හොඳ ගැහැණුද සිටිති.පිරිමින් වුවද එසේය. නරක පිරිමි මෙන්ම හොඳ පිරිමිද සිටිති. එබැවින් සියල්ලෝම එක මිම්මෙන් මැනීම නිවැරදි නැත.අපි අපේ අඩුපාඩු හදා ගමු.ඉහත කමෙන්ටුව කියවූ යමෙකුට සිත් වේදනාවක් ඇතිවී නම් මා ඒ පිළිබඳව කණගාටු වෙමි. නමුත් ඒ සිදුවීම් සත්‍යය. හැමෝම ඒ වගේ නැත.මගේ මව, නැඟණිය හා බිරිඳ හා සමාන ගුණවත් උතුම් කතුන්ද මේ ලොව වෙසෙති.