දකුණු පළාතේ ගමක ජීවත් වූ මොහු වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. එක් දිනක් තමන්ගේ සුපුරුදු රාජකාරි කටයුතු නිමවී නිවෙස බලා එන විට රාත‍්‍රි 11.00 පමණ විය.
රාත‍්‍රි කාලයේ සේවය නිම වී නිවෙස බලා එන විට ඔහුගේ ළඟ විදුලි පන්දමක් නොතිබූ හෙයින් ඉටිපන්දමක පිහිටෙන් ඔහුට නිවෙස බලා යාමට සිදු විය.
මොහුගේ නිවසට යා යුතුව තිබෙන්නේ සුසාන භූමියක් පසු කරගෙන බැවින් මොහුගේ නිවෙස අසළ සතියකට පමණ පෙර මළ ගෙදරක් සිදුවී එයද සුසාන භූමියේ තැන්පත් කර ඇති නිසා හිතේ තිගැස්මෙන්ම අඩියෙන් දෙකෙන් එම ස්ථානයෙන් නිමක්ම යා යුතු යැයි සිතා ගියේය.
මොහුට සුසාන භූමිය පසු කරනවාත් සමඟම සිතා ගන්නවත් බැරි දෙයක් පෙනෙන්නට විය. සුසාන භූමියේ තිබූ මල් වඩමක් එහා මෙහා යමින් තිබිණි.
මොහුට දෙලොව රත්වී පණ එපා කියා ඉටිපන්දම ද විසි කර නැවත තමන් සේවයේ යෙදී සිටි ස්ථානයට දිව ගියේ අඳුරේම වැටි වැටීය.
දහඩිය දමාගෙන තමා සේවය කළ ස්ථානයට ගොස් කාරණය පිළිබඳ ඔවුන්ට වටහා දී නැවත සේවය කළ ස්ථානයේ අය සමඟ පැමිණ බැලූ විට දැක ගැනීමට හැකි වූයේ සිතා ගන්නවත් බැරි දෙයකි. එම ස්ථානයට පැමිණි හරකෙකුගේ අං තට්ටුවේ මල් වඩම පැටලී එය ඉවත්කර ගැනීමට දඟලන හරකා දැක කාරණය තේරුම්ගෙන නැවත ගෙදර ගියේ ඔහු තවත් මහ රෑ වෙනකම් සේවය නොකරන ලෙස සිතාගෙනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දෙයක් දැක්කම ඇත්තටම කව්ද අනේ බය නොවෙන්නේ? බයේ ගැහි ගැහි හරි ටිකක් විපරම් කරලා බලන්න තිබුනේ (නි)
දිසා අයියා ඇරඹු කවි මඩුව රස සාගරයක් විය. කියවන හැමට ඇරයුම් කරමි කවි අදහස් දමන ලෙස. (නි)
දුරදිග බලා වැඩ කරමු (නි)
අනේ ලංකාදීප බුදු අයියේ, මාව මෙහෙම බය කරන්න එපෝ. (නි)
මම කුඩා කාලේ ඉදලා හරිම අසයි හොල්මන් කතාන්තර අහන්න. අදටත් එහෙමයි. ඒත් කවදාවත් මම හොල්මන් විශ්වාස කරන්නේ නැහැ.මගේ ඇහැට යමක් දකින්න මම හරිම ආසයි.ඔය කියන යක්කු, පෙරේතයෝ ලංකාවේ තමයි ඔය සේරම (නි)
දනී පනි ගාල නැගිටලා මේ හිමිදිරියේ..! ලංකාදීප ගෙන පිහිනා ගුගලයේ...! ඇති සැනසුම මා හද තුල නිම නැතියේ..! තව කවි ලියාපන් රූපා සුකුමලියේ ....!!! (දී)
රජ කාලේ ඈත පිටිසර දනව්ව්වකට සිංහ පෝතකයෙක් කඩා වැදිලා ගම් වනසමින් මහත් විනාශයක් සිදුවෙන වකවානුවක, රජ මැදුරට පණිවිඩයක් ඇවිත් කඩු ශිල්පය දන්නා කුමාරයෙක් එවන්න කියලා සිංහයා මෙල්ල කරන්න. දක්ෂ බාල කුමරු පිටත් වෙන්න සුදානම. අක්කණ්ඩි කුමරිය සෙනහසින් කරන ආයාචනය, මලනුවනි ඔබ යන මගෙහි ඇති නුදුරු පියසේ සැරිසරන සැර පරුෂ බලු දණ්ඩා මග හැර පරිස්සමින් යන්න. (නි)
අරගෙන පෑන සිහි කරමින් මල්ලි දිසා .. කවියක් ලිවුවේ මං සොහොයුරු පෙමක් නිසා .. සෙත් වේ ඔබට නිම විලා නරක දසා .. ඉල්ලමි තවත් රස කවි පද ලියන ලෙසා (නි)
අපේ යාලුවෙක් හිටියා, මිනිහ හොල්මන් අවතාර වලට අභියෝග කරන මහා වීරයා.හොල්මන්, අවතාර කියලා දෙයක් නැහැ කියලා තමයි නිතරම කියන්නේ.ඉතින් අපි මිනිහට අභියෝග කළා පුලුවන් නම් මහ රෑ දොළහට පාළු කනත්තකට ගිහින් ඉදලා එන්න කියලා. අපි මිනිහට දුන්නා ලොකු පොල්පරාල ඇණයක දවටලා කරවල පුළුටු බැදපු පොඩි උරයක්. ඔය උරේ කනත්තේ තියෙන අඹ ගහේ මුදුනේ ගහන එක තමයි අපි දීපු ඉලක්කේ. අපේ යාලුවත් හා කියලා පාපැදියෙන් ගමන පිටත් වුණා. මෙන්න පැයකට විතර පස්සේ අපේ යාළුවා රෑ එකට විතර දාඩිය මුගුරු දාගෙන පයින් දුවගෙන එනවා. මිනිහ කියනවා මිනිහ ගහට නැගලා ඇණේ ගහට ගැහුවලු. ගහලා බහින්න හදනකොට බහින්න දෙන්නේ නැහැලු. කවුද පිටිපස්සෙන් අදිනවලු .මිනිහ හොදටම බයවෙලා ගහෙන් පැනලා බයිසිකලෙත් දාලා තමයි ඇවිල්ලා තියෙන්නේ.අපිත් මිනිහට හිනාවෙලා පහුවදා උදේ කනත්තට ගියා බලන්න. මොකද දන්නවද වෙලා තියෙන්නේ? අපේ යාළුවා ඇදුමත් අල්ලලා තමයි ගහට ඇනේ ගහලා තියෙන්නේ.ඇදුමේ කෑල්ලක් අඹ ගහ උඩ. (නි)
ඕක අපේ ගමේ විහිළු කතා කියන අන්කල් කෙනෙක් රගපාලම අපිට මළ ගෙවල් වලදී එහෙම නොයෙක් කතා කියන වෙලාවල් වලදී කියලා තියෙනවා මට හොදටම මතකයි (නි)
කලකට පෙර අපේ ගමෙත් ඔහොම දෙයක් වුණා. නමුත් එවෙලෙ නම් මල්වඩම තිබුනේ හරකෙකුගේ කරේ නෙමෙයි, මල්ශාලාව අයිතිකාරයාගේ ගෝලයාගේ කරේ. ඊළඟ මළ ගෙදරට කලින් මල්වඩම මල් ශාලාවට ගෙනියන්න ඕනෑනේ. (නි)
එක දවසක් අපේ අප්පච්චිත් ගහක බැදලා හිටපු හරකෙකුට හද එළියට බයවෙලා, හොල්මනක් කියලා (නි)
ඇයි රූපවති අක්කේ ඔයා දන්නේ නැහැ වගේ කතා කරන්නේ? එහෙනම් මයිකල් ජැක්සන්ගේ හොල්මන එයාගේ ගෙදර ඇවිදිනවා කියන්නේ, එයා ලංකාවේ නෙමෙයිනේ. (නි)
මෙහෙම දෙයක් මීට කලිනුත් මම අහලා තියෙනවා (නි)
මගේ යාලුවෙකුට දවසක් මෝහිනීව හමුවෙලා රෙද්ද ඇදගන්න ළමයව පොඩ්ඩක් වඩාගන්න කිව්වලු.අපේ යාළුවා කිව්වලු ළමයව වඩාගන්න නම් බැහැ රෙද්ද ඕනෑ නම් අන්දන්නම් කියලා.උඹ මහ වනචරයෙක් කියලා කියපු මෝහිනී දරුවත් අරන් පස්ස නොබලාම ගියාලු (නි)
අනේ ඉන්දු එක මහා බොරුවක්. ඔයාට ඕනනම් අන්තර්ජාලයෙන් ඒ ගැන සේරම බලන්න.ඕවා ප්‍රසිද්ධෙට කරණ රගපෑම් (දී)
මම දන්න හොල්මනක් ඉන්නවා. එයා හැමතිස්සෙම කියනවා හොල්මන් කියලා දෙයක් නැතිලු. එයා මිනිස් වේශයෙන් ඉඳගෙන ලංකාදීපෙට අදහස් දානවා. (නි)
රුපවතී අක්කේ, මම එංගලන්තේ මාස 2ක් හිටියා.මම හිටි ගෙදර දොරවල් ඇරෙන වැහෙන සද්ද නිතරම ඇහෙනවා.කව්ද අවිදින සද්ද ඇහෙනවා.මමත් හොල්මන් විශ්වාස කළේ නැහැ.මේ සද්ද නිසා මම හොඳටම බයවෙලා හිටියේ.මේ වගේ ශබ්ද එංගලන්තයේ ඉන්න අයට නම් පුරුදුයිලු.බොරුනම් ලංකාවේ කෙනෙක්ගෙන් අහලා බලන්න.මේ ගෙවල්වල හොල්මන් තියනවා.නමුත් කාටවත් කරදරයක් නැහැ. (නි)
අපේ ඕපා දුප සෙට් එක මදි නොකියන්න දානවා හෝ ගාලා...ඔය හැම වින්නැහියක්ම වෙන්නේ දකුණු පළාතේ නොවැ. කවියකින්ම කිවුවොත් තමා අපේ ගොයියලාට දැනෙන්නේ ... බොරු වීරයෝ දගලනවා දකුණු රටේ ... කයිවාරුවට නම ගිය අපේ විදුලි පුතේ ... කට මැත කියෙවුවට උන්දැට මොකද සෙතේ ... ඇදී වත දමා දිවුවත් නුඹ මකර කටේ ... (නි)
රෑට රැට හොරෙන් හොරෙන් අහළ පහළ කොටු ගනින්න .... හොල්මන් අවතාර එක්ක රෑට හොරෙන් ගෙට පනින්න ... චාන්දි අක්කේ දවල්ට බැහැ හොරැහින් ඔය ගෙට එබෙන්න .... හදපානේ යමුද දෙන්න රෑට හොරෙන් මල් නෙලන්න ... (නි)
අපේ බාප්පා කෙනෙකුත් පොඩි කාලෙ තවත් කොල්ලෙකුත් සමග රෑ 9.30 'බයිස්කෝප්' එකක් බලන්න ගිහිල්ලා පයින්ම එනකොට පාරෙ මඟ තියෙනවලු මිනී පිට්ටනියක්, ඒ හරියට එනකොට රෑ 12ට විතර ඇතිලු. ඉතින් මිනීපිට්ටනිය ලංවෙද්දි ගස්කොළන් පොඩිකරගෙන පිඹගෙන(නාසයෙන් පිඹින හඬ) යම්කිසි දෙයක් තමන්ගෙ පැත්තට එනවා වගේ ඇහෙනවලු. නැවතිලා ටිකක් වෙලා ඉදිද්දි සද්දෙයක් නැහැලු. ආයෙන් ඉස්සරහට යන්න පටන් ගන්නකොට ගස්කොළන් පොඩිකරන මහා ඝෝසාව ඇහෙනවලු. ඉතින් මේ දෙන්නා නැවතිලා තීරණය කෙරුවලු මේ නම් අනිවාර්ය්‍යයෙන්ම "මහ සොහොනා" තමයි, අපි මිනීපිට්ටනිය පහුකරන්න ගියොත් අපිව බිල්ලට ගන්නවා ඒක හින්දා එළිවෙනකම් ඉඳලා යමු කියලා. ඉතින් මේ දෙන්නා ඒ හරියෙ තිබුණු ගහකට නැගලා හිටියලු. රෑත් සැරෙන් සැරේ ගස් පොඩිකරන සද්දෙ ඇහිලා බය වුණාලු. උදේ එළිවෙලා ගහෙන් බැහැලා මිනීපිට්ටනිය පැත්තට බයෙන් යද්දි දැක්කලු කොහෙදෝ ඉඳලා ලනුව දිගට කඩාගෙන ආපු හරකෙක් මිනී පිට්ටනියෙ තිබුණු අතු පාත්වෙච්ච කජු ගහක අත්තක පැටලිලා එතන තිබුනු පින්න අකුල පොඩිකරලා තියෙනවා. මේ ගොල්ලන්ගෙ අඩි සද්දෙට වඩාත් බයවුන හන්දා තමයි රෑ පිඹලා තියෙන්නෙ. ඉතින් ඔයවගේ හොල්මනුත් තියෙනවා. (නි)
හොල්මන් ඔබ සැමට සැමට තෙරුවන් සරණයි! (නි)
දැන් මෝහිනී ඇවිල්ල කියන්නේ දරුවා වඩාගන්න කියල නෙමෙයි, දරුවාව බාරගන්න කියලා.මම කිව්වා මාව ඕවට අල්ලන්න එපා මහසෝනට කියපන් කියලා (නි)
මට නම් පහන්ගේ කතාව ෂුවර් නැහැ. (නි)
කවි සාගරයේ කිමිදෙන කවි කිවිඳුන්ට... පීනා යන්න හැක සවි බල පෙන්වන්ට... රසවත් හැගුම් කොයි කාගේත් ඔප වන්ට... මම සුභ පතමි එය රස ගඟුලක් වන්ට ! (නි)
මගේ වැඩ මුරය ඉවරයි රෑ මැදියමට .. .. ආවෙමි අමු සොහොන පසුකරගෙන යන්න.. එම සඳ මල්වඩම ගත් විට සෙලවෙන්ට.. බයට නොවෙයි වෙවුලුවේ මම සීතලට.. (නි)
චන්දි නංගි. ඊයේ දිසයි, සරතුයි දෙන්න විරිදු කියලා කුරුණෑගල බස් ඩිපෝවේ. එකතු කරගත්තු සල්ලි වලින් .රෑවෙලා කොත්තුවකුත් අරගෙන දෙන්නම එක්ක ඒක කාලා නිදා ගෙන තියෙන්නේ අර ඩිපෝවේ තැනින් තැන දමල තියන දිරච්ච බස් එකක. මම හීනෙන් දැක්ක උදේ පාන්දර නැගිටලා ඔලුවේ මකුළුදැල් ගොඩකුත් එක්ක අපි යන බස් එකට ගොඩ උනා බොරුවට කොර ගහ ගහ. ඔන්න අදත් ... විරිදු කියනවා ..රබාන පිරිලා සල්ලි...? (නදී)
රුවන් මල්ලි ඔයා දොරවල් ජනෙල් බාගෙට වහල නිසා ඒවා හුළගට හෙලවෙලා. ඔයා මින් ඉදිරියට බය වෙන්න එපා හොල්මන් කියන්නේ සිතින් මවාගත් ඡායාවක් සහ සිතුවිල්ලක්. ඔයාට බුදු සරණයි !(නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක මහත්තයා දකුනු පලාතෙන් හොදට කාලා තියනවා. පළාතේ නම ඇහෙන කොටත් බයේ වෙව්ලනවා. අනේ පවු දිසානායක මහත්තයා.(නදී)
රූපවතියේ, ඔන්න අද රෑ 12 පහුවෙලා තත්පර 22 ගත වුණහම තට්ටු දෙකේ ගොඩනැගිල්ලේ දකුණු අත පැත්තේ ජනේලයේ දොර රෙද්ද අයින් කරලා එබිලා බලන්න, කෙහෙල් පදුර අයිනේ සුදු පාට උසට උසේ වැනෙන මොනවත් පෙනුනද කියලා? ඔට්ටුයි බැරුවට. (නි)
දැන් ඉන්න සමහර ගැහැණු අයව දැක්කම හොල්මනුත් බය වෙනවා (නි)
නුවන් මහත්තයා, ඔබ හරි. අපේ පැරැන්නෝ අර කතාව කිවුවේ කට කහනවට නෙමෙයි.බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු නැති බලල් පැටියෙක්වත් ගන්න එපා කියපු කතාව... ඒක හරියටම හරි.ඔබතුමත් හොදට දන්නවා ඔය පැත්තේ පැටිකිරිය (නි)
රූපවති අක්කේ මම විතරක් නෙවේ මෙහෙම බය උනේ. ලන්ඩන්වල හුඟක් ගෙවල් වල මේ ප්‍රස්නේ තියනවා. අපි අපේ ගෙදර පිරිත් දැම්මහම අනෙක් ගෙවල්වල ජීවමාන හොල්මන් පොලිස්සියට කෝල් කරනවා. මේ රටේ අය මැරුණට පස්සේ කිසිම ආගමික වතාවත් කරන්නේ නැහැ.මම හොල්මන් දැකල නැහැ.(නදී)
දැන් ඒ පැත්තෙන් බළල් පැටව් විකුණන්නේ අවු කණ්ණාඩි දාලලුනේ! ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. (නි)
හොල්මන් කතා වලට පොඩි කාලේ හරිම බයයි. පොඩි අයියගේ වැඩේ අපිව බය කරනවා. ඒ හැම වෙලාවකම තාත්තා කිව්වා එහෙම දෙයක් නැහැ කියලා. මාත් ඔය හොල්මන් විශ්වාස කරනවා. හොල්මන් කියන්නේ සෙලවෙන මනස.(නදී)
දිසාටයි මේ. රෑට රෑට හොරෙන් හොරෙන් අහළ පහළ පොල් කඩන්න .., හොල්මන් අවතාර ''කොහිද''ඔයා හිමින් ගස් නගින්න .., කඩන කඩන පොල් ගෙඩි ටික රුපක්කගේ ගෙට දමන්න .., මල් කඩාන පෝයදාට පන්සල් යමු පින් කරන්න ...!! (නි)
ඔන්න අපි හිතෙන් මවාගෙන හිටිය රූපවතී අක්ක ඉන්නවා ඉහලින් තියෙන "සයුරෙන් එතෙර"තීරයේ අන්තිම පින්තුරයේ! මමනම් හිතාගෙන හිටිය රූපමයමයි! හැබැයි ඊට වඩා පින්තුරයේ එක්කෙනා ටිකක් තරුණ පාටයි! (අ)
රූපවති අක්කේ මේ දවස් ටික හරිම පාළුවෙන් හිටිය. (අ)
දිසා ඔන්න රූපවතී අක්කගේ පොටෝ එකක් දාල තියෙනවා ඉහලින් තියෙන සය්රෙන් එතෙර තීරයේ! කොහොම උනත් මෙයා අපේ රූපවතී අක්ක වගේමයි! මම හිතාගෙන හිටියෙත් ඒ වගේ රූපයක් තමයි! මෙයා ඊට වැඩ ටිකක් තරුණ පාටයි!දිසා කියනවා වගේ නාකි පරානයක්ම තමයි! කටාර් මාමටමතමයි ගැලපෙන්නේ! (අ)
නිලූ නංගි දැක්කද ..? අපේ සරත් මල්ලිගේ නෝනා ඉන්නවා අද පත්තරේ ..ඔන්න විදෙස් පුවත් තීරේ ..? එයා මේ දින වල නිරූපිකාවන් තේරීමේ තරගයකින් ..ගොඩක් ..ඉහලින්ම තේරිළලු..අපේ සරත් මල්ලිට ආසාවේ බැරුව ..දගලනවා ... හුරු බුහුටි කෙල්ල ...හුරතලේ බැරුවා ...?(නදී)
මගේ නිවස සැදීම සදහා බාස්ලා වගයක් රැගෙන ආවා අපේ දුර ගම් පළාතෙන්. අපි ඉදිකළ නිවසේ යට තට්ටුවේ එක කාමරයයි තිබුනේ.බාස්ලා වැඩ කලේ නැවතිලා. අපේ ඉදිකරන නිවස අසලින් ලොකු මඩුවක ඔවුන් නවාතැන් ගෙන තිබුනේ. 7,8 දෙනෙක් සහ සියලු බඩු මුට්ටුද සිමෙන්තිද ඇතුළු ටකරන් සෙවිලි වහලයට උඩින් ඔවුන් සිටි මඩුවේ තිබුණා.ලොකු මාදම් ගසක් අදටත් එහි තියනවා.මේ දම් ගසේ ගෙඩි කන්න වවුල්ලු. මැදියමේ දම් අතුවල තරගෙට වහමින් කෑගහනවා..වැසිදිනයන් වූ හෙයින් රාත්‍රිය පුරා ඇද හැලෙන සිරි සිරි පොදේ ටකරමට වවුල්ලු අතුවලින් දම් ගෙඩිද සමග ලොකු වැහි වතුර කැට ගල් ගහනවාක් මෙන් වැටුණා. අපිට එය සුපුරුදු වුවත් වැඩට පැමිණි අය ඒක හොල්මන් පරානයක් කියලා බයවුණා.එළි වෙනකම් අපිට දොරට ගහනවා නිදිය ගන්න බැහැ නෝනා, හොල්මන් මට වැලි ගහගෙන මේ මගේ ඇදේ හැප්පිලා දුවනවා, කියනවා. අපි ටෝච් එක ගහල පෙන්නුවා වවුල්ලු දං අතුවල එල්ලිලා ඉන්නවා. ඔහුට කොපමණ කිවුවත් තවටිකකින් ආයෙත් දොරට ගහනවා.අනික් බාස්ලා හොදට නිදි.මේ මිනිහ පහුවදාම සහලෝල උණ කියලා ගෙදර ගියා.ඒත් අපි පමණයි ඇත්ත දන්නේ (නි)
හේරත් අයියේ,අපි කුඩා කාලේ ගමේ කෙල්ලොයි කොල්ලොයි හඳ තියනදාට රැට හොද වැඩ කරනවා බයක් දැනුනේම නැහැ. එක එකා ගෙදරින් එලියට යන්නේ, අම්මේ මම කුමරිලාගේ දිහා යනවා, ටිකකින් එන්නම් ...කියලා. අනිකත් එහෙමයි.අපිට ඔය ටෙලිෆෝන් එදා තිබුනේ නැහැ.විසිල් පාරක් තමයි කරදරයක් වුනොත් දෙන පණිවිඩය.අපි යන්නේ කෙලින්ම කනත්තට. 10ක් 15 ක් අපි එකතු වෙලා හොයනවා මිනි ඔලු. අපි උදව් දෙනවා විතරයි.කොල්ලෝ ටික ඕවා අරන් ගිහින් මහා රෑම තරහ වෙලා ගමේ ඉන්න කට්ටියන්ගේ ගෙවල් වල දොරලග මිදුලෙන් හරි එළියේ කළගෙඩි පොලෙන් හරි තියල යනවා. පහුවදාට අපිව නෙමේ අහුවෙන්න..තරහ වෙලා නයි වෛරෙන් ඉන්න මිනිසුන් නැවතත් රණ්ඩුව අලුත් කර ගන්නවා.හරි ලස්සනයි ඒ කාලේ.අපිට පුදුමම ආරක්ෂාවක් එදා තිබුනේ.ඒත් අද.?රෑක එලි බැස්සොත් මළ මිනිය ඇති කටු කැලේක. (නි)
මට මහලු වයසේ. වැල් ගායනා බැරිය පෙරසේ.(නදී)
පහන්ගේ කතා ලස්සනයි (නි)
රූපා අක්කේ, ඒ කලේ කනත්තේ හිටපු මහසොනත් දැන් අක්කගේ වයසම ඇතිනේ. . හොඳට දන්නා අඳුනන නිසා එයාගේ ගෝලයෙක් වත් ගෙවල් පළාතේ නම් එවන එකක් නැහැ. ඒකයි මෙයා හොල්මන් වලට "සෙලවෙන මනස" කියලා වීර්යය වගේ කියන්නේ. (ස)
සරත් මල්ලි, ඔයාට මතක ඇති මම දවසක් මේ තීරයෙන් කිවුවා මහසෝන් මාමට මගේ ඇති ලේ නෑකම. අපි කනත්තේ මොනවා හෙව්වත් මහා සොහොන් මාමා නෙවේ තරහ ගත්තේ.ඒකයි මම කියන්නේ ඔය මැරුණ මිනිසුන්ට කවදාවත් නැගිටලා ඇවිල්ලා අපිට මොකුත් කරන්න බැහැ කියලා. මේ මොකාට බය නැති වුණත් මම, එකෙකුට නම් බයයි.ඒ තමයි "දලබුවෝයි .පනුවොයි .."මට මගේ ජීවිතේවත් එපා මුන් ඉන්නකම් (නි)
සරත් මල්ලි මම ඉපදුනේ 1978 මැයි මාසේ 28.මහා සොහොන් මාමා උපන්නේ 1980 ගණන්වල. කොහොමටත් ඔය ගොයියා මට බයයි (නි)
රූපා අක්කේ ඔයා කියපු දෙවල් අපිත් කරලා තියෙනවා. පිට්ටනි වල කුරුස. මල්වඩම් අපේ යාළුවන් එක්ක තරහා වුණ ගැහැනු ළමයින්ගෙ ගෙවල් ඉස්සරහා තියලා එනවා ඔය වගේ දේවල් අන්තිමටම කරපු පරම්පරාව අපි. ඒ 1980 දශකයේ ඉපදුන අය. අන්තිමටම කෙල්ලන්ට ලියුම් ලිවුවෙ අපි. (නි)
අනේ රූපවතී අක්කේ අපි හිතාගෙන හිටිය විදිය වැරදිනේ. බලාගෙන ගියහම වයස 35 ක විතර නාබර ගැටිස්සියක්නේ! ඒ කොහොම වුණත් අක්කා ඉහළින් දාලා තියෙන අදහසේ මේ කොටසට මම අසයි! ..."හේරත් අයියේ,අපි කුඩා කාලේ ගමේ කෙල්ලොයි කොල්ලොයි හඳ තියනදාට රැට හොද වැඩ කරනවා".... (නි)
මනෝජ් මල්ලි,සරත් මල්ලි,මම අද ඒ අතීතය සිහිකරලා වෙලාවකට අඩනවා. මට නැවතත් ඒ වගේ ගිහිල්ලා හද පානේ මිනී ඔලු එකතු කරන්න ඇත්නම් කියලා ඒ යාලුවෝ දකින්න ආසයි. අපි හැමෝගෙම අතීතය හරිම ලස්සනයි.අද වගේ නෙමෙයි (නි)
මම මෙහෙත් ඉඳලා හිටලා යනවා කනත්තට. ඒ මිනී ඔලු හොයන්න නම් නෙවේ ..සොහොන් වල ලස්සන වියෝ දුක් අර්ථයන් ලියලා තියනවා, ඒවා කිය වන්න ආසයි මම ...? (ස)
රූපා අක්කේ. අපේ එසැණ යහළුවන්ගේ අතීතය (ළමා-තරුණ කාලය ) සොබා දහමත් සමඟ ගෙවුන බව නම් පෙනෙනවා. මටත් මගේ එම කාලය අලලා පොතක් උනත් ලියන්න පුලුවන්. වැඩිපුරම මල් වලට වඩා ඇත්තේ ගල්. නමුත් හරිම රසවත්. අද තියෙන එස් .එම. එස්. යුගයේ පෙම්වතුන්ට හරියට නිසදැසක් වත් ලියාගන්න බැහැනේ. මට දුක ඒ අපේ දරුවන්ගේ යුගය නිසා. (ස)
රූපා අක්කේ, මිනී ඔලු එකතු කරන එක නීති විරෝධී කියලා කවුරුවත් ඔයාට කිවුවේ නැද්ද ? (ස)
නිශාන්ත , ඔයා ඔය කියන්නේ රූපවති අක්කා ගැන නෙමෙයි නේද? (නි)
දැන් හැමදේම වෙනස් වෙලා (නි)
මහා බය ගුල්ලෙක්... (ස)
"මට මගේ ජීවිතේවත් එපා මුන් ඉන්නකම් " හා හා...ලොකු අතු .බෑන් කී මුන් වෙන්නැති මේ? (අ)
රූපවතී අක්කේ, ෂෝක් කෙලි පොඩ්ඩ තමයි. ජාඩියට මූඩිය වගේ සරත් අයියට ගැලපෙනවා.(නදී)
ඉන්දු නංගි, අපේ නිශාන්තලට තමා හැම මොහිනීම අත වනන්නෙ. දන්නවා මොහිනිත් මෙයාලගේ හැටි. අසුරු සැනින් රැවටෙනවා කියලා. නැතිනම් ඇයි මෝහිනී අපිට ළමයව වඩාගන්න කියන්නේ නැත්තේ.?(නදී)
හිනාවෙන්න, සතුටුවෙන්න දිසා අපිට ලියනවා .... මේවා දැකල රුපවතිත් මොනවාදෝ කියනවා... පහන් නිසා ඉල ඇට ටික අනේ මෙන්න රිදෙනවා ....සැමදෙනා සතුටු සිතින් ලංකාදීපේ බලනවා.(නදී)
'' මට නැවතත් ඒ වගේ ගිහිල්ලා හද පානේ මිනී ඔලු එකතු කරන්න ඇත්නම් කියලා ' හිතෙනවා. (නදී)
මෝහිනී වැහෙන්නේ අවුරුදු 13 ත් 20ත් අතර කොල්ලන්ට. නාකි අයට වැහෙන්න විදියක් නම් නැත. මේකට තොවිල් නොකර සිටියත් වයස යනකොට ඉබේ බිය ඇරේවි.කළුකුමාරයා වැහෙන්නෙත් තරුණ කෙල්ලන්ට පමණි.වයසක අය කියන්නේ බොරු (නි)
බී, මමත් කල්පනා කළා.ඔය කළු කුමාරයයි මෝහිනියි දෙන්නා කසාද බැදලා එකතු වුනොත් මේ ප්‍රශ්නේ විසදේවිද කියලා. ඒත් නැහැ. දෙන්නම පිරිමි නිසා අපිට ඒක කරන්නත් බැහැ. ඔය දැන් අපේ රටේ කියන සමලිංගික විවාහවත් නීතිගත වුනොත්.. අපිට පුළුවන් ඔය කියන දෙන්නව එකතු කරන්න (නි)
හේරත් අයියේ,පහන් මල්ලි,අපි කවදාවත් මිනී වලවල් හාරන්න ගියේ නැහැ. අලුතින් වළක් හෑරුවම අවුරුදු ගානකට කලින් පරණ ඒවා හමු වෙනවා. හරි විදියට නම් මිනිසුන් ඒවා නැවත පොඩි වළක් හාරලා වළලන්න ඕනෑ.ඒත් මිනිසුන් බීමතින් මිනී වළක් කපද්දී හමු වුණ ඇටකටු ඔහේ අයිනක දමලා යනවා. බැරිවීමෙන් හෝ කොහොම හරි අපි ඕවා එකතු කරනවා. අපි එදා ඔය වගේ අහිංසක වැරැද්දක් කළාට,අද නීතියට ගැලපෙන වැඩද කරන්නේ ...? (නි)
මටත් හිතයි හොල්මනකට වැහෙන්න.(නදී)
mr ,දිසානායක, කවි රසය ,ලස්සනට කවි පද ගොතන්න හැකියාව ඔබ තුමාට මැනවින් පිහිටා තිබෙනවා.අනේ කරුමෙක මහත,,,,,ඇස් ඇරිච්ච නැති පූස් පැටියෙක්ට තරම් මොලයක් නැනේ,,,,,,,,දකුණෙන් බිහිඋන උගත් මිනිසුන් ,විරුවන් ගැන අවබෝධයක් නැතිකම,දකුණත් එක්ක තියෙන අමනාපය මැනවින් පේනවා.,,නමුත් දකුණේ අපි ඔබතුමාට සෙතක්ම වේවායි ප්‍රර්ථනා කරනවා......!!! (අ)
අමිල පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ! රූපවතී අක්කගේ විබාගය ඉවර වෙනකම්!ඊට පස්සේ ඕනෙතරම් වැහෙන්න පුළුවනි! (අ)
හික් ..හික්...හික්.. මට ඇඩෙනවා මගේ දෙය්යෝ මොකද ඒ හද තියෙන කාලේ මම හිටියේ නැත්තේ කි ..කි...කි.. කියලා.... ."හේරත් අයියේ,අපි කුඩා කාලේ ගමේ කෙල්ලොයි කොල්ලොයි හඳ තියනදාට රැට හොද වැඩ කරනවා".... (අ)
අසරණ මදුක මට කවි පද හැකියාව ඇත .මොලය නැත .අමනාපයක්ද නැත .දකුණේ බිහි උගතුන්ට ගරු කරමි වීරයන් සිහි කරමි .ඔහෙට සාප නොකරමි . මෛත්‍රී කරමි .ඔබල වැනි වර්තමානයේ ගගුලේ කිමිදෙන අයට ආශීර්වාද කරමි .
හික් ..හික්.. සකු කිඋවහම මතක් උනේ බොරැල්ල හන්දියේ ජනී ජනයට පෙනෙන්න ඇදුම් මාරු කරන පිස්සු නෝනව...ඒ. ඒ. ඒ .එන්නද ගොහින් බොරු කි කොල්ලන්ට තලා (දී)
සකු, අපිට අද මතක් කරලවත් සැනසෙන්න ලස්සන මිහිරි අතීතයක් එදා අපේ ළමා කාලයේ තිබුනා (නි)
ආනේ ඇත්තද? (නි)
මේ ඇත්තමද? (නි)
සරෝ, නොරැවටෙන්න. ගැහැණු කවදද වයස කිවුවේ? (නි)
මේ හොල්මන්ලාගේ හොල්මන් කතා බලලා කට්ටිය හොල්මන් වෙලා වගේ. (නි)
"සකු, අපිට අද මතක් කරලවත් සැනසෙන්න ලස්සන මිහිරි අතීතයක් එදා අපේ ළමා කාලයේ තිබුනා" අම්මපා! මිනී ඔලු අල්ලලා ලැබු සතුට......දෙයියෝ සාක්කි රුපවති නංගිට මෝහිනී වැහිලා ද බන්? (නි)
රූපවතී අක්ක තරුණ කාලේ අහල පහල ගෙවල් වල කොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්න නෙතුව ඇති නේද?
රූපවතී අක්කේ, ඉතින් ඔයාට කනත්තට එක්ක ගිහින් කියනවද මිනී ඔලු අහුලන්නේ නැතිව අහුලන්න වගේ ඉන්න කියලා! (ස)
රූපා අක්කේ, හඳ ඇති දාට ඉතින් ඔය කොල්ලොත් එක්ක සොහොනට ගිහින් මිනී ඔලු අහුලන සෙල්ලම විතරමද කලේ? " සෙල්ලන්ද කොල්ලෝ" සෙල්ලම කලේ නැතිද? (ස)
හොල්මනක් උනත් බය වෙනවා එහෙම දෙයක් දැක්කොත් (දී)
නාමල්ලාගේ... දුෂිත සිතක තරම ..දුෂිත ඌ වචන දිහා බැලුවාම ..හිතාගන්න පුළුවන් "ඔයාලගේ ..මනසේ විශ්ක්හම්භය" කොපමණද කියලා ...? (ස)
සමීර ..මම අපේ නඩේත් සමඟ ...එදා කනත්තෙන් ආපහු ගෙදර එන මගේ ඔයාගේ ගෙදර තියන තැන දැන ගෙන හිටියා නම් ..අපේ කෙල්ලොත් සමඟ ගිහින් වලන් මැස්සෙන් තියන ලොකුම වළද අරන් වත්තේ වැටිලා තියන පොල් ඔලුවක් ඇතුලට දමල හිමීට දොරට හේත්තු කරලා දුවනවා ....? (ස)
නාමලුයි.. සමීරයි.. මට පෙනෙන හැටියට "ග්‍රීස් යක්කු " දෙන්නෙක් ..?කොහොමද ?ඔයාලගේ ළමා කාලේ මතක් කලොත් ...?ජීවිතේ පුරාවටම ඔයාලට ඔක්කාරෙට එයි කියලා මට හිතෙනවා ...?ඔයාලා වගේ අය හින්දා තමයි අද අපේ රටේ පත්තර වල මුල පිටුව පිරිලා නිව්ස් තියෙන්නේ..? (ස)
හික් හික් මදුක කියල ගොඉයෙකුත් ඉන්නවා ...කෝ අපේ සෙට් එක ..තව තව ලියන්නකෝ
මෙදා පාර ලංකාවට ආවම ..හේරත් අයියලාගේ ගෙදර තියන තැන හොයාගෙන ඇවිත් ..ගේ පිටි පස්සේ නෝනා හාමි පරිස්සම් කරලා තියන දැලි වලන් සේරම ටික ඉස්සරහ ..දොරට හේත්තු කරලා ලස්සන තොරණක් හදලා යනවා ..උදේ දොර අරිනකොට ...අම්බලමේ පිනා..පිනා ..!! වලන් කඳක් ගෙනා..ගෙනා.!! ඒක බිදපු හේරා දැකලා! උදේම මට හිනා.. හිනා !! (ස)
මෙතන එකෙක්වත් නැහැ හරියට යකෙක් ...?ඔක්කම ඉන්නේ ග්‍රීස් යක්කු...?අපේ කුඩා කාලේ තමා හරි විදියට අපි වගේ යක්කු, පෙරේතයෝ.. හිටියේ ..?ඔයාලා හරි හමන් යකෙක් දැක්කොත්..කවදාවත් යක්කු ගැන කතා කරන්නේ නැහැ ..? (ස)
හික් ..හික්..සකු කියල ගොඉයෙකුත් ..කැලෙන් මෙහාට පැනල ...? (දී)
ඕන් මං නෑ ඔය නාඩගම් වලට. (දී)
රූපවතී අක්ක මේ රටේ ඉස්සෙල්ලම මිනිස්සු යකෙක් දැක්කේ 1978 ඒ තම විවුර්ථ ආර්ථිකය කියන යකා එයා එක්ක තව පිසාචයෝ කුම්බන්දයෝ ගොඩක් ආව උන් කවුද කියල හැමෝම දන්නවා .මේ යකට මිනිස් මුහුණක් දෙන්නත් සමහරු උත්සහ කලා.හරිගියේ නැහැ .අපි මේ කීපදෙනෙකුට වෙනසක් කෙරුනට උතුරු මැද,වයබ,සබරගමුව කියන පළාත් වල ගම තාමත් තියනවා .එහෙඉන්න ළමයින්ටත් හොද ළමා කාලයක් තියනවා .එනිසා අපිට විතරක් හොද ලමකාලයක් තිබුන කියන්න බැහැ (දී)
පහන්... කියලා නම දමලා තියන කොට විජහට ..විජහට .කොහෙන්ද යකෙක් පැන්නෙ..කොතනද ලියලා තියෙන්නේ කියලා ..හුස්ම ගන්නෙත් නැතුව කියෙව්වා ...? කොහෙද ඔයත් ලියලා තියෙන්නේ ... හැමදාම දකින දේශපාලන යක්කු ගැන ...? හොඳ යකෙක් හරි..අල්ලපු ගෙදර හරි ඔයා කරපු යක්ෂ වැඩක් හරි ලියන්නකෝ...! පහන් මල්ලි ...මොකද්ද අනේ ...?පාඩම් කරලත් ඇතිවෙලා ඉන්නේ දැන් ..සති 2ක් මට නිවාඩු ...?ලියන්න හොද කලුපාට යකෙක් ගැන ...? (ස)
අනේ මේ හරකා මල් වඩම දැක්කා අච්චර ලොකු හරකව දැකලා නැහැ. (ස)
මම මේ පැත්තේ ආවේ නැති ටිකට මේගොල්ලෝ ගිය දුර. (නි)
සමීර, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. "සෙල්ලම්ද කොල්ලෝ සෙල්ලම" කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? (නි)
මටත් ආසයි රූපවතී අක්කා වගේ, හදපනේ කොල්ලොත් එක්ක සොහොන් පිටියකට ගිහින් මිනී ඔලු ඇහිදින්න! (නි)
අනේ මන්දා රූපවතී අක්කේ, ඔය නාමල්, සමීර කියන කතා ඇත්තද? (නි)
රූපවතී අක්කේ, විභාගය ඉවරද? හොදට කළාද?ප්‍රතිපල එනකම් එහෙනම් බලා සිටින්න (නි)
කලුපාට යකෙක් ගැන ලියන්න පුළුවන්. රූපවතිට තේරෙයිද මන්දා (නි)
කුඩු නෝනා නම් අහුවෙලාලු. ඔලු නෝනා කොහෙද ඉන්නේ? (නි)
රුපවති අක්කේ,අර කළු යකෙක් ගැන ලියන්න කිවුවේ, පහන්ට.. ඔන්න පහන් ලියලා දාන්නකෝ නයිජීරියාවේ එකෙක් ගැන. (එතකොට රුප අක්කා දුවයි .....,) බුදු අම්මෝ මට බැරියෝ .., කළු මිනිහෙක් අත වැනුවෝ.., එදා ඉදන් බඩ යනවෝ .., ඌත් එක්ක මං යනවෝ .., කියා කියා !!!!! (නි)
රූපවතී අක්කේ, එහෙම නැතුව කොහොමද ඔයාව ලංකාවේ එක්කෙනෙකුට දීග දෙන්නේ? (නි)
චන්දි, රූපවතී අක්කට නයිජීරියාවේ කෙනෙක් අතවැනුවොත් එහෙම ඔය කවිය මෙන්න මේ විදිහට වෙනස් කරන්න වෙනවා. "බුදු අම්මෝ මට බැරියෝ .., කළු මිනිහෙක් අත වැනුවෝ.., එදා ඉදන් බඩ එනවෝ! .., ඌත් එක්ක මං යනවෝ .! (නි)
අනේ නාමල්, අපේ චන්දිටත් ඔය ලංකාවේ ඉන්න ග්‍රීස් යකෙක්වත් ලියලා දෙන්නකෝ. පාලුවෙලු ඉන්නේ. දෙන්නටම පුළුවන් හොදට හොල්මන් කරන්න (නි)
"සෙල්ලම්ද කොල්ලෝ සෙල්ලම" හි..හි...හී...මොනවද මේ ඔලිම්පික් සෙල්ලම? (නි)
නාමල් ..ඔයාගේ නෝනා බදින කොට ඔයා ඉස්සරලම ඉල්ලුවේ ඒ දෙමාපියන්ගෙන් ..දෑ වැද්දලු නේද..?.....?? මිනිසත්කමයි ..හැදියාවයි ..නැණ නුවනින්..!!දුන්නා මගේ දෙගුරුන් මට හරි ඉහලින් ..!!නැත ඉල්ලුවේ දේපල කිසිවක් මුදලින් ..!!දිවි වැජඹෙනවා..අද අපි ලොව හරි ඉහලින් ...!! (ස)
සරත් මල්ලි අමු කැවිලා වගේ.මාව හැමවෙලේම බයකරන්න එපා.විභාගෙට තව කල්තියනවා (නි)
සරත් මල්ලි ..කාටවත් කියන්න එපා ..තව හඳ තියන දවස්වල ..?අපේ ගමේ බබළත් පරාන ..අපේ කුඹුරුවල ගොයම් හදන්න එන්නැතිව ..ගමේ ඉන්න අනික් බබළත් පරානත් සේරම ටික එකතු කරන් යනවා නිකවැරටිය දිහා ගොයම් හදන්න වැඩි පඩියට ටැක්ටරේකින්, එනවා කට්ටියව එක්කන් යන්න ගමෙන් එගොඩ "ඔය අසලට " හද පානේ අපිනි ගිහින් ඒ දණ්ඩ ඔයට පෙරලුවා.. ඔයේ වතුර ලෝ දාලා යනවා වැස්සට කට කපල ..තවම කවුරුවත් දන්නේ නැහැ ..කියන්න එපා ...?මම ඔයාට මේ සැරේ එනකොට සීනි බෝල ගොඩාරියක් ගෙනෙනවා ... ? (ස)
මම දන්නවා නම් දෙනවා රූපවතිට ඒ දන්ඩෙන් පාරක් (නි)
රූපවතී අක්කාගේ කතාව හරිම ලස්සනයි.ඒ ඔයේ වතුර තාම තියෙනවද? (නි)
හොල්මන් හෝ අවතාර නැතිනම් ප්‍රේත ආත්ම පිළිනොගන්නා අයට දැන ගැනීමට යු ටුබ් එකේ " ආෆ්ටර්ලයිෆ් ඉන්වෙස්ටිගේෂන්" අවසන් වෙනකල් බලන්න ! බුදුහාමුදුරුවෝ කියපුව හරිද වැරදීද කියල ඔයාලට තෙරයි ! තවත් දැනගන්න ඕනෙ නම් ඔයගොල්ලන්ගේ ඊ මෙඉල් ලිපින මේකට එවන්න.ස sathiru@free .fr (නදී)
අනේ දිස, කවියක් කියන්නකෝ. හරි පාලුයි අයියෝ. රූපවති අක්කේ, අර කළු යකා ගැන රසබර කවියක් කියන්නකෝ. ආසයි කවි අහන්න (හැබැයි පාඩම් වැඩ අතපසු කර ගන්න නම් එපා ගොයියෝ ) (නි)
මේ සිද්ධිය වර්තා වුනේ හසලක නගරයට ආසන්න හඳගනාව කියන ගමේය. මේ ගමට ඉඳහිට පැමිණ ගොඩේ බිත්තර එකතුකර පොළට ගෙනගොස් විකුණමින් ජීවත්වූ ඔහුව නමින් හැමෝම ආමන්ත්‍රණය කළේ බිත්තර නානා නමින්ය, දිනක් නානා එම ගමේ මැණිකේගේ නිවසට ගොඩවුනේ බිත්තර එකතු කිරීමේ අදහසිනි. ගැබිණි මවක්වූ මැණිකේට යකෙක් වැහිලා දවස් ගානක් වෙනවා තවම සනීප කරගන්න බැරිවුනා යැයි ගෙහිමියා බිත්තර නානට කිවුවේ ඉතාමත් දුකෙන්. එවිට නානා කියාසිටියේ මේවා සුළු වැඩනේ මම යකාව එලවන්නම් යනුවෙනි. පසුව නානා කෙසේහෝ මැණිකේට වැහුන යකාව එළවීමට සමත්ව නිවසින් පිටවුනේ පසුදින එනබව පවසමිනි. පසුදින එම නිවසට බිත්තර නානා එනවිට මැණිකේ උන්නේ තනිපංගලමේය, ගැබිනියක්වූ මැණිකේට බිත්තර නානා කියාසිටියේ කියන්න කණගාටුයි මැණිකේගේ බඩේ ඉන්න දරුවාගේ ඔලුව තවම හැදිලා නැහැ යනුවෙනි, එවිට මැණිකේ කියාසිටියේ අනේ නානා, යකා එලෙව්වා වගේ බබාගේ ඔලුවත් හදලා දෙන්නේකෝ යනුවෙනි, කෙසේ හෝ නානා බබාගේ ඔලුව හදාදෙන්න සමත්ව නිවසින් පිටවිය. ගමට ගිය නානට හදිස්සියේම යකා වැහුනේ ජිවිතේට ගොඩ එන්න බැරි විදිහටය. වාසනාවකට නානා සනිපවුනේ පෙර පිනකටය. මාස හත අටකට පසුව නැවත නානා බිත්තර වෙළඳාම ආරම්භකර මැණිකේගේ නිවසට යනවිට ගෙහිමියා දරුවෙක් නලවමින් සිටියේය, ඒ අසලට පැමිණි මැණිකේ මෙන්න මෙහෙම කීවිවාය, හානේ... මේ අපේ නනානේ.... බලන්නකෝ නානා අපේ එක්කෙනාගේ උජාරුව.. නළවයි... නළවයි... නානා නැත්නම් ඉතින් ඔලුව නැතුව තමයි බබාව නලවන්න වෙන්නේ නේද නානා? යනුවෙනි (නි)
"නාමල්,ඔයාගේ නෝනා බදිනකොට" දෙයියෝ සාක්කි! මොන වරදක් කරලද ඒ පැටික්කි? ඉහළින් ඉන්නකොට පහළින් ඉන්න අපි එක්ක මොකටද නෝනේ පත්තරේ කියවලා කැත කතා ලියන්නේ? ජම්මෙට වඩා ලොකු පුරුදු..... (නි)
මට හිතෙන විදියට නම් මේ බිත්තර නානා කියන්නෙ ෂෙරිෆ් මහත්තයාම තමයි. (ස)
මට හිතෙන විදියට නම් මේ බිත්තර නානා කියන්නෙ අපේ සීයාගේ පුතා. බිත්තර නානා ගේ ඔලුව හැදුවේ අල්ලපු ගෙදර කුකුල් සීයලු. (නි)
මට හිතෙන විදියට නම් මේ බිත්තර නානා චන්දි නගා ගෙදර තනිපංගලමේ ඉන්න වෙලාවක ඇවිත් තියෙනවා වගේ... පහන්,රූපවති,දිසානායක,සරත්, හැමෝටම ඇත්ත දන්නවා, මේ අය ඉතින් චන්දි යහළුවොනේ!! ඒනිසා තමයි මේ අයගේ අද වැඩි සද්දයක් නැත්තේ... (නදී)
" චන්දි නගා ගෙදර තනිපංගලමේ ඉන්න වෙලාවක ඇවිත් තියෙනවා" හරි තමයි මම දැක්ක නානා කොර ගහනවා කකුලකුත් නැතුව ආයුධ කට්ටලේ ගේන්න යන්ට බැරිලු. දැන් ඒකත් මන් ළඟ.(නදී)
ෂෙරිෆ්, ඔය නේද මැණිකේගේ ගෙදර බිත්තර එකතු කරන්න ගියේ ? (ස)
දැන් එයා ළඟ තිබුන බිත්තරත් නැතිලු. (නි)