ඒ හැටි උගත්කමක් නැති එදිනෙදා කුළියක් කර ජීවත්වන ඔහු සිය කුඩා මිණිබිරියට දැක්වූවේ අසිමිත ආදරයකි. දැරියට හදිසියේ ඇති වූ උණ රෝගයක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ගමේ රෝහලට රැගෙන ගියාය.
දැරියට වැළඳී ඇත්තේ මැලේරියා රෝගය යයි සැක සිතු වෛද්‍යවරයා ඇගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමට තීරණය කළේය. මෙහිදී ඇතිවූ වේදනාව නිසා දැරිය නොනවත්වාම හැඬීමට පටන්ගත්තා ය. නිවෙසට යන තුරුත් දැරියගේ හැඬීම පැවතිණි.
”මොකද... මොකද...? කෙල්ලේ මේ දරුව මොර දෙන්නේ?” කලබල වූ ඔහු දැරිය වඩා ගනිමින් ඇසුවේය.
දැරියගේ මව ඔහුට සියල්ල පැවැසුවාය.
”මගේ පුංචි එකාගෙ ලේ හොලවන්න එක එකාට එහෙම පුළුවන් ද” මෙයින් දැඩි කෝපයට පත් ඔහු මිදුලට බැස්සේ ”ලේ ගත් පුද්ගලයාට හොඳ පාඩමක් උගන්වමියි” කියමිනි.
මෙම ගාල්ගෝට්ටිය ඇසී අසල්වැසි නිවැසියෝද සීයාගේ නිවෙසට දිව ආහ.
”බලාපල්ල මේ නොදරුවගේ ලේ හොල්ලල”
”ඈ.. මොකාද අප්පේ මේ අපරාදෙ කළේ” මෙහි අගමුල නොදත් ඔවුහු ද විමසූහ.
පසුව කාරණය තේරුම් ගත් අසල්වැසියන් ඔහුගේ ගමන වළක්වමින් ප‍්‍රදේශයේ මැලේරියා රෝගය පැතිරීමේ අවදානමක් නිසා මෙසේ පරීක්ෂා කිරීම් කළ බව පැවසුවේ සිරිසේනගේ සිත නිවීමටය.
”ඒකට ඉතිං මේ නොදරුවගෙන් පළි ගන්න එක හරියැ” ඔහුගේ ගමන වැළකුණත් ඔහුගේ හිතට නම් ඒ හැටි හරිගියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු සෙනෙහස උතුරා ගියාවත්ද ? (ත)
මැලේරියා ගැන නම් දැන් ඕනම කෙනෙක් දන්නවා. මේ සීය කොහේ කෙනෙක්ද අනේ? (ස)
තම දරුවන්ට වඩා දරුවන්ගේ දරුවන්ට පුදුමාකාර සෙනෙහසක් දැනෙන්නේ. සීයා කෙනෙක් වෙන්නම ඕන එය දැනෙන්න. (ස)
මැලේරියාව මෙරටින් තුරන් කලා කියල නේද පහුගිය දවස් වල කීවේ.(නදී)
මෝඩ අසරණයෙක්! (නදී)
මම හිතන්නේ මැලේරියාව කියල ලියල තියෙන්නේ වැරදිලා. ඩෙංගු කියල සැක කරන්න ඇති. කොහොම උනත් හරිම අව්‍යාජ සීය කෙනෙක්. අද කාලෙ සීයල මිනිබිරීලට කරන දේවල් දිහා බලපුවම මේ සීය මොනතරම් හොඳද? (නදී)
මේ සීයා අපේ මහත්තයාගේ තාත්තවත්ද කියලා හිතෙනවා, තරහ යන විදිය බැලුවහම. (ස)
දැනට අවුරුදු 4 කට කලින් ඒ කියන්නේ මම මහත්තයත් එක්ක යාලු වෙලා ඉන්න දවස් වල අපේ ප්‍රේම සම්බන්දය මාමන්ඩිට අහු වෙලා අපි දෙන්නව පාරේ දනගස්සුවා. දැන්නම් එයාට ඇවිද ගන්නවත් බැහැ. (නදී)
හේමන්ත, ඇත්තටම මමත් කල්පනා කලේ ඇත්තටම මෙපමනම නොදැන ඉන්න මේ සිය කොහේ කෙනෙක්ද? (නදී)
ඔහුගේ නොදැනුවත්කම ගැන මට දුකයි (නි)
මට දුක ඔහුගේ බොරුවට කලබල වීම ගැනය (දී)
පවු,අහිංසක මිනිස්සු... (නි)
චන්දි ඔයාට හොඳ වැඩේ. පොටෝ එකකක් තිබුනානම් දාන්න බලන්න ආසයි. (දී)
අන් කිමද දරු සෙනෙහස හැර. (දී)
හිල්මි,සමදරා,මේ අදහස් දෙකම මගේ නමින් කවුදෝ ලියූ ඒවා. දැන් මේ ලියන්නෙත් ඔයා ලියූ දේ දුටු නිසයි.බේද බින්න නොවී කවුරුත් සතුටින් ලියමු. ඔයා සමදරාම නම් නැවත ලියා ඒ බව දැනගැනීමට සළස්වන්න. (නි)
ලේ වුණත් ගත්තේ මොකටද කියල හොයල බලලා කෑ ගහන්න එපායැ. (ස)