බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මුනුබුරා රාත‍්‍රි මළගෙදරක යාම සඳහා තම මවට හොරෙන් අරක්කු කාලක් ගෙනවිත් ඇති අතර කාල සැඟවීමට තැනක් කල්පනා කිරීමේදී සීයාගේ බෙහෙත් ළඟින් සැඟවීමට තීරණය කර ඇත.
පසුව සීයාගේ ඇඳ ළඟින් අරක්කු කාල තබා මළගෙදර යාමට සැරසී කලබලයෙන් අරක්කු කාල සොයද්දී හමුවී ඇත්තේ සීයාගේ අරිෂ්ට බෙහෙත් කාලයි. අරක්කු කාල යැයි සිතා මුනුබුරා බෙහෙත් කාල ඉණේ ගසාගෙන මළගෙදර යාමට පිටත්ව ඇත.
පසුව හැන්දෑවේ ඔහුගේ මව සීයාට බෙහෙත් ලබාදීමේදී අරක්කු කාලෙන් හැඳි දෙකක් සීයාට පොවා ඇත.
අරක්කු බීමට රුසියකු වූ සීයා තම දියණිය ගිය පසු අමාරුවෙන් අරක්කු කාල ගෙන පානය කළේ දෙවියන්ට ස්තුති කරමිනි. පසුව සූර් වූ සීයා සින්දු කියමින් කෑ ගැසීමට පටන්ගත් අතර සීයාගේ බෑණා පැමිණි පසු ඔහුට අරක්කු දුන්නේ කව්දැයි අසා ඇත. එවිට ඔහුගේ බිරිය පවසා ඇත්තේ වෙද මහතා විසින් ලබාදුන් බවය.
මොහොතින් ගෙට පැමිණි මුනුබුරා අරිෂ්ඨකාල බී වැඬේ වැරදුන බව තේරුම් ගෙන සීයාගේ ඇඳ යට අරක්කු කාල සොයද්දී ගෙදර අයට කාරණය වැටහී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයයි මුනුබුරයි එක වල්ලෙ පොල්.(රේ)
වයසක මනුස්සය ඔච්චරම කෑමති නම් ඉදහිට අරක්කු ටිකක් දුන්නට කමක් නෑ. හෑමදාම ජීවත් වන්නේ නෑනේ. (ම)
සීයට ගොඩක් සතුටු හිතෙන්න ඇති. මොකෝ බාර් එකකට ගිහිල්ල ගන්නත් බැහැනේ (ම)
රහ කර කර බොන්න ඇති. පවු (බ)
යක්කුන්ට කුක්කු පොවලා කොක්කු පෙන්නන්න ඒපා (ම)
පමණට වැඩිය අරිෂ්ඨ පාවිච්චිය නිසා අක්මාවේ සිරෝසිස් සැදි අපේ ගමේ කාන්තාවක් නැති වුණා. මට නම් මෙය මුලින් දැනගත්තාම විශ්වාස කරන්නත් බැරි වුනා. (ම)
හොඳ වෙලාවට කාලක් තිබුණේ (නි)
දුල්මි,පමණට වැඩිය මොන දේ වුණත් පාවිච්චිය අගුණයි. ලද පමණින් සතුටට පත්වන්න. (නි)
බොනකොට තේරෙන්නේ නැද්ද.? සීයා බබා පාර්ට් එකේ පොතක් පෙරලලා වගේ. (ර)
අරිෂ්ට කියන්නෙත් මධ්‍යසාර නොවුණාට ඒ හා සමාන දෙයක්. කසාය වුණත් වැඩිය බොන්න හොඳ නැහැ (නි)