දකුණු පළාතේ ප‍්‍රකට පෙරපාසලකි. උදේ පාන්දරම කුඩා දරුවකු එහි ඇදගෙන ආ සීයා කෙනෙක් එහි විදුහල්පතිනිය හමුවිය.
”මේ පුංචි එකා මගේ පුතාගෙ. ඇයි මේ දරුවට වෙනස්කම් කරන්නෙ” ඔහු කීවේ ගොත ගසමිනි.
”මොකද වෙලා තියෙන්නෙ? විදුහල්පතිනිය ඇසුවේ සිනාසෙමිනි.
”අනිත් දරුවන්ට ලොකු හරි ලකුණු දාලා. මේ පොඩි එකාට පුංචි හරි දාල තියෙන්නෙ. එයා අඬනවා, ඉස්කෝලෙ එන්නත් බෑ කියනවා” ඔහු කීවේ දරුවාගේ වැඩ පොතද පෙන්වමිනි. විදුහල්පතිනියගේ සිනාව වැඩිවිය.
”ආ... හරි” කී ඇය එම පොතෙහි රතු පෑනෙන් ලොකු හරි ලකුණු දාගෙන ගියේ දරුවන්ගේ සීයාගේත් සිනාමැදය.
ඇය අභ්‍යාස කළ තැන්වලට ලොකු හරි ලකුණු දමමින් අනතුරුව හිස් පිටුවලටද ලොකු හරි දැමීම නිසා සීයාට තරු පෙනිණි.
ඒ ගැන සීයා විමසූවිට ඇය කීවේ ”දරුවට ඕනෑ ලොකු හරිනෙ. ඉතිං ඔය හරිදාපු හිස් පිටුවලත් මොනව හරි ලියන්න කී ඇය දරුවාගේ හිස අතගෑවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයට වැඩිය හපන් වගේ විදුහල්පතිනිය!!!! (දී)
විදුහල්පතිනිය වැරදි.ළමයාගේ මානසිකත්වය ගැන හිතන්න බැරි කෙනෙක්.එයාගේ ළමා කාලය අමතක වෙලා.පොඩි කාලේ අපි හැමෝම කැමති ලොකු හරි දමනවාට පොත් වල.හිස් පිටුවල හරි දැම්මේ එයාගේ හිතේ තියෙන තරහට ළමය සමග. ළමා මානසිකත්වය මීට වඩා අවබෝද කරගන්න පුළුවන් අය ඉන්න ඕන පාසල්වල. ගුරුවරුන් විදියට. (අ)
නිලංක, බොහොම වටිනා මොලේ ඇති කියමනක්. (ස)
මොකක් කතා කරනවද බොලව්නේ, අරයාගේ මෙයාගේ වැරදි හොයා හොයා ඉන්නේ නැතුව ගිහිල්ල කුස්සියේ වැඩක් බලගනින්ලා (දී)
කුමාරි, ඔය හිතලා ලියන්න පුරුදු වෙන්න.හරි දැමූ හිස් පිටුවල ළමයා වැරදි දෙයක් ලිව්වොත් හදන්නේ ඔයද?. (නි)
ඕක තමයි සෝමේ අද අපේ රටට වෙලා තියෙන්නේ? හොඳ නරක වෙන් කරලා හඳුනා ගන්න මොලයක් නැහැ. ඉස්සර අපිට වෙනම පොතක් තිබුන පිටපත් ලිවීමට. අපි කොච්චර ලීවද? දැන් ගුරුවරයෙකුට දරුවෙකුගේ වරදකට දඬුවම් කරන්න කලින් අම්ම තාත්ත කව්ද කියල හොය හොය ඉන්න වෙලා. අපේ අනාගතය ගැන හිතා ගනනෙවත් කොහොමද ඉතින්. ඔක්කොම ඉන්නේ සීයලයි, මොන්ටිසෝරි ළමයිනුයි. (නදී)
කුමාරි, සීයාට තරු පෙන්නලා. හරි දාපු හිස් පිටුවලත් මොනවා හරි ලියන්න කියලා ඒ නොදරුවාට කිව්වම කොහොමද ළමයා තව තවත් ලිවීමේ හැකියාව වැඩිකර ගන්නේ? (නි)
මේ ගුරුවරියට දොස් කියන කට්ටියම හිතුවේ නැද්ද මේ ළමයට හිස් පිටුවලට හරි දමලා ගුරුතුමී කියූ දෙයින් ළමයා තව තවත් ලිවීමේ හැකියාව වැඩි කර ගන්නවා කියලා. ගුරුතුමී කලේ උපක්‍රමයක්. එ්කවත් තේරුම් ගන්න බැරි තරම් අද සමාජයේ තත්වය මෙහෙම නම් මට පෙනෙන්නේ දැන් හැමෝම මොන්ටිසෝරි යවන්න වෙයි වගේ. (නදී)
අපිට මතකයි හරි දැම්මම අපි එ්කේ දිග මනිනවා. මේක සාමාන්‍ය දෙයක් ගුරුවරිය වැරදියි මම හිතන්නේ. මෙයා විශ්‍රාම ගිය කෙනෙක් වෙන්න ඇති. ලොකු පන්තිවලට උගන්නල පුරුද්ද්දට පොඩි හරි දානවා (නදී)
ලාන්කි ඔබ හරි......මමත් එකගයි ඔබ සමග.....ඒ වගේම මිනිස්සු වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවා.....ඒ නිසා ඒ සීයත් දැන් පොඩි එකෙක් ගානයි .... අනික තමයි ඒ සීය තුල තියන දරු සෙනෙහස....සීයල මුනුබුරු මිනිබිරියන්ට අනික් හැමෝටම වඩා ආදරෙයි..... (දී)
අපිත් පොඩි කාලේ අසයි ලොකු හරි වලට, මේ විදුහල්පතිව ළමා මනෝ විද්‍යාව පිලිබඳ පන්තියකට දාන්න. (නදී)
විදුහල්පතිනියට ඇති සුදුසුකම් ගැන සැකයක් මතු වෙනවා. මොන විකාරයක්ද කලේ? (නදී)
විදුහල්පතිතුමිය මොකද හිස් පිටුවලටත් හරි දාන්නේ? (නි)
එ්ක් මහා කැත වැඩක්නේ (නදී)
අපිත් පොඩි කාලේ අනේ ටීචර් පොතපිරෙන්න ලොකු හරියක් දාන්නකෝ කියපු හැටි මතක් වුනා. පෙර පාසල් ගුරුතුමියක් උනාම ළමයින්ගේ මානසිකත්වය ගැන මීට වඩා සංවේදී වෙන්න ඕනේ. මේ සීය වැරදි නැහැ. ගුරුතුමී සිනාසුනාට තරහට වගේ හිස් පිටු වලටත් හරි දාල. (දී)
හිනා වෙන්නද අඩන්නද මන්ද (ස)
සීයලාගේ හිතේ මුණුපුරන්ට තියෙන ආදරය තමයි ඔය. නැත්නම් සීයාගේ මෝඩකම නොවෙයි. මට එකපාරටම හිතට අාවේ දරුවා ගෙදර නවත්තල සීයව මොන්ටෝසොරි යවමු කියන්න. නමුත් එ්ක තමයි එයාලගේ ආදරය. (නදී)
දරුවන් සියදිවි හානි කරගැනීම දක්වා පොළොඹවන වර්තමාන ගුරු හොරු, විදුහල්පතිවරුන්ගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය හැකිද? අනේ කාලේ වනේ වාසේ! (නදී)
රතු පෑනෙන් ලොකු හරි දීපු එක හරි. හිත සතුටු කරන්න දෙදෙනාගේම. හිස් පිටුවල හරි දැමීමෙන් පොඩි එකාට උනත් තේරෙනවා ගොනාට අන් දාන්න කරපු වැඩක් කියලා (නදී)
තැනට සුදුසු විදියට පොඩි එකාගේ හදවත රිදවන්නේ නැතුව බුද්දීමත්ව කටයුතු කල ගුරු මාතාවට අපේ ප්‍රණාමය වගේම මේ තරම්වත් මොලයක් නැති උසස් අද්‍යාපනය එක්ක හරඹ කරන අපේ සමහර ගුරුවරු ගැනනම් කණගාටු වෙනවා (නදී)
ගුරුවරිය කලේ ඉතාමත් අසික්කිත වැඩක්. දරු සෙනෙහස නිසා සීයාට කේන්ති ගියබව ඇත්ත. ඒත් සියා ගුරුවරියට කලේ පැමිණිල්ලක් පමනයි. නීතිය අතට ගත්තේ නැහැ. ගුරුවරිය හැසිරුනේ ඉතාමත් ක්‍රෝධයෙන්. දැන්නම් මට හිතෙනවා අර පලා බබා කරපු එකේ පොඩි සදාරනයකුත් තියනවා කියලා. (නදී)
මගේ දුවත් ඔය වගෙයි. සමහර දවසට පොඩි ස්ටාර් (තරු) දෙනවා කියල අඩනවා. අනික් අයට ලොකු තරු දුන්නලු. එතකොට මම එයාගේ අතේ ලොකු ස්ටාර් එකෙක් අදිනවා. (නදී)
ඇත්තටම දරුවන්ට ආදරය කරන ගුරු මාතාවක්. අද කාලේ අඩුත් මේ වගේ අයයි. (නදී)