මනාලියක බැලීමට කපුවකු සමග ගිය මනාලයා වෙනුවට ඔවුන් කැඳවාගෙන ගිය ත‍්‍රිරෝද රථයේ රියැදුරාට මනාලියගේ මල් ඊසර වැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.
පෞද්ගලික ව්‍යාපාරයක නිතරවී සිටි ඔහු විවාහ විය යුතු වයස ඉක්මවමින් සිටි නිසා කපුවකුගෙන් ඇරයුමක් ලැබුණේ තම දන්නා හඳුනන තරුණියකගේ ගෙවල් දොරවල් බැලීමට යාමටය.
කපු මහතා, මනාලයා හා ඔහුගේ මව මේ ගමන ගියේ කුලී ත‍්‍රිරෝද රථයකිනි. ත‍්‍රිරෝද රථ රියැදුරා හැඩකාර තරුණයෙකි.
එම නිවසේ ගත කළ කාලය තුළ යෝජිත තරුණිය වැඩිපුරම කතා කළේ ත‍්‍රිරෝද රථ රියැදුරු සමගය. ජංගම දුරකතන අංක ද රහසේ හුවමාරු කර ගත්තේය.
තම කැමැත්ත දුන්න ද සති ගානක් ගියත් ඒ පැත්තේ තොරතුරු නොලද නිසා ඔහු කපුවාගෙන් තොරතුරු විමසූ විට ”අපිත් එක්කගිය ති‍්‍රරෝද කාරයා ඒකිත් එක්ක සෙට් වෙලා පැනලා ගිහිං. ඒ ගෙදරින් මටත් දෝස් මුරේ” කපුවා කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් නේන්නම් අසරණයා, නේද ප්‍රගීත්? (නි)
අනේ තිලක්, ඉඳල හිටලා අදහසක් ලියලා , පැත්තකට වෙලා හිටපු බවලතුන් ටිකක් කුලප්පු කරගෙන ඔබ කරගත්ත දෙයක්. ! (නදී)
කට්ටියට තේරුම්ගියේ නැතුවට ඔය ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බෝ පැල වගේ බවලතුන් ටිකටනම් මම කිව්වා දේ තේරිලා ඇති.දත් කෑල්ල හැලුවනම් අනෙක් අයටත් මතක් වේවි. (අ)
එකනේ සේනක,අපොයි .... තිලක් අයියාට වෙච්චි දේ සෙල්ලම ලෙල්ලම වුණා වත්ද. (අ)
ඔන්න එක ගමක හිටියලු කපටි කපුවෙක්, දවසක් එම ගමේම හිටපු පාදයක් අහිමි තරුණයකුට තරුණියක් සොයන ලෙස තරුණයාගේ දෙමාපියන් දන්වා ඇත, පසුව කපුවා ඔහුට ගැලපෙන තරුණියකගේ චයාරුපයක් පෙන්වා තරුණිය බලන්න යන්න දිනයක් සහ වෙලාවක් යොදාගෙන තරුණයාගේ පාර්ශවය තරුණියගේ නිවසට ගොස් ඇත, දැන් දෙපාර්ශයම සුහදව කතා බහ අවසානයේදී තරුණයාට පාදයක් අහිමි බවත් තරුණියට අතක් අහිමි බවත් දෙපාර්ශවයම දැනගෙන ඇත, පසුව අසල සිටි කපුවාගෙන් මේ බව විමසුවිට කපුවා තරුණියගේ පාර්ශවයට කලින් දන්වා ඇත්තේ තරුණයා එක පයින්ම කැමති බවත් තරුණයාගේ පාර්ශවයට දන්වා ඇත්තේ ඒ අතේ වැඩ හරි යනුවෙනි, (ස)
මට තේරෙන හැටියට මේ දත් කුට්ටම සම්බන්ධ ප්‍රශ්නයකට මේ සභාවෙදීම බන්දුල පෙරේරා තමා හොට බිම ඇනගත්තේ. එකත් එකටම තිලක් නමින් ඉන්නෙත් ඔහුම තමා. බවලතුන්ට කරන උපහාස වල ස්වභාවයෙන්ම එය ඔප්පු වෙනවා. (නි)
තිලක්, මෙතන පුවතට අදාළ ස්වාධීන අදහස් ලියනවා වෙනුවට ඔබ කරන්නේ , අදහස් ලියන කාන්තාවන්ට අපහාස කරමින් ඉන්න එක. ඒ උදවියගේ ලැජ්ජා බය ගැන ගැනයි, පිටඔපයට කැමැත්තයි ගැන හරියටම කියන්න ඔබ ඒ අයගේ ගෙවල් වලට ගිහින් නැහැනේ. සමහර උදවියට ඔබට තිබෙන ඔය ලෙඩේ තියනවා. (නි)
නිලානි, මෝඩ කතා කියන්න එපා. ඔයිට වඩා හොඳ ඒවා ඔයාලගේ පැත්තේ වෙනවා ඇති. (ස)
වෙඩින් එකට ඇරයුම් කල කාඩ් පත.......හෙප්පුව මත තබමින් ඒ බුලත් අත.........වෙඩින් එකට සූදානම් වුවත් වැඩක් නැත.(අ)
මේ මනමාල මහතාගේ නැකත් පත අමතක වීමකින් මෙහි ගෙනත් නැත. එ් නිසා දුවේ මේ මගුල හරියන්නේ නැත.(නදී)
කීමට යමක් ඇත සොහොයුරු තිලක් වෙත., බවලත් අයට දොස් කීමෙන් පලක් නැත. ඔබගේ ගෙදර බවලත් අය ගොඩක් ඇත.. ඒ අතරට පුත නුබගේ මවත් ඇත..(නදී)
අයියෝ තිලක් මල්ලි දාගන්න ලෙඩ මම කොච්චර කියල තිබෙනවද ? පොඩ්ඩක් හොයල බලල වැඩ කරන්න කියලා ඔන්න මම නැහැ.(නදී)
අපෝ ගුණවර්දන.., කියපු දේවල් අහන්න ගිහිල්ල තමයි අපේ තිලක් මල්ලි අමාරුවේ වැටිලා තියෙන්නේ නේද තිලක් මල්ලි....? (නදී)
හිත ගිය තැන මාලිඟාවනේ. ඉතින් වැරැද්දක් පෙනෙන්න නැැහ. මනමාල මහත්තයා පව් නේද? (නි)
අමතක වෙලා දත් කුට්ටම ත්‍රිරෝද රියේ... තබලා තිලක් ඔබ තරුණිගේ ගෙදර ගියේ ... ඒ දැක තරුණි පැන දිව්වාලු මර බියේ... දැන් මෙහි ලියන බවලතියන් හා වලියේ ... (නි)
අනුන්ට ගරහලා තමන්ගේ ප්‍රශ්න වහගන්න බැහැ නිලානි. (නි)
මෙතන අදහස් දාන සමහරුත් මේ වගේම හොඳ පරිප්පුවක් කාලා වගේ. (නි)
ඉරණම්කාරයා මුණගැහුණු හැටි වෙන්න ඇති. මනමාලයාට වචනයක් දීලා නැත්නම් මොන වැරැද්දක්ද? (නි)
ත්‍රී වීල් මල්ලිලා හැබෑම දක්ෂයෝ ..මේ එක සිද්දියක් විතරයි.බලාගෙන හයර් යන්නේ ..සමාජයේ බොහෝ වැරදි වැඩ කෙරෙන්නේ මේ අය සම්බන්ද කරගෙනෛ කියල මම අහල තියනවා...කුඩු,ගණිකා ප්‍රවාහනය වගේ දේවල්...හැමෝම නෙවේ බහුතරයක් (අ)
මල්ලී, තව ටික කාලෙකින් හිතෙයි කෙක්කෙන් පොල් කැඩුව නම් දැන් මම කෝටිපතියෙක් කියලා. (ස)
අයියො සල්ලි කියන්නෙ මේවට තමයි..(ස)
මනාලිය වෙන්න කලින්නේ මෙහෙම වෙලා තියෙන්නේ , ඒ නිසා ගැනු ලමයගෙ වරදක් නැහැ (නදී)
මනමාල මහත්තයට දුක් වෙන්න දෙයක් නැහැ. තව පොඩ්ඩෙන් '' ඔන්න මාමේ කෙල්ල පැනපි' තමා වෙන්නේ. දැන් හොඳ තැනකින් කට යුත්තක් කරගන්න. (නදී)
හෙන්දී ගේ කවිය දැක්කම පරණ කවියක් මතක් වුනා මේ මනමාල මහතාගේ නැකත් පත.... වැරදීමකින් අද එන විට ගෙනත් නැත....ක්ෂණයකින් මනමාලිය මනමාල යාට ගස්සා එහෙනම් අනේ මේ මගුලෙන් වැඩක් නැත කියල ගෙට ගියාලු. (නදී)
කමක් නැහැ. කාවහරි බැන්දානේ.... (නි)
අනේ මෙහෙමත් මිනිස්සු.....!!! (නි)
අනේ ලොකු දෙයක්.(නදී)
කොහොමද තිලක් දන්නේ මෙතන අදහස් දමන බවලතුන් පිටඔපයට රැවටෙනවා කියලා? (නි)
අපේ අනුශ්කලා, නෙලුම්ලා, කුසුම්ලා වගේ ගමේ ගොඩේ ගෙයි මුල්ලේ ලැජ්ජා බයට හැදුනු බවලත් උදවිය ඔය වගේ තමයි.හැමදේම මනින්නේ බාහිර ඔපයෙන්.(නි)
ඉරණම් කාරය වෙන්න ඇති. ගේ දොර වැඩ නොදත් එකී ..ගත්තු මිනිහ අමාරුවේ,, එ්කයි මට කණගාටු,,,(ස)
අනේ! ඔය පළාතේ අය ඔහොමමයි. (නි)
වැරද්දක් පේන්න නැහැනේ.ඒ ළමය මනමාලයට වචනයක් දීල නැහැනේ.කැමති කෙනා එක්ක ගිහින්.බැන්දට පස්සේ මෙහෙම වුනානම් හරි වැඩේ.මනමාලයා තව තැනක් බැලුවනම් හරි. (ස)
මනමාල මහත්තයට බඳින වයස පහු වෙලා නම්, අර තරුණයත් කඩවසම් නම් , ප්‍රශ්නයක් නැහැ නේ? (ස)
කාට හරි මතකද අපේ පරණ සිංහල නවකතාවක මේ වගේ සිද්ධියක් තිබුනා. තිරික්කලෙන් මනාලිය බලන්න ගියාම මනමාලයාට කැමති නැති උනත් කරත්තේ දක්කන්න ආව මනමාලයාගේ සොහොයුරාට මනමාලිය කැමති බව කිව්වා. මට මේ සිද්ධිය මිසක් නවකතාවේ කතාව වත් නම වත් මතක නැහැ. (අ)
ඉරණම් කාරයා ගෙදරට යවන මගක් ,..මල් හි විදින උන්දැට ආ කදිම හිතක්...ළඟා කර ආදරෙන් එක්කර නව යුවලක්!..කාරිය නිමා කෙරුවා ඔහු නැතිව පැනක්! (ස)
හොදට හැදිච්ච ගැහැණු ළමයි ඔය වගේ තමයි.(නදී)
හිඳීීීවී කොතනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්.....!!! මේකේ වරදක් නම් නෑ.අකමැත්තෙන් දීග ගිහින් පවුල් ඉහිරව ගන්නවට වැඩිය දෙන්නා කැමත්තෙන් ගිහින් එන ප්‍රශ්නයකට මුහුණදීම වැදගත් කියල මම හිතන්නේ. (ස)
හිදිවී කොතනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්. මේකේ වරදක් නම් නැහැ. අකමැත්තෙන් දිග ගිහින් පවුල් ඉහිරවා ගන්නවට වැඩිය දෙන්නා කෑමත්තෙන් ගිහින් එන ප්‍රස්නයකට මුහුණදීම වැද ගත් මන් හිතන්නේ.(නදී)
කොච්චර කලෙයක් පවුල් කාවිද දන්නේ නැහැ.(නදී)
එහෙනම් ඒකත් ජයසිරි මංගලම්! (නි)
අන්න නියම මිනිස්සු (නි)
තිලක්, ඔබේ පිටඔපයට රැවටෙන බවලතුන්ගේ ලැයිස්තුවට ඔබේ හාමිනේවත් එකතු කර ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලනවා. (නි)
තිලක්ගේ සිතේ බවලතුන් ගැන තිබෙන කළකිරීමේ හැටියට මට සිතනවා මේ පුවතේ මනමාලිය බලන්න ගිය මනමාල මහතා ඔබවත්ද කියා. (නි)
තිලක් මහතා , ස්ත්‍රී ජාතියම කෙරෙහි බලවත් සේ කලකිරිලා වගේ. වැරදිලාවත් මේ පළවූ පුවතට ඔබේ සම්බන්ධයක් නැහැ නේද? (නි)
අනේ මෙහෙමත් දේවල්! (නි)
පිට ඔපයට රැවටෙන් නැති තිලක් අපේ... හොඳට හිතල ගත්තනෙ මුට්ටියක් අගේ... ගෙදර ගෙනත් බැලුවාමයි පෙනුනෙ වැඩේ ... කරුමෙටදෝ ඒ මුට්ටියෙ හිලක් අනේ! (නි)
තිලක්, ඔය කියල තියෙන විදිහට ඔයා තෝරා ගත්තේ ලැජ්ජා බයට හැදුනු කෙනෙක්වද නැත්නම් ලජ්ජා බය තියා මෙලෝ හසරක් නැති කෙනෙක්ද? (නදී)
අනේ තිලක් , මේ පුවතේ මනමාලය ටත් නොවුණු අලකලංචියක් නේ ඔබට වුනේ. මේ සභාවේ ඉන්නේ බවලතුන් ගේ ලජ්ජා බය ගැන කතා කරන්න ගිහින්.(නදී)
ලජ්ජා බය මනින්නට ගොස් අපේ තිලක් , අහගත්තේය මදි නොකියන්න කතා ටිකක්. (නදී)
තිලක්, ඉතින් දත් කුට්ටමයි මේ අදහස් ලියන බවලතුන් අතරයි තියන සම්බන්ධය මොකද්ද ? ඒ උදවිය ඔබේ දත් කුට්ටම ඉස්සුවා වත්ද ? (නදී)
මට දැන් තේරුනා. තිලක් මහතාට මේ මංගල කටයුත්ත කරගන්න බැරිවෙන්න ඇත්තේ පාඨක සභාවේ බවලතුන් දත් කුට්ටම පැහැරගත් නිසායි. එහෙම නේද ? (නි)
ලැජ්ජා බයට මුළු ගැන්වුණු මහිලාවක්... දත් කුට්ටම ඔබේ ඉස්සුවේ ඇයිද තිලක්.... (නි)
හැබැයි තිලක් ,අර මනමාල මහත්තයාගේ "නැකත් පත" ඔයාට ගැළපෙනවා හොඳට. (නි)