ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක
පුවත්පතක පළවූ මංගල දැන්වීමකට අදාළව සහකාරිය බැලීමට ඇගේ නිවෙසට පැමිණි අවස්ථාවේ රැගෙන ආ කේක් සහ කෙසෙල් ගෙඩි ඇතුළු භාණ්ඩවලට වැය වූ මුදල ලබා දෙන ලෙස ඉල්ලා සහකරුවකු මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.
පැමිණිලිකාර සහකරු පානදුර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු වන අතර සහකාරිය මිනුවන්ගොඩ පොලිස් වසමේ පදිංචි 43 හැවිරිදි තරුණියක බව පොලිසිය කියයි.
තරුණියගේ මව්පියන් තම දියණියට සුදුසු සහකරුවකු සොයා ගැනීම සඳහා පුවත්පතක පළ කළ එම මංගල දැන්වීමකට අනුව පැමිණිලිකාර සහකරු ඥාතීන් පිරිසක් ද පිරිවරාගෙන තරුණියගේ නිවෙසට පැමිණ ඇති බව පොලීසිය කියයි. නිවෙසට පැමිණි එම පිරිසට තේ පැන් සංග්‍රහයක් සහ දිවා ආහාරය සැපයීමට තරුණියගේ පාර්ශ්වය කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.
පැමිණිලිකාර සහකරු නැවත අවස්ථා හතරකදී තරුණියගේ නිවෙසට කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් රැගෙන පැමිණ ඇතත් තරුණිය ඔහුට ප්‍රිය මනාප නොමැති බව තරුණියගේ මාපියන් සහකරුට දන්වා ඇති බව පොලිසිය කීය.
ඊට උරණවූ සහකරු තමන් එම නිවෙසට යන විට රැගෙන ගිය කේක් සහ කෙසෙල් ඇවරිවලට වැය වූ මුදල් ඉල්ලා මෙසේ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්.කේ. රමණී නිලධාරිනිය එම පැමිණිල්ලට අදාළව තරුණියගේ පාර්ශවයද පොලිසියට කැඳවා කළ විමර්ශනයේදී පැමිණිලිකරුට ගිය වියදමට වැඩි වියදමක් ඔහුට සහ ඔහුගේ ඥාතීන්ට සැලකීමට වියදම් වූ බව තරුණියගේ පාර්ශවය පවසා තිබේ.
පැමිණිලිකරු ඉල්ලා සිටින මුදල් ලබාදීමට තරුණියගේ පාර්ශවය පොලීසියේදී එකඟ නොවුණ හෙයින් සිවිල් නඩුවක් පවරා තරුණියගේ පාර්ශවයෙන් කේක් සහ කෙසෙල් ගෙඩිවලට වැය වූ මුදල් අයකර ගන්නා බවට පැමිණිලිකරු පොලිස් පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව දෙපාර්ශ්වය පොලිසියෙන් පිටව ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මනාලිය’ බලන්න ගෙනා කේක් ගෙඩියේ සල්ලි ඉල්ලා ‘මනාලයා’ පොලිසි ගිහින්
පොඩිඑකා Saturday, 11 March 2023 12:24 AM
ඔව්නේ, කේක් ගෙඩිය බේකරියෙන් ණයටනේ ඉල්ලගෙන ආවේ...?