අම්පාර පැත්තේ පදිංචි මේ ඉංජිනේරු පුතාට කිසියම් ආදර සබඳතාවක් තිබුණත් වැදගත් පවුලකින් ආ යෝජනාවක් බැලීමට පසුගියදා ගියේ මවුපියන්ගේ පෙරැත්තටය. එම නිවසේදී ආදර සංග‍්‍රහ විඳ ආපසු එන විටත් මව කීවේ ඒ අයගේ ගුණ යහපත්කම් ගැනය.
සතියකට පමණ පසු පුතා සෘජුවම කීවේ ඒ පවුලේ අය එතරම් අවංක අය නොවන බවය. ඒ ගැන විමසූ විට පුතා කීවේ අපුරු කතාවකි.
මම අවංක කම බලන්නත් එක්ක තේ බොන අතර තුරේ මගේ ගාව තිබුණු ඉමිටේෂන් රත‍්‍රන් මාලයක් මේසය උඩ තියල අමතක වුණ විදියට ආවා. කෝ ඒ ගැන තවම කතාවක් නෑ.”
මෙය ඇසීමෙන් මවට තරු පෙනිනි”පුතා ඒක මෙසේ උඩ දාපු බව මම දන්නෙ නෑ. හැබෑ රන් මාලයක් කියල හිතල මං ඒක මගේ බෑක් එකේ දමා ගත්තා. පුතාට කියන්න අමතක වුණා” ඇය කීවෙන් පුතාටද දෙවියන් සිහි වුනාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනමාලිගේ කෙසේ වෙතත් අම්මාගේ අවංකකම නම් හොඳින්ම ඔප්පු වෙලා තියනවා.(දිල්)
අම්ම කිව්ව කතාව ඇත්ත අම්මට වඩා ඒ මිනිස්සු ගුණ යහපත් ඇති (ත)
අම්මගේ කපටිකම් ඉංජිනේරු පුතාටත් ගිහිල්ලා වගෙයි. (අ)
ඒ පවුලේ අය වංක නිසා ගේන ලේලිවත් අවංකව හොයනවා ඇති.(දිල්)
කවුද එතකොට වංක වෙලා තියෙන්නේ (දී)
මටනම් පුදුම හිදිහට හිනා ගියා එකට (දී)
හරිම හිරිකිත කතාවක් මවක් පහත තත්වයකට දැමීමට ලියන ලද්දක් විය හැකිය. අම්ම යනු උතුම් පදවියකි.ය හෑල්ලු කල යුතු නොවේ. (අ)
අම්මා මුත්තා වුනත් හොරකමට හිත ගියොත් ඕක තමයි වෙන්නේ.දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි.(දී)
රංජිත්ගේ කතාව මමත් අගය කරනවා ,නමුත් මේ වගේ අම්මලත් අප අතර සිටිනවා නේද ? (අ)
"අම්මා යනු උතුම් පදවියකි. එය හෑල්ලු කල යුතු නොවේ." ඉතින් හලෝ මෙතන වෙලා තිබෙන දේ කියවන්නකෝ. පදවිය උතුම් උනාට කරන්නේ හෑල්ලු වැඩ නම් මොනවා කරන්නද? (නදී)
අවංක කම මිනිසුන් මනිනේ මිල මුදල් රත්ත්රන් වලින්ද? කොච්චරඉගෙනගත්තත් මොලේ නැහැ උගත් කම පොතට විතරයි නුගත් උගත්තු බදින අයට දෙවියන්ගේම පහිටයි (දී)
මටනම් පුදුම හිදිහට හිනා ගියා එකට අම්මගේ කපටිකම් ඉංජිනේරු පුතාටත් ගිහිල්ලා වගෙයි (දී)
දුවව මේ පව්ලට දෙන්න නම් එපා (දී)
සමහර විට මේ අම්ම ඒක පුතාගේ කියලා දැන ගෙන බෑග් එකට දමා ගත්තා වෙන්නත් හැකියි නේද? (නදී)
අම්මට එහා පුතා.(නදී)
ලංකාවේ අපේ ලංකාවේ....(අ)