මධුසමයේ පළමු දින රාත‍්‍රියේදීම සැමියාගේ බොරු දත් කුට්ටම් දෙක බිරියට හමුවීම නිසා විවාහය එතැනින් කෙළවර වීමේ පුවතක් මැදරට ගමකින් ඇසෙයි.
මැද රට තරුණයකු කොළඹ ප‍්‍රදේශයේ තරුණියක හා විවාහ වූයේ මංගල යෝජනාවක් අනුවයි. ඉතා කෙටි කලකින් විවාහ උත්සවය ජයටම ගැනීමෙන් පසුව නව යුවළ මධුසමය ගත කරන්න ගියේ නගරයේ එක්තරා හෝටලයකටයි. විවාහයේ පළමු දින රාත‍්‍රියේදීම බිරියට සැමියාගේ බොරු දත් කුට්ටම් දෙකම ඇඳ මත තිබී හමුවිය.
කොළඹ ප‍්‍රදේශයේ නාගරික පරිසරයක හැදුණු තරුණියට සිය සැමියා බොරු දත් කුට්ටම් දෙකක්ම පැළඳ ඇති බව දැන ගත් විට හැඟී ගියේ තමන් රැුවටීමකට ලක්ව ඇති බවයි. ඇය සියල්ල සිය ඥාතීන්ට පවසා එම විවාහය එතැනින් කෙළවර කර ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ දත් නැතිවෙලා තියෙන්නේ කලින් කසාදයකින්ද දන්නෙ නැහැ. (නි)
ඔව් සෙලීනා හුඟ දවසකින්, අලුත් කතා කිහිපයක්ම තියෙනවා, දිගටම ලියන්නම්කො, (ස)
සිරිපාල, මොන දහමක්ද ඒ? වංචාවෙන් බොරුවෙන් අන් අය මුලා කිරීම හරි කියලද කියන්නේ? (නි)
ෂෙරිෆ්, ඔයා හුඟ දවසකින් ඇවිල්ලා නේද විහිළු කතාවකුත් අරගෙන? (නි)
බොරු ඔපයට ආශාකරන මෝඩ තරුණියක් වෙන්න ඕනෑ. මනමාලයට ඇත්ත දත් කුට්ටමක් තිබිලා හදිසි අනතුරකින් දත් කැඩිලා සම්පුර්ණ දත් කුට්ටම දාන්න වුණා නම් මොකද දන්නේ නැහැ මේ තරුණිය කරන්නේ? (නි)
සුලක්ෂි ඔබ හරි.මේවත් ප්‍රශ්නද? හදිස්සියේ මේ දෙන්න බැන්දට පස්සේ මනමාලයාගේ දත් නැති වුනා නම් මොකක්ද කරන්නේ. දත් විතරයි නම් බොරු හොඳ දන්ත වෛද්‍ය වරයෙකුට සල්ලි දීල ස්ථිර දත් දාගන්නවනේ. (ස)
හරි දැන් මේ සමහරු කියන්නේ මේ ගැණු ළමය බොරුවටත් අහු වෙලා හිල් වෙච්ච කටත් දිහා බලාගෙන ජීවිත කාලයම ඉන්න ඕන කියලද? දත් තියන කොල්ලෙක් ගන්න පුළුවන් එකේ දත් නැති එකෙක් එක්ක ඉන්නේ මොන එකකටද? (ස)
මනමාලයා නම් කරලා තියෙන්නේ ලොකු වංචාවක්.පව් ඒ මනමාලි.අනික කොළඹ ගෑනු ළමයෙක්ට ඒ වගේ මනමාලයෙක් ගැලපෙන්නේ නැ. (ස)
හැමදේම අනිත්‍ය මේ ලෝකයේ දත් කුට්ටම පමණක් නිත්‍ය නැහැ නංගී...... (නි)
මම නම් කියන්නේ මනමාලි ගත්තු තීරණය හරි. (අ)
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විවාහය රැකගන්න දත් මොකටද? අනික මනමාලි දත් වලින් බලාපොරොත්තු වුණේ මොනවද? දත් නැත්නම් හොඳයි කියලයි අපේ එක්කෙනා ඒ දවස්වල කිව්වේ. (නි)
මේ ලඟදි අපේ ගමෙත් තරුණයෙක් හොඳට සල්ලි බාගේ තියෙන තැනකින් මනාලියක් කැන්දන් ආවා, හෙළ සිරිතට අනුව මගුල ජයටම කෙරුණා, මගුල් දවසට පහුවෙනිදා උදේම මනාලයා මනාලියගේ පාර්ශවයට කියල තියෙනවා මට මෙයා එපා වහාම ඇවිත් එක්ක යන ලෙසට, පසුව මනාලයා පවසා ඇත්තේ දෙන්නාම උදේ නාන්න ලැහැස්තිවෙලා දත් මැද මැද ඉන්න වෙලාවේදී මනාලිය ඇගේ දත් කුට්ටම ගලවා අනේ පැටියෝ මගේ දත් සෙට් එකත් මැදලා දෙන්නකෝ යනුවෙන් පැවසූ බවයි. (ස).
හුගාක් දෙනෙක් දත් දොස්තර ගාවට යන්නේ දත් ගලවන්නම හිතාගෙන. (අ)
සඳුන් , මගේ කාර්යාලයේ මිතුරියට යෝජනා වෙලා තියෙන කෙනා බැරිවෙලාවත් ඔබ දන්නා කියන කෙනෙක් නෙමෙයි නේද? (නි)
ජයනිගේ කතාවත් ලියන්නකෝ. නුවර කෙනෙක් විශ්වාස කරලා මොකද කරගත්තේ? (නි)
පහන්, කෝ ඉතින් ඔයා තවම කිවුවේ නැහැනේ ඒ මොකද කියලා. අපි බලාගෙන ඉන්නවා. (නි)
කසාද බඳින වයසේ තරුණ කෙනෙකුගේ දත් නැති වුණේ කොහොමද? කට තිබුන පලියට ඕනෑ නැති කතා කියන්න ගිහින් දත් ටික කුඩු කරගත්තාද දන්නෙ නැහැ. මනමාලිය යන්තම් බේරුනා. (නි)
විවාහ යෝජනා වලදී විස්වාස කරන්න අමාරුම පළාත තමා නුවර පළාත. දත් නෙවෙයි, අත් නැතිවුනත් තියනවා කියලා පෙන්නලා අනෙක් පාර්ශවයේ කනෙන් රිංගන්න බොහොම දෙනෙක් දක්ෂයි. (අ)
අනේ මන්දා ඉතින්! ටිකක් හොයලා බලන්න තිබුණා (නි)
අනේ දත් ටික. (නදී)
අනේ මට නම් හිතෙනවා මනමාලයා පවු කියලා. මොනවා වුණත් මනමාලි ඉක්මන් වුණා වැඩියි (නි)
මනමාලියට තව ටිකක් ඉවසන්න තිබුණනේ (නි)
දත් ඇන්දත් නැහැ කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්නේ (නි)
තව කීයක් බොරු ඒවා තිබුණ ද දන්නේ නැහැ? (ස)
මනමාලයාගේ දත් ටික විතරනේ අනේ බොරු ඒවා වුණේ.... (නි)
මධුසමයට ගියාම මුලින්ම දත් ටිකද දැක්කේ ? මේවා අහන්නත් නිකන් මොකක්ද වගේ (ස)
විවාහයට දත් අවශ්‍යද කියලත් අහනවා.!! ඇයි හලෝ දන්නේ නැත්ද ටික කාලෙකින් හපා කන්න හා ජීවිතාරක්ෂාවට දත් නැතිව බැරි බව!! (ස)
එකත් එකටම මනමාලයා වලව්වේ හාමු කෙනෙක් වෙන්න ඇති. එහෙම උදවිය තමා අඩුපාඩු කොහොමහරි හංගාගෙන මඟුල් තුලා කරගන්නේ. මගේ අසල්වැසි තරුණියකත් මේ විදියටම රස්සාවක් නැති බව හංගාගෙන නුවරින් ආ යෝජනාවකට අසුවුණා. (නි)
සමහරවිට මනමාලයා ඒ වෙලාවේ දත් ටික ගළවන්න ඇති (නි)
දැන් දත් එකක් සවි කරන්න රුපියල් 15,000 ක් යනවා . එතකොට 32 කට 480000 . (නදී)
වයසට ගියාමත් දත් දානවනේ. මේක කලින්ම දැන්මම මොකද? මනමාලි එහෙම හිතලා හිත හදාගත්තා නම් ඉවරයිනේ. (නි)
අපි ආදරේ කරනකොට හරි යෝජනාවක් අවාම හරි දත් තියේද දත් දළදා එස් පෙනේවද නිදන්ගත් රෝග තියේද කියල හොයන්නේ නැහැ.එත් ඇත්තටම නම් මුළුමනින් ම විද්‍යා වාර්තාවක් අනිවාර්ය කලොත් හොඳයි. (ස)
ප්‍රෙඩී සිල්වාගේ "ටිකිරි කිරිල්ලියෝ සමග ඉගිල්ලෙන " ගීතයේ තියන්නෙත් ඔය කතාවේ අනිත් පැත්ත. (නදී)
හොදයි,ෂෙරිෆ් අපි හරි ආශාවෙන් කියවන්නම්කො ., හිනාවෙන්න හැකි දෙයක් දෙන්න හොදේ (ස)
දත ටික ගැලවෙන්න වැඩක් කරන්න් ඇති. (අ)
මනාලිය බඳින්න පෙර මනාලයාගේ දත් ගැන අහලා නැතුව ඇති. ඒකයි මනාලයා ඒ ගැන කියලා නැත්තේ.මෙයා බොරුවක් කළා වෙන්න බැහැ (නි)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
අනේ මන්දා මනමාලි බයවෙන්න ඇති. කොහොමත් ඉතින් එහෙම වුණ එක හොඳයි. පස්සේ නැවත ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව (නි)
බදින්න කලින් මේ මනුස්සය දැකලම නැද්ද ?(දිල්)
වෙන කවුරුහරි දත් සෙට් එක ගැලෙව්වද දන්නේ නෑ (දිල්)
දත් කුට්ටම් දෙකක් කිව්වම දත් ඇඳි හතරක්. බය වෙන්නේ නැද්ද?(දිල්)
මුලින්ම ඇත්ත කියන්න තිබුණාණේ (දිල්)
මනමාලිට පිස්සුද මන්දා! (නි)
තව ටිකක් වෙලා හිටියා නම් තව හොර බලාගන්න තිබුනනේ... (නි)
අනේ පව් මනමාලයා.ඒ ගැන කියන්න ලැජ්ජා හිතෙන්න ඇති .ඕවද ජීවිතයට එන ප්‍රශ්න.දත් හිටවා ගත්තා නම් ඉවරනේ. ඔය වගේ ඉක්මන් වෙන ගැහැණු ජිවිතේ හැමදාම ඉන්නේ නැහැ.ඔහොම වුණ එක හොඳයි එක අතකට...... (නි)
මටත් තිබෙන ප්‍රශ්නය ඒකමයි සුගත් (නි)
මොකද මනමාලයා හැමදේටම පෙර දත් ටික ගළවාගත්තේ? (නි)
ඕක මුලින්ම කිවුවා නම් හරිනේ. මොකටද දන්නේ නැහැ හැංගුවේ? (නි)
100% නිවැරදි තීරණයක්. විවාහයේදී මේ වගේ බොරුවක් කළා නම් ඉස්සරහට මොනවා වෙයිද? නීතිය හමුවේ 100% සාධාරණීකරනය කරන්න පුළුවන්. (නි)
මෙතන විවාහය සහ දත් අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)
අනේ මන්දා! මනමාලි ඉක්මන් වෙලා වැඩිද කොහෙද? (නි)
මනමාලියට තව ඉවසන්න තිබුණනේ.... (නි)
අමිල,ඒක තමයි මාත් කල්පනා කළේ. සමහරවිට අනතුරකින් දත් වලට හානියක්වත් වුණාද දන්නෙ නැහැ.මනමාලි ඉක්මන් වුණා වැඩියි වගේ. (නි)
අනේ මන්දා මේවට හිනා වෙන්නද අඬන්නද කියලා. මනමාලයට කියන්න තිබුනා හැබැයි සීන් එක කලින්. මොකද ඉතිරි ජීවිත කාලෙ ගෙවන්න වෙන්නෙ එයත් එක්ක නිසා. ඒ වගේම මේ මනමාලිත් කවදාවත් සාර්ථක කසාදයක් කරගන්න කෙනෙකුත් නෙමේ..... කොල්ලා බොරුවක් කරලා නැත්නම්, ඌ වාසනාවන්ත කොල්ලෙක්.... මොකද කවදා හරි මේ මනමාලි වෙන කෙනෙකුත් එක්ක යන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි.(නදී)
කොළඹ තරුණියන් විතරක් නෙවෙයි නුවර තරුණියන් වුනත් වැඩි වෙනසක් නැහැ. විවාහ කටයුතු වලදී උද්දච්ච කම සහ බොරු පුරාජේරු එමටයි. (ස)
මැදරට කියන්නේ මධ්‍යම පළාතද ? ඒ පැත්තේ උදවිය නම් විවාහ යෝජනා වලදී කට ඇරියොත් කියන්නේ ම බොරු. (නදී)
යෝජිත විවාහ වලදී හරියට වංචා සිදුවෙනවා. අපි දන්නා කියන නුවර පළාතේ පවුලක දියණියගේ වාසගම වෙනස් කරගෙන කළ විවාහ යෝජනාවක් කෙළවර වුණෙත් දික්කසාදයෙන්. (නි)
මනමාලයාගේ දත් ටික කෙසේ වෙතත් කපුවා ගේ දත් ටික නම් මේ අස්සේ ගැලවෙන්න ඇති. (නදී)
පහන්දී,මනමාලයා හොයාගන්නම වෙනවා මේකට උත්තර දෙන්න.මොකද හැමෝටම ප්‍රශ්නේ දත් ගැලවුණ එකනේ.බලමුද උත්සාහයක් කරලා. (නි)
දත් සෙට් එක ගැලවුනේ කොහොමද? (නදී)
නුවණ තිබුණ මනමාලියක් නම් එයා, එදාම ජීවිතේ යථා ස්වභාවය මැනවින් තේරුම් ගෙන හොඳ බිරියක් වෙන්න තිබුනා. එයා කිසිදිනක යහපත් බිරිඳක් නම් නොවනු ඇත. නඩු ගියා නම් මනමාලයා දිනනවා. එහෙත් බිදුණු සිතින් නැවත සෙනෙහසේ නවාතැනක් සැදිය නොහැකියි. (නි)
මම නම් කියන්නේ මේක මනමාලිගෙ බොරුවක්. (නි)
මේ මනුස්සය දත් ටික හලාගෙන තියෙන්නේ කොහොමද ඔච්චර අඩු වයසින් ? (ස)
ඒ කියන්නේ දත් ඇඳි 4ක්? ඉතින් බය වුණ එක සාධාරණයිනේ! (නි)
අශ්වයා දුවනවා නම් දත් වලින් වෙඩක් නෑ නේද? (නදී)
මමත් හිතන්නේ මනමාලයා බොරුවක් කරන්ඩ නැතිව ඇති . මනමාලිගේ ඉක්මන් වීම වැරදීයි (ස)
මනාලයා ගැනනම් පව් කියලා හිතෙනවා. (ස)
කොලබ කෙල්ලන්ගේ හැටි ඔහොම තමා . මම බේරුනේ පුරුවේ පිනකට .මොක උනත් මේ මනමාලයත් පෙර පිනක් කරලා තියනවා .(දී)
දැන් හැට පැනපු අයත් කසාද බඳිනවා. මේ එහෙම කෙනෙක්වද්ද? (නි)
දැන් කවුද සුගත්ගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ...? (නි)